Tweets by @Tweetsbysuku myblog: March 2013

Facebook Fan Page

Thursday, March 28, 2013

අපිට වරද්දපු තැන් ගැන පොඩි දෙයක්....

*මුල්ලේරියාවෙදි ආසියාවෙ පෘතුගිසින් ලද දරුණුතම පරාජය.... (1562) එයට බියවුනු පෘතුගිසින් හා ඉංග්‍රිසින්..... පිස්සන් කොටුවක් නියම වචනයෙන් කියනව නම්, මානසික රෝහලක් ඇති කලා... ඒතුලින් අංගොඩ මුල්ලේරියාව කියද්දි වීරත්වය, ආඩම්බරය නැති කරලා ලැජ්ජ හිතෙන අසරණකමක් දැනෙන මානසිකත්වයක් ඇති කලා....

Happy B'day XENA !

(03/1999 - 06/2013)
You were born on 28th of March 1999, you came to us, with help of our relations, May 1999. Since then you were with us more than a decade....

You were with us, it might be the worst time of lives, you didn't know that, simply neither did us. You are always my child, since you passed away last year I thought I never raise a pet again.

I m happy I made some serious decisions when you sick which still affect my life. I did it with a clear mind, all the time, you get well and that's all I needed.

Life is still not that good Xena, and I loved you like my child but I couldn't give the comfort, your sisters and brothers got. It was bad time and bad luck I guess, plus of course my stupidity.

I wont regret to everything happened just for the last time I couldn't come to you, cause I was sick too. Amma told me you were expecting me to the last time.
Time is going fast, life still continues, only you are not anymore. hmmmm

As I told you all the time, I wish and hope you to become a human being and make an end to this pathetic circle..... Attain to Nibbana....

T. S my dearest child !


Saturday, March 23, 2013

බලාපොරොත්තුව තියෙනව...

ජීවිතයේ කල කීදේ හරිද වැරදිද සිතෙන්නෙ, කලකිරෙන්නෙ... තමා වෙනුවෙන් කිසිවක් කරගැනීමට බැරිවූ නිසා නොවේ...
තමා වෙනුවෙන් සිටින හෝ තමා විසින් ඉටුකල යුතු යුතුකම් කරගැනීමට නොහැකිව සිටින විටය...
දෑසට කඳුළු නැගුනද.. ජීවිතය එපා වුවද... ජීවත්වීම මෙන්ම මරණයද කරගත නොහැකි විට..... කලයුත්තක් ගැන තව තවත් සිතිය යුතුව ඇත...
හැමදාමත් බලාපොරොත්තුව පවතිනවාය....

@අප්පච්චි බලද්දි ආපු අදහසුත් එක්ක...

මහන්සියක් දැනෙනවා... හොඳ නිවාඩුවකට යන්න හිතයි.. හ්ම්

Wednesday, March 20, 2013

Is it TRUE >> ?

Saw this frm Hashan Malli's wall; pic is from Idealist page

In this moment I do not feel this proverb is correct. I always made my own decisions and still stuck I guess.
I don't know whether there will be a glorious day to celebrate things and make it up.
I don't know if there will be a day I could go and meet my friends in our Country, or the friends I got all around the world...

I don't know miracles will happen or if its not....

I believe miracle seems impossible, but happens anyway.....

I do know I got guts and ability to make it change for the better.... more and more...

Hmmm...

-යථාර්ථවාදි ජනතාවාදියා...

රාජ යෝග ගැන හිතට දැනුනු දෙයක්...

