Tweets by @Tweetsbysuku myblog: January 2013

Facebook Fan Page

Wednesday, January 30, 2013

* HAPPY WEDDED LIFE *

I just don't remember how I met you two. I think I may have requested Akka first, not sure though. I live in face book, so I usually check people in my friend list. I saw Akka's profile and there no so many friends, but I realized that she is here for some time. Meanwhile I met Aiya in fb too. He and I chatted often for some time. I haven't chatted with Akka, just few messages I think.

Anyways I felt they are close.... and they are in my fb family as cousins.... I knew they were in love. I was so happy and now they are married.... (Akka told me they gonna get married before a week as I remember... I was delighted.....)
I m sooooo Happy......

So "Happy Wedded Life" Nadeeka Akka & Nadiruk Aiya.......

T. S !

Tuesday, January 29, 2013

Digital Content Creation

Powered by Technology
Driven by Innovation
Today is a good day, from the beginning. Medicine worked I think. Just still not able to do things as wanted.

I went to Clutch Office at about 1.00 P.M. Then went to Board of Investment at Biyagama. Clutch did a presentation there. I m not familiar with Digital Content Creation Field. I should learn it. Mr.Suda did whole presentation splendidly. I understood most of things. It was about storing data and things. I feel some people, I mean some companies having difficulties using old and more expensive ways to store things.
It was good to be with them and most importantly learn things.

I m thinking I m not having much friends or associates. I got so many experiences in life. History, Buddhism, Astrology, Psychology, Networking, IT, Social Media, News sites(media), Business(Network marketing + advertising+business), Digital Content Creation... now.....

Monday, January 28, 2013

ඊයේ අම්බලමේ කවි පොත

අම්බලමේ කවි පොත දොරට වැඩීමේ උළෙලට ඊයේ ගියා මහවැලි කේන්ද්‍රයට.... මට කිව්වෙ අපෙ උපෙක්ෂා ඉමාලි අක්කා... දන්න අය සෑහෙන්න මුණ ගැහුනා... හ්ම්...
වැඩසටහනත්, යන්න ලැබීම ගැනත් සතුටුයි.... නොදන්න අයත් මුණ ගැහුනා.... ඒවගේම නම කියන්න එපා කියපු සතුටු උල්පතවත් මතක් වෙනව...

ඒකෙ කතා ගැන හිතුවාම හොඳයි හැම එකම.... ඒසී එකට සීතලෙන් හිටි නිසා අවධානය ටිකක් අඩු උනා. කවි ලියන්න, කවි රසවිඳින්න නොතේරුනත්, සිංහලට කැමතියි...  මූලික රීතියෙන් පිට වැඩ භාෂාව වෙනස් කරනවට මම කැමති නෑ. නව්‍යකරණය හොඳ දෙයක් ඒකෙ විවාදයක් නෑ....
චන්දන අයියගෙ සිංහල ගැන කතාව ගැන... වැරදීම් හා වැරදි කිරීම් නරකයි කියල බ්‍රේන් වොෂ් කරපු ලෝකෙ කතා ගැන...හ්ම් තව මොනව හරි කියන්න වෙනවා...

අම්බලමේ කවි පොත වගේම, උපෙක්ෂා ඉමාලි අක්කගෙ ‘පලිඟු කැට‘ කවි පොතත් අක්ක ගෙනත් දුන්නා... සල්ලි එපාම කිව්වා... මට කවි ගැන නොතේරුනාට අක්කට සෑහෙන්න හොඳට කවි ලියතෑකි.... පොත කියවද්දි තේරුනේ... හ්ම්....

හවස ඩොක්ට අයියව මීට් වෙන්න ගියත් මීට් වෙන්න උනේ රෑ වෙලා... ස්ට්‍රෙස් එක වගේද මංදා මට.. හොඳට නිදාගන්නත් කිව්වා.... කාලා බීල රෑ වෙලා ගෙදර ආවෙ...

දවස හොඳයි මහන්සියි... හ්ම්....

Saturday, January 26, 2013

What to write..........

I couldn't update blog cause I was so busy..... I don't know how to avoid it... I still could not do it....
So many topics in mind to express but still could not. Chathu taught me things they learn as student nurses.... They learn a lot.. I feel sleepy now.

--- Good Night ----
  ^^^^^ T. S ! ^^^^^

Friday, January 25, 2013

Love is not a Platform....

හැමදාම හිත හැඬෙව්වේ නුඹ තමයි....
ඉඳහිට මාත් රිදෙව්වා මට තවම මතකයි....
මා නැතත් නුඹ සතුටින් හිටියාවේ....
මටත් දුක දැනෙනවා... නුඹ දන්නෑනේ.... ?


ආදරේ කියන වචනේ තියා ඒකෙ ලක්ෂණවත් දැන් නොතේරෙන එක, පුරුද්දට ගිහින් දැන් ගොඩක් අයට.... ආත්මාර්ථකාමිකම ඉපදුන දවසේ ඉදන් ඔළුවට දාන සමාජෙක, රටක... ඇත්ත ආදරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි... හැමදේම ආදරය කියන ප්ලැට් ෆෝම්(Platform) එක මත තීරණය නොවී....
වෙන දේවල් තියෙන ප්ලැට් ෆෝම් එකක... ආදරය ගැන තීරණ ගැනෙනවා... හ්ම්



Things are Happening......

Things are happening and going well. Yesterday was good. Headache did not hurt me. All alone for sometime... :D

Met Pathum Aiya in the afternoon and it was going well. I went to Clutch office with Chamal Mama and discussed things.
Mr. Upali is a person who knows so many things. I doubt if he uses his talents and contacts well. DIG Pujitha Jayasundara was in his senior batch... He got so many contacts like that...

Mr. Mahinda is a businessman, wise man with experience and luck as I see. Mr. Suda is kinda master brain. He can see and act things better than us. His actions shows he can do things better. Also he believes in formal education.
It was good to hear them.

I feel like I'm fortunate to be like that. Still lot to do.....

Thursday, January 24, 2013

New beginning......

It was significant. New beginning to life. I woke up in the morning and everything was spot on.

I got my headache again today and for the whole day. It was hard to endure. I steamed well. It gave some comfort that is all.

