Tweets by @Tweetsbysuku myblog: July 2014

Facebook Fan Page

Friday, July 25, 2014

හිතන්නට...

Most say they dnt value, Money or Power more than Humanity... bt whn they act... they do it...
Thing is it doesn't matter hw much money or power u gt... If U do wrong... U ll have to pay for it...
Unlimited power of universe... always knw wat we did, do n upto.......
So... its better to be good.... otherwise U ll have to pay... dearly....

ගොඩක් අය කතා කරනකොට කියන්නේ, අපිට සල්ලි, බලය වැදගත් නෑ... මනුස්සකම තමයි වටින්නෙ කියල... ඒත් ක්‍රියාවෙදි කරන්නෙ වෙන දෙයක්... එතනදි මනුස්සකම් කොහේද නෑ...

ඇත්තම දේ තමයි කොච්චර බලය තිබ්බත් සල්ලි තිබ්බත් වැරදි කරනව නම් කවදහරි විපාක ලැබෙනව.. අනික කොච්චර තිබ්බත් මැරෙද්දි ගෙනියන්න බෑනෙ හ්ම්...

ඒනිසා හොඳ වෙන එක, සිල්වත් වෙන එක වටිනව.. කොයිතරම අමාරු උනත්...
අපිට අපි දන්න ඕන තරම් චරිත තියෙනවා සල්ලි, බලය වැඩියෙන්ම තිබුනත් .. බොහොම දුක්ඛිත විදියට දැන් ඉන්න, හිටපු චරිත... ඒව හිතල හැදෙන්න බලන්න ඕන... හ්ම්...

වෙලාවකට දුක හිතෙනව... අර නොදන්න රටකට ආපු කෙනෙක්ව මරලා එයාගෙ පෙම්වතියව සමූහ දූෂණය කරා කියල නීතියෙන් ඔප්පු උනු අයව රකින්න, එයාලට ආදරේ කරන්න අය ඉන්න එක... එතනදි බොහොම පැහැදිලියි තමන්ට දෙයක් කල නිසා එයා වැරදි කලත් කමක් නෑ කියන මතයේ ඉන්නවා.....
තව කොටසක් ප්‍රෞඪ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්ච අපේ ජාතියට අවමන් කරනවා, ඒක සිංහලකම... සුද්දෝ කරපුවට වන්දි ගත්ත වගේ බොහොම පහත් අදහස් දෙන්න හදනව...
- මතක තියාගන්න මොන විදියට ඒ වගේ ඒව නිවරදි කරන්න හැදුවත්... නීතියෙන් ඒවට දඬුවම් නොතිබුනත් සදාචාරය පැත්තෙන් හිතද්දි හරි වැරදියි... එහෙම වැරදි වලට අනුබල දෙන ඒව අගයන අය ඒ පව් අනුමෝදන් කරගන්නවා....
(ඒක කිව්වම අහල අදාල කටයුතු කරපු Romesh අයියටත්, Sitha අක්කටත් ස්තූතියි..
ලයික් කරල හිටපු අනිත් අයව නම් අයින් කලා)

දේවදූත සූත්‍රයේ තියෙනව ජිවිතේ ගැන හිතල හැදෙන්න කියල, එයින් එක උදාහරණයක් බන්ධනාගාර ගත වෙච්ච කෙනෙක්... තව එකක් ලෙඩ වෙච්ච කෙනෙක්....

මේ වගේ අදහස් හිතේ තිබ්බත් තව ඒක පැහැදිලි උනේ අද Susantha අයියත් එක්ක කතා කරපු නිසා... ජිවිත අත්දැකිම් එක්ක ඒව දැනගත්ත එක සෑහෙන වටිනව... අයියටත් ස්තූතියි...

Tuesday, July 22, 2014

Ranul & Anali - our dear Cousins...

It was great to be with You...

As always you two make it better...
I wish I could won cricket matches...
funny videos were good but too much laugh for me...


https://www.facebook.com/sukumal.harischandra/posts/10203238772484632

Saturday, July 19, 2014

චූටි දෝනි අක්කගෙ උපන් දිනය දවසේ...

නුවර ගිහිල්ලම චූටි දෝනි අක්කව මීට් වෙලා බ‘ත්ඩේ එක සෙලෙබ්‍රේට් කරා නම් හරි... හ්ම්....


