Tweets by @Tweetsbysuku myblog: February 2019

Facebook Fan Page

Friday, February 1, 2019

පන්සල් ආවම,

පන්සලට ආවම සමහර අයට ආයෙ යන්න තියෙන කලබලය තමයි තියෙන්නෙ.., නමුත් පන්සල් ආවම කලබල නොවී සතුටින් හරි සිහියෙන් කල යුතු දේ කරන්න ඕන..
බෝමළුව අමදින එක, මලසුන් පිරිසිදු කරන එක, මල්-පහන්-පැන්-හදුන්කූරැ තියල වදින එක වටිනව..
ඒවගේම බෝධින්වහන්සේට පැන් වත් කරන එකත් බොහොම වටිනව..
-හැබැයි වැස්ස දවසට බෝධියට පැන් වත් කරන එක ⁣කල යුතුද කියල ටිකක් හිතන්න ඕන. කැළණියෙදි දකිනව වැස්ස දවසටත් සෙනග බෝධියට පැන් වත් කරන්න පෝලිමේ - බුදු හාමුදුරැවන්ට උනත් වැඩියෙන් දානය පිලිගැන්නුව කියල හිතමු, උන්වහන්සේට වළදන්න පුලුවන්ද ?..

- තව සමහරැ බයයි තමන්ගෙ පින් අඩු වේවි කියල, පින අඩු වෙන දෙයක් නෙමෙයි.. වැඩි වෙන දෙයක්.. එකතු වෙලා පින් කලාම තමයි යාලුවො, හිතවතුන් වැඩිය ලැබෙන්නෙ...

- අනිත් අය තියපු පහන් වලට තෙල් වත් කරන එක, මල් වලට පැන් ඉසින එක බොහොම හොදයි...

* තව පුලුවන් නම් විනාඩි 5ක්, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතයි හරි මෛත්‍රී භාවනාව, ආනාපානසතිය වඩන්න... බොහොම හොදයි..

- අවසානයේ මේ සියලු පින් කුසල් සියලු දෙවියන්ට, සියලු ඥාතීන්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කිරීමත් ඉතාම වැදගත් දෙයක්.. හ්ම්...


#පින #කුසලය #karma