Tweets by @Tweetsbysuku myblog: June 2014

Facebook Fan Page

Sunday, June 29, 2014

උද්ධච්ඡ උගතුන්

PHD තියෙන උගතුන්ටවත් නැති අහංකාරකමක් Fb එන Degreeය ගත්ත ඇතැම් උගත් අයට තියෙනව
එහෙම අයගෙ උගත්කම නිසා මොළේ ඉදිමිලාද නැත්නම් අපිට වඩා උගත් නිසා අපිට නොතේරෙන දේවල් තේරෙනව මංදා.

අපි කියන දේවල් පිලිගන්න අය එහෙම අයට මෝඩ අයලු. අපේ රට හරි වාසනාවන්තයි. පලවෙනි/බේසික් උපාධිය ගත්ත ගමන්ම රට ගැන හිතන ඒවගේ උගත්තු ඉන්න එකට...
සමහර එහෙම උගත්තු රට ගැන හිතල ඡන්දෙත් දුන්නෙ නෑලු. තමන්ගෙ රටේ මූලික අයිතිවාසිකමක් වෙච්ච ඡන්ද ප්‍රකාශ කිරීම නොකර සිටිම ඒක රටට ආදරයක්ලු.

දැන නොදැන, ඍජුව හෝ වක්‍රව රට විනාශය කරන පේජ් වලට ලයික් කර කර ඒවා ෂෙයා කර කර මෙතන සිඟිති ආතල් දෙන බාල පේජ් වල ඒවා ලොකු කරගෙන ඉන්න උපාධි ඇති ඇතුම් උගතුන්.... හ්ම්...

නිදහස් අධ්‍යාපනයෙන් අපි වගේ ඉගෙන ගෙන, අපිට වඩා ඉහලට ඉගෙන ගෙන, එයාල රටට දක්වන ආදරේ හින්ද තමයි අද අපේ රට ආසියාවේ ආශ්චර්යය වෙලා තියෙන්නෙ... නේද... ?

Wednesday, June 18, 2014

Copy Cat >

" Social Media Executive " There is no such post in whole world, only Social Media Manager..., 
I made it to Lankanadclick/ Nature plus lanka when I started doing social media marketing for them... they have no complains bout that post or name... 
Now I see so many Social media Executives...  :P


Social Media Executive කියල ප්‍රචාරණ තනතුරක් ලෝකෙ කොහේවත් තිබුනෙ නෑ. 
Social Media Manager කියල තමයි තියෙන්නෙ. 
මම ගිය අවුරුද්දේ Lankanadclick / Nature Plus Lanka කම්පනියට සෝෂල් මීඩිය කරද්දි ඒ කම්පනි වල ඉහල අයගෙන් අහලයි පෝස්ට් එක දාගත්තෙ ඒ විදියට....
පහුගිය දවසක මම දන්න ප්‍රසිද්ධ කෙනෙක් හොයල තිබුනා Social Media Manager කෙනෙක්ව තමන්ගෙ ෆැන් පේජ් එක ගෙනියන්න... ගොඩක් අය මසේජ් කරලා තිබ්බා, I m a social media executive to this _________ company.....  

Tuesday, June 10, 2014

ශුභවාදි චින්තන සහ පැතුම් සඵල වීම

පහුගිය ටිකේ මගෙත් ග්‍රහචාරයේ අවුලක් තියෙනව කියල. හිතුනා පස්සෙ ඒක කේන්දර අයියට කතා කරල විසදගත්ත.
කොහොම හරි ඒ අවුල විසදෙනව එක්කම මට තේරුනා ග්‍රහචාරය වෙනස් වෙච්ච බව. ඒ අනුව පස්සෙන්දා ඉදලම ප්‍රතිඵල හොදයි.

මට හිතෙන්නෙ ඒ මනසේ ස්වභාවයට අනුව. සෑහෙන්න මනෝ විද්‍යාව, ශුභවාදි චින්තනයට අදාල ඒව කියවල තියෙන නිසා මට දැන් ඒක එහෙම හිතනව.

මේකට සමාන අත්දැකීමක් Think & Grow Rich ලියපු +Napolean Hill Fan Pageගෙ කතාවල තියෙනව. ඇත්තටම එකක් නෙමෙයි සෑහෙන දේවල්.

