Tweets by @Tweetsbysuku myblog: March 2015

Facebook Fan Page

Monday, March 30, 2015

අද...


‪#‎යහපාලන‬ ආණ්ඩුවේ වැරදි ඇති බව සැබෑය...

ඒත් තවමත් කලින් ආණ්ඩුවට වඩා ඉදිරියෙනි..

බොහෝවිට අප්‍රේල් අග පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයට යන්නට කටයුතු කෙරෙන අතර.., එජාපයට පැහැදිලි බලයක් ලැබේවි ..

මහින්ද මහත්තයට නැවත දේශපාලනයක් නැති අතර එතුමාගේ පින ගෙවී අවසන්ය..
මේක කියන්නෙ එතුමාට කැමති අයට රිද්දන්න නොව.., වෙන්නට තිබෙන්නේ එය බව විශ්වාස නිසාය..
අප්‍රමාණ සංසාරයේ අනේකවිධ දේ ගැන පොඩි අවබෝධයක් ඇත්නම් අවුරුදු කීපයක පෙනෙන සැපයට පව් කරන්නට දේශපාලකයන් නොපෙළඹෙනු ඇත ..

හෙමින් උනත් රටට යහපත වන අතර, රටට වින කල අයට විශේෂයෙන් දේශපාලකයන්ට නීතියෙන් කෙසේ වෙතත් කර්ම විපාක ලැබෙනු ඇත..

- ‪#‎යථාර්තවාදිජනතාවාදියා‬


https://www.facebook.com/sukumal.harischandra/posts/10204947272036053

Saturday, March 28, 2015

Its your 16th Birthday XENA - (1999 - 2012 )

If you were living its ur 16th Birth day Xenavi...... (1999 - 2012)

We miss U so much.........


n yet as I was telling u all da time, be a human n escape frm miserable Sansara.....

Thunuruwange Saranai.....

Wednesday, March 25, 2015

Manoj Mendis අයිය, ඔයා දැන් අපි අතර නෑ...

කවදාවත් ඝාතනයක් සාධාරණීකරණය කරන ජාන අපිට නෑ... කරපු දේ කවුරු කලත්, මොකට කලත් වැරදියි...

මම අයියව මුණ ගැහිල තිබුනට කතාබහ කලාට ලොකුවට දන්නෙ නෑ..
මගෙ හොඳ යාළුවො හිටියා ඔයාගෙ හොඳ හිතවත් අය වෙච්ච....
කවදහරි අනවශ්‍ය ප්‍රශ්නයක් ලංකාවෙ කොහේ හරි ඇති උනොත්... ඒ වගේ දවසක සමහරවිට අයියගෙනුත් සහයෝගයක් ගන්න වෙන්න පුලුවන් කියල හිතේ තිබුන මතකයි...

#‎මනෝජ්මෙන්ඩිස්‬ අයියව නෙට් එක පුරා ගොඩක් තැන්වල දාලා තිබුනේ,
“දකුණේ පාතාල රජා “ කියල...
අයිය එක්ක ආරවුල් ඇති කරගෙන කරදර වෙච්ච අය ගැන වගේම, අයියගෙන් උදව් ලබලා,
අයියා “ දෙයියෙක් “ කියල අඳුන්නපු අයත් ඉන්නවා..
ඔය දෙජාතියම මම දන්නව....

දෙවොල් දෙවියන්ගේ බලය තියෙන හික්කඩුවේ දෙවොල් දෙවියන්ගේ දේවාලෙට ගිහින්, අයියට හරියන්න කියපු අය වගේම... වරදින්න කියපු අයත් ඇති... හ්ම්...

ගාල්ලෙන් පටන්ගෙන දඩැල්ල, ගිංතොට, බූස්ස, රත්ගම, දොඩංගොඩ, හික්කඩුව පැතිවල නිතර ගෙදර වගේ ඇවිදින කොට... අයිය ඉතින් අමුතුවෙන් හොයාගන්න කෙනෙක් නෙමෙයි...

