Tweets by @Tweetsbysuku myblog: January 2017

Facebook Fan Page

Thursday, January 26, 2017

පහුගිය දවසක අපෙ Sunethra Liyanage අක්ක මාව මෙන්ෂන් කරල තිබ්බ අනංමනං පේජයෙ තිබුනු ප්‍රවීණ ගීත රචක හේමශීද අල්විස් සහ එම මහත්මිය අසරණ වෙලා ඉන්නව කියල. කලාකරුවන් නිසා ජනමාධ්‍ය ඇමතිතුමාට කියල සහයෝගයක් දෙන්න කියල...

https://www.facebook.com/dgeethanjana/posts/10211992005264707?pnref=story


ඒ අතර කාලෙකින් මුණ ගැහුනු දහම් පාසල් මිතුරෙක් වෙච්ච Dhamma Geethanjanaත් ඒ කාරණයම මට කිව්වා, දැනුවත් කරන්න කියල. ෆෝන් නොම්මරේත් හොයල දුන්න.
මම හේමශීද අල්විස් මහත්තයට කතා කරාම දැනගත්තා, වතුර ප්‍රශ්නයට උදව් ලැබුනු බවත්, තවම ලයිට් ප්‍රශ්නයට විසදුමක් නැති බවත්..

මම Gayantha Karunathilaka ඇමතිතුමාට කතා කරලා, ඊට පස්සෙ Devinda Gunasekara මහත්තයා හරහා, කලාකරුවන්ගෙ සුභසාධනය වෙනුවෙන් පත් කරපු උපදේශකවරයා වන රවීන්ද්‍ර ගුණසේකර මහත්තයව සම්බන්ධ කරගෙන, අද මුණ ගැහුන..
රවීන්ද්‍ර ගුණසේකර මහත්තයා ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් බව දැනගත්තෙත් අද තමයි. එතුමා පොඩි කාලෙ ඉදලම පත්තර වලට ලියපු බවත් දැනගත්ත..

ගොඩක් දේවල් කතා උනා. හේමශීල අල්විස් මහත්තයල, ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ බොහොම ප්‍රසිද්ධ අය බවත්, අවාසනාවන්ත විදියට අද මෙහෙම වෙලා බවත්..

( ගුණසේකර මහත්තයා පින්තුරයකට පෙනී ඉන්න කැමති උනේ නෑ)

ඉතින් අපි හැකි ඉක්මණින් ජනමාධ්‍ය ඇමතිතුමා හරහා ඒ කටයුත්ත කරල දෙන්න උත්සහ කරනව..
දැනුවත් කරපු - දිරි දුන්නු හැමෝටම ස්තූතියි !

https://www.facebook.com/Ananmanan.fanpage/videos/10154144318267546/

Wednesday, January 25, 2017

අලෝකෝ උදපාදි

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කතාව කියල අපේ Gaya අක්කා ෂෙයා කරල තිබුනු එක දැක්කත් හිතට ආපු නැති දේ
“ දන්වා යවනු පුලුවන් නම් රාජ්‍ය බලය අල්ල ගන්න කියල, හැබැයි ගොඩබැහැපු පරදේශක්කාරයින්ව එලවල “ - කියන දේ ඇහුවම මතක් උනා..

මම කියවල තිබ්බෙ නම්, රුහුණේ වැසි තිස්ස කියල බමුණෙක් වලගම්බා රජතුමාට විරුද්ධව කැරැල්ල පටන් ගත්තාම, “ සිංහලේ රාජ්‍යය ඔබගේය, රාජ්‍යයට එදිරිව පැමිණි විදේශිකයන් හා සටන් කොට ජයගන්න “ කියලයි...
කොහොම හරි, ඒකෙන් මේකෙන් ඉතිහාසෙත් මතක් වෙන්න ගත්ත..
දුටුගැමුණු කුමාරයගෙන් පස්සේ රජ වෙන්නෙ සද්ධාතිස්ස රජතුමා...

