Tweets by @Tweetsbysuku myblog: June 2018

Facebook Fan Page

Friday, June 29, 2018

Interfaith Colombo's Event at Poorvaramaya

 

Interfaith Colombo කියන්නෙ බොහෝදෙනක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ගමන් විවිධාකාර ආගමික විශ්වාසයන් තියෙන අය එකතු වෙලා පිහිටුව ගත්ත සංවිධානයක්. එයාල ආගමික සහජීවනය සහ ආගම් වල වටිනාකම් ගැන පර්යේෂණ මට්ටමට වගේම දැනුම ලබාගැනීමත් සිදු කරනවා.

                                
පොසොන් පෝයට කලින් දවසේ, ඒකියන්නෙ 27 වෙනිදා මම පූර්වාරාම පන්සලට ගිහින් ඉන්නකොට නායක හාමුදුරුවන් වෙන යටලමත්තේ කුසලානන්ද හාමුදුරුවො මට කිව්වා හෙට 2.30ට වැඩසටහනක් තියෙනවා එන්න කියල. ඒ එක්කම අපි ජාතිවාදය සහ ඒ එක්ක බැදුනු දේවල් කීපයක් ගැන කතා කරා, මම කිව්වා හාමුදුරුවනේ ජාතිවාදය අපේ හිතේ තිබුනත් වෙච්ච තරමක් කරදර වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයන්ගෙන් මිසක් වෙන ආගම්, ජාතින්ගෙන් නෙමෙයි කියල. හාමුදුරුවෝ කිව්වා ඔය කාරණාවත් කියන්න එදාට කියල.
ඉතින් පෝය දවසේ මම උදෙත් පන්සල් ගියා. පස්සෙ මම හවසත් ආයෙ ඔය වෙලාවට පන්සලට ගියා. මම කොහොමත් හැමදාම පන්සල් යන නිසා බෝමළු ඇමදීම, මලසුන් පිරිසිදු කිරීම, මල් - පහන් පූජාව වගේ ගොඩක් දේවල් නිතරම කරනවා.
                        


මම ගියාට පස්සෙයි වැඩසටහන ගැන දැනගත්තෙ. පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරුන්ට අමතරව ස්වර්ණපුස්තක සම්මානලාභි දයා දිසානායක මහත්තයත් ( මෙතුමා මට නිර්මාණ කියවීමේ හැන්දෑවෙදි බොරැල්ල පුංචි තියටර් හිදී මුණගැහිල තියෙනව), තව මහත්තයෙකුත් හිටිය.
මුලින්ම පොසොන් පොහොයේ වැදගත්කමත්, ලංකාවට බුදු දහම පැමිණීමත් ගැන විස්තර කෙරුනා. පස්සෙ බුදු දහම සහ බුද්ධාගම කියන කාරණාත් සැබෑ බුදු දහම ගැනත් විස්තර කෙරුනා. ආගම් කීපයක අය ඒකියන්නෙ කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගම් වලට අයත් පිරිස ඇවිල්ල හිටිය. සමහර අය පන්සල් කලින් ඇවිල්ල තිබුනෙ නෑ. එයාල තරමක් නොසන්සුන්ව මුලින් හිටියද කියලත් හිතුනා. පස්සෙ මට තේරුනේ මුස්ලිම් අය ගත්තොත්, එයාලට පොඩි කාලේ ඉදන් ආගමික උපදෙස් ලැබිල තියෙනවා දෙවියන්ට ඇර අම්ම තාත්තටවත් වදින්න එපා කියල. එතකොට අපි හාමුදුරුවරුන්ට මුල ඉදලම වදිනවා. ඉතින් එයාලට ඒක වෙනස් ඇති. එයාලගේ මව්ලවීවරයෙක් උනත් සාමාන්‍ය විදියට කතා කරනව මිසක් අමුතු විදියකට කතා කිරීමක් සිදුවෙන්නෙ නැහැ. නමුත් අපි හාමුදුරුවරු එක්ක කතා කරන්නෙ ඒ ගරුත්වය ලබාදෙමින්.

                                             
කොහොම උනත් නායක හාමුදුරුවෝ වැරදි මත හිතේ දරාගෙන නොහිටින කෙනෙක් නිසා ගැටළුවක් ඇති උනේ නෑ. සාකච්ඡාව බොහොම හොදට ගියා. මගේ අදහස් දැක්වීමෙදි මම මූලිකව කිව්වෙ, රටක් විදියට එක රටක් විදියට මේ රට හොද තැනකට ගේන එක ගැනයි. මට කරදර වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයන්ගෙන් විතරක් බවත් මම කිව්වා. ඒවගේමයි ඉස්ලාම් කෙනෙක් මැදපෙරදිග ගිහින් කරදරයක් උනත් බලන්නෙ අදහන ආගම නෙමෙයි, අදාල රට බවත්, අපේ රට දුර්වල නම් අපිට සැලකීමක් නැති බවත් කිව්වා. ඒක හින්දු අයටත්, කතෝලික අයටත් ඇතුළුව රටටම අදාලයි.

                
මෙතනදි සැබෑ බුදු දහම කියන කාරණාවෙදි, දෙවිවරු ගැන කතා නොකර කතා කිරීම ගැන මගේ එතරම් ප්‍රසාදයක් තිබ්බෙ නෑ. මම විස්තර කලේ සියලු දෙවිවරු දේව සභාවේ සිටින බවයි. අල්ලා දෙවියොත්, ජේසුස් වහන්සේත් ඉන්නවා. එක දෙවි කෙනෙක් වෙනුවට, බොහෝමයක් දෙවිවරු ගැනයි අපි කතා කරන්නෙ. “ අල්මයිටි“ කතාව අදාල කරගෙන නැතිව.
අනික ඊලගට බුදු වෙන්න ඉන්න මෛත්‍රී බෝධිසත්වයන් අද දෙවි කෙනෙක්. ඊටපස්සේ බුදුවෙන්න ඉන්න නාථ දෙවියන් අද දෙවි කෙනෙක්. එහෙම හිතුවාම දෙවිවරු වෙලා ඉදල බුදු වෙන අය ඉන්නවා. ඒවගේමයි දෙවිවරු තමයි ලෝකය ආරක්ෂා කරන්නෙ. දෙවිවරු තමයි “නිදුකාණෙනි වඩින්න“ කියල ඇරයුම කරන්නෙත්. ඒක සමහර බෞද්ධ අය තේරුම් ගන්නෙ නැති දෙයක්.

කොහොම උනත් තමන්ගෙම වියදමින් මෙහෙම  දේවල් කරන එක බොහෝම සතුටුදායක දෙයක්. රට වෙනුවෙන් ඉදිරියක් කරන්නට කැමති ළමයි ඉන්න එක රටටම වාසනාවක්. එනිසා ඔවුන්ට සුභ පතනව.

#InterfaithColombo #Interfaith

Wednesday, June 27, 2018

මේ සූදානම ආදර කතාවක් කියන්නයි.



එක්තරා පිරිමියෙක් හිටියා එයා හරිම දුප්පත්. එයා ජිවත් උනේ එයාගෙ බිරිඳ එක්කයි. එයාගේ බිරිදට ලස්සන දිග කොණ්ඩයක් තිබ්බා. දවසක් බිරිදගේ පනාව කැඩිලා. බිරිද ඔහුගෙන් පනාවක් ගෙනැල්ලා ඉල්ලුව කොණ්ඩය පීරන්නට.
මේක අහපු සැමියට බොහෝම කණගාටුවක් ඇති උනා. ඔහු බිරිදට කිව්වා තමන්ගෙ ඔරලෝසුවේ පටිය කැඩිලා තියෙනවා ඒත් ඒක හදාගන්නවත් මේ වෙලාවෙ තමන් ලග සල්ලි නැති බව. ඒක අහපු බිරිද පනාව නැවත ඉල්ලුවෙ නැහැ.

පහුවදා සැමියා රැකියාවට ගියා. යන අතරතුර ඔරලෝසු හදන කඩයක් පහු කරගෙන ගියා. ඔහු තමන්ගෙ කැඩුනු ඔරලෝසුව ගොඩක් අඩු මුදලකට එතනට විකිණුවා. විකුණලා බිරිදට පනාවක් අරගෙන හවස් කාලයේ ගෙදර ගියා. ගෙදර ගියා ඔහු බිරිදව දැකලා පුදුම උනා. ඇයගේ ලස්සන දිග කොණ්ඩය තිබුනෙ නැහැ. ඇය කොණ්ඩය කොටට කපලා. ඇය ඇයගේ කොණ්ඩය විකුණලා තිබුනා. ඒවගේම අලුත් ඔරලෝසු පටියක් ගෙනැල්ලා තිබ්බා.

දෙන්නගෙටම එකවරම ඇඬුනා. ඇත්තටම දෙන්නට ඇඬුනේ තමන් කරපු දේ නිශ්ඵල බව නිසා නෙමෙයි, මොකද ඔරලෝසු පටිය දැන් වැඩක් නෑ, ඔරලෝසුව විකුණල නිසා. ඒවගේම පනාව වැඩක් නෑ දිග කොණ්ඩය කපල ඉවර නිසා. ඇත්තටම දෙන්නට ඇඩුනෙ දෙන්නා දෙන්න ගැනම තියෙන සෙනෙහවන්තකම නිසා කරපු කැපවීම ගැනයි.


ආදරය කරන එක ලෙහෙසි දෙයක්. ආදරය නැවත ලැබෙන එක වටින දෙයක්. ආදරය කිරීමත්, ආදරය නැවත ඔබ ආදරය කරන කෙනාගෙන් ලැබීමත් වෙනව නම් ඒ කියන්නෙ ඒක හරිම වටින දෙයක්. එනිසා කවදාවත් ආදරයට නියම වටිනාකම නොදී ඉන්න එපා.

Tuesday, June 26, 2018

Think

අද වගේ විෂම විවිධ සමාජයක ජිවත් වෙන කොට,  විශේෂයෙන් අවදානයකින් වගේම බුද්ධිමත්ව වැඩ කරන්න උවමනයි. තමන්ගෙ කටයුතු වලදි මොලේ පාවිච්චි කරලා වැඩ කලොත් අනවශ්‍ය කරදර ඇති නොවෙන්නට ඉඩ තියෙනවා.

හිතන්න ඔයාට එකපාරට හොද වර්ගයක ස්මාට් මොබයිල් එකක් පාරෙදි වැටිල තියෙනව හම්බ උනා කියල ?
ඔයා මොකද කරන්නෙ ? පාවිච්චියට ගන්නවද ? නැත්නම් පොලිසියට භාර දෙනවද ?

අපි ඕන කෙනෙක්ට ඇපල් ෆෝන් එකක් හෝ ඒ වගේ වටිනාකමක් තියෙන ස්මාට් ෆෝන් එකක් ඒවගේ ලැබුනොත් ආසාවක් ඇති වෙන්න පුලුවන්. හැබැයි මෙහෙම අවදානමක් තියෙනවා. ඒක තමයි, සමහර හොරු ඒ කියන්නෙ ගෙවල් කඩන බිඳින හොරු ඉන්නවා. ඒ අය කාගේ හරි පොහොසතෙක්ගෙ ගෙයක් කඩනවා. මුදල් - රන් බඩු වගේ වටිනා කියන දේ වගේම මොබයිල් ෆෝන් පවා ගන්නවා. අරගෙන හොරකම කරල යන ගමන් අර ස්මාට් ෆෝන් යම් යම් තැන් වල පාරේ දාලා යනවා.
ඒක එයාල හිතලම කරන දෙයක්. එතකොට පොලිසියෙන් පරීක්ෂණ කරද්දි  ඔයා ගාව ඒ ස්මාට් ෆෝන් එක තිබුනොත් මුලින්ම පොලිසිය ප්‍රශ්න කරන්නෙ, සමහරවිට අත්අඩංගුවට පවා ගන්නෙ ඔයාවයි. මතක තියාගන්න නීතියේ හැටියට හොර බඩ ලග තබා ගැනීමත් හොරකමක් විිදයට සලකනවා. කොහොම උනත් ලග තිබුනොත් අන් අයගේ දෙයක් ඔයා වරදක් කරල තියෙනවා. ඒකෙන් හොරු ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ පොලිසිය කරන පරීක්ෂණ කටයුත්ත තව තව කල් යවන එකයි. ඉතින් ඔයාව අල්ලගෙන සති කීපයක් ඔයාගෙන් ප්‍රශ්න කරලා කරදර ඉවර වෙද්දි තරමක කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා.

ඔයා ඇත්තටම හොරෙක් නොවුනත් අනුන්ගේ දෙයක් ලග තබා ගැනීම තුල, ගොඩක් කරදර බාධක වෙන්නත්, නම කැත වෙන්නත් ඉඩ තියෙනවා. ඒනිසා ඒව හිතල ඒ අනුව හරියට කටයුතු කරන්න. රැකියා කරන ස්ථානයෙන් අදුනන අයගෙන් පවා තාඩන පීඩන එන්න පුලුවන් මේ වගේ අවස්ථාවක. ඒනිසා හොදින් හිතල වැඩ කරන්න.

නිකමට හිතන්න ඔයා දැක්ක කියල අවියක්, පිස්තෝලයක් පාරෙ වැටිල තියෙනවා. හොදම දේ තමයි ඒක අල්ලන්නවත් එපා. මොකද හදිසියේ පත්තු වෙන්න, කලින් භාවිත කරපු අයගේ ඇඟිලි සලකුණු වෙනුවට ඔයාගේ ඇඟිලි සලකුණු වැදීම වගේ කාරණාත් වෙන්න පුලුවන්. ඒවගේමයි දන්න සමහර සිද්ධි වලදි පොලිසියට කතා කරාම පොලිසිය ඇවිල්ලා අත්අඩංගුවට ගත්තු අවස්ථාත් තියෙනවා. එනිසා හොදම දෙය මෙහෙම දෙයක් දැක්ක කියල දුරකථනයෙන් දැනුම් දෙන එකත් ඒව ලගටවත් නොයන එකයි.

විෂම විවිධ සමාජයේ අමුතු කාරණා තියෙනවා. මේ වගේ කාරණා වලදි හොදට මොලේ ඇතිව වැඩ කරන්න. දන්නවනේ, “ උපාය දන්නෝ අපායෙ නොවැටෙති “ 

Monday, June 25, 2018

දවසක...