සතුටින් ඉන්නවද කියල කාලෙකට කලින් ඇහුවම කිව්වේ,

“ මල්ලි ‪#‎පොරක්‬ වෙන එක ලේසි වැඩක්, හැබැයි ඒක පවත්වාගෙන යන එක පට්ට අමාරුයි. 
මම හරි ආසයි ගෙදර ඉදලා බස් ස්ටැන්ඩ් එකට එන ටික සයිකලේක නැගල තනියෙන් එන්න... 
ඒ තියෙන කිලෝමීටරේ එහෙම එන්න මට තිබුන නම් කියල. ඒත් එහෙම එන්න බෑ මම 20ක්වත් එක්ක නාවොත් මම ආයෙ ගෙදර යන්න කලින් මට ගේම සෙට් වෙනවා ... “ කියලයි...

අයියට තුවක්කුව දික් කරගෙන ඉන්න සමාජයක් තියෙන කාලෙක... දේශපාලනය නිසාත් තවත් එක එක සමාජයේ ගැටළු නිසාත් විපරීත වෙච්ච කාලයක් තිබුනු කාලෙක... අයියටත් ඒ තත්වයන්ට මුහුණ දෙන්න එහෙම නොවි බැරිවෙන්න ඇති...
කොහොම උනත්.. මේවගේ තත්වයන් ඉදිරියට ඇති නොවි රටට හොඳක්, ජනතාවට හොඳක් වෙනව නම් හොඳයි....

සංසාරෙ කවදාවත් ආයෙ මෙහෙම අකල් මරණයක් නොවෙන්න...
අයියට තුනුරුවන්ගෙ සරණයි !

https://www.facebook.com/sukumal.harischandra/posts/10204913138342732

Tuesday, March 24, 2015

Patch Adams (1998) - movie

I think I ve done some mistake by not watching soon this after I downloaded....

Thinking different than others will make u a crazy person.....
Hmm yeah... bt its feels good to be like that
Who the hell care bout others....

May be I just screwed up without ending up as a psychiatrist..... ah may be I lost all the fun and understanding I could get frm a mental ward....
damn... no second chances though.... pretty unfair....

I just need to help people.... most of all my best ability is talking wid ppl.... Just I dnt care how long gonna it take.... I can talk... chat... as long as anyone feels comfortable..
Astrologer told me that my speeches are good n ppl surely like it....

Any ways I dnt see a good path to execute my ideas yet... this movie... hmm incredible....

I just feel I missed being a doctor... ah I could do so much... I rem. all including Amma wanted me to be a doc... and unlike sum close frnds, I needed to be a doc. for help people... may be my aim to be a psychiatrist is not that good for that aim, but .... it might worth the shot....

Ah after 7 years I feel I should have listen to astrologer... he said do it again n u ll reach it... I rem. my best frnd chamara told me about someone who become an engineer after 30s... n chamara told me to do it again... I just dnt wanted.... now I feel it was kinda like a mistake...

Being a politician may help to achieve my dream I think... hmm social servant is better... politics... such a petty thing these days, unless being a ruthless n shameless bastard... only ppl like Guy Mama can survive on these days politics... but I really dnt like to be like that....

One day... hmm I think I can start a hospital for free... hmm that would be repent my things I could have done before... hmm
Need good doctors to find... but they should be paid for their job... hmm... may be there will be time to be like that...
Changing is not that easy... but a good change worth .... so much...

___ Quotes __

The role of a clown and a physician are the same - it's to elevate the possible and to relieve suffering.
Unlike a lot of people, I don't feel powerless. I know I can do something. But anyone can do something, it's not about being special. It's about deciding to do it - to dive into work for peace and justice and care for everybody on the planet.

Humor is an antidote to all ills.


I'm looking for a world where love will no longer be extraordinary.


Sunday, March 22, 2015

ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කරනවා අකමැති අය......,

කැමතිද....

