Tweets by @Tweetsbysuku myblog: September 2016

Facebook Fan Page

Thursday, September 29, 2016

Need JUSTICE for KDU students -



Thanx Yasiru informing me... hmm

http://lankaenews.com/news/4577/si

මේ ගැටළු වල ඇති සියලු කරුණු සංකීර්ණය. විවිධාකාර කරුණු, කාරණා සාධක ඇත.
එසේ වුවද පිලිගත් ක්‍රමයට එක් රජයක් විසින් කරන ලද කටයුත්තක්, තවත් රජයක් විසින් වෙනස් කිරීම ගැටළු සහගතය.
වසරක් තුල දෙනවා කියා තවත් වසර 3ක් කරන්නට කීමෙන් ජිවිතයේ වසර ගණනාවක් මේ ළමයින්ට නැති වෙන එක ගැන අනිත් සියලු කාරණා, තර්ක වලට වඩා මට දැනෙයි..
සාධාරණය, රටට යහපතක් වන ආකාරයට වේවායි පතමු !

#KDU #justiceforKDU #srilankanlawcollege #SLlawcollege #lka #srilanka #srilankan









Thursday, September 22, 2016

ආදරය සහ නැතිබැරිකම - වැඩිවිස්තර වෙබ් අඩවියට ලියන ලද්දකි.

“ ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු, සල්ලි නැතත් රජ වෙනවාලු“ කියල සිංදුවක තියෙනව. ඇත්තටම ආර්ථිකය කියන කාරණය අදාල නැතිව හරි ගියපු ආදර කතා නැතුවම නෙමෙයි. ඒත් අතිබහුතර ආදර කතා වලට මූලික සාධකය වෙච්ච දේ තමයි ඒක.
සාමාන්‍ය ජීවිතයෙදි ආර්ථිකය හොඳ නම් තියෙන ප්‍රශ්න වලින් 70%ක් ඉවරයි(සල්ලි වැඩි වෙද්දි වෙනම එන ප්‍රශ්න තියෙනව).  දෙන්නෙක්ගේ ආදරයකදී දෙන්නගේ සිතුම් පැතුම් 1 වගේ නම්, ආර්ථික තත්වයන් ආසන්නව හරි සමාන නම් ඒ ආදරය සාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව.
                                                          ආදරේ කරගෙන යද්දි ලුණුයි, බතුයි උනත් කමු කිව්වට, කාලය එක්ක ඒව වෙනස් වෙනව. සදහටම ඉන්නවා, මොන ප්‍රශ්නය තිබුනත් කියල පටන් ගන්න ආදර කතා වල, ආර්ථික දුර්වලකම් තිබුනොත් ටිකෙන් ටික ඒ අඩුලුහුඬුකම්  තේරෙනකොට ක්‍රමානුකූලව ඒක ආදරයට බලපානව. විවාහයට පස්සෙ ආර්ථික දුර්වලතාවය තේරුනොත් ඒ ප්‍රශ්න හෙමින් උනත් උග්‍ර තැනකට එන්න ඉඩ වැඩියි( Poverty comes from the front door, Love flies from the Window).

                                                       පහුගිය කාලෙ සමීක්ෂණයකින් දැනගෙන තියෙනවා කොළඹ දික්කසාද ප්‍රතිශතය 60%ක් කියල. ඒකට මූලික වෙන කාරණා  බොහෝමයක් තිබුනත්, බොරු වියදම් එක්ක පටන්ගන්න ජිවිතය හිරවීමත් ප්‍රධාන හේතුවක් වෙනව ඒවයෙදි.
“අන්තිම හුස්ම පොද යවන්න ඕන ඔයාගෙ තුරුලේ“ කියල පටන් ගන්න ආදරේ, ටිකෙන් ටික ආර්ථික තත්වය කියන කාරණාව එක්ක කලින් ගත්ත තීරණ වෙනස් කරනවා. කාලෙකට පස්සෙ ආදරෙන් වෙන් වෙද්දිත් ඒකම කියනවා, මම හිතුවේ අර විදියට ඒත් කාලය එක්ක තේරුනා අපි  දෙන්න නොගැලපෙනව කියල. අද  තියෙන සමාජ ආර්ථික ක්‍රමයත්, සමාජ වෙබ් අඩවි ජාල වල පේන විවිධාකාර දේවලුත් එක්ක බොරු ආටෝපයට මුල් තැනක් ලැබිල තියෙනව.
එතනදි ඇත්ත ආදරය අසරණ වෙනව. ඇත්ත ආදරේ කියන දේට තියෙන පිලිගැනීම නිකම්ම නැති වෙලා යනවා. ඉතින් ආදරයටත් සිද්ධ වෙනවා පවතින තත්වයන් මත තීරණ ගන්න. එතනදි කවදහරි තමන්ගෙ දරුවන්ට, අම්ම/තාත්ත ඇතුළු පවුලේ අයට හොඳම විදියට ගරු කරන, සලකන කෙනාව නෙමෙයි ආර්ථික ස්ථාවරත්වය වැඩිම කෙනෙක්ව හොයාගන්න කටයුතු සිද්ධ  වෙනව.

