Tweets by @Tweetsbysuku myblog: GYM යමි..

Facebook Fan Page

Friday, June 8, 2018

GYM යමි..

ජිම් කිව්වාම මම මුලින් ජිම් යන්න කැමැත්තක් තිබුනේම නෑ. අවුරුදු කීපයක් මම ජිම් නොගිහින් තනියම කරගන්නව කියල හිතාගෙන ගෙදර තියෙන ඇබ් කින්ග් ප්‍රෝ එකයි, ඕබිට්‍රැක් එකයි ඒවගේ තව 1-2කුයි කරගෙන දවසකට කිලෝමීටර් 7-10ක් ඇවිදල හිටිය. කාලයක්ම කලා, ප්‍රතිඵලයක් නැත්තෙමත් නෑ ඉතින්. ඒ්ත් ඒකෙ පිලිවෙලක් තිබුනෙ නෑ. සමහර වෙලාවට දවස් ගණන් කරන්නෙ නැතිව ඉන්නවා. කෑම ගොඩක් කාලා හදිසියට ටිකක් මහත් වෙලා හිටිය කාලත් තිබ්බා. වෙන මොක නොවුනත් බඩ තරමක් එන අවදානමක් මට තිබුනා.

ඉතින් මම ඕක හිතමින් ඉද්දි තමයි ජිම් එකේ චමුත් ලක්ෂාන් කියන මල්ලි මුණගැහුනෙ. එයා දවසක් මාව ජිම් එකට එක්කගෙන ගිහිල්ලා ෆැට් එක එහෙම බැලුවා. මතක විදියට 27ක් විතර තිබුනෙ. එයා කිව්වා අවුලක් නෑ මේ ගාන තව මහන්සි වෙලා හදාගන්න පුලුවන් කියල. ඉතින් මාස 3කට විතර පස්සෙ මම ජිම් එකට ගියා. මුල් දවසේ වැඩි අමාරුවක් දැනුනෙ නෑ. ගෙදර ආවට පස්සෙයි ඇඟ රිදෙන්න ගත්තෙ. අත් 2 දිග අරින්න බැරි තරමට රිදුනා, ඒකට හේතුව හරියට ස්ට්‍රෙච් නොවීම, ඉතින් ටික දවසකින් ඒව හරි ගියා. කොහොම හරි මාස කීපයක් යනකොට මගේ බර තරමක් අඩු උනා වගේම, බඩත් අඩු උනා. ඇත්තටම මම ජිම් ගියේ බඩ එන අවුල නිසා. ඒත් ජිම් එකේ ෂෙඩුල් එකත් එක්ක මට කෑම  වේල් 5ක් ගන්න උනා. එතකොට බර අඩුවීම එතරම් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ඇඟ කලින්ට වඩා ශක්තිමත් වීම. ඇත්තටම මගේ අත් 2 මාංශ පේශි තරමක් හොඳට ඇවිල්ල තියෙනවා. වෙනදට වඩා බර උස්සන්න, මහන්සි වෙන්න පුලුවන්.


මම දවසක් ඇර දවසක් තමයි ජිම් යන්නෙ. ජිම් ගියාම ලැබෙනවා කරන්න ඕන ෂෙඩුල් එක. ඒක හරියට කරන්න ඕන. ට්‍රේනර් ගෙන් මේව හරියට අහගන්න ඕන. පර්සනල් ට්‍රේනිං ගන්න එකත් හොද දෙයක්. කොච්චර මහන්සි උනත්, ලැබෙන ඩයට් ප්ලැන් එක හරියටම කරන්න ඕන. මොකද ඇඟ හැදෙන්න 70%ක්ම බලපාන්නෙ ඩයට් ප්ලැන් එක අනුව කෑම ගත්තොත් තමයි.

මගෙ වෙලාවට මට හොද ට්‍රේනර්ස්ලා මුණගැහුනා. ඒවගේම මම නෙට් එකෙනුත් දේවල් හෙව්වා. අද ජිම් සමහර ඒවයෙ කෙනෙක් අලුතින් පටන් ගත්ත ගමන්ම කියන්නෙ සප්ලිමන්ට්, එනර්ජි ඩ්‍රින්ක් ගන්න කියලයි. ඒක ඒ තරම හොඳ නෑ. පුලුවන් තරම් ස්වභාවික ඒවයි ගන්න ඕන. ඒකියන්නෙ හරියට කෑම කාලා යන එක. ජිම් යන්න පැයකට විතර කලින් කෑම කාලා යන එක හොඳයි. ස්වභාවිකව හොදටම කරලා කාලෙකට පස්සෙ සමහරවිට සප්ලිමන්ට් ඕන වෙන දවසක් ඒවි. හැබැයි පටන් ගත්ත ගමන්ම සැර සප්ලිමන්ට් ජාති, එනර්ජි ඩ්‍රින්ක් පාවිච්චි කලොත් පස්සෙ කාලෙක ඒක සෞඛ්‍ය අවදානමකට වගේම තමන්ගෙ කරන වැඩ වලට බාධා වෙන තැනටත් එන්න යම් ඉඩක් තියෙනව.


ජිම් ගියාම කරන්න ඕන තව වැදගත් දෙයක් තමයි, ස්ට්‍රෙචිංස් හරියට කරන්න ඕන ( එක්සයිස් කරාට පස්සෙ ). ඒකත් හරි වැදගත්. ඒවගේම මාසෙකට විතර වතාවක් තමන්ගෙ ෆැට් එක බලන එකත් හොද දෙයක්. ජිම් එකේ ට්‍රේනර්ස්ලට වගේම අනිත් එන අයටත් ගරු කරලා හොද තත්වයක් අත්කර ගන්න පුලුවන් බව හිතනව.
මගෙ බර යනකොට වඩා අඩු වෙලා 62 හිටිය මම දැන් 58 වෙලා. බර අඩු වීම නම් ඇත්තටම උවමනාවක් තිබ්බෙ නෑ. ෆැට් එක 27 ඉදන් 21.5කට විතර අඩු වෙලා... ෆැට් එක 15 නම් බඩ ෆ්ලැට්. 12 = 6 පැක් !!!


No comments:

Post a Comment