Tweets by @Tweetsbysuku myblog: June 2019

Facebook Fan Page

Tuesday, June 4, 2019

“පව“ - “පින“ කියල 2ක් තියෙනව.

( ඉන්ද්‍රීය පරෝපරියත්තය ඥානය - බුදුන්වහන්සේට🙏 විතරක් තිබුනු දෙයක් කියල බණ පොතේ තියෙනව. පෙර පින - පව ගැන දැනගැනීම)

⭕ සම්බුද්ධ ශාසනයේ අගසව් ඍධිමතුන් අතර අග්‍ර වූ, මුගලන් මහරහතන් වහන්සේ සොරුන්ගෙන් පහර කෑමට ලක්වීම. පසුව පරිනිර්වාණය. 
- මේක දම්සභා මණ්ඩපයේ ලොකු කැළඹීමක් සහිතව බුදුන්වහන්සේට කියනවා රජුට කියන්න, හොරුන් අල්ලා දඩුවම් කරන්න කියල. මේ වෙච්ච දේ බුද්ධ ශාසනයට මහ හානියක්, කලේ මහා අසාධාරණයක්, මහා පවක්. හොරුන් අතින් පහර කාලා පිරිනිවන් පෑවා, ඍධිමතුන් අතර අග්‍ර වෙච්ච හාමුදුරුවෝ කියල.
බුදුන්වහන්සේ වදාරනවා, ආත්මගත සිද්ධියකදී මව පියාට අඩන්තේට්ටම් කල අකුසලයෙන් මෙහෙම උනා. වෙච්ච දේ වෙන්න තිබුනු කර්ම ඵල විපාකයක් බව.

⭕ කොසොල් රජතුමාගෙ සංතති සෙනෙවියෙක් විශාල යුද්ධයක් දිනනවා. 
* සතුටට රජතුමා දවස් 7කට රජකම දෙනව. අන්තංපුරයේ හිටිය නැටුමට දක්ෂ බිසවකුත් දුන්නා.
රජකම අරගෙන බොනවා. උදේ ඉදලා බීලා නටනවා, නටවනවා. නැටුමට දක්ෂ බිසවත්, අනිත් අයත් නටවනවා.
6 වෙනි දවසෙදි, ඇතා පිට යනවා, බුදුන්වහන්සේ වඩිනකොට සංතති ඇමති ඇතා පිට ආඩම්බරයෙන් යනවා. අඩුතරමින් බුදුන්වහන්සේට ගරු කරන්නෙවත් නෑ.
- බුදුහිමියන් ආනන්ද හාමුදුරුවන්ට කියනවා, “ ආනන්ද සංතති ඇමති හෙට රහත් වෙනවා“.
- රජ උෂ්ණයෙන් ඇවිල්ලා මාලිගාවට, නටන්න දක්ෂ බිසවට නටන්න කිව්වා. දවස් ගානක් නටල මහන්සියෙන් හිටිය බිසව, නටල නටල ඇදගෙන වැටිලා මැරිලා වැටුනා.

සතියක් කරපු පිස්සු වැඩ මතක් වෙලා හිතද්දි බුදු හාමුදුරුවන්ව මතක් උනා. ඇවිල්ලා, බණ අහල රහත් උනා. ඒක අපිට පිටින් පේන්නෙ නෑ.

● ඒවගේ තමයි මහින්ද මහත්තයත් පිනට - කැපවීමට ජනාධිපති උනා. මෛත්‍රීපාල මහත්තයත් ජනාධිපති උනා. 
ඒක උනාට පස්සෙ තණ්හාවෙන්, මෝඩකමෙන් වැරදි කරගත්තාම පිනත් ඉවරයි, ආශිර්වාදත් ඉවරයි. 
ඊටපස්සෙ එක එක දේවල් කලත්, යන්ත්‍ර මන්ත්‍ර - බලි තොවිල්, එක විකාර දැම්මට, හදවගත්තට කරාට හරියන්නෙ නෑ. 😳

පින - පව හරියට තේරුම් ගන්නව නම්, පංච සීලයවත් හරියට රකිනවා.. 
අද බලය - සැප - ධනය වෙනුවෙන් කරන ඇත්තටම පිස්සු වැඩ නිසා, සංසාරේ අප්‍රමාණ දුක් විදිනවා..

හැබැයි වැඩේ තියෙන්නෙ, ලංකාවෙ බහුතර මිනිස්සුන්ට එහෙම අයව පේන්නෙ වෙන විදියකට. කවුරුහරි ධර්මානුකූලව ඉන්න බලනව නම්, එහෙම අයව මානසික රෝගීන් වගේ පේනවා. ඉතින් තවත් පව් හදාගෙන එයාල තව කරදරේ වැටෙනවා - ආයෙත් වැරදි අයවම පත් කරන්න බලනවා... 🤣

#junetsh2019