Tweets by @Tweetsbysuku myblog: August 2014

Facebook Fan Page

Sunday, August 31, 2014

Today @ Kelani Campus

Today is Sawani's B'day.


I however able to wish her 1st on fb & via mobile. tried for 32 times as her tel, and finally she got up last night.

Today is Inter University Karate Competition, Chooty & Sawani participated in. Nawodh n Thiwanka came too. I went with Nangi.

I m not a sporty person now, but as I see there was a favor going on to Kelani Campus. I didn't simply see better performance from them.

In Chooty's fight it was kinda favoring.

Sawwa got 2nd place n it was amazing, her b'day gift.

She said, she gonna give b'day treat soon. A day to be happy, all bad has gone with August... I remember... hmm August wasn't good for me last year too.................


Thursday, August 28, 2014

සමහර අයට...

සමහර අයට අපිව ඕන වෙන්නේ උවමනාවකදී, දුකකදී විතරයි...

ඉතින් පාඩුවේ ඉද්දි එයාලට උදව්වක් ඕන කිව්වම, කරදරයක් කිව්වම, හිත හදාගන්න ඕන කිව්වම එයාලගෙ ප්‍රශ්නත් අපේ කරගෙන හිතල උදව් කරනව... හ්ම්... කරන්න පුලුවන් උපරිමයටත් එහා...

හැබැයි ඉතින් මගෙ කවුන්සිලින් හැකියාවේ ආශ්චර්ය තමයි කාට උනත් මට වැඩි කලක් උදව් කරන්න වෙන්නෙ නෑ... කොච්චර අමාරු ගැටළුවකට ආවත් සතියක් 2ක් යද්දි හිත හදන්න ලැබෙනවා... ඒවගේම ඒව හරිගියාම එයාල ආයෙ අපිව හොයන් එන්නෙ නෑ...
ආවොත් එන්නෙ ආයෙ අවුලක් උනොත් විතරයි...

එතකොට නම් පොඩි දුකක් හිතට දැනෙනවා... ඒත් ඉතින් ඒක ලෝකෙ හැටි... මට වෙනස් කරන්න බෑ... හිත හදාගෙන ඉතෑකි... කල දේ හරි නිසා හිතට බයක් නෑ... පොඩි දුක ටික දවසක් තිබ්බට...

එක එක්කෙනාගෙ ජිවිත එක එක විදියයිලු... අනිත් අයට කරදර කරන, මවාපාගෙන ඉන්න සල්ලාල මහත්තුරුන්ට එක විදියකුත් එහෙම නොවෙන අයට තව විදියකුත් වෙන්නෙ කලි යුගයේ හැටිද මංදා... හ්ම්... 

Friday, August 22, 2014

දුසිරිත් සහ සුසිරිත්


සුසිරිත් ඇතිවන්නේ දුසිරිත් සමගමයි. දුසිරිත් නැතිව සුසිරිතට ජීවත්වන්න බෑ. 

අඳුරක් නැතිව එළිය පමණක් තිබෙන්නේ බඹලොව විතරයි. 
දුසිරිත් සුසිරිත් යනු වචන 2කි. 
සුසිරිත් යන වචනය අර්ථය ඇති එකක් වන්නේ දුසිරිත් යන වචනය නිසාය... “

- යුගාන්තය( තුන්ඈඳුම් නවකතාව - මාර්ටින් වික්‍රමසිංහ

Tuesday, August 19, 2014

Call frm Robert Kiyosaki's Office

Wow... I got a call frm Robert Kiyosaki's office.. Rich dad's coaching programme.....

OMG...... I couldn't belive... 

අවුරුදු 19දි අහම්බෙන් Rich Dad Poor Dad පොත කියවලා... ලෝකෙ ගැන රස්සා ගැන වෙනස්වට හිතුවට... කවුද හිතුවෙ එයාල මට ට්‍රේනිං ප්‍රෝග්‍රැම් එකකට කතා කරාවි කියල හ්ම්.... 

මාරයි... 

"To obtain financial freedom, one must be either a business owner, an investor, or both generating passive income, particularly on a monthly basis."