සමහර අය හිතනවා රාජ යෝග එන්නෙ මහා බලවත් අයට විතරයි කියල. සාමාන්‍ය විදියට රාජ යෝග කියන්නෙ සුවිශේෂි දෙයක් තමයි, රජ නොවුනත් ඉහල තැනකට එනවා.
(චන්ද්‍රිකා ජනාධිපතිනියට හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට රුචක යෝගය, ලලිත් ඇතුලත්මුදලි මහතාට සස යෝගය, සිරිමාවෝ අගමැතිනියට වගේම එස්.බී දිසානායක මහත්තයට ගුරුහංස යෝගය )
ඒකෙදි රාජයෝගයට අදාල ග්‍රහයෝ, අනිත් ග්‍රහයන්ගෙ බල දුබලකම් පවා බලපානව.
ජීවිතේදි දැකපු දෙයක් තමයි සාමාන්‍ය ජීවිත තියෙන අයටත් රාජයෝග තියෙනවා සමහර ඒව ඉතාම ප්‍රබලව තියෙන්නෙ, එහෙම අය සාමාන්‍ය ජිවිත ගතකරමින් හොඳින් ඉන්නවා, වෙන බලවත් තැනකට එන්න උත්සහ ගන්නෙ නෑ.
ලගදි දැක්ක එක කේන්දරයක ගුරුහංස, සස කියන රාජයෝග වගේම 11 රවි පිහිටීම නිසා කෝටියක් දෝෂ භංගවීමත් වෙනවා(ඒකත් බොහොම බලවත් දෙයක්), ඒවගේම 6 වැන්නෙ රාහු පිහිටීම කටක ලග්නය නිසා සතුරන් පලවා හරිමින් ඉදිරියට යන දෙයක්. නමුත් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන හොඳ කෙනෙක්. ප්‍රබල බව තේරෙන්නෙ ජීවිතේ ඉන්න විදිය දැක්කම හොඳින්.

මම හිතන්නෙ රාජය යෝගයක් තියෙන එක හොඳයි, නෑ කියල දුක් වෙන්න උවමනාත් නෑ. ගොඩක් අද ඉහල තත්ව වල වැජඹෙන අයට ග්‍රහයෝ දුබල බවත් රාශි වල ප්‍රබල වීම නිසා එහෙම වෙලා බවත් ලගදි අහගත්තා. පාප ග්‍රහයන් හෝ එවැනි දේවල් නිසා එහෙම වෙන්න පුලුවනි.
ඉතින් රාජයෝගයක් තිබ්බත් නැතත් ඒ හැටි හිතන්න දෙයක් නෑ හොඳින් හිටියම හොඳ වේවි... හ්ම්
-යථාර්ථවාදි ජනතාවාදියා...

Sunday, March 17, 2013

To realize... we need time...

In life, we learn everything.
We cannot understand anyone first sight. It takes time. Slowly we can understand.
So we love some people and do not like some people.
Its the way of life, we should get used to it, with patience and intelligence.

Wednesday, March 13, 2013

Facebook Relationships...

සබඳතා කිව්වම එක එක විදියෙ සබඳතා තියෙනවා... අපෙ වයසෙ හැටියට වැඩිය කතා කෙරෙන්නෙ ආදර/ප්‍රේම සබඳතා ගැනයි....

අද තේරුන දෙයක් ගැන සටහනක් දාන්නයි මේ  යන්නෙ...

මම වැඩිය ඉන්නෙ ෆේස් බුක් නිසා මට එතන හුරුයි. අවුරුදු 7කට වැඩි කාලයක් ෆේස් බුක් එකේ වෙන එක එක විදියේ, එක එක රටවල අයගෙ ආදර සබඳතා ගැන අවබෝධයක් ලැබුනා...

හැමතැනම වගේ ෆේස්බුක් එක තුලින් ලැබෙන ප්‍රේම සබඳතා පවා හරියනවා, බිඳවැටෙනවා දෙකම වෙනවා.... සාපේක්ෂව මගෙ අත්දැකීම අනුව නම් එච්චර සාර්ථක නෑ... ඒ කීවේ මට අනුව, ඒ උනාට මගෙ හොඳම යාළුවගෙත් ප්‍රේමය මුලින් මුණ ගැහෙන්නෙ ෆේස්බුක් එකෙන්...