  පහුගිය දවසක දන්න කෙනෙක් තමන්ට හිත ගිය ගෑණු ළමයගෙන් කැමැත්ත අහල තිබුන. ගෑණු ළමය අහල කොහොමද මාව බලාගන්නේ ඔයා කියල ?
පිරිමි ළමය කියල, ජීවිත කාලෙම ආදරෙන් බලාගන්නම, කන්න - අඳින්න දෙන්නම් කියල.
එතකොට ගෑණු ළමය කියල තියෙනව, ඔය දේවල් අපේ ගෙදරිනුත් මට ලැබෙනව. මාව කුමාරිකාවක් වගේ බලාගන්න පුලුවන් නම් ඇර මම ඔයාට කැමති වෙන්නෙ නෑ.

කවුරු උනත් කැමති සතුටින්, සැපෙන්, සමෘද්ධිමත්ව ඉන්න.

එහෙම හිතද්දි “ආදරය“ කොච්චර පරම පිවිතුරු උනත්, ආර්ථික ශක්තිය කියන කාරණය එක්ක වෙන ඒව අදාලම නෑ..

- යථාර්ථවාදි ජනතාවාදියා

http://www.wedivistara.com/sinhala/details.php?arti_id=198



Wednesday, September 21, 2016

පහුගිය කාලෙ අසාර්ථක වෙච්ච ගේම් අතර සාර්ථකව මට කරගන්න ලැබුනු ගේම් එකක්.. මේකෙ ග්‍රැෆික් සෑහෙන හොඳයි කියලයි හිතුනේ..

මම #හෙඩ්ෂොට් එක හොඳට පුරුදු වෙලා වැඩි වෙලා යන්න කලින් ගේම් එක ඉවර උනා හ්ම්....

#medalofhonor

Thursday, September 15, 2016

ඔව් වෙනස්... එහෙම කියල මැරෙන්නයැ..

“ ලංකාවෙ මිනිස්සු කතා කරන්න බයයි “ - ලංකාවෙ නීතීඥ මහත්තයෙක්ම කියල තිබුන කියල අද අපෙ Pulasthi අයියා කිව්ව කතා කරද්දි... මට හරියටම ඒ මූලාශ්‍රය මතක නෑ..
සමීක්ෂණයක් කරල කිව්වද මංදා ඉතින්... නීතීඥ මහත්තුරු දන්නවනේ ඕව...

කාලෙක ඉදලම ඉතින් මිනිසුන්ට හුරු කලේ එක එක අයට බය වෙන්න, බය වෙලා ඉන්න, කට පියාගෙන ඉන්න කියලයි... ඒව ඉතින් දැන් ජාන ගත වෙලාද මංදා...

කොහොම උනත් මං නම් කාටවත් බය නෑ, ඉස්සරත් නෑ, දැනුත් නෑ..
යන එන ඕන තැනක වරදක් දැක්කොත් ඒක කියනව, එතන කියල හැදෙන්නෙ නැත්නම් ඊට එහාට කියනව. කරන්න පුලුවන් දේවල් කරනව..

එහෙම කරලා වැඩ වෙච්ච, තනතුරු වලින් එහෙ මෙහෙ වෙච්ච මහ ලොක්කො පවා ඉන්නව...
ඒ තැන් වලදි මගේ හැසිරීම බොහෝම නපුරු උනත්, මං නරක නැහැ.. ඒ ගැන සතුටුයි... රටට - මිනිසුන්ට වරදක් කරන අයට මට පුලුවන් දේ මං කරල තියෙනව..

