Tweets by @Tweetsbysuku myblog: February 2020

Facebook Fan Page

Monday, February 24, 2020

මට තාම කතාව ගැන ලොකු තේරුමක් නෑ.
(කලාව - සාහිත්‍ය වටිනා බව දැනගත්තට අපිට හරියකට ඒවා ඉස්කෝලෙදි ඉගැන්නුවෙත් නෑ. තනියම ඉගෙන ගත්තෙත් නැති හින්දද මංදා..)

-
මේ කතාවේ තියෙන ගැමි පරිසරය, හද්ද පිටිසර දුෂ්කරතා මැද ජිවිතය වගේ දේවල් තරමකට ලං වෙනවා වගේම ඒක අපේ පරණ ජිවිතයට සරලව තිබ්බ නිදහස් ජිවිතයට ලං වෙන බව හිතෙනවා..

- තණමල්විල නොගියත්, මම නිතර අනුරාධපුර ( මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය), පොලොන්නරු පැති වල ඇවිදිනවා... ඒ පැති වලදි මිනිස්සු ගොඩක් වෙලාවට හරි සරලයි..
බස් එකක ගියත්, අපේ මහා බෑග් මළු උනත් තමන්ට බෑග් තියෙද්දි පවා ගන්න මිනිස්සු ඉන්නවා...
කොළඹදි තමන් අතේ මොකුත් නැතත්, අපේ තියෙන පොඩි බෑග් එකක් පවා ගන්න බස් වලදි මිනිස්සු කැමති නෑ...
ඒ පැති වල මිනිස්සු අතර නෑකම තියෙනවා.. ඒවගේම මරණයක් - මගුලක් ගමම දන්නවා.. සමහරවිට ගම නෙමෙයි ගම් 7ක්ම දන්නවා එනවා.. ( කොළඹදි අල්ලපු ගෙදර කෙනෙක් මැරුණත් සමහරවිට දන්නෙ නෑ)
යුද්ධයේ වේදනාව එක්ක බැඳුනු දේවල් එක්කත් මේ කතාවේ සමානකම් මම ඇවිදින දන්න පැති එක්ක හොදට ගැලපෙනව..

සමහරවිට අපි රටක් විදියට හිතන්න ඕන ඒ සරල ජිවිතයේ වටිනාකමක ගැන.. ඒක මට හිතෙන දෙයක් කාලෙක ඉදල..
මේ කතාව ඒකට උද්දීපනයක් දෙනව..


#තණමල්විලකොල්ලෙක් #thanamalwilakollek #itn

Sunday, February 23, 2020

ගොඩක් අය තමන්ගෙ මේ ජිවිතේ හැමදේම වෙනුවෙන් උපරිම කැපවෙලා ජයග්‍රහණ ලබාගන්නවා. ඒක හොද දෙයක්. හැබැයි එයාල අධ්‍යාත්මික ජිවිතය, සංසාරය වගේ ඒවා ගැන දක්වන්නෙ බොහොම අඩු උනන්දුවක්. ඒක වරදක් කියන්න බෑ. නමුත් සංසාරය සහ ඒවා ගැන හිතද්දි, සංසාරේ ඕනෑ තරම් අපි මේ වගේම තමන්ගෙ මේ ජිවිතයේ දියුණුව වෙනුවෙන් කැපවෙලා කටයුතු කරලා ඇති. ඒක හැමදාම අපි කරමින් ඉන්නවා.
වෙන රටවල, ලෝකයේ දියුණුව ගැන කියනවා. අලුත් නිර්මාණ වෙනවා කියල කතා කරනවා. නමුත් ලෝකයේ එහෙම අමුතු අලුත් දෙයක් වෙන්නෙ නෑ. චක්‍රයක් තියෙන්නෙ. භෞතික ලෝකය දියුණු වෙද්දි, අධ්‍යාත්මික ලෝකය යට යනවා. අධ්‍යාත්මික ලෝකය ඉහල එද්දි භෞතික ලෝකය දියුණු වෙනවා. අපේ මේ පෘතුවිය පවා මීට වඩා භෞතිකව ඉතාම දියුණු කාලයන් තිබිලා තියෙනවා.