ඒ අනුව හිතෙන්නෙ මනස අනුවයි තීරණය වෙන්නෙ කියල. නැහැ බැහැ වෙනුවෙන් හැකියි පුලුවන් කියල හිටිය නම් හරි...

ඒකෙ මට දැනුනු දේ යම් අපහසුතා තියෙද්දි යුතුකම් ලෙස මම පහුගිය මාස වල පන්සල් වලට අසරණ අයට දුන්නු ඒවා වෙනස් කලේ නෑ. ඒව ඒ විදියටම දුන්නා. මට යම් අපහසුකම් ඒනිසා ඇති උනා. ඒව ගණන් ගත්තෙ නෑ. අද ඒක හරි කියල හිතෙනව...

නැපෝලියන් හිල් එයාගෙ පොතට ප්‍රකාශකයෙක් හොයාගන්න විදියක් නැතිව ෆිලඩෙල්ෆියාව වගේ දුරකට ගිහිල්ලත් එතනදි වැඩිය අතේ සල්ලි නොතිබිත් මිල අධිකම සැප පහසුම හෝටෙලේ කාමරයක් අරගෙන ඉද්දි හරිම ප්‍රකාශකය මුණ ගැහිලා ජිවිතේ වෙනස් වෙච්ච බව තියෙනව. හ්ම්... ඒකියන්නෙ ශුභවාදි සිතිවිල්ල තමයි මූලික. 

හිනයි...

සමහර අයට අපි දේශපාලකයෙක්ගෙ පේජ් එකකට ලයික් කරන්න කිව්වම ලයික් කරන්න බෑලු දේශපාලනයට කැමති නෑලු....
හැබැයි එහෙම කියන අයම රට විනාස කරන බව දැන දැනත් පාරවල් හැදුවා, මට රස්සාව දෙන්නේ මේ අය තමයි කියල ගිහිල්ලා ඡන්දෙ නම් දෙනව....

තව හොයද්දි මෙතන රට විනාස කරන පේජ් වලට ලයික් කමෙන්ට් කරනවා, මෙතන ඉදන් දහම විනාස කරන අයටත් ලයික් කරනවා. රට ගැන අබමල් රේණුවක දැනුමක් ආදරයක් නැති සමහර නළු නිලියන්ට ආසාවෙන් ලයික් කරනව. මෙතන ඉදගෙන ධනාත්මක චින්තන බිස්නස් කරලා සමහර අයගෙ ජිවිත මනෝ මූලික අක්‍රමිකතා වලින් පුරවන අයගේ ඒවටත් එයාල හරි කැමතියි....

එහෙම තියාගෙන අපි කිව්වම විතරක්... එයාල හරි ප්‍රතිපත්තිගරුක වැදගත් අයලු !

Monday, June 9, 2014

ආදරේ කරද්දි... හ්ම්

ආදරේ කරද්දි... හ්ම්...

මරදානේ කාන්ති අයිය කියපු විදියට කරන එකෙත් නරකක් නෑ... කෝමත් එහෙම තමයි....

වැරදුනු දේවල් අසාර්ථකවීම් නිතර මුණ ගැහිලා හදාගැනීම් වටිනවා.... ඒ ගැන හිතද්දි හිතට ටිකක් හොඳයි...

කොච්චර උනත් ඕන නැති තරහ හිතට අඩුවෙන් අරගෙන වැඩ කරන්න පුරුදු වෙන එක ඇඟට ගුණයි... හ්ම්...

දවල්ට නැප් එකට කියල පැය 2ක් නින්ද යෑම බරපතල අවුලක්. මොකද පැය බාගයයි උපරිම. 

Sunday, June 8, 2014

Job... hmm

Some people gt used to "JOB".... one after another.... they know job is not good enough for stay on foot, but they cant change their lives without it.....
They say its hard to take a risk... but in real doing job is a great risk...
we never know when company or boss decide to throw us from job......
Hard to fight back too.... etc...

They suck into that so called reality.. not only them.. most of them.. including... hmm

සමහර අයට ජීවිතේ හැමදේම රස්සාව... ඉතින් ජිවිතේ වැදගත්ම කාලේ කරන්නෙ කාගේ හරි ඔෆිස් එකකට වෙලා ඒකට වැඩ කරන එකනේ... රස්සාවත් එපා වෙද්දි තව රස්සාවක් කරනවා... මොකද රස්සා නැතිව පඩියක් නැ පඩිය නැතිව අනාගත බලාපොරොත්තු නෑ...