* ඊලම් ජාතික ගීය කියාගන්න එක දෙමලෙන් කියනවටද....
* අපේ ජාතික ගීය දෙමලෙන් කියනවටද... ?

● සිංහලකම ගැන කතා කරන ගොඩක් අය.... සිංහල බෞද්ධකම හරියට දන්නවද මංදා.....
බෞද්ධකම නැත්නම් සිංහල බෞද්ධයෝ කොටසක් ඇතිවෙන්නෙත් නෑ. එහෙම නම් එතනදි පන්සිල් පද 5 හරියට රකින අය වෙන්න ඕන.
නියම බෞද්ධයෝ සිව් බඹ විහරණය සහිත අය...

බුදු හාමුදුරුවෝ දේශනා කලේ “ සප්ත අපරිහානි ධර්මය “ පිලිපදින්න විනාශ නොවෙන්න නම් කියල....
ඒක කරන්නෙ නැතිව වෙන වැඩ කරලා, වෙන ජාතින් එක්ක වෛරයකින්, අපි මහ ජාතිය කියන ලොකුකම හිතේ තියාගෙන හිටියට ඒකෙන් අපිට සෙතක් වෙන්නෙ නෑ...

අපිට ඉංග්‍රිසි තේරෙන්න පුලුවන් උනාට... අපිට ඉංග්‍රිසියෙන් හිතන්න බෑ... මොකද පොඩි කාලේ ඉදල අම්මගෙ ආභාෂයෙන් භාවමය හැඟීම් වලින් අපේ භාෂාව අපිට ජානගත වෙලා... ඉංග්‍රිසියෙන් කතා කරන්නෙ මුලින් සිංහලෙන් හිතල....

එතකොට දෙමල අයටත් දෙමල මිසක් සිංහලෙන් තමන්ගෙකම දැනෙන්න පුලුවන්ද කියන දේ නීති ප්‍රශ්න දාන මහ ලොකු මොල තියෙනව කියල හිතන අයට තේරෙන්නෙ නෑ...
ඔව් දෙමල සමහර අය මුස්ලිම් සමහර අය අතර අන්තවාදිත්වය, දැඩි ජාතිවාදය තියෙනවා... අපෙත් තියෙනවා... එහෙම තියෙනවා කියල ඒ අය එක්ක යුද්ධ කරන්න ඕන නෑනේ...

යුද්ධෙ කරපු අය දන්නවා කොයිතරම කැපවීමකින්ද දිනුවෙ කියල...
මට මතකයි අපේ පවුල් වල ආරක්ෂක හමුදා/ පොලිසි වල ඉහලම කැපවීම් කරමින් ඉහලම විදියට ගෞරවය රැකගෙන හිටිය අය විශේෂයෙන් අපේ Tissa මාමා වගේ අය.. යුද්ධෙ කලේ රට රකින්න මිසක්... ඒක කරන්න තිබුනු දේ නිසා මිසක් තව ජනවර්ගයක් එක්ක තරහකින් නෙමෙයි...
මට මතකයි එයාල යුද්ධෙ අත්දැකිම් නිසා යුද්ධෙට කැමති නෑ...

දැන් මෙතන ජාතිවාදය දේශපාලන උවමනා වලට අවුලවන්න දඟලන පොඩි අය... යුද්ධෙ කියල දෙයක් තිබුනද... උනේ මොනවද... ඇති උනේ මොකද කියලවත් දන්නෙ නෑ....
මනුස්සයෙක් උනාම මුලින් තමන් ගැන හිතල අනුන් ගැන උපමා කරන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා....

හිතන්න සිංහලකම ගැන ආඩම්බර වෙන අය.... තමන් දෙමල වෙලා ඉපදිලා නොතේරේන දෙයක් ජාතික හැඟීම ඇතිවෙන්න කියන්නෙ කොහොමද කියල..... ???


https://www.facebook.com/sukumal.harischandra/posts/10204897101701826

‪#‎සෙංකොට්ටං‬

අපේ Ayodhyaවි මේ ලගදි ‪#‎සෙංකොට්ටං‬ කියන පොතේ ඊබුක් එකක් එවල තිබ්බා..