● බොහොමයක් අය හිතාගෙන ඉන්නෙ, තමන්ගේ දියුණුව උපරිම කරගෙන, ජිවිතේ විඳලා ඒ අතර දානයක් දීලා, අසරණ කෙනෙක්ට උදව්වක් කරාම ඒකෙන් සංසාරෙම හරියනවා කියල. ඒක එහෙම නම් හරි ලේසි වෙන්න ඕන.
( බොහොම කලාතුරකින් “ සංතති ඇමති “ වගේ කතා තියෙන්න පුලුවනි)
ඒ ඇර, මොකක් හරි අකුසලයකට අවුරුදු 1000, ලක්ෂ නෙමෙයි ඊටත් වඩා සමහරවිට කල්ප ගණන් හිර වෙලා ඉන්නව වෙන කාලයක් ආවොත් තමයි හිතෙන්නෙ මනුෂ්‍ය ජිවිතය තිබිලා දෙයක් කරගත්තේ නෑනේ කියල. ඒ විඳවීම මෙච්චරයි කියන්න බැහැ. වේළුවන පූජාව එක්ක ප්‍රේතයන් 84,000ක් කල්ප 92ක් විඳපු අකුසලය ගැන හිතද්දි, දන්න ඒව හිතද්දි ඒක එහෙම හිතෙනව...

● ඒත් කල්පනා කරද්දි සංසාරය එහෙම සරල දෙයක් නෙමෙයි. ඒක එහෙමට සංකීර්ණත් නෑ ඉතින්. භාවනාව කියන්නෙ නිවරදි සිහිය  සහ ප්‍රගුණ කිරීම. ඒක හැමදේදිම කරනව නම් හොදයි. ඒකියන්නෙ මේ කුසල් විපාකය ගැන හිතල හිත හදාගන්න එක, උවමනා අය ඉන්නව නම් අනුමෝදන් වේවා කියල හිතන එක. ඒවගේම මේ කුසලය කවදමහරි විපාක දීලා ඉවර වෙන බව සිතීම - අනිත්‍ය ගැන තේරුම් ගැනීම.

-
වේළුවන පූජාව ගැන,
ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් කරන ලද දේශනාවක් ඇසීමෙන් පසුව මට හිතෙන දේවල්..

Sunday, February 9, 2020

#නිදහස දෙසට - ගල්කන්දේ ධම්මානන්ද හිමි

- ආගමික නායකයින්ගේ කාර්යභාරය වන්නේ දියුණු මනුෂ්‍යයෙක් හදන්නට කටයුතු කරන්නයි. ඒක පාලකයෙක් බලයට පත් කරනවා - හෝ බලයෙන් පහ කරනවා තරම් ලේසි දෙයක් නෙමෙයි.
- බුදුන්වහන්සේත්, ජේසුස්වහන්සේත් ජිවිතයෙන් වැඩි කාලයක් ගත කලේ පාලකයන් පත් කරන්න හෝ ගෙදර යවන්න නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු අතර දියුණු මනුෂ්‍යයා හදන්න.

- පහුගිය කාලේ ජාතික ගීය, සිංහල සහ දෙමල භාෂා 2න්ම ගායනා කරපු අවස්ථාවක් ආවාම අගය කලා ලංකාවේ ජන සමාජය ඉතාම උසස් තලයකට ලංවුනු මොහොතක් හැටියට.
ඇයි එතරම අගය කලේ ?

ඒක බුදු දහමේ එන මූලික සංකල්පයකට ඉතාම ලග එකක් නිසා.
බුදු දහමේ එන විමුක්ති මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා කියන කොටසට අයිතියි,
අව්‍යාපාද සහ අවිහිංසා කියන සංකල්ප 2.

- අව්‍යාපාද සහ අවිහිංසා යන සංකල්ප 2 ගත්තාම,
ඒක ඉතාම ලග වෙන්නේ, ආදරය, කරුණාව, පිලිගැනීම, අන් අයට ගෞරවය ලබාදීම, මෛත්‍රී සහගත වීම කියන කාරණා වලට.

මේ රටේ තවත් ජන කොටසකට අභිමානයක් එන පරිදි, එම අයගේ භාෂාවෙනුත් ජාතික ගීය ගයනවා කියන එක, ඒ අයට ආදරය ගෙනයන එක, මෛත්‍රිය ගෙන යන එක, ඔවුන්ට සමානව සැලකීම එක්ක සම්බන්ධයි.
එනිසයි ඒක බුදු දහමට සම්බන්ධයි කියල. ඒවගේම ඒක බුදු දහමේ එන උසස් මනුෂ්‍යයා ලගට යන එක අවස්ථාවක් විදියට !!!

- නිදහස් දිනයෙදි සිංහල සහ දෙමළ භාෂා 2න් ජාතික ගීය ගැයෙනකොට,
ඒකෙන් කියැවෙන්නේ, අපි ඔක්කෝම සහෝදර සහෝදරියෝ, ප්‍රේම වඩා සැම භේද දුරලා අපි අපේ මව්බිමට වඳිමු කියන එක.
ඒක නෙමෙයිද විය යුත්තේ ?

ඇයි ජාතික ගී 2ක් ?
අපිට බැරිද එකම ජාතික ගීය ඇතුලෙ, සිංහල සහ දෙමල කියන 2ම ඇතුලත් වෙන්න හදන්න.