නුඹම හැම වරදම වගේ කරලා, ඒ හැම වරදම වගේ මගේ පිට පටවලා මටම වැරදි කියල, නොකල ඒවත් තව තවත් දේවලුත්, අපහාස උපහාසත් කරලා මාව අතඇරලා ගියාම, මට දුකයි කියල මට හිතුනා.

ඇත්තටම මගේ දුකේ අවුල තමයි, මගේ අල්ලා ගැනීම. මට නුඹව අතාරින්න හිතුනෙම නෑ. මොකද මම මගේ ජිවිතේ ගොඩක් බලාපොරොත්තු වෙනස් කරගෙන නුඹ ගැන හිතපු නිසා. නුඹ එක්ක ගමන යන්න හිතපු නිසා. * ඒක නුඹේ වරදක් නෙමෙයි - මම හිතාගත්ත විදියයි.

ජානි අක්ක දාපු දේක දැක්කා ... හදවත අඬද්දි පිටතින් හිනා වීම ගැන. මටත් එහෙම පුලුවන් කිව්වාම ජානි අක්කා ඒ කමෙන්ට් එකට (රියල් එකේ)  “ හාහා රිඇක්ෂන් “ දාලා තිබ්බා. නමුත් මම ඒක කිව්වෙ ඇත්තටමයි. එයා අලුත මුණගැහුනු ඔහු එක්ක ඉද්දි, නොදන්න කෙනෙක් වගේ ගිහින් කතා කරන්න පුලුවන් වෙච්ච එක පහුගිය බ්‍රහස්පතින්දා මම හිතනවා ඒක ලොකු දෙයක් කියල. එයාට අයිති දේවල් දැක්කාම හදවත දෙදරලා ගියත් අදටත් මම ඉවසීමෙන් ඉන්නවා.
මගේ යාළුවෙක් ඇහුවා මට මෙච්චර කෙල්ලො ඉදල තියෙනවා මට ඕන හැටියෙ අතාරින්න පුලුවනි, උඹට විතරක් බැරි මොකද කියල. මම අතෑරල තමයි ඉන්නෙ. නමුත් සංසාරගතව අල්ලගෙන තිබ්බ බැඳීම්, ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරිම් කරපු බැඳීමක අද මෙහෙම තත්වයක් ආවත් ලේසියට අමතක කරන්න බැහැ. ඒක සාමාන්‍ය ප්‍රේමයකදි උනත් එහෙම වෙන්නැති. පරණ ආදරේ දකින්න එපා කියල මම කරපු අධිෂ්ඨානය අදටත් එහෙම වෙනව. හැබැයි නුඹ ගැන එහෙම නෑ. ඒනිසයි හදිසියේ මුණගැහෙන්නෙ. නමුත් වැඩි කාලයකට ඒක එහෙම වෙන එකක් නෑ.
මම ඇත්තටම හිතාගෙන හිටියෙ සංසාර ගමන කෙලවර වෙනකම් නුඹ එක්ක යන්නයි. හැබැයි මම මගේ අකුසල් සෑහෙන්න විඳලා - ගෙවල තිබ්බත්, නුඹ එහෙම කරගෙන නැති බවත්, බොහෝ වෙලාවට පිනේ බලයෙන්ම අකුසල විපාක වලින් බේරිලා හිටිය බවත් මම දැන් දන්නවා.

මගේ උවමනාවෙන් අල්ලගෙන හිටිය බව ඇත්ත. මට නුඹ නැතිවේවි කියන දුක නිසා මම වේදනා විඳපු බවත් ඇත්ත. නමුත් නුඹේ ජිවිතයේ නුඹ කියපුවටත් වඩා නුඹ ගැන දන්න, නුඹ වෙන කිසිකෙනෙක්ට නොකියපු දේවල් කියපු මම ... සංසාරේ නුඹ එක්ක හිටිය කෙනෙක් සෑහෙන කාලයක්. නුඹට ඒක තේරිලත් ඉවසීමෙන් ඉන්න කියල කියපු දේ නුඹට අහන්න බැරි උනේ නුඹේත් මගේත් දෙන්නගේම අකුසල වලට වෙන්න ඕන. කමක් නෑ නුඹ ඔය ගමන යන්න.
මගේ කණගාටුව තිබුනේ මට නුඹව ඒ තත්වයන් වලට ගේන්න බැරි නිසයි. ඒක හරි අමුතුම වේදනාකාරි දුකක්. නමුත් නුඹ දිගටම වරදේම ඉද්දි මම කොහොමද ඒක වෙනස් කරන්නෙ. අනික නුඹ පිලිගන්න කැමති නෑ අකුසල් විපාක ගැන. ඒව ඉතින් හදන්න බෑ.
“ රත්තන් උනත් ඇනගත්තොත් පිහියෙන් “ ?????

සංසාරේ යම් දවසක, අද නෙමෙයි සමහරවිට තවත් අවුරුදු 1000 ගානකටත් පස්සෙ අකුසල විපාක වල එක තැනකදි නුඹ මාව තේරුම් ගනීවි. එදා ඉදන් නුඹ සංසාරගතව නුඹ කරන ප්‍රාර්ථනාවට අදාලව ගමන යන්න ලැබේවි.
නුඹට එක දෙයක් කියනව, සමහරවිට නුඹ මේක බලන බව දන්න නිසා, “ අලුත් පව් ඇති කරගන්න එපා “
ඒකවත් කරන්න.



#ජිවිතය #ලෝකය #නුඹ #මම #අපි #අද #හෙට #අනාගතය #ඊයෙ

Sunday, June 24, 2018

Gym ජීවිතය

පහුගිය කාලේ ඇය නිසා ගොඩක් වේදනාවෙන් වගේම පීඩාවෙන් ඉද්දි මම ජිම් යන්න මූලික වෙච්ච චමුත් මට කිව්වා, “ හොඳ ස්ට්‍රෝං ඩයට් එකක් එක්ක ජිම් ගමනත් වැඩියෙන් කරන්න “ කියල. ඒ කාලේ කකුලට ඇති වෙච්ච එක එක කරදර එක්ක ජිම් යන එකත් තරමක අතපසු උනා ඉතින්. දැන් පුලුවන් විදියට යනවා. ඩයට් එක තාමත් පිලිවෙලට කරගන්න බැරි උනා.
මම ප්‍රෝටීන් ෂේක්වත්, එනර්ජි ඩ්‍රින්ක්වත්, ස්ටෙරොයිඩ වර්ගවත් ගන්නෙ නැතිව ස්වභාවික විදියට යන නිසා මගෙ ශක්තිය සම්බන්ධව තරමක ගැටළු වෙලාවකට එනව. ඒත් ඉතින් දවසකට කිලෝමිටර් 5කට වඩා ඇවිදින මට ලොකු අවුලක් නැහැ. ඒ නිසාම වෙන්නැති මම දැන් ට්‍රෙඩ් මීල් එක යන්නෙම නැති තරම්. සමහර දවසට කැළණි පලාතෙ ඇවිදලා කිලෝමීටර් 18කට වඩා ඇවිදල තිබුන.

හරියට ජිම් යන එක ස්ට්‍රෙස් රිලීස් වෙන වැඩක්. ඒත් මට වෙලාවකට හරියකට ඒක කරගන්න වෙන්නෙ නෑ. ඒත් මම කැමතියි. හැබැයි මම ජිම් ෆ්‍රීක් ටයිප් නෙමෙයි. මම ඇවරේජ් කෙනෙක්ටත් වඩා යටින් ඉන්න බවයි මම හිතන්නෙ. මම ගිහින් ඒක කරල එනව එච්චරයි.
අද ජිම් එකේ ට්‍රේනර් ඉන්න නංගි උදව් කලා බයි සෙප්ස් වලට කරන එක්සයිස් එක හරියට කරගන්න. සමහර වෙලාවට ස්ට්‍රෙචිංග්ස් වැරදුනාම ඒකත් පිලිවෙලට කියල දෙනව. අපේ ජිම් එක ගොඩක් ලොකු නෑ. නමුත් උවමනා දේවල් තියෙනවා. ඇත්තටම මට දියුණුවක් තියෙනවා. දැන් බඩ බොහොම අඩුයි.

ජිම් යනව නම් අංක 01 තමන්ගෙ ඩයට් එක හරියට කරන එක. ඒකියන්නෙ කෑම හරියට ගන්න එක. ඒක එහෙම නොවුනොත් මහන්සි උනාට අවශ්‍ය ප්‍රතිඵල නෑ. අනිවාර්ය ෆිට්නස් ලැබේවි ඒත් බඩ අඩු වෙන ඒවා මහත අඩු වෙන ඒව නම් වෙන්න ඉඩ අඩුයි. එහෙම අයව අපි දවස් පතා දකිනවා. 

Saturday, June 23, 2018

මෑත සිදුවීම් සහ දුක සම්බන්ධයෙදි සිතිය යුතු දේවල්

“ රත්තරන් “ උනත්  ඇනගත්තොත්, රන් පිහියෙන් කියා නැත. තුවාල වෙනවාමය.

සමහරවිට යමෙක් ගලවා ගත නොහැකි ලෙස බොහෝ ලෙස දුක දැනෙනවිට, ඒ දැඩි ඇලීම, ඒ මෝහය නැති වෙන්නට සිතිය යුත්තෙ, දෙව්දත්, අජාසත් යන අය පවා නිවන් ලැබීමට පින් පුරා තිබුනු බවයි. නමුත් අවාසනාවට තමන් විසින්ම කරන ලද අකුසල් කර්ම නිසා නිවන දුර කරගත් අතර දෙදෙනාම තවම ලෝකුඹු නිරයේ පසුවෙයි.

විසිරුනු සිත් ඇති බූවලු ස්වභාවය ජිවිතයකට දැඩි ලෙස බලපාන බව සහ එවන් අයගෙන් හැකි තරම ඈත් විය යුතු බව. එවන් අයට අවසානයේ සිදුවන්නේ “ නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ “ කියන තත්වය බව.
දානය යහපත්ය. සැබවින්ම දානය යහපත් බව බුදුන්වහන්සේද සෑහෙන්න දේශනා කර ඇත. නමුත් සීලයෙන් තොර දානය “ ලුණු නොදැමූ කිරි හොද්දකට “ සමාන බව. එනම් සීලය නොරැක්කේ නම් තිරිසන් ගත වීමට බොහෝ ඉඩ ඇති බව. දානය, පින්කම් වල පින ලැබුනද, තිරිසන් වුවොත් තව දුරටත් දියුණු වීමට සුගතිගාමි වීමට ඉඩ ඇහැරෙන බව.

කලින් ජිවිතයේ කරපු පරණ අකුසල් වලට අපිට දැන් කරන්න දෙයක් නැහැ. නමුත් පුලුවන් තරම අලුතින් අකුසල් ඇති කර නොගෙන ජීවත් විය යුතු බව.
උපන් කුසල් දියුණු කල යුතුමය. උපන් අකුසල් යටපත් කල යුතුමය.
නූපන් කුසල් උපදවාගෙන දියුණු කල යුතුය. නූපන් අකුසල් උපදින්නට ඉඩ නොදිය යුතුය.

Friday, June 22, 2018

ජීවිතය ගැන තවත් විදියකට..

ජීවිතේ සමහර කටුක යථාර්ථයන් තේරැම් ගන්න, ජීවත් වෙන්නම ඕන...
ඒව තේරෙන්න - අවබෝධ වෙන්න මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන.. දහමට, මනෝ විද්‍යාවට, සමාජ විද්‍යාවට අදාලව ඉගෙන ගන්න බොහොම දේවල් පිටකොටුවේ තියෙනව..😌
වැස්ස ආවම හැමෝම වගේ වැස්සෙන් බේරෙන්න දිව්වත්, මේ අම්මට රඹුටන් නිසා කුඩේ ඇර හදිසි වැස්සට සහනයක් තිබ්බෙ නෑ.. ( අහන්න එපා පින්තූර නොගෙන උදව් නොකලද කියල, උදව් කලා. කරල විනාඩි 2ක් යද්දි වැස්සත් නැවතුන.. )

සමහර අය හිතනව මං ගැන අමුතු විදි වලට..
හැබැයි පවුල් වල අය, අදුනන හිතවත් අයගෙ අනුව නෙමෙයි මම ඉන්නෙ..
මගෙ ගමන මගේ විදියයි.. ඒක වෙන අය මත අදාල කරගෙන නෑ...
සමහර " පුරාණය වළදන " අයට වඩා මම ජීවිතේ දෙයක් (ලෞකික/අධ්‍යාත්මික) කරගෙන තියෙනව...😇

සමහර අය හිතනව අපේ පවුල් වල කැබිනට් ඇමතිවරු ඉදල නියෝජ්‍ය පොලිස්පතිවරු, හමුදාවෙ, නාවික හමුදාවෙ වගේම රජයේ ඉහල නිලධාරින් වගේ අය සෑහෙන්න ඉන්න නිසා අපි ඒ අය මත යැපෙනව කියල. ඒ අය හොදයි ඒ අය හොදින් ඉන්නෙ එයාලගේ කර්ම ශක්තියේ හැකියාවට.  නමුත් ඒක මට අදාල නැහැ. මගේ ගමන එහෙම නොවෙන නිසා. මට දවසක ගමනක් තියෙන්නෙ මගෙ ගමන හැටියට. 
දවස් පතා මට එනවා මසේජ් පවා එක එක කාරණා වලට උදව් ඉල්ලල. පුලුවන් දෙයක් නම් පුලුවන් විදියට සහයෝගය දෙනව. නමුත් සමහර ඒව කරල දෙන්න බැරි ඒව තියෙනවා. උදාහරණයකට, සුදුසුකම් නැති කෙනෙක්ව රැකියාවකට දාලා දෙන්න කිව්වොත් ඒක රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි කරන්න බැහැ. යහපාලනේ ගෙනාවෙත් හරියට ගෙනියන්නනේ.

පරණ පිනට තාමත් යාන්තමට හෝ ජීවත් වීගෙන අනිත් අය ගැන වෙනම ඒව හිතන අය ගැන අනුකම්පා කල යුතුයි හ්ම්...