In the evening it was not that hard to endure, so continued my works. Few chats were good, and met chathu. My sweet good friend... hmm.....

Headache is not over yet.... still didn't call doc, Aiya.. may be tomorrow.....

Wednesday, January 23, 2013

කේන්දරේ නෙමෙයි... තමන්ගෙ ධෛර්යය තමා වැදගත්...

අපි මේ පුද්ගලයාව මිහිඳු කියල හඳුන්වමු....

මට මුණ ගැහෙන්නෙ අපෙ ඩිස්කෂන්ස් වලදි... මුලින්ම දකිද්දි නම් ලෙකුවට හිතුනේ නෑ, මීටරයක් කියල හිතුනෙ එච්චරයි... පස්සෙ තමයි තේරුනේ ඊටත් එහා කියල....

කොහොම හරි ටික ටික හිතවත් උනා... මාත් ඉතින් දේවල් කියද්දි, අහද්දි කටපියාගෙන ඉන්නෙ නෑ, වරදින්න හරි කියනවා.. වරදින වෙලාවලුත් නැතිව නෙමෙයි... මගෙ වාසියට තිබුනෙ මම රොබට් කියොසාකිගෙ දේවල් කියවල තිබ්බ නිසා Theory ඇඟේ තිබුනා... එයාලට ඒවයේ Experience එකත් තිබ්බා....
කොහොම හරි මොකුත් බැරි මගෙ තියෙන දක්ෂතා වලට මට ඕන විදියට කරලා ආදායමක් උපයගන්නත් මට අදහස් දුන්නා...

මට මේක ටයිප් කරන්න හිතුනෙ වෙන දේකට.. මේ ගැනම නෙමෙයි... කේන්දර ගැන, වැඩි විශ්වාසයක් තිබුන කෙනෙක් නෙමෙයි කියල මට මුල ඉදලම හිතුනා. මම ඉතින් කතා කරද්දි ඕවත් ඇදල ගන්නවා නිදර්ශනේට... එයාලගෙ අත්දැකීම අනුව ලංකාව ගොඩගන්න බැරි වගෙ අදහස් තියෙද්දි මම දන්න හිතෙන විදියට ඒක පුලුවන් කියල කිව්වා... ඒව නිසා ඉතින් හිතවත් උනා... කතාව ඒක නෙමෙයි... අද ව්‍යාපාර කරත් එක  වතාවක් දිගටම වැටිල තියෙනවා, මට කිව්වෙ වැලේ වැල් නැතිව සාමාන්‍ය කෙනෙක් වගේ පිහිටක් ගැන හිතුනම කේන්දරය අරන් අවුරුදු 46කට පස්සෙ මුල් වතාවට බලන්න ගියා කියලයි. කොළඹ පැත්තෙ ප්‍රසිද්ධ පාරම්පරික ජෞතීර්වේදින්ගෙ පරම්පරාවක ජෞතීර්වේදියෙක් තමයි බලල තියෙන්නෙ. බලල කිව්වලු මහත්තයට නොවැම්බර් වෙනකම් අපලයි, කරන ඒව සාර්ථක නැති වේවි කියල. එච්චරයි කියල තියෙන්නෙ. දැන් ගිහින් තියෙන්නෙ මේව අහන්න නෙමෙයි. අන්තිමට හිතින් වැටිලා පුද පූජා කරල යහපතක් කරගන්නනේ.... ඊට පස්සෙ එලියටත් ඇවිත් ආයෙත් ගිහින් කිව්වලු, වෙන මොකුත් කරන්න දෙයක් නැද්ද කියල....
ජෞතීර්වේදිතුමා කියල තියෙනවා “ මෙච්චර කල් කලෙත් හිතේ හයියටනේ,  වෙන කිසි දේකට නෙමෙයිනේ, ඉස්සරහටත් එහෙම කරන්න කියල“..

ඉතින් එලියට ඇවිත් ආයෙත් හිතේ හයියට වැඩ කරාලු, අර අපල මොකුත් නැති වෙලා කරපු හැමදේම හරි ගිහින්....
මට කියන්න ඕන උනේ, මට මෑතක පෙනුන, විශේෂයෙන් අන්තර්ජාලය තුල පෙනුන ජෞතිෂ්‍ය දන්න අය බොහෝ දෙනෙක් මිනිස්සු බය කරලා, තමන්ගෙ මඩිය තරකරගන්න උත්සාහ ගන්නව කියලයි මට හිතුනෙ. ඒ අය අතර අර වගේ ජෞතීර්වේදීන් හරි උතුම්... මොකද අපල කියල නිකන් හිටියොත් කිසි දෙයක් හරියන්නෙ නැති නිසා.. තමන්ගෙ මහන්සිය, කැපවීම මත තමන්ගෙ දියුණුව රඳා පවතිනවා...

මට දුන්නු උපදේශය : If you are doing something, you should good at it.....

Tuesday, January 22, 2013

අම්මලා... දුවලා...

අම්ම කෙනෙකුයි, දුවෙකුයි අතර තියෙන සම්බන්ධය හරිම ශක්තිමත් නොවෙනස්වන සුළු එකක් මගෙ හිතේ... මට ඒක කලිනුත් දැනිලා තියෙනවා දන්න අම්මල දූලා නිසා... කොහොම උණත් මට ඒක හොඳටම දැනෙන්නෙ අපේ අම්මයි, නංගියි නිසා... 
මේ ටික මතක් වෙන්නෙ ‘පොදු පුරුෂයා‘ කියවන නිසයි...

මනෝරම්‍යාගෙයි, වර්ණාසිගෙයි අම්ම- දූ සම්බන්ධය සාමාන්‍ය එකකට වඩා ටිකක් වෙනස් උනත් ඒකත් උත්තරීතරයි... ලෝකෙ ලොකුම සෙනෙහස මව් සෙනෙහස කියවනේ.... කොහොම උනත් එතනත් හරිම අපූරු බැඳීමක් තියෙනවා.. ආත්තම්මා, අම්මා, දූ අතරත් තියෙන බැඳීම හරිම සහනදායි එකක්... කියවද්දි සතුටු දැනුනත්... ඇලෙන හැමදේම පස්සෙදි දුකක් වෙන බව තේරෙද්දි.. සතුට විඳිද්දිටත් වඩා දුකයි...
අද තනිකමෙන් මිරිකෙන මට, පොත හොඳ දෙයක් උනත්, මනෝරම්‍යාගෙ මරණයත් එක්ක වර්ණාසි දුක් වෙන හැටි කියවද්දි අඬන්න ඕන වගේ දැනුනා... හැබැයි කඳුළු ආව විතරයි....