Tuesday, July 8, 2014

ප්‍රේමය මැරූවෙමි... Killed LOVE >>>

ප්‍රේමය මැරූවෙමි... 
වෛරයෙන් ක්‍රෝධයෙන් තරහින් නොව, මෛත්‍රියෙන් අවබෝධයෙන් කටයුතු කිරීමෙනි... හ්ම්..

Killed LOVE >>>
Not by Hatred, by understanding & with loving compassion....

Monday, July 7, 2014

දවසක් එන එකක් නෑ...


එයාට ආදරේ කරන දවසක් එන එකක් නෑ හ්ම්.....

එයා හරි හොඳයි. අපි හැමෝම එයාට කැමතියි... ඒත් එයා හොඳ වැඩියි, සංවේදීත් වැඩියි ඒවගේම ආදරේ කොච්චර තිබ්බත් ප්‍රේමය පැත්ත ගැන උනන්දුවක් නෑ..

අතිබහුතරය තැන්පත්, දඟ නැති කෙනෙක් විදියට දකින මගේ තැන්පත්කම අඩු බව දන්නෙ ප්‍රේම කරපු අයයි..
කොහොම උනත් ප්‍රේම කරද්දි මට ප්‍රේම කරනව. එයාටම විතරක් වෙච්ච හොඳ දෙයක්...

කේන්දර ගැලපුනත් අදහස් වල පරස්පරතාවය ගැන මට කේන්දර අයියත් කිව්ව හ්ම්...
එයා ගැන හිතෙන්නෙ යාළුකමට එහා ගිය, සහෝදරකමට එහා ගිය ප්‍රේමයටත් වඩා වෙනස් දෙයක්...
ගොඩක් වටින හොඳ කෙනෙක්... ඕනවට වඩා හොඳ වීම මෝඩකමක් වීම ඇර...

ඉතින් එහෙම හිතද්දි හිතෙනව... ලගින්ම සුපුරුදු පරිදි ඉන්නට... ප්‍රේමයක් නොකරම... පෙමත් නොමරා ඊට වඩා වටිනව කියල හිතන යාළුකම තියාගෙන... සහෝදරකම තියාගෙන...

කොහොම උනත් පහුගිය දවස් වල ඒව දැනුනු තේරුන එකත් හොඳ දෙයක්... හ්ම්...

ප්‍රේමය හරි පුදුම දෙයක්... හ්ම්..


Saturday, July 5, 2014

අපේ සීයා හරි පින්වන්තයි...

ස්වාමින්වහන්සේලාම වැඩලා අටපිරිකර දීලා වඩිනවා... හ්ම්...

සීයගෙ වගේ පෞරුෂයක් ඒවගේ දහමට රටට ජාතියට සදාචාරයට අනුකූලව දිවි ගෙවීමක්, සරල පැවැත්මක් කවදාක අපිට ඇතිවෙයිද මංදා...

බද්දෙගම බුද්ධසාර හාමුදුරුවො වැඩල ප්‍රකාශ කලා අනවශ්‍ය කරදරයකදි අපේ සීයා උන්වහන්සේට දුන්නු උපකාරයක්. බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක්ට සැලකිය යුතු විදිය ඒකයි. ඒවා දැනගෙන හිටි නිසා අපේ සීය හැමදාම ගරුතර සංඝරත්නයේ නොමඳ ගරුත්වයට පාත්‍ර උනා.

ජිවිතේ යද්දි සමහරවිට ඒ තත්වයන් අපිත් ඒවි. සමහරවිට මේ වෙනස්වුනු වෙනස් වීම් එක්ක ඒවත් නැතිවෙලා යාවි... හ්ම්... 

ගලගොඩඅත්ත

බොදු බල සේනාව ගැන අදහස් බොහෝමයකි..... 

ඒවාට 100%ක් එකඟ නැති වුවද බොදු බල සේනාවෙන් මතු කල කතාවන් වෙන කිසිවෙකු නොකල ඒවා බව පිලිගැනීමට සිදුව ඇත....

