Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, November 14, 2023

Forget me not - පොත


* Snowdrops මල සහ කතාව * මරණය සහ සියදිවි නසාගැනීමේ සිතිවිලි * ආදරය යනු කුමක්ද..? * ආදරය කරන දෙදෙනෙක් වෙන්වී යාමේදි මතක ගැන, * බිලියන ගණනක් අතරින් තමන්ටත් කියල එකම එක කෙනෙක්.., * කවි ලියන්න බැරි උනත්, හේතු දෙන්නම් කවි ලියන්න..., * ලැවෙන්ඩර් ඇට 500කින් 1ම එක ඇටයක් විතරක් ඵලදාව දීම...


#reading #lankans






Wednesday, April 12, 2023

එළවළු ඇතුළු දෑ 30කට වැඩි ගණනක ඵලදාව ගන්නා ලදි.

 


ගෝඨාගෝගම වගාව සිදුවූ​යේ අවසාන කාලයේය. එය ටියුඩර් රාජපක්ෂ/ ගෝඨාගෝගම අංකල්ගේ හැකියාව සහ කැපවීමද, දක්ෂතාවයද මත සිදුවූවකි. මුලසිටම අංකල්ට උදව් සැපයූ යේ මාය. 
මගේ අදහස වූයේ, සාගතයක් රටේ ඇතිවිය හැකිය යන අදහස තිබුනු නිසාද, වගා සංග්‍රාමයන් ගැන කියවුනු නිසාද, ගෝඨාගෝගම තනිකර කොළපාට කරන්නටය. එනම් අප විසින් සාදා දෙන කුඩා පැල, ගෝඨාගගම තිබුනු 50කට අධික ටෙන්ට් වල අය රැගෙන ඵලදාව ගනී කියලාය.
එතකොට, " නිකන් කන උන් " යන අපහාසයද නිකන්ම ලොප් වෙනවාය..

අවාසනාවකට එය සිදු වූයේ නැත. අංකල් විසින් එම පැල ගෝඨාගෝගම බලන්නට ආ ​බොහෝ අයට දුන් බව මතකය. තවද, මුලදී කිසිදු සහයක් අංකල්ට ලබා නොදුන් බොහෝ අය, ඵලදාව පැමිණීම සමග අංකල්ට කවි - නිසැදස් මෙන්ම ගීත ද ලියු බව මතකයි. බොහෝ සමාජ මාධ්‍ය වල අංකල්ගේ කටයුතු ගැන පල උනාද මතකය..

එක චරිතයක්, ෂැංග්‍රිලා ඉදිරිපිට තිබෙන ඓතිහාසික බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිමාව කැඩිය යුතුය යන මුග්ධ කටයුත්ත ගැන කතා කර ඊට යම් දෙයක් කල නිසා, පොලිසිය පසුවදාම අධිකරණ නියෝග ගත්තේ ඒ අසල මීටර් 50ක් වටේට සියලු ඉදිකිරීම් තහනම් කරන ලෙසයි. එය රජයට මහත් අස්වැසිල්ලකි, ඔවුන් බලාසිටි දෙය ඔවුන්ට කර දුන්නා වැනි විය. ඒ තුල සැගවුනු බොහෝ දේ ඇති.. ඒ ගැන පසුවට කතා කරමු..

කෙසේ වුවද, ඒ අවස්ථාවේ සියලු ඉදිකිරීම් ඉවත් කලද, අංකල්ගේ වගාවන් පොලිසිය ඉවත් කලේ නැත. ඔවුන්ද එහි වටිනාකම දන්නා නිසාය.

අගෝස්තු 8 මම අවසානයට ගෝඨාගෝගමට යන විට වගාව සෑහෙන්න ඉවත් කර තිබුනු බවත්, අංකල් ගෙදර ගිහින් බවත් මතකය.. 

Wednesday, March 29, 2023

ගෝඨාගෝගම වැඩිහිටියා

 අරගලයේ විශේෂ දේවල් අතර, අපි අතර හිටිය වැඩිහිටියා ටියුඩර් රාජපක්ෂ අංකල් තමයි මේ.
ඔහුගෙන් ඉගෙන ගත්ත දේවල් තියනව...  ඒවගෙම මට ඔහුට සහය දක්වන්න ලැබුනා පැල වගා කරන්න. 
මුල ඉදලම ඔහුට අවශ්‍ය සහය දෙන්න මට පුලුවන් වෙච්ච එක සතුටක්..
ඒවගේම ඒ පැල වගා කරපුවා - ඵලදාව දුන්නා...



