ගොඩක් අය කිව්වා, එතන ඉන්න අය පවා මාස්ක් එකක් දාන්න කියල. මංදා මට නම් මාස්ක් එකක වැදගත්කමක් මට තියෙන බවක් තේරුනේ නෑ.
මැරුණු ඇය ලගදි ඉදන් හීන වලත් පේන නිසා මගේ හිත තරමක් අවුල්. මාත් එක්ක ගියපු මල්ලිට මම කිව්වා මාස්ක් එක නැතිව මැරෙනව නම්... ඒත් ඒකත් එහෙම වෙන පාටක් නෑ.
අද හෙට ලෙඩක් හැදිලා මැරෙයිද... ඒකත් කියන්න භෑ. ඒත් වෙන පාටක් තාම නැති..
හොස්පිටල් එකේදි ගොඩක් අයගේ දුක - වේදනාව, කලකිරිම් තේරෙනවා. වාට්ටු අංක 17 (මෙඩිකල් වෝඩ්), කොනේම හිටිය ටිකක් වයසක ආන්ටිලා 2ක්ම අද මැරුණ. වෛරස් උණ අඩු උනේම නෑලු.
ඒ ආන්ටි කෙනෙක්ට ගොඩක් කැපවීමෙන් සලකපු ආදරේන් බලාගත්ත පුතා, ඇවිල්ලා අඬන්න ගත්තාම වටේ පිටේ අයත් අඩන්න ගත්තා. මට ඇඬුනෙ නෑ. ජිවත් වෙන කරදරේ දන්න මම මැරුණාම මොකට අඬන්නද ? ඒත් මරණය බොහෝම දුක්ඛදායක දෙයක්. අපි කාටත් එහෙමයි. මැරුණාම මේ ජිවිතේ හැමදේම ඉවරයි.
ලෙඩ්ඩු කොයිතරම වේදනා විඳිනවද, එයාල බලාගන්න අය, පවුලේ අයත් සෑහෙන්න ඒව ගැන කරදර වෙනවා. ඔය හැමෝම අතරේ කවුරුවත් නොවෙන මං ඇවිද ඇවිද ඉන්න කොට නිකන් කවුද වගේ එකත් අමුතුයි. ඒත් කාගෙන්වත් අවුලක් නෑ. රක්නා ලංකා සෙකියුරිටි අයටවත් මාව නවත්තන්න නම් ලැබුනෙ නෑ. එයාලගේ ලොකුකම් ගෝඨ අංකල් නිසා. මට මොකෝ මම ගෝඨා අංකල්ට බය නැහැ නෙව.
ඇත්තටම මැරෙන එක නෙමෙයි කරදරේ... ජිවත් වෙන එක.. ඒක දන්න නිසා අද මැරුණත්, හෙට මැරුණත් මට ඒකේ ලොකු වෙනසක් නෑ. හැබැයි අකුසල කර්ම තව ටිකක් තියෙන නිසා මැරුනොත් කොහේ යාවිද කියල නම් සැකයක් තියෙනවා. ධර්මය දන්න නිසා අපායෙ ගියත්, ධර්ම කතාවක් කියාගෙන ඉන්න පුලුවන් වේවි.
අද ඇගේ ජාතියේ වාහන 2ක් දැක්කා. ඒ ජාතිය අඩුද කොහෙද. හෙන පොඩි කාර් කට්ටක් හිටං. ඒකාලේ හරියට නොම්මරේ මතක නෑනේ. නැත්නම් දැනගන්න තිබ්බා ඇගේ එකමද කියල. ඇයව තාම මතක් වෙන්නෙ මට අලුත් ආදරයක් නැති නිසා වෙන්ටැති. මගෙ හිත එයාගෙ වගේ විසිරෙන්නෙ නැති නිසා, බූවලු ස්වභාවයකුත් නැති නිසා තව ආදරයක් හරි ගිය කාලෙට හිත හරියාවි.
මැරුණු උන්ට කොහෙන්ද කාර් බාර්...
#උන්මත්තකඩයරි #ලංකාව #ලෝකය #ඇය #මම #ඔබ #ලෙඩ #රෝග #වෛරස්උණ #උණ
No comments:
Post a Comment