ගලගොඩඅත්ත යනු අප සීයලාගේ ගමට මඳක් දුරින් ඇති යක්කටුව ප්‍රදේශයට ආසන්න පෙදෙසකි(ඇල්පිටියට)...
යකුන් බැඳ වැඩගත් එක්තරා ආකාරයකට විශේෂ අය සිටින, ශක්තියෙන් හැකියාවෙන් අනූන ජනතාවක් සිටින පලාතකි.
බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන සිතන විට පලාතට අනුව පෞරුෂයක් හැකියාවක් ඇති බව සිතේ...
අපගේ වනවාස සංඝ මූලස්ථානයේද කලක් වැඩ සිට ඇති උන්වහන්සේ අපගේ කහදූව පුරාණ විහාරයේ විහාරාධිකාරි කහදූවේ කෝලිත හිමියන් සමග එකට ඉගෙන ගෙන ඇත.

_ මෙය ජාතිවාදි ප්‍රකාශයක් නොවූවද, කැමත්තක් හිතාගන්ට_ — feeling රටේ සුවිශේෂි අය බොහෝමයක් අපේ පැතිවල... 

Friday, July 4, 2014

Grand Father's Funeral days - frm 30/06/2014

අහම්බයෙන්, අවාසනාවකට වගේ පහුගිය සඳුදා අපි කවුරුත් නොහිතපු විදියට අපේ සීයා/අප්පච්චි නැති උනා. ඒක කවදාවත් නොහිතපු විදියකට වෙච්ච එක විතරක් අපි හැමෝගේම හිත් වල දරුණු තුවාලයක් වගේ තාමත් තියෙනව...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10203098982749976)

අම්මව නංගිව ඒ වෙලාවෙම වාහනයක එව්වත් මට බිස්නස් වැඩේ නිසා යන්න හිතුනෙ නැත්තෙ අමාරු උනත් ලෙඩ වෙලා අපේ සීයා හෙමිට හොඳ වේවි කියල. අපි වගේ නෙමෙයි බොහොම හිත හයිය කෙනෙක්නෙ.

(https://www.facebook.com/sukumal.harischandra/posts/10203111336298807)

කොහොම උනත් 9ට විතර අම්ම කිව්වම මමත් 10 වෙද්දි වගේ ගෙදරින් ආව. බස් කබල් වල එන එක ලේසි නෑ. කොළඹ වගේ පැත්තක ඇඳුමුත් අරගෙන එද්දි බරට බරේ, කිසිම තෙතමනයක් නැති මිනිස්සු මැදින් නේද එන්නෙ කියල හිතුන.
ගෙන්දගම් පොළව කොහොමත් එහෙමනේ...
එතනදි දරාගන්න අමාරු නිසා සවණිට කිව්වම එයාගෙ වචන වලට හිත හැදුන.



Guy Mama's Speech at Funeral for Relatives... 
කොහොම හරි පැය 6ක් විතර තිස්සෙ ගමේ ආවා. ඇවිල්ලා කොහොම හරි බොඩිය ගෙනෙද්දි 5 විතර වෙලා. ගයි මාම, සුහිත් මාමා, කුෂාන් බාප්පලත් ලොකු බේබි, පොඩි බේබි මාමලත් නොඑල් මාමත් හොඳට හෙව්ව කියල හිතනව. අපේ අයට අමතරව ගමේ හැමෝගෙම වගේ සහයෝගය සීයා වෙනුවෙන් හිතාගන්න බැරි තරම් තිබුන...
විශේෂයෙන් ගෙඩිගෙය හදද්දි එහෙම සීයගෙ ගරුත්වය රැකෙන්න බොහොම කැපවීමෙන් කලා.



දවස් කීපයක් කොහොම උනත් හිටිය හ්ම්... අන්තිම දවසේ ඒකියන්නෙ ඊයෙ මටත් පොඩි කතාවක් තිබුන එක ගැන පොඩි ආඩම්බරයක් තියෙනව. පිලිගැනිමේ කතාව විනාඩි 2-3කට සීමා කරපු එකත් හොඳයි. අපේ හාමුදුරුවරුන්ගෙ කතාත් බොහොම දැනුනා. ඒවගේම ගයි මාමගේ කතාව හැමෝටම වගේ දැනුනු දෙයක්...
අවසාන වශයෙන් පාරේ ඇවිදිද්දි ගමේ අය සීය ගැන කියපු කතා වලටත් තියෙන්නෙ බොහොම ආඩම්බරයක්... - සීයගේ දේවල් ගති ගුණ නිසාම ඡන්දයක් උනත් දිනන්න අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනව කියල හිතනව... හ්ම්....