Life is about learning from everything... Life is is over in some years..but that lessons not. Those come life to life.. Time to time..⚡️

I feel ok with things happened around me as I have maintained necessary things...✅

#junetsh2018 #life #pettah #socialogy #karma



Wednesday, June 20, 2018

මුදවීම

මුදවීම - මිදවීම එකපාරට සිහියට එන්නෙ කිරි මුදවනව වගේ වැඩක් කියල. නමුත් ඒක නෙමෙයි අදහස් කලේ. අපි හෝ අපිට සම්බන්ධව සංසාරගතව ආපු යම් හෝ හේතුවක් නිසා දැන් හිර වෙලා, හොද තැනකට යන්න අමාරුවෙන් ඉන්න ආත්ම භව වලට හොද තැනකට යන්න උදව් කිරීමයි.

ඒක සරල නැති බොහෝම සංකීරණ කාරණාවක්. එහෙම අය හැමෝටම ඉන්නවා. කෝටි ගණනින් ඉන්නවා. නමුත් ඒ හැමෝම මුදවන්න පුලුවන්ද ? සහ කොහොමද මුදවන්නෙ ?
ඒක තමයි සංකීරණම කාරණය. හැමෝම මුදවන්න පුලුවන්ද ?

මෙහෙමයි සාංඝික දානයක් දීලා මුදවන්න පුලුවන්. බිම්බිසාර රජතුමාගේ කතාවෙ තිබුනෙ. නමුත් හැමෝටම එහෙම බෑ. එක එක්කෙනාගේ කර්ම ශක්තිය අනුව එයාලව සුගතියකට යවන්න ඕන විදිය වෙනස්. ඒනිසා ඒක සරල නැහැ. එකක් ඒ අය මිදෙන්න ලෑස්ති වෙන්න උවමනයි. අනික තමයි මුදවන්න අවශ්‍ය දේ අපි දැන සිටිය යුතුයි.
පහුගිය කාලය පුරා එහෙම දේවල් කල නිසා අත්දැකීමෙන් ඒව දන්නව සහ අවබෝධය තරමක් තියෙනවා. බොහෝමයක් අයට දෙයක් කිව්වාම ඒකට අවශ්‍ය මූලිකම දේ කරගන්න පින ඇති වෙන්නෙ නැහැ. අපි දන්න බොහෝම ඉහල තනතුරක් දරපු ඥාතිවරයෙක් හිටියා, අකුසල කර්ම විපාක ලෙඩක් තිබ්බා, දරුවො දොස්තරලත් ඉන්නවා, ඒ අතර රටවල් කීපයකට එක්කගෙනත් ගියා වෛද්‍ය විද්‍යාවට අනුව සුව කරන්න බැරි උනා. ජ්‍යොතිෂ්‍යයට අදාල ඒවටත් ඉන්දියාව ඇතුළු රටවල් කීපයකට ගියා බැරි උනා. කර්ම විපාක ලැබෙන අකුසල් එහෙමයි. සරලව කියපු පූජාවක් කරගන්න මල් වර්ග කීපයක් හොයාගන්න බැරි උනා. එහෙම දේවල් තියෙනවා.

කොහොම හරි අද මම සති කීපයක් දවස් 8ක් තිස්සේ කැපවීමෙන් උවමනාවෙන් බලාගෙන හිටිය, උදව් කරපු පූජාවක් ඒ අනුව නිවන් , දිව්‍ය සහ බ්‍රහ්ම තල වලට යන්න පින් තිබුනු අයව කරදර වලින් මිදෙව්වා. 8ක්වම. බොහොම සැනසීමක් දැනෙනවා මාත් මූලික කාර්යයක් කල නිසා. ඒ අයටත් පින් තිබ්බා..

Tuesday, June 19, 2018

Dating Journal එකකින් කියවපු දෙයක්

දරේදි කෙනෙක්ව තෝරගන්න එක බොහොම බුද්ධියෙන් කරන්න ඕන දෙයක්. නැත්නම් ඉතින් දුක් වේදනා එක්ක සෑහෙන කරදර ඇති වෙන්න පුලුවනි. ඒත් ඉතින් එකපාරට කාල බලල ආදරේ කරන්න බෑනේ. ඒනිසා එකපාරට ආදරේකදී දේවල් තේරෙනවා අඩුයි. ටිකෙන් ටික තමයි ආදරේකදි අදාල කෙනා ගැලපෙනවද හොදද කියල තේරෙන්න ගන්නෙ.
ඉස්සර ඉදල දන්න කෙනෙක් උනත් ආදරේ කරද්දි වෙනස් වෙන්න පුලුවන් වගේම ඒ මොලෙත් එක්ක වැඩ කලොත් හරි.
ඉතින් මේ කියන්න හදන්නෙ ආදරේ කරද්දි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්.

ඔබව අගය කරන කෙනෙක්ව, ඔබව වටින කෙනෙක්ට ආදරය කරන්න.
මේක හරි වැදගත්. මොකද අපි හැමෝගෙම වටිනාකම් තියනෙවා. ඔයාට ආදරේ කරන කෙනා ඔයාව අගය කරන කෙනෙක් වෙන්න ඕන.

ඔබ කරදරයකින් ඉන්න වෙලාවක ඔබව සැනසිය හැකි කෙනෙක්ව හොයාගන්න.
සමහර වෙලාවට ඔබගේ හිත රිදිලා කරදර ඇති වෙලා ඉන්න පුලුවන්. ඒ වගේ වෙලාවක ඔයා ලගින් ඉදගෙන හිත හදන්න පුුලුවන් කෙනෙක්, ඔයාගෙ හිතට  දහිරිය දෙන කෙනෙක්. ඒවගේමයි දුකෙන් ඉද්දි ඔයාව හිනස්සන්න පුලුවන් කෙනකේ නම් එයා ඇත්තටම ඔයාට ආදරෙයි.

ඔබ වෙනුවෙන් අවදානම් ගන්න කෙනෙක්ව තෝරගන්න.
අපි කාගෙත් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඔබටත් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒනිසා ඔබගේ ඒ අඩුපාඩු තිබුනත්, ඒ වෙනුවෙන් අවදානම අරගෙන ඔබට කැමති කෙනෙක්ට ආදරේ කරන්න. අවදානම අරගෙන ඔබ වෙනුවෙන් කැප වෙන කෙනෙක්ට ආදරේ කරන්න.

ඔයාව නැති වෙනවට බය කෙනෙක්ට ආදරෙ කරන්න.
සමහර අය ඉන්නවා ඔබට ආදරේ උනාට, ඔබව නැති උනොත් ඒ ගැන බයක් නැති. එහෙම කෙනෙක් ආදරේට එතරම් සුදුසු නෑ. ඒනිසා ආදරේ කරද්දි ඔයාට සංවේදීව ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕන. ඒ ගැනත් හිතන්න.

නිතරම ඔබට සහයෝගය දෙන උනන්දු කරවන කෙනෙක්ව හොයාගන්න.
අපි හැමෝටම ජිවිතේ තියෙනවා අදහස්. ඒකියන්නෙ ඉදිරියට යන්න එයා ඔබට අදහස් දෙන්න ඕන. ඔයාට සහයෝගය දෙන්න ඕන. ඔයාගෙ දියුණුව ගැන සතුටු වෙන කෙනෙක් වෙන්නම ඕන. එහෙම කෙනෙක් එක්ක ජිවත් වෙන එක ලේසි වේවි.

එයා ඔයාව නිතර හොයන්න ඕන.
සමහර වෙලාවට දවසම ඔය දෙන්නට කතා කරන්න, මුණගැහෙන්න නොලැබෙන්න පුලුවන්. ඒ දවස සමහරවිට ඔබට එතරම් සාර්ථක නොවෙන්න පුලුවන්. එතකොට ඔබට ආදරේ කරන කෙනා ඒ ගැන ඔබෙන් විමසලා හොදින් ඒක තේරුම් අරගෙන ඊට අදාලව ඔබේ හිත හදන කෙනෙක් වෙන්න ඕන.

මේක හරි වැදගත් - ඔයාට ආදරේ බව එයා කියන්න ඕන.
ගෑණු ළමයි නම් හරි කැමතියි තමන්ට ආදරේ බව කියනවට. ඒ අනුව ඔය දෙන්නගේ ආදරය නිතර නැවුම් වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට ඔයාට වදයක් වගේ වෙන්න පුලුවන්.

පොඩි වෙලාවකට හරි ඔයාව මුණගැහෙන්න සෑහෙන වෙලාවක් කැප කරන කෙනෙක් නම් ?
මෙහෙම අයත් ඉන්නවා. හොයාගන්න එහෙම කෙනෙක්ව. පැය ගානක් ඇවිල්ලා ඔයාව පැයකටත් වඩා අඩු කාලයකට මුණගැහෙන්න නම්, අන්න එහෙම කෙනෙක් ඔයාට ගොඩක් ආදරෙයි. එහෙම කෙනෙක්ව රැකගන්න.

මෙහෙම කෙනෙක්ව ආදරේට හොයාගන්න. වරදින්නෙ නෑ.

Saturday, June 16, 2018

පරණ ප්‍රේමිය... ඔබ simply blown it.

පරණ ආදරවන්තියක් කතා කලා. එයා කියනවා සමහර කාරණා මම කියපුවා හරිලු. ඇත්තටම එයා පොඩියි සමහර දේවල් තේරුම් ගන්න අපි ආදරේ කරපු කාලෙ. කොහොම උනත් ඒ කාලෙ කියපුවා ඇහුව නම් අපේ ආදරේ නවත්තන්න මම ඒ දවස් වල තීරණය කරන්නෙ නැහැ. මැරුණු අැය මැරුණත්, මම මගේ හිත ඇයට දුන්නට පස්සෙ, ආයෙ ඔයා ගාවට එන්නෙ නැත. මගේ හැටි එහෙමයි. මම හිතන්නෙ හැමෝම එහෙමයි. ගිය කාලය එක්ක ගත්ත තීරණ කාලය එක්ක වෙනස් වෙන්නෙ නෑ.

කොහොම උනත් ඒකාලෙ මම හිතුව මට දැනුන වගේ, ලේසි වෙන්නෙ නෑ එයාට ආදරයක් තියා බැඳීමක්වත් තියාගන්න එක. එයා පොඩියි කියල සමාව දීමක් තිබුනට කාලය එක්කයි තේරුනේ එයාට ඒ ගතිය හදාගන්න බැරි බව. මුරණ්ඩුකමේ උපරිමේට යනව එයාටවත් නොදැනීම. හැබැයි හරියට හිතුවොත් හැදෙන්න - හරියට ඉන්නත් එයාට පුලුවන්. බැරි වෙන එකක් නෑ. ඒක විශ්වාසයි.

ජිවිතේ ගැන දේවල් තේරුම් ගත්තාම, නොරැවටී - බුද්ධියෙන් යන්න ලේසි වෙන්නෙ නෑ. විශේෂයෙන් වැරදි තීරණම ගන්න එක පුරුද්දක් කරගත්තාම. තමන්ට ඇත්තට බැඳීමකින් හිතන, දියුණුවක් පතන අයව අයින් කරලා, තමන්ගෙන් වාසි ගන්න හරි තමන් එක්ක ඉද්දි වාසි හෝ වටිනාකම් හිතෙන අය එක්ක දිගට හිටියාම කාලය එක්ක ඒව තේරෙනවා වගේම තමන්ගේ පැවැත්මට ලොකු ගැටළු ඇති වෙනවා. ඒව කිව්වට බොහෝ අයට තේරෙන්නෙ නෑ. තේරෙයි කල් යයි තමයි අන්තිමට.

“ මරණය හා බැඳුනු “ - එක්කෝ එච්චරයි..

මේ දවස් වල වෛරස් උණක් හැමතැනම තියෙනවලු. එනිසා තමයි ජයවර්ධනපුර රෝහලට ගියේ...
ගොඩක් අය කිව්වා, එතන ඉන්න අය පවා මාස්ක් එකක් දාන්න කියල. මංදා මට නම් මාස්ක් එකක වැදගත්කමක් මට තියෙන බවක් තේරුනේ නෑ.
මැරුණු ඇය ලගදි ඉදන් හීන වලත් පේන නිසා මගේ හිත තරමක් අවුල්. මාත් එක්ක ගියපු මල්ලිට මම කිව්වා මාස්ක් එක නැතිව මැරෙනව නම්... ඒත් ඒකත් එහෙම වෙන පාටක් නෑ.
අද හෙට ලෙඩක් හැදිලා මැරෙයිද... ඒකත් කියන්න භෑ. ඒත් වෙන පාටක් තාම නැති..

හොස්පිටල් එකේදි ගොඩක් අයගේ දුක - වේදනාව, කලකිරිම් තේරෙනවා. වාට්ටු අංක 17 (මෙඩිකල් වෝඩ්), කොනේම හිටිය ටිකක් වයසක ආන්ටිලා 2ක්ම අද මැරුණ. වෛරස් උණ අඩු උනේම නෑලු.
ඒ ආන්ටි කෙනෙක්ට ගොඩක් කැපවීමෙන් සලකපු ආදරේන් බලාගත්ත පුතා, ඇවිල්ලා අඬන්න ගත්තාම වටේ පිටේ අයත් අඩන්න ගත්තා. මට  ඇඬුනෙ නෑ. ජිවත් වෙන කරදරේ දන්න මම මැරුණාම මොකට අඬන්නද ? ඒත් මරණය බොහෝම දුක්ඛදායක දෙයක්. අපි කාටත් එහෙමයි. මැරුණාම මේ ජිවිතේ හැමදේම ඉවරයි.
ලෙඩ්ඩු කොයිතරම වේදනා විඳිනවද, එයාල බලාගන්න අය, පවුලේ අයත් සෑහෙන්න ඒව ගැන කරදර වෙනවා. ඔය හැමෝම අතරේ කවුරුවත් නොවෙන මං ඇවිද ඇවිද ඉන්න කොට නිකන් කවුද වගේ එකත් අමුතුයි. ඒත් කාගෙන්වත් අවුලක් නෑ. රක්නා ලංකා සෙකියුරිටි අයටවත් මාව නවත්තන්න නම් ලැබුනෙ නෑ. එයාලගේ ලොකුකම් ගෝඨ අංකල් නිසා. මට මොකෝ මම ගෝඨා අංකල්ට බය නැහැ නෙව.