පිරිමි සංවේදී නෑ කියල හිතන අය ලෝකෙ ඇති. මාත් හරි කැමතියි සංවේදී නෑ, රළුයි නපුරුයි කියල හිතාගෙන කියාගෙන ඉන්න. ඒත් මාත් සංවේදිද මංදා.... හදිසියෙ නොදන්න කවුරු හරි මේ ලියන ඒව කියෙව්වොත් කොහෙන් හරි පාත් වෙලා පලවෙනි වතාවට පොතක් කියවනව කියල හිතේවිද මංදා....

මම දන්නෙ නෑ මේ පොතට ස්වර්ණ පුස්තක සම්මානලය ලැබුනෙ මොකද කියල, මම සාහිත්‍ය, කලාව දන්න කෙනෙක් නෙමෙයි... හැකියාවකුත් නෑ, වැඩි උනන්දුවකුත් නෑ ඒ පැති ගැන... ඒත් මේ පොත කියවද්දි ඒක එහෙම උනේ මොකද කියල මට දැනුනා මම හිතන්නෙ... උපුල් ශාන්ත සන්නස්ගල මහත්තය ලෙඩ උන වෙලාවේ මුලින්ම කෝල් කරලා හොයල තියෙන්නෙ අපෙ මහින්ද මහත්තයා. ඒනිසා සන්නස්ගල මහත්තය කියල තිබ්බා, මහින්ද මහත්තයා අදටත් ජනාධිපති වෙලා ඉන්නෙ ඇයි කියල තේරෙනව කියල... මට ඒ වගේ තේරුනා මේ පොත සෑහෙන්න හොඳයි කියල.... හ්ම්...












Experiences.....

Kingfisher Air-hostesses
Young : I want to buy my own experiences....
Old : Its better, you' ll have to pay for it.....

කාත් එක්ක හරි කතා කරාමත් ජීවිත අත්දැකීම් ලැබෙන එක හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ... හ්ම්....
තරුණ අයට කොහොමත් හැමදේටම එක්ස්පීරියන්ස් එක ගන්න ඕන... හැබැයි ඒ වෙනුවෙන් කැපකිරීමක්/ගෙවීමක් තියෙනවා.. මට උනත් එච්චරයි... අවුරුද්දකට කලින් කියපුව තේරුනා නම් හරිනෙ...

Air hostess ලා ගැන හිතද්දි ඒක වෙනම සමාජයක්... අතිශයින් නිදහස ලැබුනු සමාජයක්.... පිරිමි, ගැහැණු දෙගොල්ලන්ටම අසීමිත නිදහසක් ලැබෙන සමාජයක තමන්ගෙ ගරුත්වය රැකගන්න එක ලේසි දෙයක් නම් නෙමෙයි... ඒනිසා වෙන්න ඕන සල්ලි ලැබුනත් අපි දන්න සමාජයෙ වැඩි කැමැත්තක් නැත්තෙ ඔය පැත්තට... අපෙ නංගි හැබැයි එයාලයින් කැබින් කෘ කෝස් එක කලා... එච්චරයි...
හොයල බැලුවම කීප දෙනෙක් එයා හොස්ටස්ලා, තනිකඩ ජීවිතයක් ගෙවන්න හුරු වෙලා. නරක පිරිමින්ගෙන් කරදර උනාම ගෑණු රළු වෙනවා... මම දන්න කටක ලග්න ගෑණු ළමයි කීපයක් ඉන්නවා, රිදවීම් ලැබුනාම රළු වෙලා තනියම ඉන්න හිතනවා...(කේන්දරවලත් එහෙම හිතෙනව මගෙ හිතේ)
එයා හොස්ටස් කෙනෙක්ට ලොකු සැලරියක් තියෙනවා... හැබැයි ඒක වැඩි වෙන්නෙ ෆ්ලයි කලොත් විතරයි... ෆ්ලයි කරන්න යන ලිස්ට් එකට නම දාගන්න නම් නිකන් ඉදල බෑලු... දන්න කීපදෙනෙක් ඉන්නවා, ෆ්ලයි නොකර සැලරිය විතරක් අරගෙන ගරුත්වය රැකගෙන ඉන්න.... හොඳ අය කොතනත් ඉන්නවනේ... හ්ම්..

පිරිමි කොහොමත් විශේෂ හොඳ කොටසක් නෙමෙයි.. හැබැයි එහෙම කියල ගෑණුත් හොඳයි කියන්න බෑ... තමන්ගේ ජීවිතේ ගැන තමන්ට තියෙන අයිතිය වගේම වගකීම ගැනත් හිතල වැඩ කලා නම්.... හ්ම්... එච්චරයි....

Yesterday

Do not mad at me, this pic was edited by a friend
Fine day in the beginning cause headache wasn't with me. Hmm tried few things and I was all alone. I went to Mr.Mahinda's office right on time 5.30. I just wanted to make sure things are ready to step in.

Discussion was successful. Another discussion took place in a bar, celebrating and discussing  new facts. So many things were discussed and I just listen and gave my ideas. Its good to have that kinda company, so I can learn a lot. I came back to home in mid night... Mama drop me and time wasn't an issue.

All though it was a good day time was gone, had a wash and again looked into "Podu Purushaya" book. I m kinda liking it very much. I feel its good if I could find someone like Varnasi... so calm, and intelligent. I do not like Sasha... I aint his kind. But he suited to her. Love is kinda amazing thing, with unbelievable facts.
It was almost 1'O clock, then I came to bed.

Hmm.....

Monday, January 21, 2013

පොත් කියවද්දි....