එයාල කියන්නෙ අවදානමක් ගන්න කැමති නෑ බිස්නස් කරන්න කියල. ඒත් රස්සාව කියන්නෙ මහා අවදානමක් මොකද අපි දන්නෙ නෑ කම්පනියට අපිව එපා වෙන වෙලාව... ඒවගේම අනිත් පැත්තට අයිතීන් වෙනුවෙන් සටන් කරන ගියොත්වියදම් වැඩි අමාරු වැඩක්...

ලංකාවෙ අය තරම් අවදානම් ගන්න අය ලෝකෙ නෑ මගේ හිතේ...
ඕස්ට්‍රේලියාවට ගන්නෙ නැති බව දැන දැනත් අල්ලන අය ගැන දැන දැනත් දවසට කීදෙනෙක් යනවද බෝට්ටු වලින්... ?

No title

Sometimes its hard not to yell it to the whole world.... hmm don't know why...

Viren advised me to express, but I still and will not express.

Things kinda different and fortunately I found one mistake of using so many Yantras...
However it took some time to understand da wrath and got effects...

Nevertheless ... hmm

Its hard to keep away from her, but I know she ll get use to it... and soon I ll be just a memory to her...
So life is still continues to flow I guess.. hmmm 

Friday, June 6, 2014

ආදරේ අන්තිම දවස්.. ගිය අවුරුද්දෙ මේ කාලේ...(06/2013)

ගිය අවුරුද්දේ මේ කාලේ ආදරේ අන්තිම දවස්ය... මට නම් තවම ප්‍රේමයක් නැති උනාට.. ඔයා 1, 2ක්ද 3ක්ද අනේ මංදා...

පරණ මසේජස් කියෙව්ව... හ්ම්... මට තේරේනවා මම හරි නපුරුයි කියල තරහ ආවම... ඒක ගැන අදටත් කණගාටු වෙනව... ඒවගේම ඒ අනවශ්‍ය මෝඩ තරහ නිසා මම ගොඩක් දේවල් නැති කරගෙන තියෙනවා ඔයාව වගේම... හ්ම්... එක දෙයක් මම එච්චර තරහ ගත්තෙ ගොඩක් සාධාරණ හේතු මත... ඔයා ඒව දැක්කෙ නිදහසට බාධා වීම් වගේ... මම මගේ කාලය ප්‍රේමයට යෙදෙව්වම ඔයා ඒ කාලෙත් අරගෙන නිදහස භුක්ති වින්ඳ... හ්ම්...
ඒත් ඉතින් ඔයාගෙ හුරතලේ නම් බොරු.. ඒත් ඒකට ඒකාලේ කැමති උනා...
අපේ අම්ම පවා ඔයාට ආදරෙයි මට වඩා... හ්ම්...
අඬන්න තිබ්බ නම් අඬන්න පුලුවනි.... ඒත් කඳුළු විතරමයි... ඔයා නිසා අඬල තියෙනව... ඇඬුනෙ නම් ඔයා වෙන කෙනෙක් එක්ක යාළුයි කියල හරියටම දැනගත්ත දවසේ... එදා දුක කියන්න කෙනෙක් නොහිටිය නිසා පියුමි අක්කට කිව්වෙ... පියුමි අක්ක හිත හැදුව හ්ම්...
මසේජස් කියවද්දි කොච්චර දේවල් හිතෙනවද කියන්න... කෝ ඉතින් ඒව අහන්න ඔයා නෑනේ... හ්ම්...

දැන් ඉතින් ප්‍රේමයක් හිතුනත් ඒක කියාගන්න නීති රීති, බාධා වැඩිනේ... ඒකෙත් හැටි...
තරහ ගියත් හිත රිද්දුවත්... නීති දැම්මත් මම අදටත් වෙන කෙනෙක්ට ආදරේ කරල නෑ... එහෙම අවස්ථා නම් සෑහෙන්න ආවා... ඉස්සරහට තව එයිද මංදා... 

Thursday, June 5, 2014

මේ දවස් වල...


මේ දවස් වල 1 මාස ගානක් බලාගෙන හිටපු ගයි මාමගේ පේජ් එක හැදුවා.

https://www.facebook.com/gayanthakarunathilakaofficial

ඒකට නැකත හදවන්නම සති 4කට වඩා ගියා. කොහොම හරි අද ඒක කරගත්ත.

