Tweets by @Tweetsbysuku myblog: October 2021

Facebook Fan Page

Saturday, October 2, 2021

හිත බැඳි ස්නේහවන්ති නුඹ

 පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල...//

පෙම්වන්තී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට...

නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිරකල...

නුදුරේ මා වුවත් දුරක් ගියේ...., ඔබයි නිහඬවම....



හිත බැඳි ස්නේහවන්ති නුඹ - වැඩිපුර ආලවන්ත වුන...,

උණුහුම් තාල ගේන හිත,  හෙමින් සැලුනා පෙමින් වෙලුනා...

විරසක හීන මංසලක - නැවතුනේ මා නොවෙයි..., එ ඔබ

නුහුරු නුපුරුදුව ඈත දුර - ගිහින් තිබුනා... පෙමින් බැඳුනා ...


විඳගත් හාදුවේ..., දුන් නිකැළැල් ආදරේ

බිඳුවක් මා ළයේ.... නුඹ සොයනා

ඇරයුම් නොකළ පෙම් සාදේ...

නුඹ කෝ අහිමි සඳ මාගේ...,

පිලියම් සොයම් තුන් යාමේ......

තහනම් වචනය කි ආලේ .... !


https://www.youtube.com/watch?v=w8kAjI2MogQ


#viramayak #musicsl #BhashiDevanga #