– Robert Kiyosaki 

Friday, August 15, 2014

සමහර

සමහර ගෑණු ළමයි හරි ගණන්ය... එයාල හිතාගෙන ඉන්නෙ එයාල ලෝකෙට බිහිවෙලා තියෙන්නෙ වාසනාවට, අනිත් අය එහෙම නෑ කියල... ඒ තරමට පිම්බිලා...
එහෙම අයගෙ ලොකුකම, ආඩම්බරකම බහිනවා එයාල දිහා නොබල හිටියම, වැඩිය ගණන් නොගත්තම.... හෙමිට කතා කරන්න උනත් පුලුවන් පසුකාලීනව නිතර මුණ ගැහෙන කෙනෙක් නම්....

තව ගෑණු ළමයි කොටසක් එතරම් ගණන් නැත... එයාලට සහෝදරකමට දෙයක් කිව්වත්, යාළුකමට දෙයක් කිව්වත් හිතන්නෙ මේ දේවල් කරන්නේ, නීති දාන්නේ - පස්සෙන් එනවා, ආදරේ කරන්න හදනවා කියලාය...

මොලේ වැඩි නිසාද මංදා තව අයට ඒක කියනවා, අන්න අරය මං ගැන හොයනව මගෙ පස්සෙන් එනවා කියල... - පසුකාලීනව එයාල කියපු අය අදාල අයටත් කියනවා එයා මෙහෙම ඔයා ගැන කිව්වනේ කියල... එතකොට ඉතින් සහෝදරකම්, යාළුකම් කෙසේ වෙතත් කලකිරීම් ඇති වෙනවා...

Saturday, August 9, 2014

මහින්ද මහත්තයා ආසියාවේ ආශ්චර්ය කරනවලු ලංකාව

මහින්ද මහත්තයා ආසියාවේ ආශ්චර්ය කරනවලු ලංකාව... කරගෙනලු යන්නේ.....
පාරවල් හැදිලා ලොකු ලොකු ඒව හැදිලා හරි දියුණුයිලු....

ඒත් තවමත් සමහර ගුරු විද්‍යාල, විද්‍යාපීඨ වල ළමයින්ට තාම දෙන්නෙ රු.2300... ඒ දරුවන්ගෙ ජිවිත යන විදිය හිතුවම පුදුමත් තියෙනව... 2300න් කොහොම ඉන්නද මංදා 4ක් ඉන්න පවුලක සාමාන්‍ය වියදම 60,000ක් විතර... 

හිතාගන්නත් බෑ... මෙහෙම ඒව වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව....

එකම හොඳේ ඉතින් ඒව කරදර උනත් අප්‍රමාණ ධෛර්යයෙන් ඒව විඳගෙන හොඳට ඉදලා රස්සාවකට ගිහිල්ලා සේවයක් කරන එක.....

එච්චර දුක් විදලත් කොහේ හරි ඉන්න ධනවතෙක්ගෙ කම්පැනියක රස්සාවකට ගිහිල්ලා හරි හරියට සේවා නොදෙන ආණ්ඩුවෙ රස්සාවකට ගිහිල්ලා හරි හිතනවා රජ උනා කියල.... 
නැත්නම් රස්සාවකට වෙන රටකට යනව... ඒත් වැඩි ගානක් විතරයි... හ්ම්....

මේව වෙනස් කරන්න තිබ්බ නම් කියල හිතෙනව... හ්ම්... 

Wednesday, August 6, 2014

රස්සාව කරපු කාලේ සිහිවී....

මට මතක් වෙනව මම රස්සාවක් කරපු ඒ භයංකාර කාලේ.... මම බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ...
රස්සාව කියන්නෙ හොඳ දෙයක් උනත්... ඇත්තටම රස්සාවක් කියන්නෙ තමන්ගෙ මහන්සියෙන් 10%කට විතරක් ගෙවන තැනක්... - ඒව ගැන වෙනම කියල දෙතැකි..

රස්සාවක් සාර්ථකව කරනව කියන්නෙ හොඳ විකිණීමක් කරන හැකියාවක් තියෙනවා... 