මෙතන ඒ වෙච්ච හැමදේම නොකිව්වට, මගේ ඒ හැසිරීම් ගැන දැනගත්ත සමහර අය මං දාන හැමදේ ගැනම, වෙන තැන් වල දාන කමෙන්ට් පවා විමසිල්ලෙන් බලන බව මං දන්නව..

- ඒව දැනගත්ත කියල මං මගේ විදිය වෙනස් කරන්නෙ නැහැ..
(එවන් අයගේ බයගුළු, කුඩුකේඩු, ධනය - බලය ටිකක් වැඩියෙන් තියෙන මනුස්සකම් අඩු අයට ලොකු
සැලකිලි දක්වන පහත් ගති වලට කියන්නට දෙයක් නැත..)
ඉහලම කෙනෙක් උනත් නරක නම් මම සලකන්නේ නෑ. හැබැයි අන්තිම අසරණ කෙනෙක් උනත් ගරු කටයුතු නම් ගෞරව කරනවා...
ඒක අද ඊයෙ ආපු දෙයක් නෙමෙයි මගේ සංසාර ගත හැටි...

- ඒ ගති නිසා මට ලාභ වලට වඩා දහස් ගණනින් පාඩු උනත්, ඒ හැමවෙලාවකදිම වගේ බියගුල්ලෙක් නොවී, ස්ථිරව වැඩ කරන්න ලැබුනට මට සතුටුයි...

" Cowards die many years before their death "

" It's better to die on feet, rather than live on knees "

#septsh2016

Wednesday, September 14, 2016


මේව බලල තියෙන අයට සුන්දර ළමාවියක් තිබිලා තියෙනව...
- ටයිටස් තොටවත්තයන්ගේ හඬ කැවීමත්, ඒ කාටූන් වල තිබ්බ හොඳ භාෂා භාවිතයත් නිසා.. අපේ ළමා කාලෙදි හොඳ අවවාද, අනුශාසනාවක් උනා... හ්ම්...

Monday, September 12, 2016



හරියට මාකට් නොවෙන ලංකාවෙ සිනමාවේ රජ කතා, හාස්‍යජනක පමණක් තරමක් ලාභ ලබයි...
සිනමාව ඇත්තේ කුමන තැනද යන්න රටම  දන්නවාය...

එහෙම තියාගෙන ලොකු උත්සවයකට රට පිටින් නළු නිළියන්ද ගෙනැල්ලා ස්ටේජ් වල සංදර්ශන කලාම ලංකාවෙ සිනමාව දියුණු වෙනවාලු...
සිනමාව දියුණු කරන්නට පුලුවන් වෙන්නේ මෙහෙම දේවල් කරලාය යන්න මට නම් තේරෙන්නේ නැත..

ලංකාවෙ කලා ක්ෂෙත්‍රය, විශේෂයෙන් සංගීත ක්ෂෙත්‍රය විනාශ කලාට කමක් නැත. අලෙවිකරණ ක්ෂෙත්‍රයේ වටිනාකම් නැති කලාට කමක් නැත.
කොහොම හම්බ කලත් කමක් නැත..., කොහොම ඉදලා, කොහොම තැනකට ආවත් කමක් නැත...

සිනමාව දියුණු කරනවා කියා වැඩ කලාම, බුද්ධ ශාසනය වෙනුවෙන් දේවල් කරාම ..., අතිබහුතරය දකින්නේ පව නොව පින ගැනය... ලංකාවේ මිනිසුන්ට සල්ලි  හම්බ කල විදිය වැඩක් නැත. මිනිසුන් වෙනුවෙන් ඇත්තටම මානුෂීයද, හොඳ පපුවක් තියේද යන්න අදාලම නැත...

කොහොම හරි සල්ලි හොයාගෙන ඉහලින් වැජඹෙමින්, තවත් අයථා වැඩ මෙන්ම පවතින ක්‍රමයන් විනාස කලද...
ධනය තියෙනවා නම් ඒ අය හරි ලොකුය...

එහෙම රටක් දියුණු කල හැකියි හිතන අපිටත් වෙලාවකට පිස්සුද මංදාය.... හ්ම්...