ඊට අමතරව සාමාන්‍ය විදියට වැඩ වෙනව. කොහොම උනත් වෙනදට වඩා අවුලක් හිතට දැනෙනවා මොකක්ද කියල හරියටම තේරෙන්නෙ නෑ.

හොඳටම තේරෙන්නෙ වැඩ කල් යන ගතියක්. මංදා ග්‍රහචාරයේ අවුලක්ද කියල.

ප්‍රේමයක් හෝ ප්‍රේමයට ආසන්න දෙයක් හංගාගෙන ඉන්න එකත් ලේසි නෑ. වේදනාවත් එක්ක.. සිහින කුමරි නංගි කිව්වෙ පපුව හිරවෙනව වගේ දැනෙනව කියල.... හ්ම් ඒක ඇත්ත ඒ වගේත් තමයි... කොහොම උනත් දුරස් වෙන්න පුලුවන් නම් කරදර නෑ. වැඩේ තියෙන්නෙ හැඟීම් පාලනයට උගන්වන්නෙත් ඒව එහෙම නොකරන අය වීම... හ්ම්... 

Wednesday, June 4, 2014

බිස්නස් ඇයි - 5 ( Products - Cinnamon Tea)

මම නේචර් ප්ලස් එකට සම්බන්ධ වෙන්නෙ ඒකෙ තියෙන ප්ලැන් එක ලංකාවේ මේ වෙලාවේ තියෙන හොඳම ප්ලැන් එක බව තහවුරු කරගෙනයි.

නමුත් ප්‍රඩක්ට්ස් වලට නෙමෙයි මම යන්නේ, හොඳම ප්ලැන් එකට...

ප්‍රඩක්ට්ස් ගැන නොහිතුවත් මෙතනදි මම පාවිච්චි කරන ඉතාම හොඳ තත්වයේ කියල සහතික කරන්න පුලුවන් ප්‍රඩක්ට්ස් කීපයක් ගැන ලියන්න හිතුන.

1. Cinnamon Tea ( including Black Tea & Green Tea)

සරලවම කිව්වොත් ඕනම කෙට්ටු කෙනෙක්ගෙ උනත් ශරීරයෙ අවුරුද්දක් ඇතුලත පිරිසිදු නොකලොත් කිලෝ 8ක් 12ක් අතර අපද්‍රව්‍ය ගබඩා වෙනව. ඒ අපද්‍රව්‍ය පසුකාලීනව පිළිකා දක්වා හේතු වෙන්න පුලුවනි.
මේව කුඩා බඩ වැලේ, මහ බඩවැලේ හිර වෙලා නිසා අවශ්‍ය පෝෂණ කොටස් ඇඟට උරා ගන්නෙ නෑ. ඒවගේම අධික කොලෙස්ටරෝල් තියෙන එක නිසා රුධිර නාලිකා ඇතුලේ පවා මේද තට්ටු තියෙනව. ඒව අයින් කරන්න තවම වෛද්‍ය විද්‍යාවේ කිසිම ක්‍රමයක් හොයල නෑ.

මේව යවන්න අපිට පොඩි කාලේ ඉදල කියල තියෙනව තන්තු අධික ආහාර ගන්න කියල(Fiber). අඹ, කොහිල වගේ දේවල්. නමුත් අපි කන්නෙ අඩුවෙන්.
ඒනිසා මේ අපද්‍රව්‍ය ඇගෙන් බැහැර වෙන්නෙ අඩුවෙන්.
ඒකට පිලියමක් විදියට තමයි කුරුඳු තේ එක භාවිත වෙන්නෙ.  

කුරුඳු ගැන කිව්වොත් කුරුඳු කියන්නෙ තන්තු අධික ආහාරයක්. ඒවගේම ලෝක කුරුඳු නිෂ්පාදනයෙන් 90%ක් ලබාදෙන්නෙ ලංකාවෙන්. හරියට හිතුවොත් ඉස්සර පෘතුගීසි ලන්දේසි ලංකාව අල්ලන්නත් මූලික හේතුවක් වෙන්නෙ ‘කුරුඳු‘.  ( නැවක් ආවම ඒකෙ 50න් 30ක් ලංකාවෙ බස්සලා ඉතිරි වෙන ඉඩේ ගෙනියන්නේ මුතු මැණික්, කුරුඳු).