ජීවිතෙත් හරි පුදුම එකක් කියල හැමදාම දැනෙද්දි... උදේ නැගිටිද්ද ඔළුව රිදීම නම් නෑ... කෝකටත් ඩොක්ට අයියව මීට් වෙන්න වෙනවා....
මංජු පීරිස් මහත්තය නම් කිව්වෙ සිංහ ලග්න කාරයන්ට වාසනාවන්ත සතියක් කියල... හැමදේම හරියන බවත් කිව්වා... අනෙ මංදා... මේෂෙටත් හොඳය කිව්වෙ... හැමදාම ඒකට හොඳයි තමා.... කටකෙටත් හොඳයි කිව්වා...

අදත් තනිය දැනෙන නිසා... ගත්තා “පොදු පුරුෂයා“ කියවන්න... ඉස්සර වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ පොත කියවන්න, මොකද ඊට කලින් ඒක ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තය ලියපු විචාරයක් කියවල තිබ්බනේ භාෂාව අවුල් කියල... මනෝරම අයියත් භාෂාවෙ අවුල කිව්වා... ඒකෙත් හැටි... පොත බලල එපාය විචාර බලන්න.. මට හිතෙන එක මුලින් කරනවා... “ස්වයංජාත“ එකේ උනෙත් ඒක... මුලින් ටෙලි නාට්‍ය බලල පස්සෙ පොත බැලුවේ... ටෙලියෙන් පොත විනාස කරලා....
ඇයි ඉලියඩ්/රණබිම... හෝමර් ලිව්ව රණබිම කොච්චර හොඳට ලියලද... හැබැයි “ට්‍රෝයි“ මූවි එකේ මුලු කතාවම වෙනස් කරලා... අනුන්ගෙ බිරිඳක් පැහැරගෙන ආපු පැරිස්/පරීස හොඳ කෙනෙක් වෙලා... හෙලන්ගෙ මහත්තයා මනුල වයසක නාකි නරක කෙනෙක් කරලා... හොඳ ආගමන බලලෝභි නායකයෙක් කරලා... ඔය වගෙ විකෘති තිබ්බා..

කොහොම හරි හිතුව වගේ පොත නරක නෑ.. පොත හොඳයි... නැවතීම් නැතිව කියන භාෂාවෙන් එක දිගට ලියල තියෙනවා...
මව් සෙනෙහස, ප්‍රේමය, අවබෝධය, සිද්ධි තව තවත් බොහෝ දේවල් එක්ක කතාව ගලාගෙන යනවා... තාම ඉවර නෑ... මට ප්‍රේමයත් මතක් උනා... මතක් නොවුන නම් තමා පුදුමේ....
4 වෙද්දි යන්නත් ඕන... හ්ම්... නැකැත් ටික කියල සාධාරණ තීරණයක් ගන්නත් ඕන....

Sunday, January 20, 2013

අපොයි මගෙ ඔළුව

ඔන්න ඉතින් දවස හොඳට පටන්ගත්තා කියමුකෝ... ඇහැරුනේ 7ට විතර... ඒත් හොඳට හිටියා.... ප්‍රසාද් එන නිසා ක්‍රිකට් මැච් එකත් ටිකක් බලන ගමන් බිස්නස් ප්ලෑන් එකත් ගැහුවා....

9ට විතර ආෂ්ව මතක් උනා නිකමට වගේ, ඒ වෙලාවෙ ඉදන් ඔළුව රිදුනා... ප්‍රසාද් ආවේ 10 30ට විතර... මුල් ටික කතා කලා... ඒත් හොඳටම ඔළුව රිදුනා... බාම්, පැනඩෝල් තියා පැනඩීන් එකටවත් ආන්සර් කලේ නෑ. අන්තිමේ ප්‍රසාද්ට උනේ පැය 2-3ක්ම ෆේස් බුක් ඉන්න මම නිදාගත්ත නිසා.. එයා යද්දිත් ඔළුව රිදෙනවා... ඒපාර කාලා නිදාගත්තා 4 විතර වෙනකම්... හ්ම්...

ඊට පස්සෙ නැගිටල ආයෙත් ඉතින් සුපුරුදු පරිදි ප්ලෑන් එක එහෙම බැලුවා... ෆිට් මදි... මැච් එක ඩ්‍රෝ වෙලානේ... 220 ලේසි නෑ පිච් එක අනුව මට හිතුනෙ... කොහොම හරි ඉතින් ඔළුව හොඳට තිබ්බත් රෑ වෙද්දි රිදෙනව ටිකක්.. දැනුත් රිදෙනවා... ඩොක්ට අයියව හොයාගන්නත් තාම බැරි උනා....
චැට් කරන එක ඉතින් කරන එකනේ... චතූට ෂිමිට කියන්න අමතක වෙලානෙ මම මතක් කලා කියල... ඒකෙත් හැටි....
රොජර් කාරයා තාම දැක්කෙ නෑ දැන් අවුරුද්දක් විතර.. දුරා අයියත් හිටිය වගෙ දැක්කා මම කතා කලේ නෑ... එයත් කඳුළු වගේ නොකියම යන්න හදනවනේ... හ්ම්...
දිලිනි අක්කටත් හොඳටම වැඩ...
එච්චරයි මතක දැන් 11 30 කිට්ටුයි තාම මම නැගිටල....

Losers become Winners only in Movies..... ?

I was thinking this all the time...... In so many movies I watched, I saw loser became a winner......
But in real life... it does not seems to be like that..... I do not know y.....

If loser is good, I think he should be a winner...... I really do wish it....


මම මේ හිතුවේ... බලන චිත්‍රපට වල නම්, පරාජිතයා නිතරම වගේ ජයග්‍රාහකයෙක් වෙනවා....
නමුත් ඇත්ත ජීවිතයෙදි එහෙම වෙන පාටක් නෑ... මම දන්නෙ නෑ ඒ ඇයි කියල...

පරාජිතය උනත් හොඳ නම්, යහපත් වෙන්න ඕන කියල මම හිතනවා... හ්ම්

නුඹට හොඳ නං....

නුඹට හොඳ  නං....
මට මොකද  බං....
නුඹේ  කෝලං.....
නුඹ තියාගං.....


මොකට ලිව්වද, හිතුනද කියල මම දන්නෙත් නැති...

මැටිල්ඩා - කතා පොතක් හොඳේ......