ලොක්කන්ට ගොටු අල්ලන්න... කේලම් කියන්න මම දන්නෙත් නෑ කලෙත් නෑ... 
ඒනිසා අස්වෙද්දි උනත් කොන්ද කෙලින් කරගෙන ඇස් දෙක දිහා බලල මගේ විරෝධත්වය වගේම අස්වීම් ප්‍රකාශ කරන්නත්... පඩියි, කමිෂනුයි නොගෙන ඔළුව කෙලින් කරගෙන එන්න ලැබුනටත්... මට හරි සතුටුයි තාමත්... 

ඒ භයංකාර අවධියෙන් මට ගැලවෙන්න උදව් කරපු Iruසේවයට/Rajakaruna aiyata... ඊට අදාල උපදෙස් දීපු අපේ Chamal මාමට, Gamage අයියට, Anil අයියට.. ඊට කලින් වතාවල උදව් කරපු Jayamanna මහත්තයට... හ්ම්... මගෙ කෘතවේදීත්වය... හ්ම්... — feeling Happy bout thinking past... n actions...

Tuesday, August 5, 2014

අපේ රටේ මිස් ශ්‍රී ලංකා වෙන අය...

අපේ රටේ.... මිස් ශ්‍රී ලංකා යන අයයි... ඒවයෙන් දිනන අයයි දැක්කම ජීවිතේ කලකිරෙනවා... හ්ම්.....
කාගෙ උනත් මුලින් පේන්නෙ රූපෙනේ... හ්ම්... බුද්ධිය, උගත්කම, හැකියාව ඒව පසුවට...
එහෙම එකේ මෙහෙම රූප සුන්දරියෝ ලංකාවෙ අය නම්.... එහෙම සුන්දරද කියල හිතෙනව... ලංකාවෙ සුන්දරම යුවතියගෙ විදිය මේක නම්....

ඇත්තටම සුන්දර රූපසුන්දරියො කොහේ හරි ගේ මුල්ලක හරි.... කාගෙ හරි බලපෑම් නිසා මේවගේ ඒවට එන්නෙ නැතිව ඉන්නව ඇති... හ්ම්.....


රටේ හැමදේම වගේ වැරදියට වෙද්දි... මේවත් එහෙම නොවෙනව නම් තමයි පුදුමේ... හ්ම්.....

මහානායක හිමිවරුන්ට කතා කරන්න නොදන්න අගමැති... හ්ම්

මහානායක හාමුදුරුවරුන්ට හරියට කතා කරන්න දන්නෙ නෑ රටේ අගමැති තුමා... දෙවෙනි පුරවැසියා....
ව්‍යාවස්ථාවට අනුව පත් උනාට ... ව්‍යවස්ථාවේ තියෙන දේවල් දන්නවද මංදා...

ගිහියන් පැවිද්දන්ට උඩින් යන සංස්කෘතියක් ඇති කර රට ජාතිය ශාසනය විනාශ කරන අයට වෙන දේ එයාලවත් දන්නෙ නැත...

අගමැතිකම ගෙන විහිළු කාරයෙක් ලෙස අපට දිස්වූ අගමැතිතුමා අගමැතිකම ගන්නට කොතරම් පෙරුම් පිරුවාදැයි අපි දන්නවා...
එතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන නොහිතා අප වෙනුවෙන් කැපවන්නේ අගමැතිකම රැකගන්න නෙමේ යන්නත් අපි දන්නවා...
පින්තූර 100ක් ගත්තම එතුමගෙ, 90කට වඩා අයින් කරන්නෙ රට ජාතියට තියෙන ආදරේට වෙන්නැති.. - නැතිව සෞඛ්‍ය තත්වය පේන නිසා නෙමෙයි..

ඒත් දැන් අගමැතිතුමා කියන්නෙ මම ඒව ගැන හිතන්නෙ නෑ, රටට ආදරේය කියලයි....

සිංහල බෞද්ධගම පෙන්නගෙන රට ජාතිය හොර රහසේ වනසන වත්මන් පාලකයන්ගෙ කටයුතුද අපි දන්නවා... හ්ම්...

පියාපත් ලද දෝණිය - නව කතාවකි..

පියාපත් ලද දෝණිය වෙනස් නව කතාවක් කාලෙකින් කියවපු හ්ම්.....

