Tweets by @Tweetsbysuku myblog: February 2016

Facebook Fan Page

Wednesday, February 10, 2016

මාධ්‍ය සහ දේශපාලනය

දේශපාලනයක් නිසා, තමන්ගේ ගරුත්වය නැති කරගන්නා අය අතර, මේ කාලයේ,

Chatura Alwis, Sanka Amarajith මහත්වරුන් මූලික වෙයි...

‪#‎චතුරඅල්විස්‬ අපි බොහෝ ප්‍රිය කරන නිවේදකයෙකි. දැන් කියන විවේචනාත්මක කතා අප දුටුවේ නැත. රටට ආදරේ කියන කොටසක් එය උඩ තැබුවාට අප බැලුවේ නැත. මන්ද ඒවා බැලීමෙන් තිබෙන ගරුත්වය, කැමැත්ත නැති කරගැනීමට අකමැති නිසාය.

‪#‎සංකඅමරජිත්‬ ද එසේය. මතක විදියට සෙනසුරාදා, ඉරිදා දිනවල උදේ 6.30 සිට සිටින්නෙ ඔහුය. බොහෝම නම්‍යශීලී ප්‍රියමනාප ආකාරයකට සැහැල්ලුවකින් වැඩසටහන කල ඔහු විසින් “දන්නො බුදුන්ගේ ගීතය“ කියූ ගායිකාවට කල අපහාසයද පුදුම සහගතය.

දෙරණේ අයිතිකාර මහත්තයාද කොහෙද මහින්ද මහත්තයා නැවත බලයට ගෙන ඒමට පහුගිය කාලයේ බොහෝ වැඩ (උදා, මංජුල පිරිසි මහතා විසින් කළගුණ සැලකිය යුතු බව කීම) කල නිසාද මංදා දෙරණේ බොහෝමයක් අය පක්ෂ දේශපාලනයට හසුව ඇතැයිද සිතේ..

ජනතාව ලෙස දැනෙන්නේ දේශපාලකයන්ට, උදා, අගමැති රනිල් මහත්තයාට ඇති තරම් මඩ වැදී ඇත. ඒවා සත්‍යද අසත්‍යද නොව විවේචන අප්‍රමාණය. එය දේශපාලකයන්ගේ තත්වයයි.
අප මාධ්‍යවේදින්ගෙන් අපේක්ෂා කරන්නේ ඊට එහා ගිය බොහෝම ගෞරවනීය භූමිකාවකි. රටක් නැගී සිටුවන භූමිකාවකි... වෙන රටවල සෑහෙන තරමක් එසේය.
ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය දූෂණය කර ඝාතනය වූ විට, ඊට විරුද්ධව ජනතාව පාරට ගෙනාවේ මාධ්‍ය බව අපට මතකය. - අපේ නම් එහෙම උනේ නැත.
හැමදාම කොහේ හෝ කවුරු හෝ සිටින දේශපාලකයන්ගෙ බළල් අත් මෙන් විටින් විට වැඩ කරන අය දකිමු.

සංඛ අමරජිත් සහනශීලිව එක්තරා ආකාරයකට භූමිකාව කරනු ඇතැයිද, ‪#‎චතුර‬ ඊට වඩා දියුණු තියුණු ලෙස රට වෙනුවෙන් පක්ෂ පාට නැතිව භූමිකාව කරනු ඇතැයිද සිතාගෙන සිටියේද, තවම සිතන්නේද එබැවිනි...
(විවේචනයක් නොව අදහස් පමණි) ‪#‎යථාර්ථවාදිජනතාවාදියා‬