Friday, September 9, 2016

නුවර හිටිය කාලෙ ජාතික ගීය වගේ නිතරම කියපු ගීතය හ්ම්...

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

වැව් ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා...//
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා....
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා.....

Monday, September 5, 2016

Finally 3000 points achieved 💫😊✨😇

1.24 million photo views >>>

Nuwan Chinthana අයියාගේ උපදෙස් වලට ස්තූතිවන්ත වෙමි :)


#septsh2016 #localguide #googlemaps


Saturday, September 3, 2016

Miss SriLanka contests in Sri Lanka ... - disgusting..

ලංකාවෙ “මිස් ශ්‍රී ලංකා“ තරඟ දැක්කාම ... ජීවිතේ එපා වෙනව...

රූප රාජිනි කිව්වාම මූලික දේ දකින කොට රූපෙ ලස්සන වෙන්න ඕන...
කතාව, ඒක තුලින් පේන බුද්ධිය ගැන කියන්න වෙන්නෙ ඊට පස්සේ..

දැන් ඉන්න පොෂ් - පුස් කෙල්ලො හිතාගෙන ඉන්නෙ යටට ඇඳල තියෙන ඇඳුම පේන්න ස්ටේජ් එකේ ඇවිද්දාම, එක එක ජාතියේ අල්ලස් දුන්නාම ඔක්කොම හරි කියල..

ඇවිදින විදිය නම් එතන සංවිධායකයෝ කියන අය උගන්වන දෙයක්..
ලංකාවෙ බරපතල ලිංගික අසහනයක් තියෙන බව #ඉරාජ් වගේම එයාලත් දන්න හැඩයි...
ඇඟ පෙන්නුවාම ලස්සනයි කියල හිතන මානසිකත්වයක් ලංකාවෙ තියෙනවද මංදා... නැත්නම් ඒක ඇති කරල ඇති.. ලංකාවෙ මාධ්‍ය හරි දස්සයි..

#මේකප් නැත්නම් ලගින් ගියත් පේන්නෙ නැති තරම සුන්දරයි තරඟෙට ඇවිල්ල ඉන්න ගැණු ළමයි...
අපිට පාරෙදි මුණ ගැහෙන අය පවා ඔයිට වඩා හොඳයිනේ හිටං හ්ම්..

අපේ රටට වෙච්චි දෙයක්.. හ්ම්..

වෙන දේවල් වෙනස් කරන්න ඕන කියල, තරමක හරි වෙනසකට දේවල් කලත්... මේ වගේ දේවල් ගැන දැනීමක් තේරුමක් නැති නිසා කරන්න ලැබේවිද මංදා කවදාවත් හ්ම්...

#sephithenadewal2016 #misssrilanka #misssrilanka2016 #lkmedia #slmedia #srilanka2016 #MSL2016

සිත නිවන කතා


Friday, September 2, 2016

Karma ....

අපෙ අක්ක කෙනෙක් කම්පා වෙනව ලගදි ට්‍රේන් එකට වැදුනු ගෑණු කෙනෙක් ගැන...

ඒකට අපි කියන්නෙ “සහකම්පනය“ කියල... Empathy...
අනුන්ට වෙන දෙයකට දුක් වෙන එක, ඒ හැඟීමෙන් හිතන එක.....

Empathy, Sympathy වෙනස් උනත්.. ලග ලග යෑම් තියෙනව.. අනුකම්පාව ඉතින් භූමිකම්පාවක් වෙන්නත් ඉඩ තියෙනව...

ඔය වගේ වෙන සිද්ධි ගණනාවක් මම අත්දැකීමෙන් දන්න බව..
ඒව දන්න තරමට, අකුසල් විපාක ගැන තේරෙන තරමට, දැන් වෙනද වගේ කම්පාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ ගැන වෙනස් විදියකට හිතන්න තරමක් පුරුදු වෙලා..

1 තමයි රටම දන්න අර තරුණ ගෑණු ළමයි දෙන්නෙක් කෝච්චියට හැපුනු එක..
ඒක හොයල බලද්දි ඒ දෙන්නගෙ කර්ම විපාකයක්... කනේ මොනවත් ගහගෙන නොහිටියත්, හිටියත් කෝච්චිය එන සද්දෙ කොහොමත් ඇහෙනවා. ඒ ඇර කෝච්චියක් එක්ක අපිට තරඟෙට දුවන්න පනින්න බැරි බව අපි ඕන කෙනෙක්ට තේරෙනව...
අපිට වඩා දන්න තේරෙන අයගෙන් ඇහුවම තමයි කිව්වේ හ්ම්...