මට වැඩිය ඊ බුක් කියවල පුරුද්දක් නැති උනත් කියවන්න හිතුනා...

ඒකෙ පටන් ගැනීමෙ තියෙනවා, අපේ රුවන්වැලි මහ සෑයේ ඉදිකිරිම් කටයුත්තකට පිත්තල අරගෙන යනවා, අද ගැනත් පුදුම හිතෙන විදියට පින් පිණිස පිත්තල පූජා කරන අය සෑහෙන්න ඉන්නවා... ඒකත් එක්තරා පුදුමයක්... ඒ ජාන තිබ්බ පරම්පරාවල අද ගොඩක් අය පිනට කම්මැලියි....
එතනදි රෙදි අපුල්ලන කෙනෙක් තමන්ගේ මුණුබුරාට පින් සිද්ධ වෙන්න කියල දෙන දේ “කිලි“ නිසා කියල ගන්නෙ නෑ...

ඒක බොහොම සංවේදී තැනක්... පින් කරන්න උත්සහ කරද්දි අසරණ වීමත්, උදව් කරන්න හද්දි ඒකට නොහැකියාවේදි ලැබෙන අසරණකමත් ලගින් යන ඒව වෙන්නැති....

කොහොම උනත් කියන්න ඕන දේ තමයි “ කිලි “ කියන්නෙ විෂබීජ....
බුදු රජාණන්වහන්සේවත් ධර්මයවත් කිසිම කිලියකට අහුවෙන්නෙ නෑ... ඒ අතින් නම් ලොකු උපාසක මහත්තයා දුර්වලයි...
උස් තැන් දැකල ඇකිලෙන... මිටි තැන් දැකල පුප්පන ගති එදත් අපේ තිබුනු බව එස්.මහින්ද හාමුදුරුවොත් කියල තියෙනවනේ..
කිලි ගැන කියවෙන කතා කියවෙන්නෙ ජ්‍යොතිෂ්‍යයට බැඳුනු ඒවයෙ....
හැබැයි වටේ පිටේ ඉන්න දෙවිවරුන්ට කිලි නිසා බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා...
නමුත් දහමට කිලි නෑ...

තව එකක් සර්වඥ ධාතු මන්දිර වලටත් විශේෂයෙන් කාන්තාවන්ට ඇතුලට යන්න නොදෙන්නේ “කිලි“ වගේ කතා මුල්කරගෙන...
බුදු හිමියන්ට කිලිවත්, දිශාවත් ඔය මොකවත් අදාල නෑ.. ඒනිසා සර්වඥ ධාතු මන්දිර ඇතුලට යන්න නොදීමත් අසාධාරණයක්...
- හැබැයි ඉතින් අපේ අයට ටිකක් දුන්නොත් ඒක හරියට පාවිච්චි කරන්න තේරෙන්නෙ නෑ...

* කුල භේදය ඇතිවෙන්නෙ මහා සම්මත රජ්ජුරුවො එක්ක... අඩු කුල වෙන්නෙ අඩුවෙන් පිරිස ඕන වැඩ වලදි... වෙන දේකදි නෙමෙයි... ගොවිතැන් කරන්න ගොඩක් අය ඕන නිසා ඉබේම මහ කුලය උනා...
අදටත් කුලය හොයනවා කසාදෙදි... ඒක හරිද වැරදිද කෙසේ වෙතත්...
වෙනස් කුල වල කෙරෙන දේකින් වරදක් උනොත්... කුලය බලන්නත් තිබ්බ කියල කතා වෙනව...

ජිවිතේ කියන්නෙ කියවල ඉවර කරගන්න බැරි පොතක්... හ්ම් මට එහෙම හිතෙනව... 