අද තේරුන වැදගත් දෙයක් තියෙනවා, චතූ නංගි කතා කරද්දි එයා මට කිව්වෙ, ෆේස් බුක් එකෙන් දැනගෙන කතාබහ කරලා ප්‍රේමය දක්වා ගියොත්..., ඒක පාරෙදි හරි වෙන කොහෙදි හරි අඳුනගෙන මුණ ගැහිලා කතා කරලා වෙන සම්බන්ධයකට වඩා හොඳයි කියල. අද තමයි මට ඒක පලවෙනි වතාවට හිතුනෙ.. හ්ම්... ඒකතාවත් බොහොම හරි... එහෙම දැනගෙන ආදරයක් පටන් ගැනීමෙත් හොඳක් තියෙනවා....

තාමත් ලංකාවෙ ෆේස්බුක් එකට තියෙන්නෙ කළු නමක්.. ඒ උනත් ෆේස්බුක් එක තුලින් හොඳ දේවල් වෙලා තියෙන බව අත්දැකීමෙන් දන්නවා... වාහන/ආයුධ පාවිච්චි කලාම අනතුරු වෙන්න පුලුවනි.. එහෙම කියල අපි ඒව පාවිච්චි නොකර ඉන්නෙ නෑනේ... හ්ම්..

මේක ෆේස්බුක් ස්ටේටස් එකක් විදියට දානවද කියල තාම හිතුවෙ නෑ... හ්ම්

Sunday, March 10, 2013

කවදාවත් වරදින්නෙ නෑ.. හ්ම්...

නිතරම අහන්න ලැබෙන කතාවක්... “ඔයාට කවදාවත් වරදින්නෙ නෑ“....

ඇත්තටම ඒක මෙහෙම උනා නම් කොච්චර දෙයක්ද, ඔයාට “හොඳක්ම වෙන්න ඕන“ වගේ...
මොකද වරදින්නෙ නෑ කිව්වම වෙන්නෙ නරකමද කොහෙද....

දැන් අවුරුදු කීයක් තිස්සෙ වරදින්නෙ නැති කතාව ඇහුවද, හරි නොගියට... හ්ම්....

මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවා මම හිතන්නෙ හැමදෙයිම.... හ්ම්...

Saturday, March 9, 2013

Just before a minute I logged into Skype....


අද .. හෙට...

අද එනවා.. හෙට එනවා..

හ්ම් අදත් ෂුවර් නෑ, හෙටත් ෂුවර් නෑ... මාස ගාණකින් කොහොමත් ෂුවර් නෑ..... කිව්වට තේරෙන එකක්ය... හෙට ජීවත් වෙයිද නැද්ද කවුද දන්නෙ... හ්ම්....

එපාම එපාම එපාම උණාම සියදිවි නසාගන්න හිතෙනව කියන්නෙ බරපතල අසරණකමක්, ඊටත් වඩා දුර්වලකමක්....
වෙලාවකට එහෙමත් බෑලු.... මැරුණත් නිවනක් නෑ වගේ දේවල් තියෙනවලු... ඉතින් ඔහොම තියෙද්දි... ජිවත් වෙන්නත් බෑ... මැරෙන්නත් බෑ... මොකුත් බෑ.. හ්ම්....

වෙලාවකට යකො මේක මාර කරුමයක්නේ... හිතාගන්නත් බෑ.. හිතෙන්නෙත් නෑ...

ජිවිතේ ජිවිතේ... හ්ම්


Thursday, March 7, 2013

මේකත් මාර ලෝකයක්... හ්ම්

මේක හරි පුදුම ලෝකයක්.... අසරණ වෙන අය කොච්චර ලෝකෙ, රටේ ඉන්නවද... උදව් කරන්න උවමනාව තියෙද්දිත් කරගන්න බැරි වෙද්දි නම් හරි අමාරුයි....

