Tweets by @Tweetsbysuku myblog: June 2013

Facebook Fan Page

Wednesday, June 26, 2013

නුඹට සාප නොකරමි.....

මම නුඹට සාප කරන්නෙ නෑ.....
කෙනෙක් කියාවි ඒක පොඩි කාලෙක ආදරයක් කියල....
නුඹ කියාවි මම හරියට කලේ නෑ කියල... නෑ මම හරියට කලා... නුඹ තමයි නොකලේ....
“මගෙ තුරුලෙ අන්තිම හුස්ම පොද යවන්න කතා කල නුඹ“.... එකපාරටම මාව සම්පූර්ණයෙන්ම අමතක කරලා හැමදෙයින්ම බ්ලොක් කරන තත්වෙට ආවේ කොහොමද කියල අදටත් මට හිතාගන්න බෑ...
ඒත් ඒක දෙයක් නුඹ ඒක කලා... නුඹ දැන් තවකෙක් එක්ක සතුටින් ඇති.... ඒක හොඳයි සතුටින් ඉන්න...
කම්මැලිකමේ හිටපු මම නුඹ නිසා අරමුණකින් වැඩ කලා... නුඹට ඕන උනේ මාව නිවුස් කියන රස්සාවට දාන්න... මම ලංකාවෙන්ම නිවේදකයන් අතරින් දිනල තියෙන කෙනෙක්, මම ඒක නුඹට කිව්වෙ නෑ. මම ඉන්ටවීව් ගියා නම් මාව ගනිවි කියල මම හිතනව, ඒවගෙම එතන මට කනෙක්ෂන්ස් තිබුනා... ඒත් නොගියේ මම අකමැති හිතට එකඟ නැති වැඩ කරන්න.. නුඹට ඒක හිතාගන්න බැරි උනාට මට කාරි නෑ ඒක නුඹේ තත්වය මගෙ නෙමෙයි.
නුඹ දන්නවා මම වෙන ගෑණු ළමයි ගාවදි හැසිරුනෙ කොහොමද කියල, එහෙම කලේ නුඹට තිබුනු ආදරේට. එහෙම කරලා නුඹ මාව අතැරියම, ෆේස් බුක් එකේ ඉදගෙන ගෑණු ළමයින්ට කරදර කරන,  දරුවොත් ඉන්න, සංවිධාන අටවගෙන සල්ලිත් හොයන එයින් රටටත් වින කරන, දහමට අපහාස කරන මිනිස්සු මට අපහාස කලා ‘කනවැන්දුමා‘ කියල.

කොහොම උනත් නුඹ එක දෙයක් මතක් තියාගන්න මට ෆේස්බුක් එකේම හොද යාළුවො කියන්න පුලුවන් 1000ක් විතර ඉන්නවා මගෙ ෆැමිලිත් 150ක් විතරනේ... මට අපෙ පවුලෙ අයගෙ උදව් තියෙනව... මාව කවදාවත් වට්ටන්න බැරි ඒකයි... මම ඒ අය එක්කත් තිබුනු දේවල් වලට වෙලාව අඩු කරලා නුඹට පෙම් කරද්දි නුඹ කලේ තියෙන වෙලාවත් අරගෙන ෆේස්බුක් ජනප්‍රිය වෙන්න ගියා....
නුඹ මේ අවුරුද්දෙන් 2න් ෆෙස්බුක් එකේ ස්විට් වෙන්න කරන්න හදන දේ කරන අය මම අවුරුදු 8ක් තිස්සෙ දැක්කා...
කොහොම උනත් මගෙ නපුරුකම් වගේ වැරදි තිබ්බ මම නෑ කියන්නෙ නෑ හැබැයි ඒව විශ්වාස සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි, මටත් අසරණකම් බැරිකම් තිබුන, මගෙ නපුරුකම් ඇත්ත ඒවගේම ඒව කරන්න උනේ නුඹේ වැරදි නිසා බවත් අමතක කරන්න එපා. නුඹට කියන වෙලාවට මොකුත් කරන්න බෑ. නුඹට බෑ හරියට දෙයක් ස්ථිරව කියන්න වගෙ ගොඩක් තිබ්බා.
කලින් කෙනා නිසා තමන්ගෙ හැමදේම පුදන්න ලෑස්ති වෙලා හිටපු නුඹට බැන්ඳත් ඒව කරන්න විදියක් තියෙනව කියල, කියල දුන්නෙ මම, නිදි පෙති අරගෙන නිදාගත්ත නුඹට නිදිපෙති නැතිව නිදාගන්නකම් චැට් කලේ මම, නුඹ නිදාගන්නකම් බලාගත්තෙ මම, හරියට වෙලාවට නිදාගන්න නුඹට වෙලාව නිදාගන්න හැදුවෙ මම, නුඹේ ලෙඩ මම හොඳ කරන්න හිතුවා, කරන්නත් පුලුවන් උනා, තව එහෙම ඒව කොච්චර තියෙනවද... (මට දුකක් නෑ මම ඕක ගොඩක් අයට කරල තියෙනවා ඒ මගෙ හැටි නිසා, ඒ කාටවත් මම පෙම් කලේ නෑ)
තව කොච්චර තියේද...
නුඹ නිසා හිත හැදුනා හිත සැනසුනා... ඔක්කොටම වඩා මායාවෙන් මම රැවටුනා... ඒක නුඹේ හැටි වෙන්නැති කේන්දරෙත් ඒක තියෙනවනේ. නුඹේ අම්මවත් නුඹ ඔය ගති නිසා නැති කරගනි කියල මට හිතෙනව. ඒක විතරක් කරගන්න එපා. මොකද අම්මල හැමදාම ඉන්න නිසා අනිත් අය නැති උනත්.....
මම නුඹට සාප කරන්නෙ නෑ. හැබැයි මට තියෙන අත්දැකීම්, කේන්දරයේ සාක්ෂි අනුව නුඹට සැප තියේවි... සතුට නැතිවේවි... කවදාවත් ඇත්තට ආදරේ කරන කෙනෙක් මුණ නොගැහේවි.... මේක කියන්නෙ ද්වේෂයෙන් කියල නුඹට හිතුනත් මේක කියන්නෙ යථාර්ථවාදිව කියලයි මම හිතන්නෙ. නුඹට ඇතිවෙන බැඳීම් තාවකාලික් ආශාවන් වලට සීමා වේවි. ඊට පස්සෙ මොකුත් තියෙන එකක් ආදරයක් කියල. එදාට සමහරවිට නුඹට අතීතය මතක් වේවි...
කොහොම හරි සතුටින් ඉන්න. නුඹට හැකි වේවි කියල මම හිතනව පතනව...