ඇත්තටම මැරෙන එක නෙමෙයි කරදරේ... ජිවත් වෙන එක.. ඒක දන්න නිසා අද මැරුණත්, හෙට මැරුණත් මට ඒකේ ලොකු වෙනසක් නෑ. හැබැයි අකුසල කර්ම තව ටිකක් තියෙන නිසා මැරුනොත් කොහේ යාවිද කියල නම් සැකයක් තියෙනවා. ධර්මය දන්න නිසා අපායෙ ගියත්, ධර්ම කතාවක් කියාගෙන ඉන්න පුලුවන් වේවි.

අද ඇගේ ජාතියේ වාහන 2ක් දැක්කා. ඒ ජාතිය අඩුද කොහෙද. හෙන පොඩි කාර් කට්ටක් හිටං. ඒකාලේ හරියට නොම්මරේ මතක නෑනේ. නැත්නම් දැනගන්න තිබ්බා ඇගේ එකමද කියල. ඇයව තාම මතක් වෙන්නෙ මට අලුත් ආදරයක් නැති නිසා වෙන්ටැති. මගෙ හිත එයාගෙ වගේ විසිරෙන්නෙ නැති නිසා, බූවලු ස්වභාවයකුත් නැති නිසා තව ආදරයක් හරි ගිය කාලෙට හිත හරියාවි.
මැරුණු උන්ට කොහෙන්ද කාර් බාර්...

#උන්මත්තකඩයරි #ලංකාව #ලෝකය #ඇය #මම #ඔබ #ලෙඩ #රෝග #වෛරස්උණ #උණ

Friday, June 15, 2018

What Happens in Vegas (2008)

 මේකෙ විශේෂත්වයක් තියෙනවා ඒ තමයි ජිවිතයේ අහඹු සිදුවීම් එක්ක ඇතිවෙන බැඳීම් වලින් උනත් ගැඹුරින් ආදරය - සෙනෙහස ඇති වෙන්න පුලුවන් බව ටිකෙන් ටික දිග හැරෙන චිත්‍රපටියක්.

Tom Vaugan අධ්‍යක්ෂණය කරපු What Happens in Vegas (2008) සිනමා පටය ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් තරු 2ක් වෙන Cameron Diaz සහ Ashton Kutcher තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. ලෝකය පුරා බොහෝම ප්‍රසිද්ධ වෙච්ච කතාවක් තමයි මේක. IMDb අගය 6.1 ක් විදියට වාර්තා වෙනවා.

ජෝයි (කැමරන් ඩයස්) විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්, කසාද ගිවිස ගත්ත කෙනෙක් ඉන්න. ජැක් ( ඇෂ්ටන් කුචර්) තාත්ත ගාව පොඩි රස්සාවක් කරන ගමන් නිදහස් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන කෙනෙක්. හදිසියේම  ජෝයිට ඇගේ විවාහ ගිවිස ගත්ත කෙනාගෙන් නිදහස ඕන බව අහන්න වීමත්, ජැක්ගේ රස්සාව නැති වීමත් සිදු වෙනවා. ඒ අනුව ඒ දෙන්න යාළුවො 2ක් එක්ක ලාස් වේගාස් ( ඇමරිකාවේ විනෝදකාමින්ගේ නගරය) යනවා. ගිහින් බීමත්ව, කුල්මත් වෙලා ඉද්දි නොහිතාම විවාහ වෙනවා. ඒක තේරෙන්නෙ දවසක් ගියාට පස්සෙ. කසාදයෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉද්දි අහම්බෙන් වගේ කැසිනෝවකින් ඩොලර් මිලියන 3ක මුදලක් දිනනවා. දික්කසාදයෙදි විනිසුරුවරයා එ් සල්ලි හිර කරලා, කසාදය මාස 6ක් පවත්වා ගත යුතු බවට තීන්දුවක් දෙනවා.

ඉතින් ඊටපස්සෙ මේ දෙන්නා තමන්ගෙ ජිවිතය පවත්වාගෙන යන හැටිත්, දෙදෙනාම කැමැත්තකින් තොරව කරන වැඩත් අනුව දෙදෙනාටම දෙදෙනාව එපා වෙන්නට කරන වැඩත් ගැන සිනමා පටය දිග හැරෙනවා. ඒ කාරණා අතර දෙදෙනා අතර බැඳීම් ඇතිවනෙ හැටි නොහිතන විදියට සහ ඊලගට සිද්ධ වෙන කාරණා එක්ක දේවල් තේරුම් ගන්න විදිය වගේ බොහෝම වැදගත් දේවල් සිදු වෙනවා.
ඉතින් ඒව දැනගන්න නම් මේක සම්පූර්ණ බලන්න ඕන. ඒක විඳින්න ඔබට ඉතිරි කරනවා.

මතක තියාගන්න අහඹු බැඳීම් - හමුවීම් උනත් ජිවිතය වෙනස් කරන්න ඉඩ තියෙනවා. ජිවිතයේ බොහෝ දේවල් වල වටිනාකම් අපිට තේරෙන්න සමහරවිට කල් යනවා. නමුත් බුද්ධියෙන් යුතුව නිදහස් මනසකින් හිතනව නම් බොහෝ දේවල් අපිට තේරුම් ගන්න පුලුවනි. 

Wednesday, June 13, 2018

ලංවූ වෙන් වූ සසර පෙරුම්...

අරගෙන ලිව්ව අන්තිම වචන...
වෙන්වන සසර පැතුම් කිව්වාම ඇයට දැනුනද මංදා ආය සංසාරෙ අපි මුණනොගැහෙන බව...
මම ලගදි බලද්දි අහම්බෙන් වගෙ දැක්ක නෝට් පෑඩ් එකේ ලියල තියෙනව ....
මම මේ ලිවිල්ලට ඇය එක්ක කතා කරන්න හිතුවත් බැරි උනා... හ්ම්ම්
--

මේ තුරුවදුලේ
මේ මංපෙත මඟ
සුවිසල් සිහින පැතුම්....

මල් තුහිනෙන් හිම
පියලි මැවී නෑ
සසරක පුරුදු පැතුම්....

සෙනෙහස් අරු ණලු
නිම් තෙර සක්මන් 
යුගයකි පුරුදු හැඟුම්..

මුණිවත විතරයි
මේ ගැන දන්නේ
වෙන්වෙන සසර පෙරුම්
-

ඇයට මතක නැති උනාට, මටත් ඒ තරමටම මතක නොවුනට සංසාරේ ආත්ම භව ගණනාවක නුඹත් මමත් හිටිය දේවල් ගැන මම හොයාගත්ත. ඒනිසා වෙන්න ඇති අවුරුදු 8-10කට කලින් නුඹව මුලින්ම දැක්ක දවසේ ඇඳපු ඇඳුමේ ඉදල මට අදටත් මතක. යම් කාලෙක අපි පෙම්වතුන් නොවුනත්, ඒ කාලෙත් මම නුඹට පුදුම බැඳීමක් - සෙනෙහසක් තිබුනා. සහෝදරයෙක් - යාළුවෙක් විදියට කොහොමත් මම උපරිමය දෙන උපරිමයෙන් කරන කෙනෙක්. එකම දේ මම කියන දේ ඒ විදියට වෙන්න ඕන. ඇය ඒකට කැමති නොවුනේ ඒකත් සංසාරෙම පුරුද්දක් වෙන්නැති. හොයාගෙන යනකොට මට ඒවත් හොයාගන්න ලැබේවි.
ඇය නැතිම උනත්, සංසාරෙටම මුණනොගැහෙන තීරණය මම ගනිමින් ඉන්නවා තවම. හැබැයි ඒ අතර නිතරම තවමත් ෆ්ලෑෂ් බැක් වදිනවා. අද පිටකොටු ගියාමත් එහෙම උනා. ඒත් අවුලක් නෑ. තනියම කරගන්න පුරුදුයි.
සමහරවිට වෙන කෙනෙක් ඇගේ අඩුව පුරවාවි. ගෑණු පරණ එකයි, අලුත් එකයි, ඊට කලින් එකයි හැමදේම කම්පෙයා කරනවා. ඒක ඇත්තටම ලොකු අවුලක් වෙනවා පසුකාලෙක සමහරුන්ට.
ඉස්සර කාලෙ බඳින්න “කන්‍යාවියො“ හොයල තියෙන්නෙ ඔය ගෑණු ලක්ෂණය නිසයි. හැමදේම පරණ කෙනයි, අලුත් කෙනයි එක්ක සංසන්දනය කරන නිසා.
ගෑණු වගේ නෙමෙයි පිරිමි. බ්‍රැන්ඩ් නිව් තමයි. අලුතින් මුණගැහෙන කෙනාට අනුව හුරු වෙනවා. අරයයි මෙයයි සංසන්දනය කර කර වද වෙන්නෙ නෑ. ලැබුනු දේ හොදයි කියල හිතල ඒ අනුව හැඩ ගැහෙනවා. මට ඇය ගැනත් උනේ ඒකයි. මටයි ඇයටයි කොයිතරම නොගැලපීම් මේ ජිවිතයේ තිබුනද..
ඒ හැමඑකම ඉවසගෙන හිත හදාගෙන යන්න හිටියට දෛවයට හරස් උනා කියතෑකි. පෙර අකුසල කර්ම විපාක දැඩිව බලපෑව ඉතින්. 

Monday, June 11, 2018

Google Map Updating

ගූගල් මැප් කියන ඇප් එක ගොඩක් අයගෙ අද තියෙන ස්මාට් ෆෝන් වල තියෙන දෙයක්. මේකෙන් අපි කරන්නෙ පාර හොයාගන්න එක. විශේෂයෙන්ම නොදන්න පැත්තක යනව නම් ගූගල් මැප් එක බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මොකක්ද මේ අප්ඩේ කරනව කියන්නෙ. අපි ලංකාවෙ ලෝකල් ගයිඩ්ස්ලා විදියට ගූගල් මැප් එකට තොරතුරු එකතු කරනවා.


උදාහරණයකට හිතන්න අපි අවන්හලකට කෑම කන්න යනවා. ඉතින් එතන තත්වය 1-5 දක්වා තරු ලබාදීලා තමන්ගේ අදහස කියන්න පුලුවනි ඒ තැන ගැන. ඒවගේම එතන පින්තුර අරගෙන ( මුහුණු - සෙල්ෆි නෙමෙයි තැන) අපිට පුලුවනි මැප් එකට අප්ඩේට් කරන්න. එතකොට තව කාටහරි ඒක උදව්වක් වෙනවා ඒ තැන ගැන හරි අවබෝධයක් ගන්න.


ඉතින් මේ කරන දේ සමාජ සේවයක් කියල තමයි මම හිතන්නෙ. Community Service එකක්. අපිට මේවට ගෙවීමක් කරන්නෙ නෑ. සමහර වෙලාවට යම් දේවල් දෙනව. මට අවුරුදු 2කට ගූගල් ඩ්‍රයිව් එක ටෙරා බයිට් 01ක් වෙන්න දුන්නා.
Sri Lankan Local Guides කියල අපේ රටේ මේ කටයුත්ත කරන අය ඉන්නවා. ඒ අය මාවත් සම්බන්ධ කරගත්තා. නොදන්න දේවල් කියල දෙන්නත්, රටට යම් සේවයක් කරන්නත් එයාලගෙන් ලැබෙන උදව් වටිනව.


දැනට ලංකාවෙ වැඩියෙන්ම අප්ඩේට් කරල තියෙන්නෙ මම. අන්තිමට බලද්දි ලෝකයෙත් 2-3 අතර තැනක මම හිටියා.
Level 10 Local Guide - 206,500 Points
20.6 Million Photo Views
More than 4100 Reviews
9500 + Likes on reviews

මට මේ ගමනෙදි උදව් කරපු අයත් ඉන්නවා. උදව් කරනව වගේ කල අයත් ඉන්නවා. මම කියල මේක අහල තමනුත් ගුගල් මැප් එක අප්ඩේට් කරන අයත් ඉන්නවා. සේවයක් විදියට කරන දෙයක් නිසා මම සතුටින් කරනව.

Sunday, June 10, 2018


ඒ කාලෙ අපි දන්න සමහර අය නම් කෙල්ලො බලන්නත් පන්සල් ගියා තමයි. ඒත් දැන් කාලෙ එක්ක වයස එක්ක ගොඩක් දේවල් තේරෙන නිසා පන්සල් යනව..
දැන් මාස 3ක් විතර හැමදාම වගේ පන්සල් ගියා. දවසක් 2ක් මග ඇරුන. සමහර දවසට පන්සල් 2-3ක යනව. අදත් පන්සල් 2කට ගියා. කැළණි රජමහා විහාරයත් එක්කම.


කොහොම හරි සංසාරේ ඕන තරම් පන්සල් ගිහින් ඇති. ඒත් තව ඕනතරම් ගියත් ඒක හොඳ දෙයක් කියල දැනෙනවා. පන්සලේ බෝධින්වහන්සේ දිහා බලන්න. අපේ අම්මල අවුරුදු දහස්  ගානක් තමන්ගෙ දුක - වේදනාව කියල ඇති. බෝධිසත්වයන්වහන්සේ සියලු දේ අත්හැරිය තැන බව ඇත්ත. නමුත් අපේ බොහෝමයක් අය ගොඩක් දේවල් ඉල්ලන බවත් ඇත්ත. ඒව වැරදි කියල කියන්න බැහැ. ඒව ජාන වලින් එන දේවල්.
අතහැරීමත්, ඒ එක්කම නිවනට තියෙන සම්බන්ධයත් තේරුම් ගත්ත දවසක, බෝධිය ගාවට ගිහින් දේවල් ඉල්ලන එකක් නෑ.

මම වෙනදට වඩා දැන් කරන දේවල් තමයි,
- පෙරහන්කඩ ගැට ගැසීම ( එයා ජිවත්ව ඉන්න කාලෙ මට මහල දුන්නු ඒව තාම තියෙනවා ඒව ගැට ගහනව.
- බෝ මළුව ඇමදීම, රටා ඇදීම
- හඳුන්කූරූ වල ඉතිරිය ඉවත් කිරීම (මේකත් එයාගෙන් දැනගත්තෙ)
- මලසුන් පිරිසිදු කිරීම
- බෝධින්වහන්සේ නෑවීම ( වැස්ස දවසට කරන්නෙ නෑ)
- පහන් දැල්විම, හඳුන්කූරු දැල්වීම
- සියලු කුණු ඉවත් කිරීම.
- සක්මන් කරමින් සිතීම සහ බුද්ධානුස්සති - ධම්මානුස්සති භාවනාව ( සංඝානුස්සතිය තවම වඩන්න බැරි උනා)

මේව කරන අතර, මමයි එයයි දවසක් කතා වෙච්ච දෙයක් තමයි කිත්සිරිමෙවන් කැළණියෙදි අපි පහන් දල්වලා ආවාම අතේ දැලි තිබ්බ. සබන් තිබුනු නිසා අත් හොදට හෝදගන්න පුලුවන් උනා. එනිසා දැන් යන පන්සල් වලට සබන්, හෑන්ඩ් වොෂ් එහෙමත් තියනව.