කුරුඳුත් වර්ග 10ක් විතර තියෙනව, ඒකෙනුත් වැඩිම තන්තු ප්‍රමාණයක් තියෙන්නේ ‘පැණි කුරුඳු‘ වල.

එතකොට මේ කුරුඳු තේකට භාවිත වෙන්නෙ පැණි කුරුඳු, ඒවගේම කළු තේ සහ කොළ තේ එකතු කරල හදල  තියෙන්නෙ.

මේක කෝස් එකක් විදියට දවස් 20කට දෙනව සෑහෙන වෙනසක් දැනෙනව. මම නම් දවසට 2පාරයි උපරිම වෙනසක් මට තියෙනව ඇඟේ අනවශ්‍ය මේදය අයින් වීම ඇඟට දැනෙන දෙයක්.

* තව දෙයක් අපි ඉපදුනු දවසේ ඉදන් මැරෙනකම්ම නොනවත්වා වැඩ කරන අවයවයක් තියෙනවා. ඒ තමයි හදවත. හැමදාම හැමතිස්සෙම පොම්ප කරනව. ඒක කරන්න මූලිකව වැදගත් වෙන දෙයක් තමයි කැල්සියම්. (කැල්සියම් අවශ්‍ය පමණට වඩා අඩු උනාම හදවත නවතින්නෙ නෑ, එයා ඒව අදින්නෙ අස්ථි වලින්. වයස 40-50 වෙද්දිම අස්ථි වල ගැටළු ඇතිවෙන්නෙ මේ නිසයි)

අපි බොන කිරි තේ එකක කැල්සියම් 0.03mg වගේ තියෙන්නෙ. සිනමන් තේ එකක 55.65mg තියෙනව. 

* ඉතින් සති 3-4ක් භාවිත කලාම මට තේරෙනව වෙනසක්....


Tuesday, June 3, 2014

බිස්නස් ඇයි - 4 (රස්සාවේ පීඩනය සහ අප ව්‍යාපාරයේ සැනසීම)

ව්‍යාපාරයක් සහ රස්සාවක වෙනස්කම් මොනවද කියල ඇහුවොත් ව්‍යාපරයක් රස්සාවකට වඩා සෑහෙන දියුණුයි, මුල් කාලීනව කැපකිරීම් ටිකක් වැඩි උනත් ආදායම සාපේක්ෂව සාමාන්‍ය උනත් පසුකාලීනම හුඟක් වැඩියි.

මේ කියන්නෙ මගේ අත්දැකීමක්, මට මතකයි මම Network marketing (අපි කරන ඒව) පටන් ගත්ත මුල් කාලයේ මම වැඩ කලේ මට ඕන විදියට. ඒක වැරද නෑ නමුත් ඒක නෙමෙයි නියම ක්‍රමය. එතනදි අපිට දෙන අධ්‍යාපනය එක්ක අනුගත වෙලා කලා නම් ආරම්භයෙදිම ලොකු දියුණුවක් මම ලබනව.
ඉතින් මම මට ඕන විදියට කරලා සෑහෙන අසාර්ථකවීම් අත්දැක්ක. වෙනස තමයි අපේ ව්‍යාපාරයේ අපිට උදව් කරන සියලු දෙනා ඒ තත්වයන් දැන දැනත් අපිව අත්හැර නොගිහින් උදව් කරපු එක.
ඒ උදව් අදටත් තියෙනව. වැඩ වරද්ද ගත්ත කියල අසාර්ථකවීම් පාඩු හවුවේ අපිව අතාරින්නේ නෑ.

මීට මාස 2-3කට කලින් මම දන්න අයිය කෙනෙක් (වයස 32) මූල්‍ය ආයතනයක අලුතින් රස්සාවට ගියා. ආර්ථික අපහසුතා, බඳින්න ඉන්න ගෑණු ළමයගෙ ගෙදරින් තියෙන පීඩනය වගේ ඒව මට කියපු නිසා මම අපේ ව්‍යාපාරය ගැනත් දැනුවත් කලා. මුලින් එන්න කැමති උනත් පස්සෙ ඒ අයිය කියන්න ගත්ත ඒ අයියගෙ රස්සාවේ වටිනකම(ඉතාම අඩු පඩියක් තිබ්බෙ මූලිකව) වගේ දේවල්.
අපේ ව්‍යාපාරය හැමඅතින්ම හොඳ උනත්, වෙන ව්‍යාපාර වලට වගේ නොවි ඉතාම අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න පුලුවන් උනත් ඊට වඩා රස්සාව විතරක් කරන එක වටිනව කිව්ව. මාත් ඉතින් හා එහෙම නම් කමක් නෑ අයියෙ කිව්ව, මොකද අයිය ඇත්තටම දක්ෂ, හිත හොඳ කෙනෙක්, ගොඩක් කැපවීමෙන් කටයුතු කරන. ඒක මාකටින් ජොබ් එකක්. ටාගට් ලැබෙන දෙයක්.