Monday, March 27, 2023

අපේකම් අපෙන් අයින් කරන්නට කල කී දෑ


 කම්මැලි ගතියකින් හිටියොත්, " කැඳ බීලද "

- ඇහුවා..
නිදිමත වගේ තිබ්බොත්, " කිරිබත් කාලද "
- ඇහුවා..
මේ 1-2ක් විතරයි.. මේ වගේ කොච්චර තියෙනවද අපිව, අපේකම් වලින් ඈත් කරන්න කරපුවා..
* පෘතුගිසින්ට, ආසියාවේ ලොකුම පරාජය දුන්නු, " මුල්ලේරියා වෙලේ සටන "..,
එහේ හැදුවා, " මානසික රෝහලක් "
( දැන් කියන්නේ ඒක ගැන)
මේ වගේ 1-2ක් නෙමෙයි 100-1000 ගානක් තියෙනව....
රජ කාලේ " මී ගස " කැපුවොත්, මරණ දඩුවම දෙන තරම දෙයක්..
හැබැයි, අධිරාජ්යවාදින් මී ගස් කපන්න නියෝග කලා..
මී ගස නිසා, මී තෙල් හැමදේටම පාවිච්චි කරලා, ප්රතිශක්තියටත් හේතුවක් ඒක..
( මේ කාරණය අහගත්තේ ඊයෙ " විශ්ව හෙල සභාව " වැඩසටහනෙදි)
මෙහෙම ඒවා කොච්චර තියෙනවද...
අපේ ආයුර්වේද වෙද මහත්තුරු මුණගැහිලා කතා කරාම ඒවගේ බොහෝමයක් දේවල් ගැන දැනගන්න පුලුවන්. තනිකරම විශාල මාෆියාවකින් රටට කරපු දේ ගැන. සාදික්කා, කතුරුමුරුංගා ව​ගේ බොහෝමයක් තියෙනව එහෙම ඒවා.. එහෙම වෙලා තමයි අද තත්වෙට, වැඩ බැරි - අද බාල දේශපාලකයන්ට නැවෙන - රැවටෙන මිනිස්සු ඇතිවෙලා තියෙන්නෙ...
*** හැබැයි, දැන් සහ අනාගත පරම්පරාවන් එක්ක ඕව ලේසි නැහැ..

Thursday, March 23, 2023

IMF ණය සහ ලංකා​ව

 ලංකාවට, රාජ්‍යයක් විදියට IMF ණය ලැබෙන්නෙ 17 වෙනි වතාවට. කලිනුත් ණය ගත්තා හැබැයි හරියට කලේ නෑ. ඉතින් මේපාර කියල වෙනසක් වේවිද කියල මුලින්ම හිතෙනව.
ඊටපස්සේ මූලික දේ තමයි, ඒ ගිවිසුමේ කොන්දේසි විදියට රාජ්‍ය ආදායම වැඩි කරගන්න එක. 
ඒකට කරන්නෙ බදු ගහන එකයි. ඍජු සහ වක්‍ර බදු.

බදු ගෙව්වට කමක් නෑ ඒකෙන් රටට ව​ගේම තමන්ටත් හොදක් තියනව නම්. 
කාලෙක ඉදන් නොමිලේ තියෙන රෝහල් වලත් බෙහෙත් නැති අවුල් තියෙද්දි කොහොමද ඒක විශ්වාස කරන්නෙ ?

පහුගිය දවසක පත්තර වල තිබ්බා, 
" කෝටි 200ක හිග ලයිට් බිල්, බොල් ණය විදියට කපලා", " කෝටි 200ක සැප වාහන ගෙනැල්ලා " කියල..

ඉතින්, වත්මන් ජනාධිපතිවරයා රටට දෙයක් කරාවි කියල විශ්වාස කරන්න පුලුවන්ද ???
ඒ මදිවට ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නත් වැඩ.. (ටෙලිකොම්)

ඊටත් වඩා වැඩේ, ඒක ලැබුනාම රතිඤ්ඤා පත්තු කරපු එක..
හැබෑටම ලංකාවෙ මිනිස්සු මේ තරම ගොබ්බයි - ගොජබ්බයි කියල කලින් දැනගෙන හිටියෙ නෑ. කලකිරනව ඉතින්..