- පන්සලේ ඉන්න බල්ලන්ට - පූසන්ට කිරි පැකට් එකක් අරගෙන දෙනව පොල්කට්ටකට - ඒක හිත සැනසෙන වැඩක්.
පහුගිය දවසක කෝට්ටෙ රජමහා විහාරයෙදි අලියෙක්ටත් කන්න දුන්නා. එයා තනියම හිටියෙ. ටික්ක චකිතයක් තිබ්බත් කෑම දුන්නාම එයා කෑව. තනියම හිටි නිසා පාළුවක් තියෙන්නැති.

පින කියද්දි, අසරණ සතෙක්ට කන්න දුන්නත්, මනුස්සයෙක්ට දුන්නත්, ස්වාමින්වහන්සේ කෙනෙක්ට දුන්නත් පින් ලැබෙනවා. අපේ සිතිවිලි සහ අදාල කෙනා අනුව තරම අඩු වැඩි වෙන්න පුලුවනි. ඒක වැඩිය හිතන්න හොඳ නෑ. පින - කුසලය තමයි සසර උවමනාම දේ යනකොට. හැබැයි ඒක අවබෝධයෙන් කරන්න ඕන සීලය රැකගෙන. එතකොට තමයි පිනේ වටිනාකම තියෙන්නෙ.

හ්ම්...


#පින #පන්සල #ලංකාව #ලෝකය #අපි


Saturday, June 9, 2018

“ විභීෂණ දෙවියන් “



විභීෂණ දෙවියන් කොළඹ දිසාවටම අධිපති වෙනව. විභීෂණ දෙවියන් ගැන ලංකාවෙ අපිට සමහරවිට ටිකක් හිත රිදුනු මතකයක් තියෙනවා, ඒ තමයි රාම - රාවණ යුද්ධෙදි, රාමගේ පැත්ත ගැනීම.
හැබැයි විභීෂණ දෙවියෝ එහෙම කලේ යුද්ධයට තියෙන අකමැත්ත නිසයි. ඇත්තටම යුද්ධයක් කියන්නෙ රටවල් 2කම ජනතාව අනතුරේ, කරදරේ - දුකේ හෙලන දෙයක්. එනිසා විභීෂණ දෙවියන් කල දේ ගැන ඒ විදියටත් හිතන්න අපිට පුලුවනි.

- කොහොම හරි කෙනෙක් දෙවි කෙනෙක් වෙන්නෙ කුසල ශක්තිය අනුව. ඒනිසා විභීෂණ දෙවියන් වන්දනා කටයුතුයි, ගරුත්වය ලැබෙන්නට සුදුසුයි. ඒ බව මම අත්දැකීමෙන්ම දන්නවා. ඒවගේම මහා රාවණත් පහුගිය කාලේ දේවත්වයට පත් වෙලා හිටියා. එනිසා වෙනම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ. කොළඹ දිශාවටම අධිපති වෙන නිසා විභීෂණ දෙවියන් අපිට හරි සම්බන්ධයි.

* කැළණි රජමහා විහාරයට යනවා නම්, මුලින්ම චෛත්‍යයට, බෝධියට, බුදු ගෙට ගිහින් වන්දනාමාන කරන්න ඕන. ඊටපස්සෙ විභීෂණ දේවාලයටත් යන එක තමයි නියම විදිය.මොකද දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා දහමට ගරු කරන අයට කොහොමත්.

ඊලගට බුද්ධත්වයට පත් වෙන මෙත් බෝසත් මහ දෙවියන් වගේම බොහෝමයක් දෙවිවරු බුද්ධත්වය පතනවා. ඒවගේමයි දෙවිවරුම තමයි බෝධිසත්වයන්ට, “නිදුකාණෙනි වඩින්න“ කියල කියන්නෙ. එතකොට තමයි පස්මහ බැලුම් බලල ලෝකෙට වඩින්නෙ..
ඉතින් තේරුම් ගත යුතු දේ තමයි, ලෝකය - දහම රකින්න දෙවිවරු විශාල කාර්යයක් කරනවා. ලංකාව විශේෂයෙන් දෙවිවරු රකිනවා, සර්වඥ ධාතුන්වහන්සේලා ඉදල බොහෝම වටිනා දේ තියෙන නිසා.
කෙනෙක්ට හිතේවි ඇයි එහෙම නම් මේ දේශපාලකයෝ, තව අය රට හොඳ තැනක නොතියන්නෙ කියල. ඒක ඒ ඒ කෙනාගෙ කර්ම ශක්තිය මත කෙරෙන දෙයක්. අද රටට වින කරන බොහෝමයකගේ පෙර හොද කර්ම ශක්තියක් තියෙනවා. පින තියෙනවා. පින ඉවර උනාම එච්චරයි. ඉදිරියට බොහෝමයක් අයට එහෙම වෙන්න තියෙනව.

දේවත්වය කියන්නෙ සුගතිගාමි තැනක් කියල බුදුන්වහන්සේම දේශනා කරල තියෙනව. එතකොට දෙවිවරුන්ගෙ අපිට වඩා කර්ම ශක්තිය වගේම මනසත් දියුණුයි. දෙවිවරු කැපවීමෙන් වැඩ කරනවා නිවන්ගාමි වෙන්න.
අපි වැඩිහිටියෙක්ට වැන්දත් අපිට ඒක හොඳ දෙයක්නෙ. එනිසා දෙවි කෙනෙක්ට ගරු කිරීමේ කිසිම වරදක් නෑ.
තමන්ගෙ ජිවිතයේ දියුණුව අත්කරගන්න ගමන්, කර්ම ශක්තියත් යහපත් කරගෙන නිවන් පිණිස කටයුතු කිරීමයි කල යුතු දේ හ්ම්...


#යථාර්ථවාදිජනතාවාදියා #දෙවිවරු #ලංකාව #විභීෂණ දෙවියන් #Vibheeshana #Deviyan #lka #srilanka #Kelaniya

Friday, June 8, 2018

GYM යමි..

ජිම් කිව්වාම මම මුලින් ජිම් යන්න කැමැත්තක් තිබුනේම නෑ. අවුරුදු කීපයක් මම ජිම් නොගිහින් තනියම කරගන්නව කියල හිතාගෙන ගෙදර තියෙන ඇබ් කින්ග් ප්‍රෝ එකයි, ඕබිට්‍රැක් එකයි ඒවගේ තව 1-2කුයි කරගෙන දවසකට කිලෝමීටර් 7-10ක් ඇවිදල හිටිය. කාලයක්ම කලා, ප්‍රතිඵලයක් නැත්තෙමත් නෑ ඉතින්. ඒ්ත් ඒකෙ පිලිවෙලක් තිබුනෙ නෑ. සමහර වෙලාවට දවස් ගණන් කරන්නෙ නැතිව ඉන්නවා. කෑම ගොඩක් කාලා හදිසියට ටිකක් මහත් වෙලා හිටිය කාලත් තිබ්බා. වෙන මොක නොවුනත් බඩ තරමක් එන අවදානමක් මට තිබුනා.

ඉතින් මම ඕක හිතමින් ඉද්දි තමයි ජිම් එකේ චමුත් ලක්ෂාන් කියන මල්ලි මුණගැහුනෙ. එයා දවසක් මාව ජිම් එකට එක්කගෙන ගිහිල්ලා ෆැට් එක එහෙම බැලුවා. මතක විදියට 27ක් විතර තිබුනෙ. එයා කිව්වා අවුලක් නෑ මේ ගාන තව මහන්සි වෙලා හදාගන්න පුලුවන් කියල. ඉතින් මාස 3කට විතර පස්සෙ මම ජිම් එකට ගියා. මුල් දවසේ වැඩි අමාරුවක් දැනුනෙ නෑ. ගෙදර ආවට පස්සෙයි ඇඟ රිදෙන්න ගත්තෙ. අත් 2 දිග අරින්න බැරි තරමට රිදුනා, ඒකට හේතුව හරියට ස්ට්‍රෙච් නොවීම, ඉතින් ටික දවසකින් ඒව හරි ගියා. කොහොම හරි මාස කීපයක් යනකොට මගේ බර තරමක් අඩු උනා වගේම, බඩත් අඩු උනා. ඇත්තටම මම ජිම් ගියේ බඩ එන අවුල නිසා. ඒත් ජිම් එකේ ෂෙඩුල් එකත් එක්ක මට කෑම  වේල් 5ක් ගන්න උනා. එතකොට බර අඩුවීම එතරම් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ඇඟ කලින්ට වඩා ශක්තිමත් වීම. ඇත්තටම මගේ අත් 2 මාංශ පේශි තරමක් හොඳට ඇවිල්ල තියෙනවා. වෙනදට වඩා බර උස්සන්න, මහන්සි වෙන්න පුලුවන්.


මම දවසක් ඇර දවසක් තමයි ජිම් යන්නෙ. ජිම් ගියාම ලැබෙනවා කරන්න ඕන ෂෙඩුල් එක. ඒක හරියට කරන්න ඕන. ට්‍රේනර් ගෙන් මේව හරියට අහගන්න ඕන. පර්සනල් ට්‍රේනිං ගන්න එකත් හොද දෙයක්. කොච්චර මහන්සි උනත්, ලැබෙන ඩයට් ප්ලැන් එක හරියටම කරන්න ඕන. මොකද ඇඟ හැදෙන්න 70%ක්ම බලපාන්නෙ ඩයට් ප්ලැන් එක අනුව කෑම ගත්තොත් තමයි.

මගෙ වෙලාවට මට හොද ට්‍රේනර්ස්ලා මුණගැහුනා. ඒවගේම මම නෙට් එකෙනුත් දේවල් හෙව්වා. අද ජිම් සමහර ඒවයෙ කෙනෙක් අලුතින් පටන් ගත්ත ගමන්ම කියන්නෙ සප්ලිමන්ට්, එනර්ජි ඩ්‍රින්ක් ගන්න කියලයි. ඒක ඒ තරම හොඳ නෑ. පුලුවන් තරම් ස්වභාවික ඒවයි ගන්න ඕන. ඒකියන්නෙ හරියට කෑම කාලා යන එක. ජිම් යන්න පැයකට විතර කලින් කෑම කාලා යන එක හොඳයි. ස්වභාවිකව හොදටම කරලා කාලෙකට පස්සෙ සමහරවිට සප්ලිමන්ට් ඕන වෙන දවසක් ඒවි. හැබැයි පටන් ගත්ත ගමන්ම සැර සප්ලිමන්ට් ජාති, එනර්ජි ඩ්‍රින්ක් පාවිච්චි කලොත් පස්සෙ කාලෙක ඒක සෞඛ්‍ය අවදානමකට වගේම තමන්ගෙ කරන වැඩ වලට බාධා වෙන තැනටත් එන්න යම් ඉඩක් තියෙනව.


ජිම් ගියාම කරන්න ඕන තව වැදගත් දෙයක් තමයි, ස්ට්‍රෙචිංස් හරියට කරන්න ඕන ( එක්සයිස් කරාට පස්සෙ ). ඒකත් හරි වැදගත්. ඒවගේම මාසෙකට විතර වතාවක් තමන්ගෙ ෆැට් එක බලන එකත් හොද දෙයක්. ජිම් එකේ ට්‍රේනර්ස්ලට වගේම අනිත් එන අයටත් ගරු කරලා හොද තත්වයක් අත්කර ගන්න පුලුවන් බව හිතනව.
මගෙ බර යනකොට වඩා අඩු වෙලා 62 හිටිය මම දැන් 58 වෙලා. බර අඩු වීම නම් ඇත්තටම උවමනාවක් තිබ්බෙ නෑ. ෆැට් එක 27 ඉදන් 21.5කට විතර අඩු වෙලා... ෆැට් එක 15 නම් බඩ ෆ්ලැට්. 12 = 6 පැක් !!!


Thursday, June 7, 2018

මැරුණු අැය, හදිසියේම කැළණියෙදි දැක්කාම මටත් හිතාගන්න අමාරු උනා. නමුත් ඇය මැරිලම තමයි. මට මතක රූපය නෙමෙයි තිබුනෙ. පුදුම විදියට වෙනස් වෙලා. ඒ අකුසල් විපාක හා ඒ හා සම්බන්ධ දේවල් නිසාම වෙන්නැති. මොනව කරන්නද ඇය මැරුණනේ. නැත්නම් මම ඇයව පරිස්සම් කරගන්නවා පුලුවන් උපරිමේට. ඇය ඊට කලින් මැරුණා. මැරුණාම ඉතින් තව කතා කරන්න දෙයක් නෑ මේ ජිවිතයෙදි.

ඇය වෙනුවෙන් සංසාරේ බොහෝම දරුණු වැඩ පවා කරපු මට, මේ භවයේ අකුසල් නිසාම ඇයව බේරගන්න බැරි වීමත් එක්තරා අතකට දෛවයේ සරදමක් වෙන්නැති. ඒ කාලෙ අකුසල් කරද්දි, ඒ අකුසල් කරල කරදර නොවෙන්න තරමකට හරි ඒ කාලෙ කුසල ශක්තිය හේතු වෙන්නැති. ඒ අකුසලය කරද්දි ඒකෙන් පීඩාවට පත්වෙච්ච අය හිතන්නැති, කවදමහරි මෙයාලට මේකෙ විපාක ලැබේවි නේද කියල. ඉතින් කර්මය එහෙමයි, විපාක ලැබෙන්නෙ බොහෝම සාධාරණව සහ දරුණුවට වෙන්න ඕන.

ජිවිතේ හැටි වෙන්නැති. නොහිතන විදියට - නොහිතන කාලෙක අකුසල් විපාක එකපාර ලැබෙන එක. හොඳට ඉන්න අය එකපාර හිතාගන්න බැරි විදියට මැරෙන්නෙ ඉතින්. ඒකත් සාමාන්‍ය දෙයක් වෙන්නැති.