* * කතාව දුකයි... මේ කතාවෙත් බැද්දේගම කතාවෙත් යම් සමානකමක් පෙනුනත්... ලොකු සමානකමක් නෑ...
අසරණ වෙන ජිවිත ගැන අපි හිතද්දි මේ ආත්ම භවයේ හොඳ උනාට කලින් හරියට නොහිටියේ ප්‍රතිඵල වෙන්න ඕන...
ඒකටත් එක්ක මේ භවයේ හොද වෙන අය ඒක හරියට රැකගන්න වැඩ කරන්නෙ අඩුවෙන්...

පොත හොද උනත් මේක mind blowing නිසා කෙනෙකුට දෙද්දි එයා සුදුසුද කියල හොයල දෙන්න ඕන හ්ම්...

Saturday, March 21, 2015

Sumthing touching - Blind Side 2009

A movie sumthing dig deeper to  heart....

Only being super wealthy or at least wealthy can help this kinda situations... with mony u can solve 70% problems in life...
God I hate to collect money frm ppl to do good...

Hmm giving hand to a helpless one... ah thats a great thing.... I wish I was super wealthy.... still doing small helping hands... n I can easily arrange things, and start sumthing like foundation...
I hate to do things with other people's money... even though I can make it vigilant...
Also I have experiences bout Fb groups n things how they do it... I m nt ok with their charity things...

Anyways its comforting to think giving helping hand and this movie is a true story.... really love it...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204887718027240
Real Family 

Friday, March 20, 2015

එදා වාගේ අදත්... හ්ම්....

එදා වාගේ අදත්... පොද වැස්ස වැටෙනවා...
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා......
නුඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා.....
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....... 

දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා.....
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..........
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා.....
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.....

අනාගත වාලුකා කතර මැද තනිවෙලා....
කෙසේ පා ඔසවමිද.. සා පවස විඳ දරා....
පුර පසෙක නොවී නුඹ ... අවපසෙක සඳ උනා...
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා......

Monday, March 16, 2015

One good Daughter

හ්ම්... ඇත්ත තමයි...

හොඳ එක දුවෙක්... පිරිමි දරුවෝ 5 නෙමෙයි 10කටත් වඩා වටිනවා...

බුදු හාමුදුරුවෝ කොසොල් රජතුමාටත් දේශනා කරල තියෙනවනේ....

“රජතුමනි, ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති.
නැණවත්, සිල්වත් ස්වාමියා කෙරෙහි පමණක් සිත් ඇතිව ඔහුව දේවත්වයෙන් සලකා කටයුතු කරන ස්ත්‍රීහු වෙති. එබැවින් ඔවුන් පෝෂණය කරන්න. ඔවුහු ශ්‍රේෂ්ඨ පුත්‍රයෝ බිහිකරති.
එබඳු වාසනාවන්තියන්ගේ පුත්‍රයෝ රජකම හෝ රජුගේ අනුශාසකත්වය හෝ ලබන්නාහ“.

අදහස හරියට මතක නැතිව ඉද්දි මතක් කරල දුන්නු අපේ Dinush අයියට පින්..)

සැබෑ තත්වය ඒක තමයි.. එහෙම හොඳ දුවලා ලෝකෙ ඉන්නවා...

ඒ අතරම අද යම් දුවලා පිරිසකට එනවා එක්තරා ආකාරයකට මාන්නාධිකමක්...
සරලව කිව්වොත් තමන්ගෙ තත්වය ඉහල යද්දි උගත්කමින්, ධනයෙන්, තනතුරු වලින් වගේ ඒවයෙන්..
එහෙම අය ගොඩක් වෙලාවට ගමන හරියට යන්න දන්නෙ නෑ..

ඉතිහාසයේ ඉදලම අපි අම්මට සහෝදරීට සැලකුවේ අනිත් අයට වඩා ඉහල උතුම් තැනක් දීලා... ඒක හරියට ලබාගන්න ඒ අය වැඩ කරන්න ඕන...