සද්ධාතිස්ස රජතුමාට දරුවො 4යි.
3 - ඛල්ලාට නාග 4- වලගම්බා
සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සෙ ථුලත්තන, ලජ්ජතිස්ස රජ වෙලා පස්සෙ ඛල්ලාට නාග රජ උනත්, රාජ්‍ය ලෝභයෙන් මහාභරන්තක කියන සෙනෙවියා රාජ්‍ය ගන්නවා.
මහාභරන්තව මරලා වලගම්බා කුමාරය රජ වෙනව.
මාස 5ක් ඇතුලත රුහුණෙ කැරැල්ලත්, ඉන්දියාවෙන් ආපු ද්‍රවිඩයන් 5 දෙනෙක් නිසාත් රාජ්‍ය නැති වෙනව.
පුලහත්ථ - බාහිය - පණයමාර - පිලියමාර - දාඨික මූලික වෙච්ච ද්‍රවිඩයන් එක්ක සටනෙදි පැරදුනු වලගම්බා රජතුමා පලා යනකොට ගිරි නම් නිගණ්ඨයාගේ වචනත් මතක් වෙනව.

ඒවගේම රථයේ බර වැඩි නිසා රට - ජාතිය වෙනුවෙන් තමන්ව බිලි දෙන සෝමා දේවිය රථයෙන් බැහැපු නිසා රජතුමා රැකුණ වගේම රටත් රැකුණු බවත් මතක් වෙනව.
ඒ සෝමා දේවිය අද අපේ සෝමාවතිය රකින මගෙ ඉෂ්ට දෙවි කෙනෙක් වෙන මහානුභාවසම්පන්න“තාරා දේව මෑණියන් “ බවත් මතක් උනා..

ආක්‍රමණිකයන් 1 -1 ගානෙ මරාගෙන අන්තිමට දාඨික රජ උනත් එයා දුර්වල බවත් අවු 14කට පස්සෙ වලගම්බා රජතුමා ආයෙ ලංකාවෙ රජ උනු බවත් මතක් වෙනව..

ඒ අතර බැමිණිතියාසෑය කියපු මහා දුර්භීක්ෂයත්, පලවෙනි වතාවට නිකාය භේදය වගේම අදටත් කියවෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් මක් වෙනව.. 

Saturday, January 14, 2017

Falling in love is easy..
But staying in Love no matter what... is very special....

Saturday, January 7, 2017

We are very proud of you dear #Thash 🏆

Getting 3A's in Advance Level exam (Commerce) was splendid.... ^_^
We know how hard you work for it... n happily we've done some support since the beginning of your school time :D

මහන්සියෙන් - කැපවීමෙන් දේවල් කරාම හොඳ ප්‍රතිඵල ලැබෙනව කියන්න හොඳම උදාහරණයක් අපේ #තාෂ්...
උසස් පෙල වානිජ අංශයෙන් ඒ 3ක් ...

ඒලෙවල් වලට ගොඩක් මහන්සි උනා.. ඒ අතර ඉඩකඩම් වැඩ වලදිත් උදව් කරා... යාළුවො එක්ක හොඳින් හිටියා.. ඉස්කෝලෙ ගොඩක් වැඩ කලා, ක්‍රීඩා සෑහෙන ගානකින් දිනුවා, උපප්‍රධාන ශිෂ්‍යනායකය (වෙන්න තිබ්බෙ ප්‍රධාන හ්ම්) උනා..

- ඒවගේම මට මතකයි ජනාධිපතිවරණය කාලෙ ඡන්දෙ දෙන්න ගාලු ගියාම, කරදරයක් වෙච්ච යාළුවෙක්ට උදව් කරපුවත්.. ඒවගේ සෑහෙන කරන හොඳ දරුවෙක්..

- හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න කැමති, බොරුවක් කියන්න අකමැති කෙනෙක්.. ඒක හොදටම දන්නවා, බොරුවක් කියන්න වෙන වෙලාවක් ආවොත් කතා නොකර කටපියාගෙන ඉන්න නිසා.. (ඒ තරම හොඳ වෙන්න අපේ ආශ්‍රය හොඳ හේතුවක් වෙන්නැති :D )