එක එක්කෙනාගේ කර්ම විපාක විවිධාකාරයි. රූප ස්වභාවය පවා ලැබෙන්නෙ කර්ම විපාක අනුව කියනවනේ. ඉතින් අකුසල විපාක ලැබෙන කොට රූපය ඉදන් හැමදේම වෙනස් වෙන එක ස්වභාවය වෙන්නැති. ඇයට ඒ කාලෙ කරපු පින්වත් මතක නෑ. කල යුතු දේවල් හිටං - දවස් ගණන් පවා හරියකට මතකයේ නැත. ඇය පව් කියල මට හිතෙනව. එහෙම හිතුවාම මාත් පව්. සංසාරෙ කොහේ හරි කාලෙක කරපු අකුසල් නිසා අපි පින් - පව් 2 අතරට ඇවිල්ල. පිනට වඩා පවට අකුසල විපාකයට ... හ්ම්..

හදිසියේ පැතිර යන ලෙඩ වලින් රැකෙන්නට...

මේ දිනවල වෛරස කීපයක් ලංකාව පුරාම පවතින බව ඔබත් අහන්න ඇති. ගාල්ල ප්‍රදේශයේ දරුවන් 10 දෙනෙකුට වැඩි පිරිසක් වෛරස රෝගයක් නිසා අපිට අහිමි උනා. ඒනිසා ඒ පැති වල බෙහෝම අස්ථාවරකම් වගේම අමුතුම බියක් ඇති උනා. ලෙඩ නිතර තියෙන කොළඹට ආසන්නවත්, ටයිෆොයිඩ් වගේ විවිධාකාර ලෙඩ රෝග ඇති වෙනව. පහුගිය දිනවල ඇද හැලුනු වැස්ස එක්ක  ලෙඩ රෝග ඇති වෙන එක සාමාන්‍ය ලෙස වෙන්න පුලුවන් දෙයක්. විශේෂයෙන් උණ රෝග තත්වයක් එක්ක බඩේ අමාරුකම් මේ දිනවල ඇති වෙමින් තියෙනවා. 

ඉතින් මේ තත්වයෙන් ගැලවෙන්නෙ කොහොමද ?

මූලිකව අපිට ලෙඩ රෝග ඇති වෙන්නෙ අපේ ප්‍රතිශක්තීකරණයේ දුර්වලතාවයක් ඇති වීම හේතුවෙන්. එනිසා අපි පිරිසිදුව ඉන්න එක අනිවාර්ය කරන්න ඕන. ඒකියන්නෙ කෑම ගැනීමේදී අත සේදීම ඉදලා මේ දිනවල වෙනදටත් වඩා හොඳින් කල යුතුයි. ඩෙටෝල් වගේ සනීපාරක්ෂක සබන් වර්ගයක් භාවිත කරනව නම් වඩා හොඳයි මේ දිනවල. 
තව දෙයක් මේ දවස් වල පිටින් කෑම කන එක අඩු කරන්න. පිටින් කෑම කෑවාම ලොකු අවදානමක් තියනෙවා ලෙඩ රෝග වලට. 
ඒවගේම තමන්ගෙ ගෙදරින්ම උණු කරලා නිවපු වතුර ගෙනිහින් පාවිච්චි කරන්න. ටැප් වල වතුර පානය කරන එක ලෙඩකට අත වැනීමක් වෙන්න පුලුවනි. ගොඩක් ආයතන වල අද ෆිල්ටර් තියෙන නිසා තරමක් ආරක්ෂිතයි තමයි, නමුත් වඩා හොදයි ඔබ ඔබේ නිවසින් ගෙනියන උණු කර නිවපු වතුර මේ දින වල භාවිත කරනව නම්.
මේ දිනවල හදිසියේ වැසි ඇද හැලෙනවා. ඒ වැසි වලින් ආරක්ෂා වීම වගේම, පාරෙ යනකොට ගලන වතුර පාරවල් වලිනුත් හැකි තරම් ආරක්ෂා වෙන්න. ඔය කියන වතුර පාරවල් එන්නෙ මොන කුණු තියෙන තැනකින්ද ඒකියන්නෙ කොයිතරම විෂබීජ එක්කද කියල අපිට හරියටම තේරුමක් නැති නිසා එහෙම කරන්න. යම් විදියකින් එහෙම වතුර පාරට ඔබත් තරමක් හෝ තෙමුනොත් ගෙදර ඇවිත් ඩෙටෝල් දාලා හොඳින් කකුල් හෝදන්න. ඒවගේම ඇගිලි කරු කහන්න එහෙම පටන් ගත්තොත් හැකි ඉක්මණින් දොස්තර කෙනෙක්ට පෙන්වලා ඒකට අදාලව ප්‍රතිශක්තිකරණය සහිත බෙහෙත් ගන්න. 
මේ වගේ දින වල සෙනග ගැවසෙන තැන් වලට යන එක හැකි නම් අඩු කරන්න. ඒවගේම හදිසියෙ යන්න උනොත් ඒ වගේ තැන් වල ගිහින් ආවට පස්සෙ හොදින්ම පිරිසිදු වෙන්න අමතක කරන්න එපා.

මේ කියල තියෙන්නෙ සරලවම ඔබට කරන්න පුලුවන් කාරණා කීපයක් ගැන විතරයි. ඒ කාරණා ගැන උනන්දුවෙන් ඉදලා කටයුතු කරලා ඔබ නිරෝගීව ඉන්න කටයුතු කරන්න. 

Wednesday, June 6, 2018

ආත්ම භව 3කට පෙර අකුසලය..

ඇය හින්දා තියෙන චිත්ත පීඩනය තරමකට අඩු උනත්, භාවනාවෙන් හිත හදා ගැනීම තුලින් සම්පූර්ණ සුව වී නැත. විශේෂයෙන්ම ඇය හින්දා ආත්ම භව 3කට පෙර 8 දෙනෙක්ගෙන් යුතු පිරිසකට කරන ලද අකුසලයට දැඩිව පීඩා මෙන්ම විපාක විඳින්නටත්, ඒ හිර වුනු අයව හොඳ තැනකට යවන්න මෙන්ම ඒ වෙනුවෙන් සෑහෙන කැපවීම් කරන්නත් සිද්ධ උනා. මතු සංසාරෙවත් ඇයව මුණ නොගැහුනත්, ඇය දැන් හිටියත් මම සංසාරගත කතා කියනවට කැමති නෑ. ඒකට හේතුව ඇයට ඒව විශ්වාස නැතිකමට වඩා මම කැපකිරීම් කලා හෝ කරනව කියන කාරණය විශ්වාස කරන්න තිබ්බ අකමැත්ත.

ඇය අකමැති උනත් නැතත්, ඒක තමයි ඇත්ත. මේක කියන්න ඇය නැතත්, මම මේක කොහේ හරි ලියල තියන්න ඕන නිසා මම ලියනව. ඒවගේම ඒ අවිශ්වාස කිරීම සහ ඒ සම්බන්ධව ඇති කරගත්ත ආකල්පයන් එක්ක ඇය පුරව ගත්ත අකුසලයන්ට ඇයට දැඩිව විපාක විඳින්න වේවි දැන් සහ ඉදිරියේදී සෑහෙන්න. මොනව කරන්නද අකුසල විපාක බොහෝම පීඩාකාරි. ඇයගෙ හිතේ තිබ්බෙ හැබැයි ඇය විඳින්නෙ අකුසල තාම කුසල ආවෙ නෑ කියලයි. නමුත් ඇත්තම කාරණය අකුසල විපාක වල හරි දෙයක් තාම ඇයට විඳින්න වෙලා නෑ ඒ හැටියට. ඒක වෙන්න ගත්තාම තමයි තේරෙන්නෙ.

සැප විඳින ඇල්ශේෂන් බල්ලෙක්ගෙ කර්ම ප්‍රවෘත්තිය මනසින් දැකල විස්තර දැනගත්තා එක්තරා මනස දියුණු මහත්තයෙක්ගෙන්. තිරිසන් ආත්මගත උනත් කලින් ආත්ම වල බොහොම දන් දීලා පින්කම් කරපු කෙනෙක් බව හොයාගෙන තියෙනවා. මේ ජිවිතේත් බොහොම තේජවන්තව ඉන්නවා. කෑම බීම හොදින් ලැබෙනවා. වෙනම කාමරයක් තියෙනවා. හැමදේටම වාසනාව තියෙනවා තිරිසන් වීම ඇරුනාම. ලෙඩකදී හොදම දොස්තරල ඉන්නවා. සමහර මිනිසුන්ට නැති සැපයක් විඳිනවා, හැබැයි තිරිසන් ආත්මයෙ. ඕක තමයි කතාව. සීලය රැකගන්න බැරි වීම තුලයි ඒ තත්වයට ඇවිල්ල තියෙන්නෙ. කර්ම විපාක සරල නෑ. අපි පින් කරාට මදි. අපේ කර්ම ප්‍රවෘත්තිය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. මේ ජිවිතේ කොච්චර හොද උනත් පෙර කරපු අකුසල තිබුන නම්, ඒවට අදාලව විපාක විදින්න වගේම පින්කම් කරලා සමනය කරගන්නත් දක්ෂ වෙන්න උවමනයි ඉතින්... 

Tuesday, June 5, 2018

මැරුණු උන් සොම්බි වෙලා එනවද ?

වෙලාවකට එහෙමත් හිතෙනව. මැරුණු උන් කොහොමද සොම්බි වෙලා එන්නෙ කියල හිතුනත්. මැරිලා ඉවරයක් වෙලා එහෙම ඉන්නෙ නැතිව වෙන අයට වද දෙන්න එන සොම්බි උන්ට යන එන මං නැති වෙනව කියල දන්නෙ මං විතරද හැබෑටම ?

මැරුණු උන් සොම්බි බව මම දැනගත්තෙ මට තියෙන සෝෂල් මිඩියා දැනුමෙන් කියල කාටහරි කිව්වොත්.. හ්ම්.. ඔව් ඇත්තටම මට එහෙම පුලුවනි. කෙනෙක්ගෙ එකවුන්ට් එකේ  හිටියෙ නැතත් එයා කියන කරණ දේ ගැන මට හොයාගන්න පුලුවනි. විශේෂයෙන් එයාට කැමැත්තෙන් ඉන්න අය කවුද, එයා කැමති අය කවුද වගේ විස්තර හැමදේම වගේ මට හොයාගන්නත්, ඒ අනුව තේරුම් අරගෙන හරිම නිගමන වලටත් එන්න පුලුවන්. සමහරවිට සෑහෙන කාලයක් මේවයෙ හිටිය නිසා වෙන්නැති.

සොම්බි කියල නෑ ඉතින් සමහර උන්ගෙ තියෙන ආශාවන් වල අඩුවක් ඉවරයක් නැහැ නෙව. හැබැයි ඉතින් ඒ වගේ පහත් තත්ව වලට ගියාම ඒවයෙ ආශාවන් කෙසේ වෙතත් ඒවයෙ තියෙන වින්දනය අඩු වෙනව. ඒනිසා ඉතින් අපි ආශිර්වාදයක් කලත් වැඩක් නෑ. පවටම ගියපු පවේම ඇලී ගැලී ගිලී ඉන්න චරිත නිසා.
සොම්බි තැනින් එහාට විපාක තවම දැනුනෙ නෑ. තවම හරියට පටන්ගෙන නෑ. පටන් ගත්තාම තේරේවි. අපි සම්පූර්ණ අයින් වෙලා ඒ කරදර වලට සම්බන්ධ නොවෙන්න කියල ලැබුනු උපදෙස් හරියටම හරි. සංසාරෙ කවදමහරි දවසක සමහරවිට ... ඒකට ඉතින් කාලයක් කියන්න බැහැ.

සීලය නැතිව පිංකම් කරාම ඒක හරියට “ ලුණු නොදාපු හොද්දක් “ වගේ බව අපෙ වෙද මහත්තය දවසක් මට කිව්වා. සීලය නැතිව දාන දෙන අය මැරුණාම සීලය බිද ගැනීම නිසා තිරිසන් තත්වයට පත් වෙන්නත් ඉඩ තියෙනවා. කරපු දාන නිසා ලැබීම තියෙනවා. ඒත් තිරිසන්, ඒක තමයි හොද්දට උපමා කලේ. ඒක තේරෙන්න ගොඩක් අයට මොලයක් තියෙනවද මංදා. 

Monday, June 4, 2018

මැරුණු ඇයත්, එන්න හිටියත් දරුවත්...

                                     
මගෙ හොදම යාළුවෙක් 2ක් මේක කියවල අහනවා මනස්ගාත හිතාගෙන පිස්සු ලියනවද කියල. එයාලට මනස්ගාත වගේ ඇති. මට නම් මම දන්න අත්දැකීමෙන් සාක්ෂාත් කරගත්ත ඒවයි මම ලියන්නෙ.
මම අද භෞතිකවාදිව හිතන අපේ හාමුදුරු කෙනෙක් එක්ක කතා කරද්දි උන්වහන්සේ කියන්නෙත් මම හිතින් හිතාගෙන කියනව කියල. ඔළුවට දාගෙනලු. ඒපාර මම උන්වහන්සේගෙන් ඇහුවා,

“ හාමුදුරුවනේ, ඔබවහන්සේ මලක් හිතාගන්න මට කියන්න එපා“ කියල. ඒපාර උන්වහන්සේ “හරි“ කිව්වා. මම ඇහුවා “මොකක්ද මල“ කියල. “ අරලිය “ කියල උත්තර ලැබුනා.
මම ඇහුවා, ඔබවහන්සේ කොහොමද මට ඔප්පු කරන්නෙ හිතුවෙ අරලිය මල ගැන කියල ? උන්වහන්සේ කිව්වා මට බැහැ කියල. හැබැයි මට ප්‍රත්‍යක්ෂයි මම හිතුවෙ අරලිය ගැන කියල. මම කිව්වා හාමුදුරුවනේ මටත් එහෙම තමයි. මම කියන දේ මම දැනගෙන ප්‍රත්‍යක්ෂව කියන කාරණා. හැබැයි ඔප්පු කරන්න මට තේරෙන්නෙ නැ කියල. කොහොමත් අපි පුරුදු වෙලා තියෙන්නෙ ස්වාමින්වහන්සේලාට ගරු කරන්න. ඒනිසා උන්වහන්සේ කියන කාරණා මම පිලිගත්ත. එහෙමත් වෙන්න පුලුවන් කියල.

