Tweets by @Tweetsbysuku myblog: July 2017

Facebook Fan Page

Sunday, July 23, 2017


Mr. Nawalage මම හැමදාම කතා කලේ එහෙමයි..

ගයන්ත ඇමතිතුමා ලග ඉස්සර ඉදන්ම හිටිය කෙනෙක් #නාවලගෙ මහත්තය කියන්නෙ.. පොලිසියේ කෙනෙක්ප, පස්සෙ ඇමති ආරක්ෂක (MSD) එකට අනුයුක්ත උනා දන්න විදියට..
ගයන්ත ඇමතිතුමා, ඇමතිවරයෙක් උනාට පස්සෙ මුණගැහෙන්න යද්දි අලුතින් ආපු ගොඩක් ඇමති ආරක්ෂක අය මාව දන්නෙ නෑ.. එතනදි මම කවුද කියල දැනගෙන හිටිය නාවලගේ වගේ පරණ අය කීපදෙනෙක් නිසා මට ලේසි උනා..

පරණම කෙනෙක් වගේම, අපිට බොහෝම හිතෛශීවන්ත ඒවගේම ගරු කටයුතු විදියට හිටිය කෙනෙක්. මගේ කලබල වැඩ වලදී, මට උපදෙස් දීල තියෙනව, කලබල වෙන්න එපා, ඉවසීමෙන් වැඩ කරන්න කියල..
නිතරම වගේ මුණ ගැහිල තියෙන්නෙ ඇමතිතුමා එක්ක, සමාජ සේවා වැඩකදී, අමාත්‍යංශයෙදියි, පාර්ලිමේන්තුවෙදියි වැඩිපුර.. ඒ ඇරුනාම අපේ පවුල් වල දාන, උත්සව වගේ දේවල් වලදි.. ඒ වෙලාවට ටිකක් කතා කරනව විතරයි..

හැමදේ ගැනම සිනාමුසුව, ඒවගේම උපේක්ෂාවෙන් යුතුව අපි එක්ක කතා කරපු හැටි මට අද වගේ මතකයි..
මෑතකදි අපේ දානෙ ගෙදරදි මුණගැහුනෙ නෑ. මතක විදියට අන්තිමට මුණගැහුනෙ ඇමතිතුමා අපේ සීය ගැන මල ගෙදර කල කතාවෙ සීඩි එක ගෙනියන්න එවපු වෙලාවෙ.. ඒ මාස 6කටත් කලින්... කෝල් කරල දේවල් ඇහුවා - මුණ ගැහුනෙ නෑ..

හදිසියේ මෙහෙම දෙයක් වේවි කියල කිසිම විදියකින් හිතාගන්නත් අමාරුයි..
සංසාරෙ කවමදාවත් ආයෙ මෙහෙම අකල් මරණයක් නොවෙන්න අපේ නාවලගේට සංසාරේ පුරාවටම තුනුරුවන්ගෙ සරණයි !

May you blessed with Triple Gem Blessings for whole Sansara !!!

Friday, July 21, 2017

අපේ ආදරේ

මොනව උනත් ඔයාගෙ කටහඬ දවස් ගානකින් ඇහුවාම පුදුම සතුටක් ආවා... ඒක සතුටකටත් වඩා සැනසීමක්.. ඒත් ඒ සැනසීම ටිකකින් නැතිම වෙලා ගියා.. ආයෙත් හිටිය තැනටත් වඩා යටටම අපේ ආදරේ ගියපු බව මට තේරුනා..

ආදරයක් කියන්නේ දෙන්නෙකුගේ අවබෝධය - විශ්වාසය එක්ක ගැලපිලා කරදර මැද උනත් යන දෙයක්..
ඒ අවබෝධය නැතිවෙනව නම් ඒක කොතන උනත් ගැටළුවක් වෙන දෙයක්..
අපි දෙන්නටත් එහෙමයි.. අපි දෙන්න අපි දෙන්නට ආදරේ උනත් ඊට වඩා නොගැලපීම, අදහස් වල තියෙන පරස්පරකම නිතරම එලියට එනව..
අනිත් හැම කාරණයම අමතක කරලා ඒක විතරක්ම හිතුවත්, කොච්චර ගලප ගන්න බැලුවත් ඒක නම් හදාගන්න උනේ නෑ.. වෙලාවකට හිතෙනවා කේන්දර බලපු අය හරිද කියලත්.. කොච්චර කේන්දර වල ඇත්ත දේවල් අත්දැකීමෙන් දැනගෙන හිටියත් අපි ගැන කියපු ගොඩක් කාරණා වලදී මම ඒව එක්ක ගැටුන...

හැමදේම වෙනස් වෙන ලෝකෙක, අපේ ආදරේ විතරක් එක විදියකට තියෙන්න හැටියක් නැහැ..

ආදරේ කරද්දි ඕන කෙනෙක් ගොඩක් සතුටකින් ඉන්නවා.. මම බලාපොරොත්තු උනේ සැනසීමෙන් ඉන්න...
කාලය එක්ක එහෙම නෑ කියල හිතෙනව.. කලින් දැකල දැන් දකින අයත් මගේ විදියෙ පවා වෙනසක් දැනෙනවා.. ආදරේ නිසා මට මහා පීඩාවක් දැනුනා.. කොච්චර හිතුවත් ඒ පීඩාවෙන් මිදෙන්න විදියක් ආවෙම නැහැ.. මම දන්න ගොඩක් ආදර කතා වලට වඩා අපේ ආදර කතාව වෙනස්... ඒක වරදක්ද කියන්න මම දන්නෙ නෑ ඒත් ඒක වෙනස් දෙයක් උනා..

සජිවි ආදරයක් කියන එක ඇත්තටම ලොකු දෙයක්... ඒක තේරෙන්න හරියට ආදරයක් වගේ දෙයක්වත් කරල තියෙන්න උවමනයි... ඒකෙදි අපි දෙන්න මොන තරම නොගැලපුනත් අපි දෙන්න පුලුවන් විදියට ආදරේ කලා.. ඒ ගැන තරමක සැනසීමක් තියෙනව.. ගොඩක් දේවල් කතා කරන්න වගේම දේවල් තේරුම් ගන්නත් අපිටම පුලුවන් උනා.. හ්ම්...



මගේ යැයි පැතූ දේ සිඳී බිඳී ගියාවේ ...
සිනා සී හඬාලා.. වෙන් වුනේ...
මා එතැයි කියා... සිතා සිටින් එපා...
වෙනින් කෙනෙක් සොයා... හොඳින් සිටින් ඔයා...
ඈ කීව දේවල්... මැවූ පෙම් කතාවල්...
නිවීලා නැසීලා ගියා සේ...