සතියකට විතර කලින් මට කතා කරල කියනව ටාගට් කවර් නොකරපු නිසා රස්සාවෙන් දැන් කරදරලු. ලගදිම අයින් කරයිලු, දැන් තව රස්සාවකට යන්න වෙනවලු.
මම ඒත් හිතුවෙ මේ තරම දක්ෂ කෙනෙක්ට උනත් අසාර්ථකවීම් වලදි රස්සාවෙන් පිහිටක් නෑ. පුදුම තරම් පීඩනයක් දෙනව. මුළු ජීවිතේම රස්සාවට කැප කරලා, ජීවිතේ වටිනම කාලය රස්සාව වෙනුවෙන් පූජා කරනවට( සතියේ දවස් වල උදේ 8-9 , 4-5) අසාර්ථකවීම් වලදි ලැබෙන්නෙ රස්සාවෙන් එලියට දාන එක.

මමත් ඔය රස්සා කරල තියෙනව. වාසනාවට වගේ මම රස්සා වලට ගියේ කම්පනි අයිතිකාරයන්ගේ හරහා නිසා ඔය තරම ටාගට් නොලැබුනා, ඒවගේම වාසනාවට වගේ මම යම් යෙදක් කලා. කරල කරල හිතල බලද්දි අන්තිමට මට තේරෙන්න ගත්තේ අපි කොච්චර කලත් අපිට ලැබෙන්නෙ අවශ්‍ය දෙය නෙමෙයි සහ අනාගතයට වැඩක් ඇති දෙයක් ලැබෙන්නෙ නැති බව. - ඒකයි මම අයින් උනේ.

රස්සා සහ ව්‍යාපාර ගැන හිතද්දි හිතට සතුටුයි... තනියෙන් කරන ව්‍යාපාරයෙදි තමන් හා ඉතාම සුළු පිරිසක්වත් නෑ උදව්වට. අපේ ව්‍යාපාරයෙදි උදව් කරන්න ඉන්න පිරිස අති විශාලයි. එයාල අපිව දියුණු කරන්න උත්සහ කරන්නෙ උනන්දු කරන්නෙ බය කරල, පීඩනයට ලක් කරල නෙමෙයි ....

ඇත්තටම ජීවිතේ දියුණුවට අවශ්‍ය දේවල් ගැන කියල දීලා ඒ තුල අපේ සැබෑ අවශ්‍යතාවයන්ට යන පාර කියල දීමෙනුයි. ඒව වබෝධ කරවනව.

හැබැයි අපේ බිස්නස් එකත් අර 2යි පනහේ බිස්නස් වලට මිනිසුන්ට ධනාත්මක චින්තනය, කවුන්සිලින් කරන ධනාත්මක චින්තන කාරයො කරන දේත් වෙනස්.

(මොකද ධනාත්මක චින්තන කාරයො කරන්නෙ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා කතා කරන්න ගියාම( උපාධි ගත්ත ඉහලම අධ්‍යාපන සුදුසුකම් තියෙන මනෝ විද්‍යා උපදේශන කරන අය වගේ දෙගුණයක අයකිරීමක් ඇත) අපේ ප්‍රශ්නය එයාලගෙ විදියට කටයුතු කරල ඒ කියන්නෙ එයාලට දිගටම සල්ලි එන විදියට හදල අපිට එයාලගේ සැලසුමක් දෙනව.
අපේ නියම ප්‍රශ්නය එතනදි විසඳෙන්නෙ නෑ. ඒක උග්‍ර වෙනව බොහෝවිට අවුරුදු කීපයකදි. ඔය වගේ බාල ධනාත්මක චින්තන අය ගාවට ගිහින් මනෝ මූලික අක්‍රමිකතා හදාගත්ත අය වෙනත් අයගෙන් ප්‍රතිකාර ගන්න ඇවිල්ල තියෙනව මට මුණ ගැහිල තියෙනව ඇති තරම්. )