Tuesday, June 25, 2013

Life Goes on.... 6


මහවැස්සක පෙර නිමිති පෙනෙනවා...
කවුළුව අතරින් හිරිකඩ එනවා...
මල් පැණි වඩියක උණුසුම ලබනට...
යන්නට ඕනෑ කඩමංඩිය වෙත...
කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද.. කවුරු දකින්නද..
මා දැන් මහලු වියේ...//

පාරට බැස්සම නොවැ සීතල වැඩි... තනිකම ඊට වැඩි....
සිරිපොද වැස්සේ එකම කුඩය යට.... තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ...
මමත් ඔහොම ගිය හැටි මතකයි... මට හොඳ හැටි මතකයි.....

මීවිතකින් ගත උණුසුම් වූවද... සිත උණුසුම් වේදො....
එපා එපා මීවිත මගේ දෙතොලට...//
ආපසු මගෙ කුටියට යනවා..... මා ආපසු යනවා.................................

LIfe Goes .... 5

මුළු පිටකොටුවටම තියෙන හොඳම කෑම කඩය දෙවෙනි හරස් පටුමගේ තියෙන “ශ්‍රියානි“ කඩය හ්ම්....
පිරිසිදුයි... විශ්වාසයි... ඉන්න අයත් හොඳයි....
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200605225727609)
Girls with Sweet Faces, cuddling girls.... are dangerous... Like 'Lady Mogana' @Merlin .....
ස්වීට් මූණූ තියෙන හුරතල් වෙන්න හදන ගෑනු ළමයි ‘භයානකයි‘... හ්ම්... මර්ලින් එකේ ඉන්න ‘ලේඩි මොගානා‘ වගේ....
පරිස්සමට ඉන්න ඕන...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200597720819991)



- තීක්ෂණ අනුරාධ අයියගෙ තවත් හොඳ ගීතයක්...

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ...
හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ...
ඔබ හින හෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගෙ තනි හීනේ...

(Thanx Kaushika for the song. It comes handy on Lankanadclick Tablet HD Quality)

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200586379736471)

“ මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි....“
ජීවත්ව සිටියදී එපා කියල, මැරුණට පස්සෙ ආයෙ තව මොනව බලාපොරොත්තු වෙන්නද.....
නිවන් දකිනකම් සසර ගමනත් එකට යනව කියල හිතාගෙන හිටියට... අන්තිමට එක විනාඩියක් නෑ ජීවිතේ එක්ක ඉන්නෙ... නොඑන්නම අත්හැරදාලා යනවා... ඒක තමා හැටි... හ්ම්

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200566674803860)

දුකට හිත හදපු දර්ශන මහත්තය, Nihalඅයිය, Sudarshanaඅයිය, Subashiniඅක්ක, Vathsala Jeevapaniඅක්ක, ආන්යාවිය, Kaushika, Chamari

මේක කියපු අපේ Dinushඅයියටත්, එකපාරටම හිත හදපු අපෙ Jeewantha අයියටත් පින්...