ඉස්සර කියවපු කතා පොතක් අපෙ ලොකු අම්මල ඊයෙත් ගෙනැල්ලා..... මට උවමනාව “පොදු පුරුෂයා“ පොත කියවන්න උනත් ඒක අපෙ අම්ම කියවනවා... මම ඉතින් අනිත් පොත් අතර තිබ්බ ඉස්සර කියවපු ‘මැටිල්ඩා‘ පොත ගත්ත කියවන්න.

ඒක Roald Dahl ලියපු උපාලි උබයසේකර මහත්තය පරිවර්ථනය කරපු පොතක්.... දඟකාර ගෑණු ළමයෙක් ගැනයි කියවෙන්නෙ.... ඒකෙ මුල්ම පිටුව කියවද්දි හිනා එනවා... ඒකයි මේ ලියන්නෙ....

අම්මල තාත්තලාගේ හරිම විහිළු වැඩක් තියෙනව. ඔයාලට හිතාගන්න බැරි තරම් කැත, නරක විසප්පුවක් වාගේ පුංචි එකෙක් හිටියත් අම්මල තාත්තලා කියන්නෙ ඒ වාගේ ආශ්චර්යවත්, හොඳ ළමයෙක් තවත් නෑ කියලයි “  - අපේ රටත් දැන් ආසියාවේ ආශ්චර්යයට යන ගමනෙනෙ යන්නෙ... මට මතක් වෙන්නෙ ඒක ගැන.... ඇත්ත තත්වෙ ගැන අවබෝධයක් තියෙන නිසා...

ඊලඟට, “ තවත් සමහර අම්මල තාත්තල ඊටත් එහාට යනවා, ඒ ගොල්ලො කොයි තරම් තමන්ගෙ  ළමය ගැන ආදරෙන් අන්ධ වෙනවද කිව්වොත්, ඒ ගොල්ලො තදබල විදියට හිතේ කාවද්ද ගන්නවා තමන්ගෙ ළමයා ඉපදිලාම තියෙන්නෙ මහා ශ්‍රේෂ්ඨ බුද්ධියක්, සහජ හැකියාවක් එක්කය කියල“.

ඒකෙ ඉතින් වැඩි නරකක් ඇත්තෙත් නැහැ. ඇත්තටම ඔහොම තමයි මේ ලෝකෙ හැටි. හැබැයි ඉතින් අම්මල තාත්තලා ඒගොල්ලන්ගෙ එපා කරපු පොඩි එවුන්ගෙ අසාමාන්‍ය දක්ෂකම් ගැන අපට කියන්න පටන් ගත්තම තමයි වැඩේ නරක අතට හැරෙන්නෙ. එතකොට ඉතින් අපිට කෑ ගානන් වෙනවා, “ඔන්න ඔන්න මාව ලෙඩ වෙන්නයි යන්නෙ... ඉක්මණට බේසමක් ගෙනල්ලා“ කියල....

පොතෙන් කියවපු ටික එක්ක මට ඉතින් දන්න තේරෙන දේ එක්ක හිතෙන දේවල් ගොඩායි....
උණහපුලුවට තමන්ගෙ පැටියා මැණිකක්ලු... සාමාන්‍ය දන්න තේරෙන ලෝකෙ හැම අම්ම, තාත්තම එහෙමයි.... දෙමාපියෙක් වෙනව කියන්නෙ ලොකු දෙයක්... හ්ම්...
ඉතින් කොහොම හරි මගෙ අදහස මේ දෙමාපියන් තමන්ගෙ දරුවට විතරක් අම්ම තාත්ත වෙලා ඉන්න එක එච්චර හොඳ නෑ.... සමාජයට දෙමාපියෙක් තමයි වෙන්න ඕන... අපෙ ප්‍රසන්ජිත් අයියත් පහුගිය දවසක මේ ගැන හොඳ කතාවක් කියල තිබ්බා මතක නෑ...
මම ඒ ගැන කියල පෝස්ට් එකක් දැම්මම, අපෙ චන්දන අයිය කිව්වා, රූ සමාජ සත්කාර වල අන්තිමට කරපු ඉස්කොලෙක දරුවන්ට ඕන දේවල් දුන්න ගියපු ගමනෙදි  අපෙ ඉන්ද්‍රනාත් තේනුවර මහත්තය කිව්වලු, “හදිසියකදි රිලා රංචුවක් කරන්නෙ, අහුවෙන පැටියව අරගෙන ගහට නගිනවා, පස්සෙ තමයි තමන්ගෙ පැටියව හොයාගන්නෙ කියල“.... රිලව් තිරිසන් උනත් අපිට වඩා අවබෝධයෙන් ඉන්නෙ....
මොකද කපටිකම තාවකාලිකයි... බුද්ධිමත්කම එහෙම නැති නිසා.... ඉතින් ඒ කතාව එච්චරයි..

අනිත් කාරණය තමයි... ලෝකෙ තාමත් ඉහලටම ගියපු අතිබහුතරය ඉස්කෝලෙන් අතෑරපු අය... නැත්නම් ඉගෙන ගන්න බෑ කියපු අය.... අයින්ස්ටයින් වගේ චරිත අපිට ඒක කියනවා.. ඒනිසා ගුරුවරු හිතන්ට ඕන ඒකත්....

“දරුවා නොදැනුවත්කම හා කුතුහලය සමඟ පාසලට එයි..., නොදැනුවත්කම ඇතිව... කුතුහලය නැතිව පාසෙලන් පිටවෙයි...“ - පාසල එහෙම තැනක් නොවිය යුතුයි... හ්ම්....

Just 1 min left today....

Just one minute left for today.. I mean 19th.. its almost 20th..... I just checked Birthday list today and now its 20th.....

The day begin with bad..... Ash gave great pain..... time just passed.... Relations were here but no one could ease my pain... I did not tell anyone... So it remained with me..... Dilini Akka knew it, cause I said so... as my words... " Sibling hood exists no matter what "....

Evening was fine too..... Chathu, Anju Nangi, Chathula, Pushpakumara, ... etc lot chat with me.

And now.... I m fine... except sleepy almost 2 hours now.... Chathu is bit rough.. but sweet, good girl....
Some were afraid that I gonna cross the limit... I aint like that.... never was... nor in future.... I can proudly say I live with dignity.....

Life sucks, rots even ........... no life is good..... no matter what..... need some sleep now.. otherwise....