ඒක එහෙම හිතෙන්නේ, මීට දශක 3-5කට කලින් ඉතිහාසෙ ගැන හිතුවම වැඩි උගත්කමක් තත්වයක් නැතිව උනත් හිටිය සමහර කාන්තාවන්, එයාලගේ හැසිරීම, පවුල් ජීවිත අදටත් ගරුත්වයෙන් මතක් කෙරෙන නිසා...
අද සමහරවිට ගොඩක් තත්ව ලබපු කාන්තා පාර්ශවයේ අයට ඒ ගරුත්වය ලබාගන්න අමාරුයි.. ඒක විතරක් කණගාටුවට දෙයක්...
ගරුත්වය හරි වටිනව... හ්ම්...

Sunday, March 15, 2015

School & Success





ලෝකයේ ඉතා සාර්ථකත්වයට පත් සියලුදෙනා දෙස බලද්දි ඔවුන් ජිවිතය නිදහසේ ගමන් කරන්නට ඉඩ දුන් අයයි...
අතිබහුතරය ඉතා අසරණ ලෙසින් ජිවිතය පටන්ගෙන කටයුතු කර ඇති අතර, කාරණා 2ක් ජිවිතයේ ඔවුන්ට වැදගත් විය.

1. ඔවුන්ගේ ජිවිත මෙහෙයවන්නට අන් අය නොහිඳීම.
2. අවදානම් තීරණ ගැනීමෙන් අහිමි වන්නට විශේෂ දේවල් නොවීම.

තෝමස් අල්වා එඩිසන් ඉස්කෝලෙ යන කාලේ, ඔහුගේ මනස විකල් කියල, ඉගෙනීමට නුසුදුස්සෙකු ලෙස ගුරුතුමා තීරණ කර අතර ඔහුව පාසලෙන් නෙරපුවා..
ඒත් අද අපි ඔහු ගැන කතා කරන්නේ, විශිෂ්ඨ නිමැවුම්කරුවෙක් විදියට...

මූලික අධ්‍යාපනයත් නැති උනාට, එයාගෙ වාසනාව නිසා තමන්ගෙ ජිවිතය තමන්ට ඕන විදියට ගත කරන්න ලැබුනා... හ්ම්..

“ දරුවා නොදැනුවත්කම සහ කුතුහලය සමග පාසලට ඇතුල්වෙයි. නොදැනුවත්කම ඇතිව කුතුහලය නැතිව පාසලෙන් පිටවෙයි “
- වෙලාවට තෝමස් අල්වා එඩිසන්ට එහෙම උනේ නෑ...

Saturday, March 14, 2015

Wid Thanuja & Dasuni Nangila... @Law Faculty - 03/11



I wanted to meet Dasuni Nangi for sometime and we met her at the Parliament 4th of March..

Needed to continue conversation... also wid Thanuja Nangi...

So I had to meet Danu n give that bee honey. After that I came to Colombo Campus and it was 11.00 am.


Then I asked Dilhara Nangi if she's there, and she was.

So I talked wid Dilhara Nangi n her frnds until 12...

Then I met Dasuni and Thanuja. talked almost 3 hours... good kids... So much to learn and think I feel...
hmm...


https://www.facebook.com/sukumal.harischandra/posts/10204805589294073

Sunday, March 8, 2015

“ මහින්ද මහත්තයා නැවතට බලයට ගේන්න දඟලන රැළි ගැන... “

* මීට ටික දිනකට කලියෙන් මහින්ද මහත්තයාගෙ ලග ඥාතියෙකු, හිතවතෙකු මුණ ගැසීමට පෙර හිතුවේ, මහින්ද මහත්තයට නැවත බලයට ඒමට ඒ තරම උවමනාවක් නැති බවත් ඒකට පණ දෙන්නේ දේශපාලන අනාථයන් බවත්ය...

