Tweets by @Tweetsbysuku myblog: April 2015

Facebook Fan Page

Thursday, April 30, 2015

- අදටත් ගැලපෙන... ඒ කාලෙ ලියවෙච්ච දේවල්... හ්ම්... - Yuganthaya

“ හොඳ නරක දෙකටම සිනාසෙන්ට පුරුදු කරගත් මිනිසුන්ට පමණයි ලංකාවෙහි සන්තෝසයෙන් ඉන්ට හැක්කේ... “
“ අල්ලක් විතර ඇති මේ ලංකාවෙ ඉන්න අපි අපේ අතීතය වර්ණනා කරන්නෙ කොයිතරම් අහංකාරකමකින්ද... ? “

“ පොදු මිනිසුන් පාලනය කරමින් තමන්ගේ විශේෂ අයිතිවාසිකම් රැකගෙන සිටීම අමාරු වේගෙන එනකොට ලොකු මිනිසුන් කරන්නේ කුමක්ද ? 
ආගම ඇදහීමටත්, අතීත මුතුන්මිත්තන්ගේ ලොකුකම් කීමටත් පටන් ගැනීමයි... “

https://www.facebook.com/sukumal.harischandra/posts/10205147139352611

Tuesday, April 28, 2015

Last Knights - 2015


I like War... I don't love it....

As far as it goes... eventually its a pathetic mistake... something we should not do if its not the last thing to do in whole world...

" the Wounds of Honor.... are self - inflicted... "

n in the end... its a shame to miss a good fight.... for the right cause...

" Honor is something that all men are born with...
It cannot be taken from you....
Nor can it be granted....
It must only not be lost.... "

Wednesday, April 22, 2015

යහපාලනය සහ ඉදිරිය ගැන - අදහසක්

‪#‎යහපාලනේ‬ අවුල් තිබ්බත් කාලෙකින් පොදු ජනතාව අලුත් අවුරුද්ද ජයට සමරා ඇත...

මෛත්‍රි ජනාධිපතිතුමා සිය ධූර කාලය හරියට ගත කරනු ඇති අතර සමහර අයගේ අනාවැකි පරිදි එතුමාට කරදර වන්නේ නැත ... මාරක ගෙවී අවසන්ය..

පින ඉවර නිසා යම් කැමැත්තක් ජනතාවගෙන් තිබුනද මහින්ද මහත්තයට දේශපාලන ගමනක් ඉතිරි නැත..
එතුමාගේ කාලයෙ එක්සත් ජාතින්ගෙ මුල් පුටුව අපිට ගන්නට හැකිව තිබියදී එයට උදව් නොකල නිසා වුනු පාඩුව මෙන් ඒකාලයෙ වුනු වැරදි ඉදිරියටත් එලියට එනු ඇත ..
පහුගිය පාර්ලිමේන්තුවේ බාගයකට වඩා ඊලඟ ඡන්දෙන් ගෙදර යනු ඇත ..
රටට වින කල අයට, නීතියෙන්ද, කර්ම විපාකද ලැබෙනු ඇත..

#‎ජවිපෙ‬ පාර්ලිමේන්තු නියෝජනය වැඩි වනු ඇත ..

#‎රනිල්ගේ‬ පින මතුවන කාලය බැවින් එජාපය ඊලඟ ඡන්දෙන් පැහැදිලි බහුතරයක් ලබනු ඇත...
මෙතෙක් කල් වැරදි කල අයට විපාක ලැබෙන අතර යහපතින් ජීවත් වුනු අයට යහපත සැලසෙනු ඇත ..
අන්තවාදය අතුගෑවී යන අතර, දහමට පිටුපාන ජාතිවාදයද නැතිවෙනු ඇත...

https://www.facebook.com/sukumal.harischandra/posts/10205093552452972


( බොහෝදෙනා සමග කතා කිරීමෙන්ද, ජ්‍යොතිෂ්‍යයත් ඊට එහා ගිය අධ්‍යාත්මික ගුණවත් භාවයන්ගෙන් යුතු සිල්වත් අය සමග ඉදිරිය ගැන කතා කිරිමෙන්ද එළඹුනු අදහස්ය..)