ඒක අපේ නංගිගෙ පොතක්... නංගිගෙ පැත්තෙන් පොත ගැන හොඳ කමෙන්ට්ස් තිබ්බේ නෑ... ඒත් මට නම් ඒ පොත හොඳ පොතක්...

ඒ පොතේ තියෙන චරිතය පුදුම තරම් ධෛර්යයක් වගේම මුරණ්ඩුකමත්, හිතේ හයියත් තියෙන ගෑණු ළමයෙක්....

බිංදුවටත් පහලින් ජිවිතේ පටන්ගෙන ඉහලටම ආපු කෙනෙක්...

එතනදි එයාගෙ ආදරය, ප්‍රේමය ගැන  හිතුවම... එයා ඒවට ලොකුවට ඇලුන වගේ පෙන්නුවත් හිතේ හයියෙන් ඒවයෙන් ගැලවෙනවා...
එතනදි ඕෂ් කියපු ආදරවන්තියක් තුරුල් කරගෙන ඉන්න ලැබුනද කියන කතාවත් මතක් උනා... කොහොම උනත් ඒක මට හරියටම මතක නෑ.. පොත කියෙව්වෙ දවස් ගානකට කලින් නිසා...
ප්‍රේමය සම්බන්ධ තැන් වලදි ගෑණු ළමයි පුරුදු පරිදි බොහොම හදවතින් විතරක් හිතන බව තේරෙනවා.. හ්ම්...

ඒවගේම එක තැනකදි එයාගෙ ඉපයීම් එයාගෙ යාළුවගෙ බිස්නස් කරන මුදලාලිට වඩා වැඩි හෝ සමාන වගක් කියනව... ඒක ලියල තියෙන්නෙ ඉංජිනේරු නෝන කෙනෙක් නිසා එතනදි නම් ගැටළුවක් තියෙනව කියල හිතනව... මොකද රස්සාවයි බිස්නසුයි කියන්නෙ 2ක් නිසා...

වැදගත්ම දෙයක් විදියට ගෙදර අයට එයාගෙ ආදරය.... මුල් කාලයේ බඩගින්නෙ ඉද්දි අක්කට කෑම ගෙනියන එක, රට ගිහින් වැඩියෙන් ආසාවටවත් කෑමකට වියදම් නොකිරීම.... පස්සෙත් රටට ඇවිත් දෙමාපියන්ට හොද තත්වයක් දෙන්න මහන්සි වීම වගේ කාරණා ගොඩක් වටිනවා...
එතනදි එයා දෙමාපියන්ගෙ ඉල්ලීම් විදයට ගමේ නොඉද ගියපු නිසයි ජිවිතේ වෙනස් උනේ හොද පැත්තකට....

නමුත් එයාගෙ ආදරය දෙමාපියන්ට තිබුනු විදියටම තිබ්බා... සලකන්න ගොඩක් හිතුවා... නමුත් දෙමාපියන් හිතුවෙ එයාල දැනට ඉන්න තත්වය හරිම ඉහල, සතුටුදායක දෙයක් කියලයි....

මමත් යුතුකම් කල යුතුයි, සැලකිය යුතුයි කියල හිතන අද ජිවතුන් අතර නැති, සහ ඉන්න සමහර අය ගැන හිතුවම එයාලත් සතුටින් ඉන්නවා හොද තත්වෙක කියල... ඒක ඇත්තටම හොද නොවුනත් මටත් තාම දෙයක් කරගන්න බැරි නිසා පොඩි සැනසීමක් තියෙනව... එයාල සතුටින් නිසා... හ්ම්...

කාලෙකින් කියවපු හොඳ පොතක්... හ්ම්...

Saturday, August 2, 2014

Memories... still

Sumtimes its special to hold sumone whn they were little.....
In my life I have done it for so many n yeah nt only little ones I hold, bt also young ppl whn they r nt ok.....

I rem. days we met our Melenie Nangi.... in 1997... she was 2 years old...

I rem. I tried to make her laugh n it worked... after that Dilshan malli also joined me to make our little baby Sis happ... 

Time goes... bt memories... r still live....