2 විදියට අපේ පැත්තෙ හිටිය කොන්දොස්තර මහත්තයෙක්ගෙ නෝන කෙනෙක් ඉන්නව. ඒ මිනිස්සු බොහෝම යහපත් අය.
දරුවො 2ක් ඉන්නවා ඒ අයටත් දරුවො ඉන්නවා. ඉතින් මේ ආච්චි හොදට හිටිය. තමන්ගෙ නැන්දම්මටත්, අම්මල තාත්තලටත් සැලකුවා. එක අකුරකින් වරදක් කෙනෙක්ට කියන්නෙ නෑ. හිත රිද්දන්නේ නෑ.
මාස 2කට විතර උඩදි උදේට පාන් ගේන ත්‍රිවිල් එක යද්දි වෙන කෙනෙක් ඒක ඉස්සර කරන්න වංගුවකදි ඇවිල්ලා අර ත්‍රිවිල් එක ඇවිල්ලා අර ආච්චිගෙ වැදිලා අත් 2යි 1 කකුලකුයි කැඩුනා.
කෝම හරි මේ ලගදි ගියාම දෙයියනේ කියල ඇදේ ඉන්නවා. තමන්ගෙ අය සාත්තු කරන නිසා හොදයි.
මේව ඉතින් කර්ම විපාක වෙන්න ඕන.. නැත්නම් හදිසියෙ මේ හොදට හිටි අයට මෙහෙම වෙන්න විදියක් නෑ.

මේකෙ තියෙන හරිම අසාධාරණය - චපල විදිය තමයි මේ ජිවිතේ කොච්චර හොදට හිටියත් එකපාරට නොදන්න කරදරයක් වෙන එක...

දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලොකු ලොකු අය වැරදි කරලා බේරෙන්නෙ කොහොමද කියල...
එයාලටත් පොලි පිටින් ලැබෙනව... මේ ආත්මයෙදි 20%ක් විතර තමයි සාමාන්‍ය විදියට...
ඒත් ඊලග ඒවයෙදි වෙන ආත්ම වලත් එකතු උනාම ආත්ම භව 5-6ක ඒව එක්ක..

මේ ජිවිතේ හොඳට හිටියා කිසි හොඳක් වෙන්නෙ නෑ කියල “සියදිවි නසාගන්න“ හිතන අයත් ඉන්නව..
ඒත් ඇත්තම කතාව තමයි එහෙම කරගත්තොත් ඒකත් මහා අකුසලයක්...
ඒකියන්නේ මැරිලවත් මේකෙන් බේරෙන්න බැහැ... අකුසල් විපාක නැති කරන්න තියෙන හොඳම දේ කුසල් කරන එකමයි.. ඒව අවබෝධ කරගන්න එකයි...

- කලින් හොඳ කරපු අය මේකෙ හොඳට ඉපදිලා කලින් හොඳ අමතකව අකුසල් කරනවා.. එයාලට විපාක ගොඩක් දුරට ඊලග ඒවයෙදි ලැබෙන්නෙ.
කලින් නරක කරපු අය මේකෙ නරකට ඉපදිලා බාධක මැද ඒත් හොඳින් ඉන්නවා, පින් කරනවා.. ඒත් ඒ විපාක හොඳින් ලැබෙන්නෙත් අඩුවෙන්..

- ඔය නිසා තමයි නිවන් ඉක්මන් කරගන්න කියල බුදුන්වහන්සේ දේශනා කලේ හ්ම්...

#septsh2016 #pin #kusal #පින #කුසලය #පව් #අකුසල් #ජිවිතය

Thursday, September 1, 2016

Social services grow >>>>







I went to meet Minister of Media and Chief Organizer to the Bentara - Elpititya electorate yesterday..

To hand over the letter about establishing a sub post office for the people of Waturuwila - Thibbotuwawa..



 It was good to be there as all were polite and respectful ...
Hope this is going to happen and this is something will last for a long time... ^_^