* මීට ටික දිනකට කලියෙන් මහින්ද මහත්තයාගෙ ලග ඥාතියෙකු, හිතවතෙකු මුණ ගැසීමට පෙර හිතුවේ, මහින්ද මහත්තයට නැවත බලයට ඒමට ඒ තරම උවමනාවක් නැති බවත් ඒකට පණ දෙන්නේ දේශපාලන අනාථයන් බවත්ය...

* නමුත් සැබෑව නම්, එම අනාථයන්ටත් වඩා මේ වැඩ වලට මූලික මහන්සිය දරන්නේද එතුමාමය... වීරවංශ ආදි දේශපාලන අනාථයන් කරන්නෙ එම කටයුත්තට එළිපිට සහය දැක්වීම පමණය...

* නුගේගොඩ රැළියේ පින්තූර ගැනීම කර ඇත්තේ, වීරවංශගේ කලින් අමාත්‍යංශයේ එනම් නිවාස සංවර්ධන අධිකාරියේ ඡායාරූප ශිල්පීන්ය. යහපාලන ආණ්ඩුවක් ආවට ඒ අය මාරු කර නැත.

* මහින්ද මහත්තයා යන යන තැන් වලට රු.1000-3000-5000 ගණන් ගෙවමින් කාන්තා පාර්ශවය අඬන්නට ගෙන්වන බව දැනගෙන සිටියද, සෑම තැනකදීම පැමිණෙන්නේ එකම පිරිසක් බව මනාවට පින්තූර පරික්ෂාවෙන් සොයාගත හැකිවනු ඇත.

*** ඔය මොනවා කලත්... බල තණ්හාව තිබුනත්... යහපාලන ආණ්ඩුව නිවරදිම නොවුනත්... නැවත බලයට ඒමක් මහින්ද මහත්තයාට ඇත්තේ නැත... ඔච්චර තමාය...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204778472256164

https://www.facebook.com/sukumal.harischandra/posts/10204804512627157

Friday, March 6, 2015

කතරගම දෙවියන් සහ දේව වන්දනාව...

මේක මේ කියන්න හිතෙන්නෙ අමාදහර බලන ගමන්, හිරු එකේ කතරගම දෙවියන් ගැන කතා ඇහුවම..
කතරගම දෙවියන් ගැන එක එක කතා තියෙනව... සිංහල බෞද්ධ දෙවි කෙනෙක් කියලත් අඳුන්වනවා... මතු බුදුවන්න පෙරුම් පුරන දෙවි කෙනෙක්... ඊශ්වර/ශිව දෙවියන්ගේ පුතා...

ජ්‍යොතිෂ්‍යයට අනුව කුජ කියන අඟහරුගේ බලය නිරූපනයටත්, ඒ අපල දුරු වෙන්නත් වැදගත් දෙවි කෙනෙක්... කුජ බලවත් නිසා පෞද්ගලිකව මම අත්දැකීමෙන් දන්න ආශිර්වාදයක් ලබාදුන් දෙවි කෙනෙක්...

 දන්න සමහර අය කියනවා දෙවියන්ට වැඳලා වැඩක් නෑ, පඩියෙන් පූජා වට්ටි අරගෙන කතරගම දේවාලෙට ගියා, අච්චර මෙච්චර අමාරුකම් තියෙද්දි කලේ කියල...
කතරගම දේවාලෙට ගියා කියල හැමදේම හරියන්නෙ නෑ... ඒකටත් ක්‍රමයක් තියෙනව... අපිට වගෙම තමයි... දෙවියන්ටත් දේවල් කරන පිලිවෙලක් තියෙනව..
තමන්ගේ සීලය බලපානව, කතරගම ගිහින් මුලින්ම යන්න ඕක කිරි වෙහෙරට... එතන පුද පූජා නිවරදිව කරන්න ඕන...
ඊට පස්සෙ කඩවර දේවාලෙට ගිහින් කඩවර දෙවියන්ට පූජා කරන්න ඕන. කඩවර දෙවියන් තමයි දොරටුපාලකය වෙන්නෙ...
ඊට පස්සෙයි කතරගම දෙවියන්ට පූජා කරල, පිහිට ගන්න ඕන...
අනිත් කාරණය තමයි කතරගම දෙවියන්ගෙ එක ධජයක් “සැවුල් දද“... ඒකියන්නෙ හිරු උදාව එක්ක කුකුලාගෙ සම්බන්ධය...
කුකුල් මස් කන ගමන් කතරගම දෙවියන්ගෙ ආශිර්වාද ලැබේද කියල ආයෙ හිතන එක වටිනව.... .