T. S to all !

Saturday, January 19, 2013

අන්තිමට... හ්ම්...

බදින්නට සිතූ පිරිත් නූලද...
සෙතක් වෙන්නට සිතූ සිතුමද...
වෙනකෙකුට අත දීමද....
නුඹ කරාවි මට සිතෙනවා අද....

ආදරවන්තයන්ගෙ පින්තූරයක් දැකල මට මෙහෙම හිතුනේ.... ආෂ් ෂෝක්නේ.... මට වඩා හොඳ කෙනෙක්.... අම්ම බලාගන්න.... හැමෝම එහෙමද... වෙන්නැති....

දුක් උනා කියල ජීවිතේ ඉවර වෙන එකක්ය... නෑනේ... හ්ම්....


කාලෙකට කලින් මම කියපු දේ ඒවිදියටම තේරුම් ගත්ත එක හොඳයි... එතනදි වැරදුනෙ මට...

I know..... lOvE

I know I was rough... I know I did hurt. I know you were too soft to give pain and things.... but with all wrong things.... I did love you.
You never understand that, loving someone  is not that easy.... its not a thing a weak can do. Love is very strong and cause of its way... it give so many things  to embrace....

People, World still try to understand what is love...... In my opinion  Love is trust, understanding and affection( kinda like love).... So without those things... love is in vain.....

I understand first time that, and I said it..... in the end... it was only my fault....

I got wish to see you, to talk with you... touch your hand, kiss you hand..., embrace you...... to hug you.... even to kiss you one day.... hmmmm...... damn... life is a mess some times....

You just understand the things in life 24th.... I was happy for it... cause it should be..... and me just thrown away.... anyway it was good.....

Good bye love.....

Friday, January 18, 2013

Something I felt in yesterday...

Its very hard to endure, sad and lonliness..... When its sad, everything seems bad, mistakes, faults... and everything come to mind...

Hmmm.... just have to accept it, no other way to do.

Every time we should know what is our ambition, and who we want to be. So whatever matter comes to us.., we can just face it.... Hard though.... but not impossible..

අද දවස......

කරන්න හිටපු වැඩ, හරියකට කරගන්න බැරි වෙච්ච නිසාත්, පාළුවත්, තනිකමත්, දැනුනු නිසාත්, ජීවිතේ කරගන්න තියෙන ගොඩාක් දේවල් ගැන නිතර හිතෙන නිසාත් මම අද දවස ගොඩක් දුකට වඩා අවුල් සහගතව හිටියේ....

රෑ වෙද්දි ටිකක් වෙනස් උනා, බොරළු පාර එහෙම බලද්දි... ඒ ජීවිත කොච්චර ධෛර්යවන්තද කියල හිතෙද්දි.... මාස 3කින් විතර වැඩියෙන්ම චැට් කලෙ අද වෙන්න ඕන. රෑ චැට් කල අය අතර දෝනි අක්ක, චතූ, විජේ, හර්ෂනි නංගි, තෂූ නංගි, සමන්ති අක්කා, ප්‍රසාද් මල්ලි, නදී අක්කා, කැලුම් අයියා, ජනක අයියා, , චතුල, අංජු, රිෂා අක්කා, ජීඑස්එච් අක්කා, මංජු අයියා, චතූ, තුෂාර මල්ලි ඉන්නවා, තව 20ක් විතර ඉන්නවා ... මගෙ ටයිපින් වේගය ගොඩක් හොඳ නිසා අවුලක් උනේ  නෑ....

දැන් වෙද්දි හිතට හරි... දෝනි අක්ක හොඳ අක්කෙක්, අවුරුදු 3කට විතරවත් කලින් ඉදල මෙතන දැනගෙන හිටියත් රික්වෙස්ට් කලේ, මාස කීපෙකට කලින්. චතූ එක්කත් ටිකක් කතා කලා... ස්වීට්, හොඳයි... හැමදාම වගේ. තුෂාරටත් දැන් හොඳයි වගේ ... අපල කාලේ දුර නිසා හොඳ වේගෙන එනවා... ජීඑස්එච් අක්කවයි පවුලෙ අයවයි ලංකාවට ආවම මීට් වෙන්නත් පුලුවනි...
ෂමින්ද අයියවත් ෆැමිලි දාගන්න හිතෙනව.. අයියගෙ උපන්දිනේ මුල්ම විෂ් එක මම දාපු එකට මාර හැපී මට... දිනේකා නංගිටත් මුල්ම විෂ් එක දැම්ම කොහොම හරි.....
මගෙ ඒ වැඩෙත් හරි ෂෝක්... හ්ම්

ආෂ්... අයින්ම වේවි වගේ... මංදා... 
කොහොම හරි... මදුරුවො කෑවත් දැන් හිතට සතුටුයි..... ඉතින් ජීවිතේ.... එහෙමයි.... නෑ මෙහෙමයි....

ෂමින්ද අයියගේ බත්ඩේ විෂ් එක මෙහෙමයි.....

“ මිතුරනේ ....මාගේ ඡන්ම දිනය වෙනුවෙන් මා හට ඔබලාගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු වේ...එම ත්‍යාගය දිය හැක්කේ ඔබලාට පමණි. ඒ සාධාරනව ඡීවත් විය හැකි සමාඡයක්...මා ඉල්ලනනේ එයම පමණයි....ඔබට එය දිය හැකියි!! සිතන්න....ඒ වෙනුවෙන් ඔබට මාගෙන් “ කේක් “ නොව..ලේ,මස්.නහර පවා ඔබලාට දීමට සූදානම්.....මිතුරනේ ඔබට ශක්තිය !!!!! “


Thursday, January 17, 2013

Not easy to pretend......

Sometimes some people think its easy to pretend than telling the truth. When I face that kinda situation, most of time I realize whats going on. I know what is lie and I just show them that I believe in them, just for be in peace. It makes me laugh all the time after thinking what was happened.
 
Its not easy to pretend someone who got so many experience about life.... Everyone is accountable for his/her own actions. So what they do, they will take what they deserve.....