පෞද්ගලිකව මට මේ කාලයේ මහ වෙනසක් නොමැති වුවද සොයාබැලීමේදී බොහෝ පැතිවල ජනතාව වෙනදාට වඩා සරුවට අලුත් අවුරුද්ද සමරා ඇත. 

Wednesday, April 15, 2015

Awrudu wishes...

Thanx dear frnds for Aluth Awrudu wishes.... specially sms....
srry for my not replying thing....

පහුගිය අවුරුදු 5-6කට වඩා හැමදාම වගේ මට අලුත් අවුරුද්දටත් විෂ් කරන හොඳ යාළුවෝ ඉන්න එක සතුටට හේතුවක්... එයින් ගොඩක් අය ෆේස්බුක් අය...
ඒත් ඉතින් මට ඒවට රිප්ලයි කරන්න නොහිනේනෙ මොකද මංදා... ඒත් හැමදාම වගේ වැදගත් දේවල් වලදි මට විෂස් ලැබෙනව.... අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වැඩියෙන්...
ඒක වාසනාවට වෙන දෙයක් වෙන්න ඕන හ්ම්......

 Chethana nangi's Awrudu wish is exceptional....
its nt ordinary & its for me I think....
Even though I m nt in a mood to reply back... feel srry for that......

I m still not in a good shape n mood I think hmm.....


__ Dear Ash...__

If its you... you should suffer a bit..... if nt... I dnt give a damn...

Sunday, April 12, 2015

අලුත් අවුරුදු දවස් වලත් ඡන්ද කතා.....

#‎යහපාලන‬ ආණ්ඩුවෙත් වැරදි තිබෙන බව ඇත්තය... කාලෙකට පස්සෙ බලයට ආවාම හැමදේම හරිය කියල හිතෙන එකත්, ඒ අනුව හැසිරෙන එකත් මතක් කරන්නෙ “බලය ඇති කල මොලය නැත“ කියන දේ...
කොහොම උනත් කලින් ආණ්ඩුවේ කටයුතු එක්ක බලද්දි වියදම් අඩුකිරීම් වගේම, නීතිමය කටයුතු වල වෙනද තත්වෙට වඩා යම් දියුණුවක් තිබීම ගැන ගැන සතුටු වෙන්න පුලුවන්...

මහින්ද මහත්තයාට තවම කැමති අය සෑහෙන්න සිටින බව ඇත්තය.. එතුමා අද ජනාධිපතිවරණයකට ගියත් බහුතර බලය ගන්න බැරි උනත් සෑහෙන්න අය තවම සිටිති..

තනි පුද්ගලයෙක් වශයෙන් තවම ‪#‎මහින්දමහත්තයට‬ තියෙන ඡන්ද පදනම වෙන කාටවත් නැත...
එතුමා බලයට නැවත ගේන්නට දඟලන අය අතර බහුතරය කලින් ආණ්ඩුවෙන් විවිධාකාර වාසි බොහෝවිට නීතියට පවා පිටින් ගත් අයයි... ඊට අමතරව රස්සා ආදිය ලැබුනු අයද වෙති..
රජ මානසිකත්වයෙන් තවම මිදීමට හැකියාව ලැබී නැත. මූලික හේතුව එයයි. අපි වගේ රටකට රජෙකු දැරිය නොහැක...
එතුමාව අගය කරමින් කරන කතා ඉවසිය හැකි වුවද කට මිස වැඩ නැති වීරවංශ අය හෝ වැඩි දෙයක් නොතේරෙන නාමල් අයියා වැනි අයව මහා ඉහලින් වර්ණනා කිරීමම මහින්ද මහත්තයා බලයට ගේන්න දඟලන අයගේ වෙනස් කල නොහැකි වරදකි.