- අපිට පුලුවන් නම්, අපේ මුහුද පිටරටට ලබාදෙන්න, ඉඩම් පිටරටට ලබාදෙන්න ගිවිසුම් අත්සන් කරන්න,
අල්පෙනෙත්තක් තරම් දෙයක්වත් නැති නොවෙන පරිදි, මේ රටේ ජන කොටස් සියලුදෙනාට අභිමානය එන පරිදි, භාෂා 2න්ම යුක්ත ජාතික ගීයක් හදාගන්න එක කොයිතරම පහසුද.
ඒ වගේ තීරණයක් ගත්තොත් ඒවගේ තීරණයක් එක්ක එකතු වෙන්න පුලුවන් දියුණු මිනිස්සු හැදෙන්න ඕන.

- අවුරුදු 20 ගණනක් තමන්ව හිරේ යවලා දුක් පීඩා දුන්නු ජන වර්ගයෙක් භාෂාව තමන්ගේ ජාතික ගීයට එක්කලා, ජනාධිපති උනාට පස්සේ ඒ නෙල්සන් මැන්ඩෙලා - දියුණු මිනිස්සු ලෝකේ බිහිවෙලා තියෙනවා. අවශ්‍ය වෙන්නෙ ඒ කැපවීම.
ඒ දියුණු මිනිස්සු බිහි වෙනකොට අපි ඉන්න එකක් නැහැ සමහරවිට, හැබැයි අපි පටන් ගන්න ඕන - ඒකයි ආගමික නායකයින්ගේ කාර්යභාරය !!!

-
මගේ අදහස,

‍දෙමල අපේ අය, ඊලාම් ගීය ගයන එකද හොද ?‍‍

‍තේරුම් වෙනස් නොකර, තමන්ටත් දැනෙන විදියට අපේ ජාතික ගීය ගායනා කරන එකද ?

- මම සිංහල නිසා මට වැඩිය දැනෙනවා සිංහලෙන් කියන දේ.
‍දෙමල කෙනෙක්ටත් එහෙමයි...

#srilanka #independenceday2019 #tshfeb2019

Thursday, February 6, 2020

It was about restorative justice - Professor Barry Hart was the keynote speaker



බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ “ඕකිඩ්“ කොටසේ පැවති මෙම වැඩසටහනේදි කියැවුනේ, සාධරණත්වය මානුෂීය ආකාරයකින් සිතීම සහ ක්‍රියාවට ගැනීම පිලිබදවය. ඒ ගැන මහාචාරය බැරී හාට්ගේ දේශනයෙන් පැහැදිලි විය.

මට අනුව අප රටේ බොහෝ අසාධාරණ කටයුතු සිදුවන අතර, මා ඒවා අත්දැකීමෙන්ද දන්නේ එවන් බොහෝ දේ වල නියැලී ඇති නිසාවෙනි. තවද ඒ බොහෝ අවස්ථා වල නිසි ලෙස කටයුතු සිදු නොවන අතර, මානව හිමිකම් කවුන්සලයෙන් දෙන නිර්දේශයක් පවා අපට අදාල නැති ලෙස පවසා කටයුතු නොකරන්නට කටයුතු කරන අය වෙති.
19 වන සංශෝධනය අනුව විධායක ජනපති බලතල හිමිවුනු කොමිසමක් වන මානව හිමිකම් කවුන්සිලයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරගැනිමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යා යුතු වේ.

තවද, ජාතික ගී 2ක් ගැයීම ගැන ලොකු ගැටළුවක් රට තුල පවති. එය ජාතික ගීය භාෂා 2කින් මිස වෙනස් ජාතික ගීයක් නොවන නිසා ගැටළුවක් නොවිය යුතු දෙයකි.
දෙමල අය ඊලාම් ගීය ගයනවාට වඩා අපේ ජාතික ගීය ඔවුන්ටද දැනෙන ආකාරයෙන් ගායනා කිරිම ඉතා වැදගත්ය.

මේ සියලු කරුණු අතර මගේ අත්දැකීම් වල ඇති පරිදි නැති ජාතිවාදයක් ඇති කර දේශපාලන බලය ගන්නේ ලොකුවට මුදල්ද යොදවාය. නමුත් හොද මිනිසුන් සියල්ල මේ වෙනුවෙන් කරන කටයුතු ඉතා මදය. ඒවා ප්‍රශංසනීය වුවද එම හඩ වියැකී ගොස්ය. පොදු සමාජයට බලපෑම් නොකරනසුළුය. එය සමස්ත රටටම හානියකි.

හොද රටක් - යුතුකම් - වගකීම් - සාධාරණය ඉටු වෙන රටක් හැදීමට නම් ඒවාද සිතිය යුතුය.