සමහර වෙලාවට බොරුව, ඇත්තට වඩා හොඳ ඇති.... ලේසි ඇති.... මට කවුරුහරි බොරු කියද්දි සාමාන්‍යයෙන් නම් තේරෙනවා, මොකක්ද වෙන්නෙ කියල... ඒත් මම තේරුනෙ නෑ වගේ ඉදල මම එයාලව විශ්වාස කරන බව අඟවනවා... එතකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නෙ නැති නිසා. පස්සෙ වෙලාවලදි මතක් වෙද්දි හිනත් එනවා...

ජීවිතේ ගැන අත්දැකීම් ගොඩක් තියෙන අයව රවටන්න ලේසි නෑ. තමන් කරන දේවල් වල වගකීම ලැබෙන්නෙ තමන්ටමයි. කරන දේට... ලැබිය යුතු දේ ලැබේවි... හ්ම්...

Wednesday, January 16, 2013

හිතෙන දෙයක්......


ජීවිතේ වෙලාවකට හරි පුදුමයි, අමුතුයි.... වෙන දේවල් හිතාගන්නත් බෑ.... කොහොම උනත් ඉතිහාසෙ පුරාවටම වෙච්ච දේවල් ආයෙත් වෙන්න ඉඩ තියෙනවා... "History repeats" කියන්නෙ ඒකනේ....
ඉතිහාසයේ වෙච්ච දේවල් අදත් වෙන්න පුලුවන්, යම් යම් වෙනස්කම් එක්කම... වෙන්න ඕන ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම උනත් අද ගොඩක් අය ඉතිහාසය හදාරන්න අකමැති වැඩකට නැති දෙයක් කියල හිතලයි.....

කොහොම හරි ඉතින් එහෙම දේවල් වෙනවා, ජීවිතේ... මතක් වෙද්දිත් පුදුමයි.. අද හොඳට ඉන්නවා හෙට මොකුත් මතක නෑ... අනිද්දට සමහර වෙලාවට තරහයි... මාද ඇතුළුව අපි හැමෝම එහෙමයි... කොහෙවත් ස්ථිරසාර නෑ... ඒකට කියන්නෙ "perfect" නෑ කියල වෙන්නැති...

අජාන් බ්‍රහ්මවංස හාමුදුරුවො වදාරන්නෙ වැරදි වෙන එකට ඉඩ දෙන්න කියල, වරදක් උනොත් ඊට පස්සෙ ඒකට බණින්න එපා වරද හදාගන්න දෙන්න කියලයි... නැත්නම් වරද වගේම බොරු කියන්න හුරු වෙලා වරද වැඩි කරගන්න ඉඩ තියෙනවා... ඒක හරියටම හරි...
රොබට් කියොසාකි වගේ මූල්‍ය ක්ෂෙත්‍රය ගැන අවබෝධයෙන් ඉන්න අය කියන්නෙ වැරදීම් වෙන තරමට දියුණු වෙනව කියලයි....
ඒත් අපේ මොලේ පුරුදු කරල තියෙන්නෙ(බ්‍රේන් වොෂ්) ... වැරදි නරකයි කියල... වැරදි නරක නෑ.. වරද හදාගන්නව නම් දිනුම්....

මේ ක්‍රමය අපිට හුරු කරල තියෙන්නෙ එහෙම, ඉගෙන ගනිං.. රස්සාවක් කරපං... නමුත් ගැටළුව, රස්සාවක් විතරක් කරල අද එදා කරපුව කරන්න පුලුවන්ද කියන එකයි..... ඉස්සර රස්සාවක් කරලා වාහනයක් ගන්න පුලුවන්කම තිබ්බා... අද නිකමට හිතුවොත්... 30,000ක පඩියක් ගන්න කෙනෙක්ට, තනිකඩ උනත් 5,000ට වඩා ඉතිරි කරගන්න අමාරුයි... හරි 10,000ක් ඉතිරි කලා කියමු... සෙකන්ඩ් හෑන්ඩ් මරුටියක් ලක්ෂ 12ක් විතර වෙනව... ඉතින් ඒක ගන්න අවුරුදු කීයක් යාවිද කියල හිතන එක 5 පන්තියේ ගණන්...
හරිම ලේසි කතාව තමයි ලෝන් එකකින් ගන්නවා, ලීස් කරනව කියන එක... හිතල බලන්න ඕන ඉතින් ඒක ගැන එතකොට.... තව කොයිතරම ණය බරක් වෙයිද කියල...
අපිට වෙලා තියෙන්නෙ සරල ගණන්, සරල දැනුම් තිබුනට.. ඒව මතක නෑ... සිම්පල් සෙන්ස් ජීවිතයෙ නැති කරගෙන....

මේ වැරදුනු ක්‍රමයෙන් මිදෙන්න පුලුවන් වේවි.. උත්සහ කලොත්.... කරාවිද මංදා... මාත් මේ කරන්න කලින් දන්න දේවල් දිගෑරියේ... - අතිබහුතරය ඉන්නෙ තමන් හැදිලා රට හදන්නනේ......(එහෙම හදපු නිසා තමයි අපි දැන් ලෝකෙ දියුණු රටක් වෙලා තියෙන්නෙ)..... :ඩී...

When we feel its all over... Its not

Sometimes in life, its hard to believe loved ones, close ones will ignore. But it happens without even giving any warning. Then its hard to endure.
Pic is not perfectly matching to my idea, saw it in images n got it.
Being pretty is good for cover but not for everything in life.
Its good to be ignored, make us more strong, and not everyone does so.

Its hard to face things, but its good, as man without failures never become successful or something like that......
So just understand the ...ing situation and move on......................................

Everything.... no most of things are fine

In life its not easy to settle everything, actually it does not happen. We can make sure somethings are settled.
Understanding life is not easy and never to be completed. I think I have so much experience rather than others. I m lack of companies, friends are not that much except on fb. I have to make it right.
I can be happy or enjoy using small things, simple sense. Its good but should improve.

