Tweets by @Tweetsbysuku myblog: November 2019

Facebook Fan Page

Thursday, November 21, 2019

Remain in Exile

ජිවිතේ දේවල් තේරුම් ගන්න, හිතන්න නම් ඉතින් පරදින්න - වරදින්න ඕනමයි..

පහුගිය ඡන්දෙ, ජනාධිපතිවරණය මම හිතුවා සජිත් ප්‍රේමදාස දිනාවි කියල. තරමක් උතුරු පැත්තේ සංචාරයත් කරන්න ලැබෙන නිසාත්, විශේෂයෙන් පොලවෙදි මුණගැහෙන මිනිස්සු නිසාත් සජිත්ට විශාල ජනතා ආකර්ෂණයක් තියෙන බව මම හිතුවා. අවුරුදු ගණනාවක් සජිත්ට ඡන්දෙ ඉල්ලන්න දෙන්න කියල එජාපයට ලැදි පිරිස් කියන නිසාත් ඒකත් මම හිතුවා. කොහොම හරි ඒක උනේ නෑ. සජිත් පැරදුනා. ගෝඨාභය රාජපක්ෂ දිනුවා. සරල දිනුමක් නෙමෙයි වැඩි ඡන්ද ලක්ෂ 14කටත් වැඩිය.
පැහැදිලිවම සිංහල - බෞද්ධ පදනමේ ඉතා විශාල දායකත්වයක් ලැබුනා ඒකට. එජාපයට හෝ සජිත් හිතවාදි අයට බැරි උනා ඒකේ තත්වයන් ජනතාවට තේරුම් කරන්න. අවු 4-5ක් ලංකාවෙ වැඩියෙන්ම බලන මාධ්‍ය නාලිකා 2ක් එක්කත්, සමාජ ජාල ඇතුළු විශාල ප්‍රමණයක පිරිසක් එක්කත් ලොකු වියදමක් කරමින් කරපු ඒ ඡන්ද ව්‍යාපාරය අභිබවන්න අපිට බැරි උනා.
මම ඇත්තටම වැඩ කලේ ස්වෙච්ඡාවෙන්. ඒකට හේතු උනේ සමහර ආපු ඉල්ලීම් වලට මම එකග නැති වෙච්ච එකත්, සමහර පිරිස් එක්ක වැඩ කරන්න මට කැමැත්තක් නොතිබීමත්. කොහොම උනත් මම පොඩියට උනත් දෙයක් කලා.
ඒ අතර විශේෂයෙන් රට පුරා ඇති කරපු, මවපු වර්ගවාදි - අන්තවාදි - ජාතිවාදි දේවල් ගැනත් හිතට එනවා. සිංහල ජනතාව අසරණයි, කිසි කෙනෙක් නෑ කියන මතය රට තුල කිඳා බස්සවල අන්තිමට මේ ප්‍රතිඵල ආවා..

“ ජයග්‍රහණයට පියවරු 1000කි. පරාජය අවජාතකය “

ප්‍රතිඵල පටන් ගත් මොහොතේ සිට මේ දක්වා සියල්ල ගැන සිතීමේදි තිබුනු මානසික පීඩනය සහ අවලාද, තර්ජන ගර්ජන වගේ සියල්ලද සිත් රිදවීම්ද ගැන හිතෙද්දි ලංකාව වගේ රටක දේශපාලනය කරන එක කොයිතරම සුදුසුද යන කාරණය ආයිත් හිතෙන්න ගත්තා. 1-2ක් ඇරුණාම අතිබහුතරය විරුද්ධව කතා කල අයගේ සීලාචාරකමත්, මනුස්සකමුත් ඇත්තේම නෑ. දේශපාලන තීරණයට අනුව මම වැඩ කලේ, වාසි සහ වරප්‍රසාද ලේසියට ගන්න තිබුනු පැත්තට නොවෙන්න මූලික හේතුවක් අනිත් අය හැසිරුනු සහ ක්‍රියා කල ආකාරයන්.

කොහොම උනත් අලුත් ජනපති, විශේෂ කෙනෙක්. දේශපාලනයේ නොයෙදුනු කෙනෙක්. එනිසාම එතුමා නිවරදි දේ රට වෙනුවෙන් කරාවි කියන විශ්වාසය බොහොම දැඩිව තියෙනවා, අතීත අත්දැකීම් සහ ඒ අනුව මෙසේ වේවි කියල හිතෙන් කිව්වත්. එහෙම අඳුරු යුගයක් අපේ රටට දරාගන්න බැහැ. දැනටත් ඒවගේ සැහෙන කාලයක් පසුකර ඇති නිසා.

අද ඉඩම් අමාත්‍යංශයටත් ගිය නිසා, එතනත් අවසාන දිනය. ජනපතිවරණය ගැසට් කරනකොටම ස්ථිර නැතිව හිටිය හැමෝම ස්ථිර කිරීම තුල, රැකියා නැති වීමේ අවදානමක්  හෝ බියක් ( ඔක් 26 ) තිබුනේ නෑ. මට රස්සාවක් නොතිබුනත්, මම මාසෙකට වතාවන් කිපයක් අමාත්‍යංශයටත්, පාර්ලිමේන්තුවටත් කාට හරි උදව්වකට යන නිසා ආයෙ නොයන්න වෙන ඒ වෙන්වීම ගැන තියෙන්නෙ දුකක් තරමකට.. හ්ම්..

- රට වෙනුවෙන්  කරන කටයුතු තාවකාලිකව මේ තත්වයේ උනත් බොහෝවිට ඉදිරියේදි අවශ්‍යතා ඇති වේවි කියලත් නිකමට වගේ හිතෙනව..