මැරුණු අැය ගැන එක එක ෆ්ලෑෂ් බැක් ( පරණ මතක) මතක් වෙනව තවමත්. ඒ අතර මටත්, ඇයටත් දවසක ලැබෙන්න හිටිය දරුවෙක් හිටියා. ඒක වෙනම කතාවක් ඉතින්. කොහොම හරි ඒ විඥානය දැන් එන්නෙ නෑ. එන්න හිටියෙත් අද ඊයෙක නෙමෙයි. අවුරුදු 2කටත් පස්සෙ. ඇයට නම් ඒ ගැන වෙන තව අදහස් තිබුනා. කාරි නෑ, හැබැයි ඒ විඥානයෙ කර්ම ශක්තිය තිබ්බෙ අපිට අදාලව විතරයි. දැන් දරුව එන එකක් නෑ.
මේක කියද්දි මට මතක් වෙනව මම පහුගිය දවස් වල ඇහුවා, මහරහතුන් වැඩි මග ඔස්සේ කතා කරන ස්වාමින්වහන්සේගේ කතාවන්. ඒවයේ තියෙනවා ජයසිරි මහ බෝධින්වහන්සේ සමීපයට ගිහිල්ලා පින් කටයුතු වල නිරත වෙලා බෝධිසත්ව ආත්ම වලට තමන්ගෙ දරුවෙක් වෙන්න ඉල්ලන්න කියල. ඊට ආසන්න කතාවක්, අත්තනායක එම් හේරත් සර් අමාදහරෙදි පහුගිය පෝයට කිව්වා. විදේශගත අපේ අය කොටසක් ඇවිල්ලා ඊට අදාලව දෙයක් කරන බව.

එනිසා මම මේ ගැන ටිකක් ගැඹුරින් හෙව්වා. ඇත්ත, බෝධිසත්වයන් වන ආත්ම භව බොහෝමයක් තියෙනවා. ගිහිල්ලා ඉල්ලිම් කරන එක වරදක් නෑ. හැබැයි එහෙම දරුවෙක් පිළිසිඳ ගන්න නම් ඒකට අදාල කර්ම ශක්තියක්, ඒකියන්නෙ හොඳ පිනක් තියෙන්න ඕන. නැත්නම් බැහැ. ගෞතම බෝධිසත්වයෝ පස් මහ බැලුම් බැලුව මනුෂ්‍ය ලෝකයට එන්න. ඒවගේම පින් ඇති අර බෝධිසත්වයන් වහන්සේලාත් ඒ ඒ කර්ම ශක්තින් හොයල බලලයි එන්නෙ. ඒක තරමක් අපහසු කාරණයක්.

ඒක හිතද්දියි මම හොයාගන්නෙ අපිට එන්න තිබ්බ විඥානය එහෙම ඉල්ලීම් කරන්න අවශ්‍යතාවයක් තිබුනු දෙයක් නොවෙන බව. ඇත්තටම ඒ අපේ කර්ම ශක්තියට අදාලව එන්න හිටිය දරුව. එනිසා තියෙන අකුසල ශක්තින් තරමක් අඩු උනා නම් දරුවට අදාල කාලයෙදි එන්න තිබුනා. ඒක ඉතින් දැන් වෙන්නෙ නෑ.

වෙලාවකට හරි අසාධාරණයි කියල වේදනාවක් ආවත්... ඒක කර්ම ශක්තින් අනුව වෙන දෙයක් බව තේරුම් කරගෙන ඉන්නව.. හ්ම්...

අධික ආත්මාර්ථයක් තියෙන රටක මිනිසුන් පාලනය හරි පහසුය !

අපේ රටේ අවුලක් නැත - මේ පොලවේ අවුලක්ද නැත.
අවුල ඇත්තේ මිනිසුන්ගේය...

දිනපතා දේශපාලකයන්ට බැණ බැණ, ඒ වගේ අයම පත් කරන ගමන් අධික ආත්මාර්ථයකින් තමන් දියුණු වීමට උත්සහ දරන, ඒ නිසාම නියම දියුණුව කිසිදාක නොලබන අතිබහුතර අහිංසක නැති අසරණ සිරි ලාංකික ජනතාවක් වෙති..
පාරේ යනකොට සමහර වෙලාවට උදේ 10ටත් ලයිට් එක ඕෆ් නෑ. ලයිට් එක අයිති රටට. ඉතින් තියනවා, සමහර අය කියනවා ඔතනට යන්න අමාරුයි එනිසා ඕෆ් කරන්න එපා කියල. තව සමහරු කළුවර වැටෙන්න පැය 2කටත් කලින් හොදට එළිය තියෙද්දි ලයිට් එක දානව. සල්ලි වියදම් වෙන්නෙ රටෙන්නෙ.. අපතේ යන්නෙ ජාතික ධනය... ඒව ගානක් නෑ. ඒව කිව්වම ඒකට උත්තර ගොඩයි.
දේශපාලකයෝ ලොකු ගණන් හොරකම් කරනවලු. මං ඉතින් කිව්වා ලොකු පොඩි භේදයක් නෑ ජාතික ධනය නාස්ති කරද්දි කියල..

එහෙම මිනිස්සු ඉන්න රටක් වෙලා.. වෙන රටවලට ගිහින් හොඳින් ඉන්නව හැබැයි. මෙහේ විතරක් නෑ. එතකොට සමහර පණ්ඩිතයෝ කියනවා මේක මේ පොලවේ අවුලක් කියල. මේ පොලවේ ඇති අවුලක් නෑ. මේක සියලු බුදුවරු වඩින, ශාසනය පිහිටුවන රට. සර්වඥ ධාතුන්වහන්සේලා ඉදන් වටිනාකම් තියෙන නිසා දෙවිවරු රකින රට...

ඉතිහාසයේ ඉදන් කුලල් කා ගැනීම් බොහෝමයි. සිංහ ලේ කියනවා හැබැයි ඒ කියන අතිබහුතරය හොරකම් - මැරකම් කරලා ලංකාවට පන්නපු විජය ඇතුළු අයගෙන් පැවත එන අය බව දන්නව නම්.....

- විජයගෙන් පටන් ගත්තාම නිතරම කුලල් කා ගැනීම් රජ පවුල් වලත් තිබ්බා.
- පණ්ඩුකාභය තමන්ගෙ මාමාවරු මැරුව.

- ගෝඨාභය සහෝදරවරු මරන්නම වැඩ කලා
(සංඝතිස්ස - සංඝබෝධි - ගෝඨාභය, විජයිදු කියන රජතුමාට සේවය කරන්න එනවා සහෝදරයෝ 3ක්. ඒ අතර අන්ධ බමුණෙක් අඩි ශබ්ද අනුව කියනවා, 3ම රජ වෙනව කියල. ගෝඨාභය බාලම කෙනා, වැඩි තණ්හාවක් තිබ්බ. එයා දැනගන්නවා අවසාන කෙනා වැඩි කාලයක් රජ වෙන බව. විජයිදු රජට සේවය කරන ගමන් සෙනෙවිරත් වෙච්ච සංඝතිස්සත් සම්බන්ධ වෙලා රජ මරලා, සංඝතිස්ස රජ කරවනව. සංඝබෝධිව සෙනෙවිරත් කරනවා. ගෝඨාභය භාණ්ඩාගාරික වෙනව.
සංඝතිස්ස ජම්බු කන්න හරිම ආස කෙනෙක්. ඒක මිනිසුන්ටත් වදයක් වෙලා තිබ්බ දෙයක්. වලාහක වැව හදද්දි අඹ වලට වස දාලා බිසව හරහා ලැබිලා කාලා මැරුණා. ඒ දේවියව පාවා ගත්තා සංඝබෝධි/ සිරි සඟ බෝ රජ උනා. ගෝඨාභයත් බිසවත් සිරිසගබෝට විරුද්ධ වෙච්ච නිසාත් කැරලි ඇති කරන්න හදපු නිසත්, යුද්ධ ඇති වෙලා ජනතාව කරදර වෙනවට අකමැති සිරිසගබෝ රජකම අතෑරලා පලා යනව. ගිහින් ඉන්නෙ හස්තිකුච්ජි විහාරයෙදි මගියෙක්ගෙන් කෑම කාලා හිස දන් දෙන්නෙ (අත්තනගල්ල) නෙමෙයි)

- මුගලන් - කාශ්‍යප
දප්පුල සෙනෙවියා මාමට විරුද්ධව කාශ්‍යපට සහය දුන්නේය. පසුව ධාතුසේන රජුද මරණයට පත් කල අතර, අවසානයේ සියල්ල පරාජය කර මුගලන් රාජ්‍ය ගත්තේය.

- මහා පරාක්‍රමබාහු රජ වෙන්න හිටිය කුමාරවරු 100 ගානක් මරනව. අන්තිමට එයාගෙන් පස්සෙ රටම අනතුරේ..

- කෝට්ටේ යුගයට එද්දි කුලල් කා ගැනීම උපරිමයි.

- වෙනසක් උනේ දුටුගැමුණු රජතුමාගේ කාලේ, ඒකත් මහා සංඝරත්නය නිසා..

ඉතින් අදයි හෙටයි කියල වෙනසක් නෑ. ලංකාවෙ මිනිස්සු හැමදාම පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්නවා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒනිසා මේ වගේ රටට වැඩි ආදරයක් නැති දේශපාලකයෝ තව කාලයක් ඉදිවි.
තමන්ගෙ රටට ආදරෙ නැතිව, තමන් විතරක් දියුණු වෙන්න හිතන, අධික ආත්මාර්ථයෙන් පිරුනු රටක දේශපාලකයෙක් වෙලා සැප විඳින එක, මිනිස්සු අමතක කරන එක අමාරු දෙයක් නෙමෙයි....

#යථාර්ථවාදිජනතාවාදියා #junetsh2018

Sunday, June 3, 2018

සහකම්පනය - Empathy

සහකම්පනය කියන්නෙ තව කෙනෙක්ගෙ දුකකදී කරදරයකදී ඒකට සංවේදී වෙන එක. ඒක අද ගොඩක් අයට ඇත්තේම නැති දෙයක්. පේජ් එකේ මගෙ මැරුණු ඇය ගැන දැකලා සංවේදී හදවතක් තියෙන කෙනෙක්ට සහකම්පනය දැනිල තිබ්බා.
මාව දන්නම කීපදෙනෙක් කතාව දන්නව ඇරුනාම මේ ඔහේ ලියාගෙන යන කාරණා වෙන අයට තේරෙනවද කියලවත් මම හිතුවෙම නෑ. එකම දේ පේජ් එකේ දැම්ම නිසා වෙන්නැති කවදාවත් නැති තරම මගෙ කතාව කියවල තිබුනා.

මම ගොඩක් අවස්ථා වල සහකම්පනය කරල තියෙනව. සැලකිය යුතු පිරිසකගේ ප්‍රේමයන් බිද වැටීම්, පවුල් ජිවිතයේ දේවල් සහ ජිවිතයේ විවිධාකාර කරදර වලදි මම එයාලට උදව් කරල තියෙනවා. සහයෝගය දීලා තියෙනවා. ඒ කරදරයන් වලදි එයාල එක්ක ඉදල තියෙනව. හැබැයි එක මොහොතකටවත් ඒ කිසිකෙනෙක්ව මගේ කරදරයකදි මම උදව් ගන්න හදල නෑ. ඒ කිසි කෙනෙක් දන්නෙත් නෑ.

ඇය මැරුණාම, මට හිත හදන්න කීපදෙනෙක් හිටියා. ඒ අතර හොදම යාළුවො කීපෙකුත්, බෝධිසත්ව ගුණෝපේත මහත්තයෙකුත්, උපදේශනය කරන මගෙම සහෝදරියක් වගේ අක්ක කෙනෙකුත් තමයි මූලික වෙන්නෙ. ඒ අය එක එක විදියට මගෙ හිත හැදුවා. ඒත් මම ඇයව අල්ලගෙන වැඩි නිසා මට බැරි උනා ලේසියට මිදෙන්න. නමුත් කාලය එක්ක තේරුම් අරගෙන මම හෙමිට යනව.

ජිවිතේ ගැන හිතද්දි, මෙගන් - හැරී කුමාරය කසාද බැඳපු එක විශේෂයි ලෝකෙටම. ඊයෙ  - පෙරේදා මේකප් ආර්ටිස්ට් කෙනෙක් කරපු ලොකු සාදය ලංකාවෙමත් කතා උනා. එයාලට හොද නම් කොච්චර හොදද. ඒවයේ අනිත් පැති ගැන හිතල ඒව ගැන හිත නරක් කරගන්න එක අපිට වටින්නෙ නෑ. දහම අනුව බැලුවොත් සදාචාරවත් නොවීම අකුසලයක් වෙනව. ඒක බුද්ධ දේශනාවෙම තියෙනව. අපි කල යුත්තේ අපේ ගමන හදා ගන්න එකයි වෙන දේවල් නොහිතා.

සමහර අය ඉන්නවා බොහෝම දියුණු වෙච්ච මට වඩා. එහෙම අය සෑහෙන්න ඉන්නවා. මගෙ සිතිවිලි, මගෙ චින්තනය සමහර අයට දිරවන්නෙ නෑ. එක අයිය කෙනෙක් ඇය මැරුණාම මම, භාවනා කරනව කියල දැනගෙන මට කිව්වා, “ පිස්සු නැතිව හොදට බීලා අමතක කරන්න කියල“ . නමුත් ඇත්තටම බිව්වාම අමතක වෙනව කියන්නෙ තාවකාලික දෙයක් විතරයි. ඒකෙන් ඊට වඩා කරදර වෙනව. ප්‍රශ්න නිසා බොන්න පුරුදු වෙන මිනිස්සු තියෙන ඒවට වඩා තව අවුල් දාගෙන ජිවත් වෙන බව මම අත්දැකීමෙන් දන්නවා. මාස 2කට කලින් අපෙ ලොකු තාත්ත නැති උනා. ලොකු තාත්තට තිබ්බ ප්‍රශ්නයක් නෑ සාපේක්ෂව. දරුවො 2 හොදට ඉගෙන  ගෙන. ලොකු දරුව හොද කෙනෙක් මැරි කරලා මුණුපුරොත් 2ක් හිටිය. ඒත් සමහරු චොක්ලට් වලට ආස වගේ බිව්ව. අන්තිමට ලෙඩ වෙන්න මූලික හේතුවක් උනා ඒක.