ඉන්දියාවෙ අදටත් මුරුගන්, කාර්තිකෙ කියල අඳුන්වන මහ බලගතු දෙවි කෙනෙක් කතරගම/ස්කන්ධ කුමාර දෙවියන්...
බලංගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවො වදාරල තිබුනා වැඩිහිටි කන්දෙ ඉදන් භාවනානුයෝගිව වැඩ ඉන්නව කියල...
ටීවි එකට ඇවිත් බොරු කියල, ප්‍රේතයන්ගෙ බලයට කේන්දර කියන සමහර ජ්‍යොතිර්වෙදින් කියාගන්න අය නිසා රැවටිලා කතරගම දෙවියො බලන්න ගිය අයත් පහුගිය කාලෙ හිටිය..

Thursday, March 5, 2015

Yesterday at Parliament


Its a pleasure to do sum help to a person who showed exceptional loyalty...
It was grt to meet U for da first time Dasuni nangi... n also Thanuja nangi, Suharshi n Sawani..

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයත් හරි ෂෝක්නෙ,
හිටිය පැය 2-3 ට ආණ්ඩු බලයත් , ඒ හා බැදුනු ප්‍රශ්න ගැනත් සෑහෙන්න තේරුනා..
ඇමති කෙනෙක් විදියට කලින් අය එක්ක බලද්දි සෑහෙන්න හොදයි වගෙම, මාධ්‍යවේදීන්ට දෙන සංග්‍රහ පවා අමාත්‍යාංශයට නොදා තමන්ගෙ වියදමින් කරන එකට ගොඩක් සතුටුයි..
ඒකෙ කාර්ය මණ්ඩලය වගේම ඇමතිතුමාගෙ ඉස්සර ඉදන් හිටිය අයත් හරි සුහදයි වගේම, උදව් කරන්න ලෑස්ති අය...
අපි දැනන් හිටිය සමහර ඇමතිලගෙ නම්, කාර්ය මණ්ඩල වල අය හැසිරුනේ ඇමති පවර් තමන්ට අරගෙන මහින්ද මහත්තයගෙ කාලේ.....
social media ගැන අමාත්‍යාංශයෙන් පත් කරපු මහත්තයට, ඇමතිතුමාගෙ ඉල්ලීමට කියල දෙන්නත් උනා...

නලු, නිලි කීපදෙනෙක් එක කතා කරන්නත් ලැබුන...
පුදුමෙ කියන්නෙ, එතනදිත් දන්න අයට රස්සා අරන් දෙන්න මට පුලුවන් කියල හිතන අය ඉන්න එකයි... ඒකට නම් සතුටු වෙන්නද, දුක් වෙන්නද කියල තේරෙන්නෙ නෑ.. හ්ම්

ගයි මාමට සෝෂල් මිඩියා ගැන තේරුමක් නෑ ඒක පොඩි පහේ අවුලක්. ජනාධිපතිතුමත් සෝෂල් මිඩියා වල වැදගත්කම අගය කරන කාලෙක අනිත් අයත් ඒ ගැන දැනුවත් වෙන එක වටිනව..
අලුතෙන් කරන පේජ් එක කරන අයට සෝෂල් මිඩියා ගැන තේරුමක් නෑ. එයාල පත්තර වල කරන පිලිවෙලට කරනව කියලයි මට හිතෙන්නෙ.. කියල දිලා මගෙ නොම්මරෙත් ඉල්ල ගත්ත කතා කරන්න කියල.. හ්ම්...