“යම් දුකක්, තරහක් වගේ දෙයක් ආවොත් ආපහු හැරිලා අතීතයට අයිති ද කියලා හිතල බලන්න. ඊට පස්සෙ හිතන්න අතීතය අයිති දෙයක් කොච්චර දුක් වුනත් වි‍ඳෙව්වත් නොකා නොබී ඇ‍‍ඟෙ කටු ගහගෙන හිටියත් දශමයක් වත් ආපහු හැදෙන්නෙ නෑ නේද කියලා. එහෙම හිතලා එහෙව් දෙයක් ගැන හිතලා වැඩක් නෑ කියලා දැනගෙන හිතෙන් අයින් කරන්න.

ඊළඟට හිතල බලන්න ඒ හැඟීම අනාගතයට අයිතිද කියලා. අනාගතේ වෙලා නැති දෙයක් ගැන කොච්චර හිතුවත් වද වේදනා වින්දත් නිකමටවත් ඒවා අපි හිතන විදියටම වෙනවද කියලා. උදාහරණයක් වශයෙන් හිතන්න මීට අවුරුදු දහයකට කලින් අපි හිතාගෙන විදියට ද දැන් වැඩ සිද්ධ වෙන්නෙ කියලා. එහෙම බැලුවම නැති එකේ තව ඉදිරියට හිතන දේවලුත් අපි නොහිතනම විදියකට වෙයි කියලා හිතලා ඒ අනාගතයට අයිති ගැටෙන්න තියෙන හේතුව හිතෙන් අයින් කරලා දාන්න.

ඊළඟට හිතන්න ඒක බාහිර පුද්ගලයකුට සම්බන්ධ හැඟීමක් ද කියලා. අපිට අපේ හැඟීම් දැනීම්, කරන කියන දේවල් ගැනවත් වග කියන්න බැරි එකේ අනුන් කරන කියන ඒවට වගකියන්න පුලුවන් ද කියලා හිතල බලන්න. අඩු ගානේ මට එන තරහ, දුක, පසුතැවීම මටවත් වලක්ව ගන්න බැරි නම් මම කොහොම ද පිට කෙනෙක්ගෙ හැඟීම් පාලනය කරන්නෙ කියලා හිතන්න.

මේක ප්‍රිය කෙනෙක්ගෙන් වෙන් වීමක් නම් මෙහෙම හිතන්න. පාරෙ යන කෙනෙක් දිහා බලන්න. නැත්නම් මතක් කර ගන්න. ඔය කෙනා සෑහෙන වාරයක් අපේ අම්ම තාත්ත වෙලා ඉන්න ඇති. පෙම්වතා පෙම්වතිය සැමිය බිරිඳ දුව පුතා වෙලා ඉන්න ඇති. ඒ කාලෙ ඒ සමීප නෑකම තියෙද්දි එයා මැරුණම අපි සෑහෙන අඬන්න ඇති. ආපහු සංසාරෙදි හමුවෙන්න පතන්න ඇති. නමුත්; අද අපිට එයාව පාරෙදි පේනවා. එදා තිබුණ හැඟීම අද නෑ. හැම සම්බන්ධ කමක්ම ඔය වගේ අස්ථීරයි කියලා හිතන්න. අද ඒ වෙන් වෙන කෙනත් අනාගතේ භවයක හමුවෙයි. නමුත් කිසිම සම්බන්ධයක් නැති මගියෙක් විදියට. ඒ වගේ තමයි කෙළවරක් නැති සංසාරෙ හැටි.

ඉතින් මේ අපේ සංසාරෙත් එක්ක ගහන ගේම් එකේ දුක්වෙන්න නැතිවෙන්න පසුතැවෙන්න කියලා දේවල් තියෙනව නම් ඒ හැම දෙයක්ම මායාවක් බොරුවක් විතරයි. බලන්න අර ගිය භවයේ නෑදෑය දැන් පාරෙ ගියාට ගානක් නෑ වගේ තමයි. “

ටැග් කරගන්න බැරි උනු උපුල් අයිය, හසන්ති අක්ක, ඉරු සේවය, මධුක මහත්තයවත් මතක් කරන්න ඕන...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200550459958499)

Life Goes 3...