කෙසේ කොහොමට උනත්.... අපෙ දැනීම සහ විශ්වාසයන් අනුව මහින්ද මහත්තයට නැවත දේශපාලන ගමනක් නැත. දැනටම ඇති තරම් චිත්ත පීඩනය එතුමාට ඇති අතර එය උත්සන්න නොකරගෙන නිදහසේ සිටින්නෙ නම් හොඳයි කියා සිතේ...
පින ඉවරව ඇති නිසා මහින්ද මහත්තයාට නැවත යමක් කරන්නට හැකියාවක් ලැබෙන්නෙ නැත...

Thursday, April 9, 2015

Happy anniversary

‪#‎HappyWeddingAnniversary‬ dear brother Pratheep & dear sister Eri ....

Life is sumthing we all have to dig & find our answers.... U 2 will find together....

Pratheep's patience, loyalty... Eri's sweetness, straight acts ... always remembered by us...

Love is a fantasy.... Marriage is way beyond... wid responsibilities n so much...
Like a drink.., marriage can be sweet or bitter, intense or mellow...
But a couple like you enjoys all its flavors, whether dull or romantic.

* Happy anniversary with heart emoticon love kiki emoticon .
( Its been a year... n happy to meet u two, too Priya Akka n Arun bro)

{ It was a great day( 09-04-2014) n we enjoyed a lot... }

Wednesday, April 8, 2015

Get wet in the rain....

I walk 5 km a day. Usually it takes about a hour... 5-6 am.

Today I awake at 4.30 and started it at 5 am. There was few rain drops but I didn't expect it to start a full scale raining... n it happened.... I was soaked in the rain. I had my wishes and I wasn't afraid of it...
I saw ppl were not ok with my walking under heavy rain.... I was happy... and proud to do so...

As I used to soaked more than 1 hour in the time of 2005-06-07... Not like this... rural areas... sumtimes small streams are Streams ran like floods, and no one to help, I was all alone.. Once I drowned also... nothing happened...
So I m fully aware of those wet full situations... real thing is when I do sumthing I don't give a shit about nything else....

Meanwhile I rem. ash also... long time no see.. hmm...

Tuesday, April 7, 2015

Shutter Island - රාජ්‍ය ත්‍රස්තවාදයේ පැත්තක් ගැන කතාවක්ද මංදා....

Crazy ppl r the perfect subjects.... They talk - Nobody Listens....
https://www.facebook.com/sukumal.harischandra/posts/10204994465975872

* Which would be worse, to live as a monster or to die as a good man?”
* World can only give reminders of what don't have, can never have, didn't have for long enough.”

“Charm was the luxury of those who still believed in the essential rightness of things. In purity and picket fences.”

“She died in a fire. I miss her like you... If I was underwater, I wouldn't miss oxygen that much.”
(Pain n imaginary combined.... interesting..)

“I think if a man beats you and fucks half the women he sees and no one will help you, axing him isn’t the least understandable thing you can do.”
- way u go... grin emoticon
something worth from a woman who's having critical psychological issue...

තාරුකට මට තේරෙන විදියට කියල දුන්නු විස්තරේ.....

Tharuka හ්ම්... ඒකෙ ඉංග්‍රිසි බරපතල වෙලා තියෙන්නෙ ගොඩක් තියෙන්නෙ මෙඩිකල් ඒවයි සයිකොලොජිකල් පැත්තට බර වචනයි නිසා... සමහරවිට බයිස්කෝප්.එල්කේ එකේ ඇති සිංහලෙන් බලන්න... එයාලගෙ හැමඑකම වගේ සාමාන්‍ය විදියට හොදට ට්‍රාන්ස්ලේට් කරල තියෙනවා..

