Tweets by @Tweetsbysuku myblog: අධික ආත්මාර්ථයක් තියෙන රටක මිනිසුන් පාලනය හරි පහසුය !

Facebook Fan Page

Monday, June 4, 2018

අධික ආත්මාර්ථයක් තියෙන රටක මිනිසුන් පාලනය හරි පහසුය !

අපේ රටේ අවුලක් නැත - මේ පොලවේ අවුලක්ද නැත.
අවුල ඇත්තේ මිනිසුන්ගේය...

දිනපතා දේශපාලකයන්ට බැණ බැණ, ඒ වගේ අයම පත් කරන ගමන් අධික ආත්මාර්ථයකින් තමන් දියුණු වීමට උත්සහ දරන, ඒ නිසාම නියම දියුණුව කිසිදාක නොලබන අතිබහුතර අහිංසක නැති අසරණ සිරි ලාංකික ජනතාවක් වෙති..
පාරේ යනකොට සමහර වෙලාවට උදේ 10ටත් ලයිට් එක ඕෆ් නෑ. ලයිට් එක අයිති රටට. ඉතින් තියනවා, සමහර අය කියනවා ඔතනට යන්න අමාරුයි එනිසා ඕෆ් කරන්න එපා කියල. තව සමහරු කළුවර වැටෙන්න පැය 2කටත් කලින් හොදට එළිය තියෙද්දි ලයිට් එක දානව. සල්ලි වියදම් වෙන්නෙ රටෙන්නෙ.. අපතේ යන්නෙ ජාතික ධනය... ඒව ගානක් නෑ. ඒව කිව්වම ඒකට උත්තර ගොඩයි.
දේශපාලකයෝ ලොකු ගණන් හොරකම් කරනවලු. මං ඉතින් කිව්වා ලොකු පොඩි භේදයක් නෑ ජාතික ධනය නාස්ති කරද්දි කියල..

එහෙම මිනිස්සු ඉන්න රටක් වෙලා.. වෙන රටවලට ගිහින් හොඳින් ඉන්නව හැබැයි. මෙහේ විතරක් නෑ. එතකොට සමහර පණ්ඩිතයෝ කියනවා මේක මේ පොලවේ අවුලක් කියල. මේ පොලවේ ඇති අවුලක් නෑ. මේක සියලු බුදුවරු වඩින, ශාසනය පිහිටුවන රට. සර්වඥ ධාතුන්වහන්සේලා ඉදන් වටිනාකම් තියෙන නිසා දෙවිවරු රකින රට...

ඉතිහාසයේ ඉදන් කුලල් කා ගැනීම් බොහෝමයි. සිංහ ලේ කියනවා හැබැයි ඒ කියන අතිබහුතරය හොරකම් - මැරකම් කරලා ලංකාවට පන්නපු විජය ඇතුළු අයගෙන් පැවත එන අය බව දන්නව නම්.....

- විජයගෙන් පටන් ගත්තාම නිතරම කුලල් කා ගැනීම් රජ පවුල් වලත් තිබ්බා.
- පණ්ඩුකාභය තමන්ගෙ මාමාවරු මැරුව.

- ගෝඨාභය සහෝදරවරු මරන්නම වැඩ කලා
(සංඝතිස්ස - සංඝබෝධි - ගෝඨාභය, විජයිදු කියන රජතුමාට සේවය කරන්න එනවා සහෝදරයෝ 3ක්. ඒ අතර අන්ධ බමුණෙක් අඩි ශබ්ද අනුව කියනවා, 3ම රජ වෙනව කියල. ගෝඨාභය බාලම කෙනා, වැඩි තණ්හාවක් තිබ්බ. එයා දැනගන්නවා අවසාන කෙනා වැඩි කාලයක් රජ වෙන බව. විජයිදු රජට සේවය කරන ගමන් සෙනෙවිරත් වෙච්ච සංඝතිස්සත් සම්බන්ධ වෙලා රජ මරලා, සංඝතිස්ස රජ කරවනව. සංඝබෝධිව සෙනෙවිරත් කරනවා. ගෝඨාභය භාණ්ඩාගාරික වෙනව.
සංඝතිස්ස ජම්බු කන්න හරිම ආස කෙනෙක්. ඒක මිනිසුන්ටත් වදයක් වෙලා තිබ්බ දෙයක්. වලාහක වැව හදද්දි අඹ වලට වස දාලා බිසව හරහා ලැබිලා කාලා මැරුණා. ඒ දේවියව පාවා ගත්තා සංඝබෝධි/ සිරි සඟ බෝ රජ උනා. ගෝඨාභයත් බිසවත් සිරිසගබෝට විරුද්ධ වෙච්ච නිසාත් කැරලි ඇති කරන්න හදපු නිසත්, යුද්ධ ඇති වෙලා ජනතාව කරදර වෙනවට අකමැති සිරිසගබෝ රජකම අතෑරලා පලා යනව. ගිහින් ඉන්නෙ හස්තිකුච්ජි විහාරයෙදි මගියෙක්ගෙන් කෑම කාලා හිස දන් දෙන්නෙ (අත්තනගල්ල) නෙමෙයි)

- මුගලන් - කාශ්‍යප
දප්පුල සෙනෙවියා මාමට විරුද්ධව කාශ්‍යපට සහය දුන්නේය. පසුව ධාතුසේන රජුද මරණයට පත් කල අතර, අවසානයේ සියල්ල පරාජය කර මුගලන් රාජ්‍ය ගත්තේය.

- මහා පරාක්‍රමබාහු රජ වෙන්න හිටිය කුමාරවරු 100 ගානක් මරනව. අන්තිමට එයාගෙන් පස්සෙ රටම අනතුරේ..

- කෝට්ටේ යුගයට එද්දි කුලල් කා ගැනීම උපරිමයි.

- වෙනසක් උනේ දුටුගැමුණු රජතුමාගේ කාලේ, ඒකත් මහා සංඝරත්නය නිසා..

ඉතින් අදයි හෙටයි කියල වෙනසක් නෑ. ලංකාවෙ මිනිස්සු හැමදාම පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්නවා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒනිසා මේ වගේ රටට වැඩි ආදරයක් නැති දේශපාලකයෝ තව කාලයක් ඉදිවි.
තමන්ගෙ රටට ආදරෙ නැතිව, තමන් විතරක් දියුණු වෙන්න හිතන, අධික ආත්මාර්ථයෙන් පිරුනු රටක දේශපාලකයෙක් වෙලා සැප විඳින එක, මිනිස්සු අමතක කරන එක අමාරු දෙයක් නෙමෙයි....

#යථාර්ථවාදිජනතාවාදියා #junetsh2018

No comments:

Post a Comment