මේවයින් රට හදන්න බැහැ... රට හදන්න ඕන හරි දැක්මකට අනුව වැඩ කරලා. 
විකුණලා ඕව කරන්න බැහැ. ඉතිහාසයෙ අත්දැකීමත් අදත් එච්චරයි.. 

Sunday, March 19, 2023

2022 අරගල භූමියේ මැය 9 අත්දැකීම

 ජන අරගලයට රාජපක්ෂ මැරයන් පහරදුන් දවස. එම මැරයන් සහ එම මැරයන් පෙළඹවූ කිසිවෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් අප දන්නේ නැත.
නමුත් එයින ඇරඹුනු මහා ව්‍යවසනය සරල නැත. අවසානයේ ජිවිත මෙන්ම දේපලද හානි වී නැවතිනි.

දැන් නැවත අරගලයක් නොවන්නට අරගල කල අය මර්ධනය සහ එසේ නොවන්නට කටයුතු කරන අතරම, වත්මන් ජනාධිපති කරන්නේ රාජපක්ෂලා සහ උන්ගේ බත්බැලයන් ආරක්ෂා කිරීමය.


Friday, March 17, 2023

ජන අරගලයේ කඳුළු ගෑස් අත්දැකීම

දැන් සමාජයේ කතාවෙන කල් ​ඉකුත් වුනු කඳුළු ගෑස් සහ ​ඒවායේ ප්‍රතිවිපාක, රසානයනික ඒවයේ තියෙන දේවල් වගේ බොහෝ දේවල් මේ දේ නිසා වෙන්න ඇති.
ඉතින් වින්දා ඒක. තාමත් ඉන්නවා... 
සමහර අයට   යම් යම් කරදර උනා මතකයි, ලෙඩ වගේ ​ ​දේවල්...



Saturday, March 11, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ - ඔබ යන ගමන වැරදියි..

 

Thivantha Harischandra



පහුගිය දිනවල උද්ඝෝෂකයන්ට සලකපු විදිය එක්ක කල්පනා කරල බලද්දි, ජනාධිපතිවරයාට හොඳ ඇති. 
නමුත්, ඒක හරිම වැරදියි. 
පාරෙ යන මිනිස්සු, දරුවො පවා කරදරයට පත් වෙන්න ඒවා කරන්නේ, බලය තියාගන්න බව අපි නොදන්නවා නොවෙයි..

මේ හරහා ඔබ ක්‍රියාත්මක කරමින් සිටින්නේ, රටේ තත්වය මහා භයානක කිරීමක මූලාරම්භය බව ඔබටම නොතරෙන්නේ ඔබගේ වයස නිසාදැයි මට තේරෙන්නේ නැත.
එසේත් නැත්නම්, මේ පරම්පරාවන් ගැන ඔබට නොතේරේන නිසාද යන්න මට තේරෙන්නේ නැත.
කොයි විදිය උනත් ඒක එහෙම වෙන්නට නියමිතය. 

01 ) ඡන්දය කල් දැමීම සහ එයට කරන බලපෑම්

- ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නට නොහැකි බව සහ එයට අවශ්‍ය ආරක්ෂාවට පොලිසියේ 65ක් දෙන්න බැරි බව 

02 ) ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට පුරවැසි භාවයක් නැති බව. 
ඇයට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්නට අධිකරණය කිව්වත් ඒ ගැන කිසිවක්  නොකිරීම. 

03)


" ඉගෙන ගන්න ගිය කාලකණ්ණි " ලෙස නිමල් ලංසා විසින් උද්ඝෝෂණය කල සරසවි සිසුන් හැදින්වීම.

04) රුපියල ශක්තිමත් වීම කියන විජ්ජාව..
- මේක නරකයි කියල නොකිව්වත්, ඇත්තටම රටේ තත්වය දියුණු වී නෑ. 
ජනතාවට අතිශයින් අමාරුයි..

05) උද්ඝෝෂණ වලට පොලු සමග පහරදුන් හමුදාවේ මෙන් සිටි අය ගැන විමර්ෂණයක් කරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කීම.