කතාව ගැන කිව්වොත් සරලව, කතාව මෙහෙමයි... ලෝකෙ හැම ආණ්ඩුවකටම රාජ්‍ය රහස් කියල දෙයක් තියෙනවා.. ඒක රකින්න එයාල නොකරන දෙයක් නෑ..
මේකෙත් එහෙම දෙයක් යන්නෙ... නට්සිවාදි අය ජර්මන් කාරයෝ එයාලගෙ සිරකරුවන් වෙච්ච යුදෙව් අයව වෛද්‍ය පර්යේෂණ වලට අරගෙන තියෙනවා...
අපිට හිතාගන්න බැරි තරම් දියුණු වෙන්න සමහර ඒව කරල තියෙනව කියල කියනව... උදාහරණයකට වෙන ලෝක එක්ක සම්බන්ධකම් වගේ ඒව පවා...
ඒත් දිගට ගියේ නෑ.. ඒවගේම නට්සි අයගෙ විද්‍යාඥයින්ට විරුද්ධව කරපු වැඩ නිසා හොදම මොල එයාලට හිටියෙ නෑ..
ඇමරිකාවත් ඒවගේ කරනවා.. ලොකු රටවල්නෙ මිනිස්සු ඉන්නව...

මේකෙ අර Teddy Daniels (Leonardo DiCaprio) කියන්නෙ ඇමරිකාවෙ ෆෙඩරල් නිළධාරියෙක්... ලොකු බලයක් තියෙන කෙනෙක්...
එයා අර රහස් වැඩ හෙව්ව නිසා එයාටත් නොතේරේන්න එයාටම එයාව පිස්සෙක් කියල තේරුම් කරල දෙන එකයි කරන්නෙ...

එතනදි එයාල භාවිත කරන්නේ එයාගෙ අතීතයේ වෙච්ච අමතක නොවෙන ජිවිත බිඳ වැටීමේ සිද්ධි 2ක්...
1ක් තමයි නාසි කදවුර වටලල ඒකෙ හිටිය අයව ඇල්ලුවට මැරුණු අයව බේරගන්න බැරි වෙච්ච එක.. එතන දැක්ක අම්මත් දරුවත්.. හිමෙන් මිදිල හිටිය..
2 තමන්ගෙ බිරිද ගින්නකින් මිය යෑමත් ඒකට හේතු වෙච්ච කෙනා ජිවතුන් අතර සිටීමත් කියන කාරණය (බයිබලයේ එහෙම තියෙනවා ඇසට - ඇසක් කියල) ඒකියන්නෙ වරදක් කලාම දඩුවම් ලැබෙන්න ඕන කියල . ඉතින් ඒක හිතේ තියෙන්නෙ පලිගැනීමක් විදියට...

මනෝ විද්‍යාවෙදි ඉගෙන ගෙන තියෙනවා විභාගෙකට වගේ යනකොට අසාමාන්‍ය සිද්ධි ඒකියන්නෙ හදිසි අනතුරක්, තුවාල වෙච්ච අය වගේ අයව දකින්නෙ නැතිව සාමාන්‍ය විදියට යනව නම් හොදයි මොකද එහෙම දැක්කොත් ඒ මතකය දිගටම හිතේ තියේවි කියල...
මෙතනදිත් එහෙමයි නාසි කදවුරට ගිහින් දකින දේ ජිවිතේටම බලපානව...

අනික බිරිද... ප්‍රේමය කියන්නෙ තමන්ගෙ ආත්මයම ආදරේ කරන කෙනාට දෙන එකනේ... ඒ තරම ආදරයක් තිබිලා තරුණ කාලෙදිම නැති උනාම එතන ලොකු අවුලක් තියෙනව...
ඒ 2ම එකතු උනාම ක්‍රැක් එකක්... බිද වැටිමක් පෙන්නුම් කරනවා... ඒක තමයි ප්‍රයෝජනයට ගන්නෙ සම්පූර්ණව බිද වට්ටලා ලෙඩෙක් කරන්න....