ඉතින් ඔය දියුණු වෙච්ච, මට අභියෝග කරපු අය යන්නෙ කොහෙටද, කරගන්නෙ මොනවද කියලත් මට හොදට තේරෙනවා. එයාල මේ ලෝකෙ පේන දැනෙන විදියට දියුණුයි. හැබැයි ඊලගට යන්න හදාගෙන තියෙන ගමන, එයාලට බොහෝම කාලයක් දුක් විදින්න වෙනව. යම් කාලෙක එයාලට මනස දියුණු කරගත්ත කෙනෙක් ආත්ම භව 1000කටත් එහාදී මුණගැහුනම මෙන්න මෙහෙම කෙනෙක්ට මෙන්න මේ කාලෙ මෙහෙම කිව්වා ඒකත් අකුසලයක් විදියට ඵල දුන්නා කියල කියාවි. එදාට තේරේවි... තේරෙයි කල් යයි කියල කිව්වට ඒ කාලෙ බොහෝම දුර වැඩියි. ඒවගේම කාලයත් කියන්න බැරි තරම් වැඩියි. ඒත් කර්ම ඵල විපාක එහෙම තමයි..

Saturday, June 2, 2018

ඊයෙ හදිසියෙ කැළණි ගියා...


පහුගිය කාල වල පිස්සුවෙන් වගේ කැළණි ගියාට ඊයෙ සූදානම් වෙලා ගියේ. වැස්සට කුඩ අරන්, ඇවිදින්නෙ නැතිව වගේ වෙනස් සහ තරමක සංවිධානත්මක බවක් තිබ්බා. මේක ලියන්න හිතාගෙන ඉද්දි අහම්බෙන් වගේ ඇගේ පින්තූරයක් දැක්ක නිසා මුල ඉදලම හිත රිදෙන්න ගත්ත. රිදෙනවට වැඩිය ඒක දෙදෙරා යාමක් වගේ. නමුත් කාලය එක්ක පරිණත වීම් එක්කම ටිකක් අමාරුවෙන් උනත් තරමක් හිත හදාගත්ත. ඇත්තත්, සංසාරගත ගමනත් මේ ජිවිතයේ ඉතිරි ගමනත් ගැන මට තියෙන අදහස තේරුම අනුව... හ්ම් හිත හදා ගතෑකි.

හදිසියේ කැළණි ගියාම මට මතක්  වෙච්ච දෙයක් තමයි පහුගිය කාලෙ හොයාගත්ත කාරණාවක්. ඒක තමයි කැළණියට යටින් නාග ලෝකෙ තියෙනව කියල කාරණය. නමුත් හරියටම නම් කැළණියට යටින් කියන කාරණය නෙමෙයි හරි. නාග ලෝකය කියන්නෙ අපිට වඩා ගොඩක් කුසල ශක්තිය වැඩි ලෝකයක්. දන්ත ධාතුන්වහන්සේ කෙනෙකුත් වැඩ ඉන්නවා.
නාග ලෝකයෙන් අපේ ලෝකෙට පිවිසුම් දොරටු 2ක් තියෙනවා. 1ක් තියෙන්නෙ කැළණි රජමහා විහාරය ආසන්නයෙ. අනික තියෙන්නෙ ථූපාරාමයෙ ( එතනින් තමයි දුටුගැමුණු රජතුමාට දෂ්ඨ කරන්න නාග ලෝකෙ එවකට නාග රජතුමයි, දේවියයි, පොඩි දුව (කුමාරිකාවයි ) ඇවිත් තිබුනෙ ).

කොහොම හරි ඉතින් ඇය එක්ක ඉන්න කාලෙ නොතිබුනු තමන්ගෙ කමක් දැන් කැළණිය එක්ක දැනෙනවා. ඊයෙත් මම ඇයත් එකක් හිටිය තැන් වගේම ඇය ඉන්න බව මම දන්න තැන් වලට ගියා. නමුත් ඇය නැහැ හිටියෙ. ඇය ඉන්න විදියකුත් නෑ. අදාල බලවේග ඒකට අදාලව සිද්ධ විය යුතු විදියට අවශ්‍ය දේවල් කරන බව මම දන්නවා.  



අද ගොඩක් මිනිස්සු ගැන හිතුවාම ඇත්තටම එයාල හිතන්නෙ එයාල ගෙවන්නෙ නරක කාලයක්ය, නැත්නම් අකුසලය, ඉස්සරහට මේව ගෙවුනාම එන්නෙ හොද කාලයක්ය කියන අදහසින් තමයි ඉන්නෙ. නමුත් ඇත්තම කතාව මනුෂ්‍ය වෙන ගොඩක් අය ඇත්තටම ගෙවන්නෙ තමන්ගෙ හොද කර්මය. කන කෑම වේලක් ගානේ තමන්ගෙ වාසනාවට පිනට ලැබෙන දේවල්. පෙර සසරේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු අකුසල කර්ම බොහෝම තියෙනවා ඒවට ඉතින් අදාලව විපාක ලැබෙන්න ගත්තාම බොහෝම අමාරුයි ගැලවෙන්න.

සරලව කිව්වොත්, අපි හිතපු අපිට හතුරෙක් ඉදලා ඉවසන්න බැරි තැන අපි එයාව මරනව. අපි හිතනව හරි ලේසියි මේක ඉවරයි කියල. එතනදි අපිට වෙන අකුසලයට වඩා, එයා බොහෝවිට මැරෙන විදියට අනුව යන්නෙ හොද තැනකට නෙමෙයි. ඉතින් එයා යන්නෙ ප්‍රේත, භූත, පිසාච, අසුර වගේ පහත් අමනුෂ්‍ය ආත්මයකට. ඉතින් යන තැන ඉදන් අපි දිහා වෛරයෙන් බලනව. පුුලුවන් හැමවිටම වරද්දන්න හිතනව. මේ කාරණය කේන්දර වලට පේන්නෙ නෑ. තරමක හැකියාවක් තියෙන සාස්තර දන්න අය හෝ වරම් වලින් දේවල් කරන අයට මේ ගැන කියන්න පුලුවනි යම් තරමකට. නමුත් ඒ කිව්වත් ඒකට අදාල හරිම ප්‍රතිකර්මයක් එයාල  දන්නෙ නැහැ. එයාල එක්කො කියාවි යන්තරයක් දාලා ආරක්ෂා වෙන්න. නැත්නම් වෙන රටකට යන්න කියාවි. තව බෝතල් වල දාලා ඒ ආත්මය අයින් කරන්න කියාවි. ඔච්චර තමයි. නමුත් හරියට කරනව නම් කරන්න ඕන, ඒ ආත්මයට ඊලගට තියෙන සුගතිගාමි තැනට යන්න උදව් කරන එකයි. ඒකත් ලේසි නෑ. මොකද ඒකට අදාල පින්කම අදාල දෙවිවරු හෝ බ්‍රහ්ම ලෝකයට අදාල හෝ වෙනත් බහිරව හෝ වෙනත් අදාල බලවේග ගැන අපි දන්නෙ නැති නිසා. සමහරවිට සාංඝික දාන දීලා එයාව එතනින් මුදවන්න බැරි වේවි, සාංඝික දාන හෝ වෙනත් දාන පිංකම් හොද දේවල්. අපිටත් ඒ අදාල අයටත් යහපතක් තියෙනවා. නමුත් මුදවන්න ඔය විදියට බැරි වෙන්න පුලුවනි. ඒක තමයි කාරණය.

එනිසා පුලුවන් විදියට පින්කම් කරලා, මේ පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට ලැබේවා කියල නිතර ප්‍රාර්ථනා කරන්න ඕන. ඒක හරි වටිනවා. 

Friday, June 1, 2018

පොරොන්දම් බැලුව ඇය මැරිල උනත් හ්ම්...

මටත් තරමක් වෙලාවකට පිස්සු නිසා ඇය මැරුණටත් පස්සෙ මම පොරොන්දම් බැලුව. ඇත්තටම පොරොන්දම් බලන්න තරම් හේතුවක් නෑ. මොකද කේන්දරේ කියන්නෙ පෙර කර්ම ශක්තිය ගැන අදහසක්. මම ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවා. ඒත් ඒක නිසා වරදින්න ඉඩ දෙන්න බෑ කියන තැනයි මම ඉන්නෙ. නමුත් ගොඩක් අවස්ථා වල කේන්දර අනුව කියන කාරණා ඇත්ත වෙනව අත්දැකීමෙන් දැකල තිබුනත්, මම කැමති නෑ කේන්දර වලට ජිවිතේ භාර දෙන්න.

කෝම හරි පොරොන්දම් 20ක් තියෙනවා.
1 - නැකැත් පොරොන්දම - ශුභයි.
නැකැත් පොරොන්දම හරි යනව නම් පොරොන්දම් 10ක්ම ගැලපෙනව බොහෝදුරට.

2 - ගණ පොරොන්දම - අශුභයි ( එයා රාස්සනෙ)
කෝමත් ඒකාලෙත් තරහක් ආවම දෙන්නම තරහෙන්. එක් කෙනෙක්වත් පසුබහින්න ලෑස්ති නෑ. හැබැයි රාක්ෂ කියන්නෙ රැකවරණය ගැන කියවෙන දෙයක්.

3 - මහේන්ද්‍ර පොරොන්දම - ශුභයි.
4 - ස්ත්‍රී දීර්ඝ  පොරොන්දම - ඉතාම ශුභයි ( ඒකෙන් කියන්නෙ ස්ත්‍රිය සතුටු කරන්න පුලුවන් තරම ගැනලු. ඒක හොදටම තියෙනව කියන්නෙ)
5 - යෝනි පොරොන්දම - ශුභයි.
මේකෙන් කියන්නෙ විශේෂයෙන්ම ජන්මාන්තර පුරුදු, මේ ජිවිතයේ පුරුදු වගේම ඒවයේ ගැටීම් ඇති වෙනවද කියලයි.

6 - රාශි පොරොන්දම  - ශුභයි.
7 - රාශි අධිපති පොරොන්දම - ශුභයි.

8 - රජ්ජු පොරොන්දම - ශුභයි.

9 - වශ්‍ය පොරොන්දම - ශුභයි.
මේකෙන් කියවෙන්නෙ දැඩිව කරන ආදරය ප්‍රේමය ගැන. ඒ කියන්නෙ දෙන්නා දෙන්නට වශී වෙන තත්වයක් තියනෙවද කියලලු. ඉතින් ඔව් ඒක එහෙම වෙනව. ලග්න අනුව බැලුවත් සිංහයට තුලාව ගැලපෙනව.

10 - වේධ පොරොන්දම - ශුභයි.
වධයට පත් වෙනවද කියන කාරණය හොයන්නෙ මේකෙන්ලු.
අපේ නැකැත් 2 වධයට පත් වෙන්නෙ නෑ.

11 - වෘක්ෂ පොරොන්දම - ශුභයි.
අපි දෙන්නම කිරි වෘක්ෂ. ඒ ඇර ග්‍රහචාරයෙත් තියෙනවා යහපත්ලු.

12 - ආයුෂ  පොරොන්දම - ශුභයි.
මේක සමහර අය ගොඩක් වැදගත් කියල කියනවා නමුත් මට තේරෙන්නෙ නෑ. ඒකෙ බලන්නෙ ස්ත්‍රි කේන්දරයේ තියෙන ආයුෂ ප්‍රමාණයට වඩා පුරුෂ කේන්දරයේ ආයුෂ වැඩියි කියලයි. ඒක ඉතින් තේරෙන්නෙ නෑ කොහොමද හොද දෙයක් වෙන්නෙ කියල. කොහොම උනත් ගැලපෙනව.

13 - පක්ෂි පොරොන්දම - ශුභයි.
වෛර නෑ ඉතින් පක්ෂීන් 2ම.

14 - ‍භූත පොරොන්දම - ශුභයි.
අවුලක් නෑ ලු.
15 - ගෝත්‍ර පොරොන්දම - ශුභයි.
ගෝත්‍ර 2 කොහොමත් වෙනස්.

16 - වර්ණ පොරොන්දම - ශුභයි.
දෙන්නම එකම වර්ණයක නිසා සුබයිලු.

17 - ලිංග පොරොන්දම - අශුභයි.
එයා දැඩියි හ්ම් හැබෑව.

18 - දින පොරොන්දම - අශුභයි.
එයා  සදුද මම සෙනසුරාදා

19 - නාඩි පොරොන්දම - අශුභයි.
දෙන්නම එකම නාඩියෙ උනාම අවුල්ලු.

20 - ග්‍රහ පොරොන්දම - ශුභයි.
සෑහෙන්න හොයන්න ඕන පොරොන්දමක්ලු. කොහොම උනත් කුජ - රාහු - සෙනසුරු පිහිටිම් 2ම බලල අනික්වත් එක්ක බැලුවාම සුබයිලු.

පොදුවේ පොරොන්දම් ගැලපිම 80%කට වැඩි කිව්ව... මදැයි එයා මැරෙන බව විතරක් මේකෙ කියල නෑනේ... ඒක තමයි අවුල.. හ්ම්...

-

ප.ලි - මට මතකයි ඇය දවසක් 2ක් කිව්වා පොරොන්දම් බලමු කියල. මම ඒකට වැඩි උනන්දුවක් හිතුනේ නෑ. එතන ඇත්තටම තරමක බයක් තිබ්බා කේන්දර නොගැලපේවි කියල. මොකද මගේ කේන්දරේට ලේසියට ගැලපෙන්නෙ නැති බව මම දන්න නිසා. ඒත් ටික දවසක් යද්දි, අතීත සම්බන්ධ ඒව එක්ක මට තේරුම් යද්දි මම හිතාගත්ත ගැලපේවි කියල. මම ඇයට කිව්වා ඒක බය වෙන්න දෙයක් නෑ විවාහ පරික්ෂාව ගැලපේවි කියල ... හ්ම්...
මම නිකමට හිතන ඒව සැහෙන්න හරි යනවද මංදා වෙලාවකට ...