Tweets by @Tweetsbysuku myblog: May 2017

Facebook Fan Page

Saturday, May 20, 2017

10 days of soemthing close to love..

ජිවිතේ ගත කරද්දි එකපාරට හිතාගන්න අමාරු තත්වෙකට එන්න වේවි කියල වෙලාවකට කවුරුවත් හිතන්නෙ නැති වේවි..
ආදරය - ප්‍රේමය සදොස් තියෙන බොහෝම දැනෙන - හැඟෙන - රිදෙන දෙයක්...

කාලය එක්ක මුහුකුරා යන ජිවිතයෙදි හදිසියෙ නොසිතුව වෙලාවක ආදරයක් ඇති උනාම, ඒක විශේෂයි.. ඒ ආදරේ හදිසියේම එක එක පාර්ශව වලින් එක එක විදියට අදහස් දැක්වීම් වලට ලක් වෙද්දි ඒක ලොකු පීඩනයක්..

පහුගිය කාලේ හදිසියේම මට ගෑණු ළමයෙක් මුණගැහෙනවා... කාලෙකට පස්සෙ මාත් එයාට කැමති වෙනව... එයාගේ කැමැත්ත - අකමැත්ත අතර දෝලනය දිගට තියෙනවා..

දවස් 10ක කාලෙට මට ගොඩක් වෙනස්කම් උනා... මට මගේ වැඩ ටික කරගන්න වෙලාව නැති උනා.. ඒකට එයා වැරදි නෑ.. ඒත් මට එහෙම උනා..
මම හරි ආසාවෙන් බලන @Originals, @Supernatural, @Prisonbreak කතා වල කොටසක් ආවම ඒක ඩවුන්ලෝඩ් කරල ඉවර වෙලත් දවස් ගානක් ගියා බලන්න...
කරන්න තිබ්බ වැඩ අමතක උනා, අතපසු උනා...
සරලවම අමුතු අබ්බැහියක් තිබුනා...

කොහොම හරි... ඒකෙන් දැන් මිදුනා... ජිවිතේ හැටි... හ්ම්...

Thursday, May 11, 2017

සත්තයි ඔයා නොලැබෙනවා කියා by Dilky Ekanayaka



මං විතරද ආදරෙ කලේ..
ඔබ නැතිවද මට පෙම් කලේ..
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
සත්තයි ඔයා නොලැබෙනවා කියා..
දැන උන්නා නම් ලං නොවෙමි සදා...//

මහ තනිකමක් මේ හදවත සරන්නේ..
මට මාව අතපසු වෙලා..
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ...
මං ඔබට ඇබ්බැහි වෙලා...
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
ඔබ ආයෙ මට ලැබේවා..
සත්තයි ඔයා.. නොලැබෙනවා කියා...
දැන උන්නා නම් ලං නොවෙමි සදා...//


මං වගෙ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ..
පසු තැවෙයි දවසක ඔයා...
තාමත් කැදැල්ලේ දොරගුළු විවරනේ..
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
ඔබ ආයෙ මට ලැබේවා...

#ගායනය අශාන් ප්‍රනාන්දු..

Wednesday, May 3, 2017

#Mayday2017 😁

සියලු දේශපාලන පක්ෂ වලට සතුටු වන්නට සෙනඟ ආවෝය...
හැබැයි මේකෙන් ඡන්දයක ජයග්‍රහණය සිතන්නේ නම්, කුමන පක්ෂයක් වුවත් කරගන්නා මෝඩකමකි..

මහින්ද මහත්තයාගේ සෙනඟද බොහෝ සිටි බව ගැටළුවක් නැත. එයම මෛත්‍රි ජනාධිපතිතුමාට මෙන්ම අප සිටි එජාප රැළියටද පැය ගණනක් පාරේ සිටිමට සිදුවූයේද සෙනඟ නිසාමය..
සතුටට කරුණ දැඩි අව්වේ සිටින්නට ඇති හැකියාව ගැන තේරුම් ගිය නිසාය..

සමහර අයට ඊයෙ මැයි රැළිය මෝඩකමක්ලු.. මංදා මම නම් එය සතුටින් අත්වින්ඳා.. යම් කාලෙක මැයි රැළි තිබිය යුතුද යන්නත්, වෙනස්කමුත් හිතුනත්, එකට එකතු වූ එකම අරමුණක සිටින සාම්ප්‍රදායේ වටිනාකමක් ඇත...වැඩ කරන ජනතාවට සහන දෙන්නට වෙන්නේද, හැකියාව ඇත්තේද, ආණ්ඩුවට පමණි..

එජාප පාක්ෂිකයන් අතිබහුතරයකට, තවමත් පක්ෂයෙන් බලාපොරොත්තු වූ පලිගැනිම් ආදියට සහන, රැකියා යනාදිය පක්ෂය මූලිකව ජාතික ආණ්ඩුවක් ලැබී වසර 2 හමාරකට ලං වී තවමත් නිසියාකාරව ලැබී නැත.
කටයුත්තක් කරගන්නට රාජ්‍ය ආයතනයකට, අමාත්‍යංශයකට ගිය විට වෙනදාට වඩා වෙනසක් තිබුනත් පෙර ආණ්ඩු වල විවිධාකාර නිලධාරින්ගෙන් නොසැලකිම් යනාදියට ලක් වෙන්නට සිදු බොහෝ අයට තවමත් සිදුවෙයි.
සුදුසුකම් තිබියදී, තරඟ විභාග වලින් නිසි ලෙස සමත් වුවද ඇතැම් විට රැකියා නොලැබෙයි, සමහරවිට ඒ රැකියා ලබාදෙන්නේ ජාතික ආණ්ඩුව නිසාද මංදා වෙනත් අයෙකුටය..
දහසක් කරදර බාධක තිබියදී ගෙදර ඉදන් විවේකීව ඉන්නට හැකියාව තිබියදී එසේ නොඉඳ රට දිනවිය හැකි තම පක්ෂය වෙනුවෙන් මැයි රැළියට පැමිණි ජනතාව සැබෑවටම ශ්‍රේෂ්ඨය... ^_^

මක්නිසාද යත්, එදා මෙදා තුර ධනවාදී දේශපාලකයන්ගේ පක්ෂය ලෙස සැලකුනද, නිදහස් අධ්‍යාපනය ලබාදීම, එය සුරැකීමේ සිට වැඩ කරන ජනතාවට ලබාදුන් සහන බොහෝමයකට මූලිකත්වය ගෙන ඇත්තේ #එජාපය නිසාය...

මොනවා මොන විදියට උනත්, ආයෙ මේ රටේ රාජ්‍ය නායකත්වයට මහින්ද මහත්තයා හෝ ඒ ගෑවුනු රාජපක්ෂ කෙනෙකු එන්නේ නම් නැත.. ඒක එහෙම නොවුනොත් කියන්න..
#පින ඉවර උනාම..., ඉවර උනාමය...
සල්ලි = පින නොවෙන බව තේරුම් ගන්න..
සල්ලි = දක්ෂතාවයක් විය හැක, හැබැයි පින නොවේය..

#මැයිදිනය2017 #srilanka #unp #unitednationalparty #mightysrilanka #sl #slpolitics