එතනදි මූලික වෙච්ච කාරණා 2 සාක්ෂාත් කරගන්න, රාජ්‍ය බලය විසින්ම මෙයාට දෙන සහයකය වෙන අනිත් නිළධාරියව මෙයා දන්නෙ නෑ.. එහෙම උනාම විශ්වාසය නෑ..
අනිත් කාරණය කෑමටත්, වතුරටත්, බේත් වලටත් සිගරට් වලට පවා පිස්සු වට්ටන කංසා එකතු කරපු මත්ද්‍රව්‍ය එයාල දෙනවනේ... ඒකට ඉංග්‍රිසියෙන් කියන්නෙ Hallucination කියල... පිස්සු හදවන දෙයක්... තමන්ට අමුතු හීන පේන දැනෙන දෙයක්... සිංහලෙන් භ්‍රාන්තිය කියනව...
අර ගල් ගුහාවෙදි මුණ ගැහෙන දොස්තර නෝනා ඒව මෙයාට කියනවනේ...

ඒ අනුව පැහැදිලියි මේක ප්ලැන් කරල කරපු දෙයක් බව...
මේ විග්‍රහයට වඩා වෙන විග්‍රහ දෙන්න පුලුවනි... ඒත් රාජ්‍ය බලය එක්ක රාජ්‍ය ත්‍රස්තවාදය එක්ක මිනිසුන්ගේ අයිතින් උදුරගෙන එයාලට ඕන ඒව කිරිම ගැන තියෙන අත්දැකිම් අනුව මම හිතනවා පිස්සු වැට්ටුව... නැති දෙයක් ඇති කලා කියල...
තව ඔය භ්‍රාන්තිය කියන දේ මනෝ වෛද්‍යවරු කියන්නෙ හිතේ ඇතිකරගන්න දෙයක් කියල... එයාල හොල්මන් වගෙ ඒව විස්වාස කරන්නෙ නෑනේ...
ඒත් අපිට මේ මූවි එකේදි පේනවා ටෙඩිගෙ මැරුණු නෝනා ඇවිල්ලා කියන දේවල් ඒ විදියටම ඇත්ත වෙන බව... 66ක් කියල සංඛ්‍යා ලේඛන තිබ්බත් 67කුත් ඉදල තියෙනව...
මනෝ විද්‍යාව නොපිලිගන්න භූතාත්ම නොපෙනන ඒවා මම අත්දැකිමෙන් දන්න නිසා මම හිතනවා තමන්ගෙ සැමියට අධික ආදරේකින් මැරුණු බිරිද, මැරිලත් අවතාරයක් වෙලා සැමියව බේරගන්න උත්සහ කරනව කියල... ඒ කියපු ඒව ඒ විදියට උනා ඒනිසා...

කොහොම හරි අන්තිමේ... රාජ්‍ය බලය දිනනවා...

Which would be worse, to live as a monster or to die as a good man ?
ටෙඩි පිලිගන්නවා තමන්ට පිස්සු බව...



Monday, April 6, 2015

බොල්පිණී වෑහෙන වෙලාවේ - Rukantha Gunatillaka



බොල්පිණි වෑහෙන වෙලාවේ.....
ඔබගෙන් සමුගෙන යායුතු වේ....
තාමත් ඔබ ඇත සුව නින්දේ....
ඒකයි මා නොකියා.. යන්නේ....

ගැලපිට නැගලා.. ඈත ගම්බලා....
පියමන් කරවන්නේ....
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු ...
ඔබ සිහියට එන්නේ.....
ඔබගෙන් සමුගෙන මා යන්නේ....

ඔබ අවදිව මා.. සොයනු එපා....
ඈතයි මා ඉන්නේ.....
තවලම් කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ.......

බොල්පිණි වෑහෙන වේලාවේ... //

https://www.facebook.com/sukumal.harischandra/posts/10204991649185454

Friday, April 3, 2015

අද පෝය දවසට හිතන්න දෙයක්...