ජීවිතයේ හැමදෙයක්ම හරියටම හරියන්නෙ නෑ කවදාවත්. ජෞතිෂ්‍ය අනුව බැලුවත් මට හිතෙනව එහෙම. එක ග්‍රහයෙක් නිසා හොඳට හරියද්දි, තව ග්‍රහයෙක් නිසා කරදර වෙන්න පුලවනි.
ජීවිතාවබෝධය ගන්න එකත් කවදාවත් ඉවර වෙන දෙයක් නෙමෙයි, කොහොමත් අනිත් අයට වඩා සෑහෙන අත්දැකීම් තියෙනවා, දන්නවා. මේ ටික කාලේ යාළුවො අඩුයි.... ඒකෙ පොඩි අවුලක් තියෙනවා ෆේස් බුක් එකේ ඇරුනම.
පොඩි දෙයක් විඳලා සතුටු වෙන එක.... සරල දේකට වින්දනයට පත්වීම හොඳ දෙයක්... හොඳ සතුටක් ගැනීමත් එහෙමයි...
ඉංග්‍රිසියට වඩා හොඳින් සිංහලෙන් හිතෙන දේවල් කියන්න පුලුවන් ගොඩක් වෙලාවට.... අන්තිම වෝල් පික් එක දාපු වෙලාවෙ නම් හැමදේම ආවේ ඉංග්‍රිසියෙන්, පස්සෙ තමා සිංහලට හැරෙව්වෙ, එතන පොඩ්ඩක් අවුල්, අපි සිංහලෙන් හිතලයි ඉංග්‍රිසියෙන් හිතන්නෙ සාමාන්‍ය විදියට....
හ්ම්......

Tuesday, January 15, 2013

Hmm feeling alone....

Day was good, rest well. Called to Nadee Akka. I could not speak with Piyumal yet.
Feel alone now... bit sad too. I should start over. miss Chathu too. In the morning I was happy and now it seems dull. I wish I could write in the morning.....

I watched The Baytown Outlaws(2013). Not a good movie... it helped me to feel bad.
Chief Justice Madam has decided to leave the residence and office. I think its a good decision.
I met Ash's friend on fb today, seems she is fine.. good....

Hmmmmmmmmmm.....

Monday, January 14, 2013

Not bad day......

Not suits to the story of mine :P
Hmm... did not go to funeral in the morning. I went to Chamal Mama's home and completed things.... Finally its a do.....
Happy about it, accepting and giving respect.... lot more to do so...
I went to funeral in the evening, to the cemetery.
Although I did not know about Sithuli's Punchi, I feel sad, death and sadness is not that far away thing for me. Few minutes in cemetery bt I thought a lot, about so many things.
Death of someone we know give us time to think again about life.... hmm
Sithuli and all including podi Nangi were looking so tired. Hmm feel sad... but nothing to do... Just told her to have some rest and come back...

ප්‍රේමය නම් අසෙණිය කුසුමකි
රිසි වූ කෙනෙකුට පූජා කරන්නට
ලෝබ සිතින් තොර පිදු මනා වේ
පෙරළා ලබනට නොසිතා බිඳකුදු


Chathu gave me this, by Professor Ediriweera Sarachchandra.... I guess he did not know about Love, Love between 2, is with lust, at least bit of lust needed in Love affair/relationship.
Life... life... come again..... dnt want to die yet; another day... cause there are so much to do... before close my eyes....

Sunday, January 13, 2013

Hmm its good......

I went to Sithuli's home to participate her 'punchi Amma's' funeral. It was good to see her and her family. They got family feelings, unite and it hit me..... Its great....

Everyone should be like them. They did not give any work for me, and I was wondering what to do. No Laptop, I Pad, mobile or even a book to read. I used to use brain more than muscles... So it was kinda hard to me.

Sithuli gave me chance to play Carrom with her cousins, and I lost all the time to young ones. I was so weak. And also Card playing too.... Although I hate to loose I got lessons from it. How to loose......... :)

Met their friend in the evening, and it was good to have some company.
I felt they are good, just didnt remember all the names...(Palitha,Lilanti,Kaushalya,Chathu), guy with fake name, did not speak with him. As Sithu said before I just feel Chathu is so good, same age, sweet girl... Its kinda crush I guess..... any way it was good....

Funeral is not a place to be in so much happy, they did not cry, its also good I think. Good to be there...

Saturday, January 12, 2013

Confused

I was confused with things today, still doing well though. Life is going and need to do it quick. Time flies and I am slow.

May be all are lies or most..... Its the way.... do not give a damn.

hmmm...

Friday, January 11, 2013

Once a upon a time.....

Sibling hood
Once a upon a time, a boy meets a girl from face book. As soon as they know each other, girl wanted boy as her brother. Boy accepted it. Their sibling-hood grew. Suddenly girl disappeared from face book.

Boy knew Girl's lover doesn't like she is in face book, and boy admitted it cause he felt they are fine. So boy did not search for his sister.......

After some time girl came to face book using another account and requested boy to be friends. Boy accepted again and he find out that girl was in face book few months ago.... He was so upset.... She said she was unhappy whole time and the boy was devastated cause he did not know anything.

He asked girl. She said she got some difficulties to tell it to him. He checked again and it was months.... He was so upset.... and expressed his ideas to the girl and she was furious....

She decided that he is not suitable to be her brother.......


- The End......

Tuesday, January 8, 2013

About Winners....

Today I made a quote which is similar to Robert Kiyosaki's quote. His quote is " Losers are people who afraid of Losing".  My quote is " Winners are people who are not afraid of Losing".

My aspect was to make a cover picture to face book. I remember Kiyosaki's quote. But I feel that "Loser" word is not proper to me... so I changed it to Winners.

Life goes on...  huge things to do... hmmmm

I want to HUG You.....

I wish I could Hug you now. Its cold out here, still raining. Miss you a lot. What to do, it was your choice.

It was good to understand things around you, who suits and who not. I was pretty sure years ago about it....

Although life is going, I m happy with what I got... Lot to do... more and more ... Hmmm.......

HOPE IS A GOOD THING>>>..

Saturday, January 5, 2013

World is not "Black & White"

Most of people live in "Black and White" World... Right and Wrong. The thing is Not everyone is black or white... No one is perfect, so faults are normal. Mistakes can be happen.

Mistakes might be a virtue after sometime, cause you probably do not do it again. Some say mistakes are a bliss. Truth is we have to understand about mistakes, and move on.

If your life partner, business partner made any mistake, just give it a rest. Help he/she to make it correct. Have faith on them. Give that support and you wont upset in future...

Life is amazing, so try to live in it...