Tweets by @Tweetsbysuku myblog: January 2016

Facebook Fan Page

Monday, January 11, 2016

ඇත්තටම වඳින්න ගාථා ඕනද ?

අපි නම් පොඩි කාලෙ ඉදලම ගාථා කියල, ඒවයේ තේරුම් ගැන අවබෝධයෙන් හිටිය නිසා ගාථා ගැනත් ඒ අනුව පින්කම් ගැනත් තේරෙනවා..

පහුගිය දවස් වල පිටරට ඉපදුනු, කසින්ලා ගොඩක් මුණ ගැහුනු වෙලාවලදි ධර්මය ගැන අහද්දි, එයාල අපි වගේ හැම ගාථාවම, හැම පිරිතම ගැන තේරුමක් නෑ...

ඉතින් ඇත්තටම වඳිනවා කියන්නෙ ගාථා කියන එක නෙමෙයි... ඒක එහෙම කිව්වම කවුරුවත් බය උනත්...,
බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ගාථා තිබුනේ නෑ..
ඒනිසා ඇත්තටම උවමනා වෙන්නෙ ඒ වෙනුවෙන් හරියට හිත පහදවාගෙන වඳින එකයි... ඒ වන්දනීය ප්‍රාර්ථනය තියෙනවා නම් ගාථා කියන්න කියල නියමයක් නෑ..
කියන එක හොඳයි, හැබැයි ඒ හිත හදාගෙන කියන්න ඕන...
(හතර පෝයටම සිල් ගන්න ගමන් අනිත් අය ගැන වෛරයෙන් හිතන අය ඕන තරම් සිංහල - බෞද්ධ කියාගෙන ඉන්නව...
එහෙම අයගෙ බෞද්ධකමෙන් තේරුමක් නෑ..)

වෙන රටවල හැදිල උනත්, ගාථා නොදැන උනත් හරියට බුදුන්ට වඳිනවා කියල හිතන සිතිවිල්ල තුලින් විතරක් පින අත්වෙන බව ඒ ගැන අහපු කසින්ස්ලට තේරුම් කරල දෙන්න පුලුවන් උනා හ්ම්...
ඊට වඩා පින් අත්කරගතෑකි ගාථා දන්නේ නැති උනත්, සිල් වෙනම ගත්තේ නැති උනත් හිත පහදවගෙන වඳින පුදන, පින්කම් කරන අයට.. හ්ම්...
අධිෂ්ඨාන බලයෙන් ඕන දෙයක් කරගන්න පුලුවනි..