ඒ මදිවට ධනවත්, බලවත් වෙච්ච ගොඩක් අය අසරණ වෙන කෙනෙක්ට උදව් කරන්න කැමති නෑ... පුදුමයි ... කලින් භව වල ගොඩක් පින් කරලා අද හොඳ තත්ව ලැබුවම පුලුවන් නම් බැරි කෙනෙක්ට උදව් කරන්න එපාය...
පන්සලට දන් දෙන එක බොහොම හොඳයි... ඒත් පන්සලට විතරක් දන් දෙන්න කියල නියමයක් නෑනේ... අනේපිඬු සිටුතුමා සෝවාන් වෙලත් යාචකයන්ට, දුගීන්ට දෙන දානයන් නැවැත්තුවේ නෑ.. බුදුන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයටත් දන් දුන්නා... හ්ම්...

වෙලාවකට හිතෙනව ධනවත් වෙච්ච අයගේ හැසිරීම දැක්කම අපිට හරියන්න නම් අපිත් ඒවගේ වෙන්න ඕනද කියල.. මොලෙන් බුද්ධිය නැතිව කපටිකම වැඩියෙන් පාවිච්චි කරන්න ඕනද කියල... හිතාගන්න බෑ... ඒත් එහෙම කලාම ඒක ධරණීය වෙන්න බෑනෙ....

කපටි අයගෙ කපටිකම් නිසා වෙලාවකට එපා වෙනවා.. කරන්න වැඩ ගොඩක් තියෙද්දි ඒවටත් ෆේස් කරන්න එපාය... හ්ම්....

ජීවිතේ හැටි තමා...

Tuesday, March 5, 2013

True Lover - සැබෑ ආදරවන්තයා


ඔබ කෙතරම් කරදරකාරිද දනියි....
ඔබ කෙතරම් දුක් වන්නේද දනියි...
ඔබ සමග සිටීම කෙතරම් අපහසුද දනියි....
ඒවා දැන,
ඔබව ජීවිතය කරගැනීමට සිතයි...

Someone who really loves you......
Knows what a mess you can be.....
Knows how sad you can get....
How hard to stay with you....
After knowing them.....
Still wants you to be life........................

Sunday, March 3, 2013

මගේ නොවන අගේ ඇති ඇය....


මගෙ නොවන අගේ ඇති ඇය.....

මගෙ නොවුනත් ඈ, හරි සමීපයි.....
දේශපාලනේ මං වගේ නොදත්තට ඈ, මොළකාරි....
මට කවි/නිසඳැස් බැරි උනත්, ඈට පුලුවනි...
ධර්මය ගැන උනන්දුයි ඈ, ධර්මයට ලැදියි...
ඕන කෙනෙකුට උදව් කරන කරුණාබර හදවතක් ඈට තියෙයි....
මට උයන්න බැරි උනත්, ඈට පුලුවනි අගේට...
ටිකක් කලබල උනත් ඈ, හොඳ ඉවසීමක් තියෙයි.....
ටිකක් මුරණ්ඩු උනත් ඈ, අවබෝධයෙන් වැඩ කරන්නේ....
හොඳයි ඇය, සැනසීමක් මට විතරක් නෙමෙයි හැමෝටමත්...
තුනුරුවන්ගෙ සරණයි ඇයට !

වචන වල බලයක් ඇත....

අද Face book දාපු පෝස්ට් එක ... තව ටිකක් එකතුත් කරන්න ඕන...


ලෝකෙ තියෙන හැම භාෂාවකම තියෙන වචන වල යම් බලයක් තියෙනවා....
හිතන්න යාළුවෙක් බණිනව කියල... හිත රිදෙන්නෙ නැද්ද... ?

සංගීතය නිසා මිනිස්සු විතරක් නෙමෙයි සත්තු පවා සැනසෙනවා, රවීන්ද්‍රනාත් තාගෝර් එහෙම කියල තියෙන්නෙ.
සංගීතයේ සප්ත ස්වර වල බලයක් තියෙනවා. ගුත්තිලයේ තියෙනවා සත්තු පවා ගුත්තිල පඬිතුමාගෙ වාදනයට කැමති වෙච්ච බව.