ලෝකෙත් ඒ හා බැඳිච්ච අපිට නොපෙනෙන නොතේරෙන දේවල් ගැන තියෙන පොඩි අවබෝධය අනුවත් වෙලාවකට මිනිසුන්ගෙ වැඩ ගැන පුදුම හිතෙනවා....

මුළු ලෝකෙටම තියෙන්නෙ 1 ඉරයි... 1 හඳයි... එක සෞරග්‍රහ මණ්ඩලයකට අපි හැමෝම අයිති...
හැම ආගමකම දෙවිවරු දේව මණ්ඩලයේ ඉන්නවා. වෙනස ‘සර්වබලධාරි‘ නොවීම...
ලෝකයත් රටත් රකින දේව මණ්ඩලය 1ක්...
(මෙය සර්වාගමික ප්‍රකාශයක් නොවේ)

ඒක එහෙම වෙලත්, ආගම් වාද ඇති කරගෙන, ඊට පස්සේ ජාතින්, ජනවර්ග අනුව, කුල අනුව, හමේ පාට වගේ විවිධාකර දේවල් අනුව තමන් උසස්, තමන් තමයි දියුණු, හොඳ කියල පුරාජේරුවටයි ලොකුකමටයි කතා ගොඩයි...
සාමාන්‍ය විදියට නම් තමන්ගෙ ලොකුකම කියවන්නේ තමන්ට දෙයක් නැති නම් තමයි...

රටවල්, ජාතින් විදියට විතරක් නෙමෙයි.. තමන්ගේ පවුල/පරම්පරා ගැන හිතුවත් සර්ව සම්පූර්ණ නෑ. යම් කාලෙක අසරණ වෙලා ඉන්නැති, තව කාලෙක හොඳට ඉන්නැති...

ඒකෙන් එහාට ගිහින් මමය මගේය කියල හිතෙන “මම“ ගැන හිතුවත් ඒක තේරුම් ගන්න පුලුවන්...
තනි තනි වශයෙන් “මම“ කියල හිතුවත්, හිතන්න ඥාතින් කියන අය අපි දන්න මේ ජිවිතයේ ඉහල තැන් වලත්, පහල තැන් වලත් 2ම ඉන්නවා.
ඊට එහා හිතුවොත් බ්‍රහ්ම ලෝක, පරනිම්මිත වසවර්තිය ආදි දිව්‍ය ලෝක වලත්, මනුස්ස ලෝකෙත්, එතනින් එහාට ගියාම ප්‍රේත ලෝක, භූත තත්ව, එතකොට තිරිසන් තත්ව, සතර අපාය ආදි හැමතැනම ඉන්නවා...

සංසාරේ ඕන තරම්... “ශක්‍ර දේව රාජත්වය“ වගේම... “අවිචි මහ නරකයේ“ ඉපදිලා දුක් විඳලත් ඇති..

එහෙම හිතුවම... ලැබෙන මනුස්ස ජීවිතය අර්ථවත් කරගැනීම මිසක්.... ලොකුකම් ගැන හිතලා සතුටු වෙන්නවත්... බැරිකම් ගැන හිතලා දුක් වෙන්නවත් ඕන නෑ... හ්ම්.....

Thursday, April 2, 2015

May be this is her.... hmm may be not...

I have a girl in my fb, for months now... Her way of talking, attitude and so many stuffs she is doing close to someone I knew there, even her name is kinda close...

I just really feel that is her.... hiding her past identity and came up with a new one... I don't know what is her intention... But it seems like she likes me.... for just a friend...

Her moves here are so familiar... sumtimes way of talking and many more...

Thing is I just don't care girls who I don't know... I have so many sisters in fb and they are very friendly with me... My Fb family is almost 200, and nearly half are girls... all around da world...

This one... I cannot understand... That is the problem... and her moves are suspicious sumtimes.... may be I m wrong bout her...
But she doesn't like to get angry with me, even I m angry with her... Usually I m cruel one when it comes to anger sort of things...

I just don't know what to do... but I feel comfortable to write it down like this....
I feel sad... when I remember her... hmm.................