Tweets by @Tweetsbysuku myblog: දවසක...

Facebook Fan Page

Monday, June 25, 2018

දවසක...

නුඹම හැම වරදම වගේ කරලා, ඒ හැම වරදම වගේ මගේ පිට පටවලා මටම වැරදි කියල, නොකල ඒවත් තව තවත් දේවලුත්, අපහාස උපහාසත් කරලා මාව අතඇරලා ගියාම, මට දුකයි කියල මට හිතුනා.

ඇත්තටම මගේ දුකේ අවුල තමයි, මගේ අල්ලා ගැනීම. මට නුඹව අතාරින්න හිතුනෙම නෑ. මොකද මම මගේ ජිවිතේ ගොඩක් බලාපොරොත්තු වෙනස් කරගෙන නුඹ ගැන හිතපු නිසා. නුඹ එක්ක ගමන යන්න හිතපු නිසා. * ඒක නුඹේ වරදක් නෙමෙයි - මම හිතාගත්ත විදියයි.

ජානි අක්ක දාපු දේක දැක්කා ... හදවත අඬද්දි පිටතින් හිනා වීම ගැන. මටත් එහෙම පුලුවන් කිව්වාම ජානි අක්කා ඒ කමෙන්ට් එකට (රියල් එකේ)  “ හාහා රිඇක්ෂන් “ දාලා තිබ්බා. නමුත් මම ඒක කිව්වෙ ඇත්තටමයි. එයා අලුත මුණගැහුනු ඔහු එක්ක ඉද්දි, නොදන්න කෙනෙක් වගේ ගිහින් කතා කරන්න පුලුවන් වෙච්ච එක පහුගිය බ්‍රහස්පතින්දා මම හිතනවා ඒක ලොකු දෙයක් කියල. එයාට අයිති දේවල් දැක්කාම හදවත දෙදරලා ගියත් අදටත් මම ඉවසීමෙන් ඉන්නවා.
මගේ යාළුවෙක් ඇහුවා මට මෙච්චර කෙල්ලො ඉදල තියෙනවා මට ඕන හැටියෙ අතාරින්න පුලුවනි, උඹට විතරක් බැරි මොකද කියල. මම අතෑරල තමයි ඉන්නෙ. නමුත් සංසාරගතව අල්ලගෙන තිබ්බ බැඳීම්, ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරිම් කරපු බැඳීමක අද මෙහෙම තත්වයක් ආවත් ලේසියට අමතක කරන්න බැහැ. ඒක සාමාන්‍ය ප්‍රේමයකදි උනත් එහෙම වෙන්නැති. පරණ ආදරේ දකින්න එපා කියල මම කරපු අධිෂ්ඨානය අදටත් එහෙම වෙනව. හැබැයි නුඹ ගැන එහෙම නෑ. ඒනිසයි හදිසියේ මුණගැහෙන්නෙ. නමුත් වැඩි කාලයකට ඒක එහෙම වෙන එකක් නෑ.
මම ඇත්තටම හිතාගෙන හිටියෙ සංසාර ගමන කෙලවර වෙනකම් නුඹ එක්ක යන්නයි. හැබැයි මම මගේ අකුසල් සෑහෙන්න විඳලා - ගෙවල තිබ්බත්, නුඹ එහෙම කරගෙන නැති බවත්, බොහෝ වෙලාවට පිනේ බලයෙන්ම අකුසල විපාක වලින් බේරිලා හිටිය බවත් මම දැන් දන්නවා.

මගේ උවමනාවෙන් අල්ලගෙන හිටිය බව ඇත්ත. මට නුඹ නැතිවේවි කියන දුක නිසා මම වේදනා විඳපු බවත් ඇත්ත. නමුත් නුඹේ ජිවිතයේ නුඹ කියපුවටත් වඩා නුඹ ගැන දන්න, නුඹ වෙන කිසිකෙනෙක්ට නොකියපු දේවල් කියපු මම ... සංසාරේ නුඹ එක්ක හිටිය කෙනෙක් සෑහෙන කාලයක්. නුඹට ඒක තේරිලත් ඉවසීමෙන් ඉන්න කියල කියපු දේ නුඹට අහන්න බැරි උනේ නුඹේත් මගේත් දෙන්නගේම අකුසල වලට වෙන්න ඕන. කමක් නෑ නුඹ ඔය ගමන යන්න.
මගේ කණගාටුව තිබුනේ මට නුඹව ඒ තත්වයන් වලට ගේන්න බැරි නිසයි. ඒක හරි අමුතුම වේදනාකාරි දුකක්. නමුත් නුඹ දිගටම වරදේම ඉද්දි මම කොහොමද ඒක වෙනස් කරන්නෙ. අනික නුඹ පිලිගන්න කැමති නෑ අකුසල් විපාක ගැන. ඒව ඉතින් හදන්න බෑ.
“ රත්තන් උනත් ඇනගත්තොත් පිහියෙන් “ ?????

සංසාරේ යම් දවසක, අද නෙමෙයි සමහරවිට තවත් අවුරුදු 1000 ගානකටත් පස්සෙ අකුසල විපාක වල එක තැනකදි නුඹ මාව තේරුම් ගනීවි. එදා ඉදන් නුඹ සංසාරගතව නුඹ කරන ප්‍රාර්ථනාවට අදාලව ගමන යන්න ලැබේවි.
නුඹට එක දෙයක් කියනව, සමහරවිට නුඹ මේක බලන බව දන්න නිසා, “ අලුත් පව් ඇති කරගන්න එපා “
ඒකවත් කරන්න.



#ජිවිතය #ලෝකය #නුඹ #මම #අපි #අද #හෙට #අනාගතය #ඊයෙ

No comments:

Post a Comment