“ඕම්“ කියන වචනයෙත් බලයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා ඕම් කියන්නෙ ලෝකය ආරම්භයෙදි මුලින්ම ඇහුනු හඬ කියල.

පිරිත් වලින් රෝග සුවකරගන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා. රතන, කරණීය මෙත්ත වගේම බොජ්ඣංග පිරිත, ගිරිමානන්ද පිරිත එහෙම ඇහුවම හරි සහනයක් දැනෙනවා. පිරිත් වල විශ්මිත බලයට හේතුව ඒවයෙ තියෙන අක්ෂර බන්ධනයෙ බලවත්කම නිසා කියල කියනවා.

අද වැළලී ගියපු අපි නොදන්න සමහර මන්ත්‍ර ශාස්ත්‍ර වල තියෙනවා මන්ත්‍ර බලයෙන් කරපු හිතාගන්නත් බැරි විශ්මිත දේවල්. උදාහරණයකට ගහක තියෙන අතු බිමට නවල ගෙඩි කඩා ගැනීම කියන්න පුලුවනි.

බෙර, හේවිසි, උඩැක්කි හඬවලට යක්ෂ, භූත, දේව කියන අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක කරන්න පුලුවන් කියනවා.
දළදා මාලිගාවේ දිනපතා උදේ හවස ශබ්ද පූජාවන් තියෙනව.
සෙත්කවි, පිරිත්, මන්ත්‍ර වල තියෙන්නෙ වචනයෙ බලය. සෙත් කවි හදන්න නම්, ගණ බල පිහිටුවල හොඳට දන්න කෙනෙක් වෙන්න ඕන.. නැත්නම් වෙන්නෙ වෙන වැරදි බව අත්දැකීමෙන් දන්නවා.

මහා රාවණා මහ රජතුමා දඬු මොනරය ක්‍රියාත්මක කෙරෙව්වෙ මන්ත්‍ර බලයෙන් බව පොත්වල තියෙනව.

ශිව භක්තිකයො තමන්ට ප්‍රාර්ථනයක් කරන්න ඕන උනාම “ඕං නමං ශිවාය“ කියනවා.

මේ වගේ හොඳ වගේම නරකත් වචනයෙන් කරන්න පුලුවනි.. යාළුවෙක් බැන්නත් අපෙ හිත රිදෙන එකේ, නිතරම කරලා හදපු නරකට කරන දේවල් තියෙනවා මන්ත්‍ර වල.. ඒවට කියනවා හදි හූනියම් කියල. ඒවත් ගොඩාක් තියෙනවා එක එක ඒවා.. හූනියම් වලින් උමතු කරවීම ඉදන් ජීවිතේ නැති කිරීම දක්වා කරන්න පුලුවනි. වචන වල බලය කිව්වොත් මන්තර තියෙනවා යක්කු ගෙන්නතෑකි ඕන කෙනෙක්ට... ගෙන්නලා මේ දේ කරන්න කිව්වොත්(යකා ඉල්ලනදේත් දෙන්න ඕන) බොහෝදුරට කරනවා...
හැබැයි මොන දේ උනත් නිවරදිව ධර්මය පිලිපදින කෙනෙක් නම් මොන හූනියමටවත් මොකුත් කරන්න බැරි බව අත්දැකීමෙන් දන්නවා.


* වචන කියන්නෙ බලයක්.... ඒක භාවිත කරද්දි අනිත් අයට අවැඩ නොවෙන්න නිවරදි වචන භාවිත කරන්න අපිට පුලුවන් නම් වැදගත්... අට සිල් සමාදන් වෙද්දි හිස් වචන නොකියමි කියල සමාදන් වෙනවනේ....
හ්ම්...