Time wasn't so good. Its nt only a happy but also a relief to be wid U dear Relations..... dnt knw whn we gonna meet again... hmmmm
get well soon Wasitha brother.... T. S !
ඥාතින් සමග හිදින්නට ලැබීම සතුටට සැනසීමට හේතුවකි.... හ්ම්...
මම වැඩ...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200635713089774)

දුක නැති වෙන්න වැඩ ගොඩක් කරන්න කියල හැමෝම කියන නිසා මම වැඩ.....
අද උදේ කළුබෝවිල හොස්පිටල් එකේ, හවස දෙහිවල බිස්නස් ඩිස්කෂන් එකේ. හෙට අපෙ ආත්තම්ම කෙනෙක් නැති වෙලා කළුතර එහේ...
අනිද්දා අපෙ කේන්දර අංකල්ලගෙ ගෙදර රත්ගම යනව...
දුක නැති වෙන්නෙ නැ... කාලය නම් යනවා... ඒකත් හොඳයි... හ්ම්

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200628376266358)

Smile is a grt thing in whole world.... hmmm
මම සාමාන්‍යයෙන් හිනාවෙන්නෙ නෑ කාත් එක්කවත්(මෙතන නෙමෙයි ඇත්තට), ඒක ආඩම්බරකමක් කියල හිතුනත් ඒ හැටි...
ඊයේ Lankanadclick කම්පනියට ගියපු වෙලාවෙ ඉදන් බැටරි චාර්ජ් නිසා මම අද බස් එකේදි ටිකක් ලොකු අයිය කෙනෙක් එක්ක හිනා උනා, ඒ අයිය බහිද්දි බහිනව කියල හිනා වෙලා බැස්ස, කළුබෝවිලදි බොරැල්ලට යන හැටි ඇහුව අංකල් කෙනෙක්ගෙන් හිනා වෙලා. අංකල් මට බස් එක කියල මම කොහුවලට යන්න බස් එකට නැග්ගට පස්සෙත් ආයෙත් ඇවිල්ලා කියනව යන්න ඕන විදිය..( ගෙන්දගම් පොලවෙ එහෙම හොඳ අය ඉන්න එක සතුටක්. මගෙ හිනාවට වඩා එයාලගෙ නියම ගතිගුණ එහෙමයි කියල හිතෙනව)
මාව මහ ඇට්ටර ගල්මූසලයෙක් කියල හිතාගෙන හිටපු අපෙ මනෝරම අයියටත් මම “ජෙනුයින් කොල්ලෙක් “ කියල හිතුනෙ දැක්ක ගමන් හිනා උන හින්ද වෙන්න ඕන...
හිනාවෙ අනුසස්... ගොඩායි... හ්ම්
feeling wonderful
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200626916629868)

Ladies driving..... dangerous...

කාන්තාවන්ගෙ රිය ධාවනය හරිම භයානකයි.... මඩ වලක් ගාව හිටියොත් ගෑණු කෙනෙක් නම් වාහනේ අරගෙන යන්නෙ නෑවෙන්න තමයි වෙන්නෙ මඩින්... යන හැම වෙලාවෙම පරිස්සමින් ඉන්න ඕන...
හැම කාන්තාවගේම ඩ්‍රයිවින් එහෙම වෙන්නැති මම හිතන්නෙ... අපෙ අම්ම ඩ්‍රයිව් කරනවට වඩා මාමා ඩ්‍රයිව් කරද්දි මට සහනයක් තියෙන්නෙ ඒක වෙන්නැති... හ්ම්
Kaushika ට මතක ඇතිනෙ මම කියන කතාව...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200622293034281)

Merline ... Season 4 is on the way..... Things changed... watching Merlin
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200621272368765)



හිත අනන්තයට දුර රැගෙන ගිහින්...
නෙතු පියන් පුරා නුඹ රැවම ඇවිත්...
මුදු සිහිල් පවන් නුඹෙ සුවඳ ගෙනත්...
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්...
සේපාලිකා... සේපාලිකා...සේපාලිකා...

සඳ මණ්ඩලනේ සඳකැන් මැදින්....
නුඹ හැංඟුනා මතකයි සැරයක්...
මුතු වැල් වගේ දිය රැල් දිගේ....
නුඹ දුර ගියා තව එක දවසක්...
සේපාලිකා... සේපාලිකා...සේපාලිකා...

නිල් අම්බරේ හැඬ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්...
හද මන්දිරේ දොරගුල් හරිමින්...
මං පෙම් කලේ නුඹටයි කවදත්....
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200614860608475)

Life Goes on .... 2

අපෙ පොඩි නංගි(නිපුනි/අග්නිධාර) මට මසේජ් කරලා......
හ්ම් අපෙ නංගිට අපෙ සහෝදරකම මතකයි... හ්ම්.....
මොන දේ නැති උනත් සහෝදරකම් නැති වෙන්නෙ නෑ ඒක මම ජිවිතේටත් වඩා හොදින් දන්නව නංගි... හ්ම්......

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200649442192993)

Never Love too much........ just love so much....
අසීමිත ලෙස කවදාවත් ආදරේ කරන්න එපා.... හොඳින් ආදරේ කරන්න.... ඒ ඇති..
Kaduluයි මායි කරපු කතා වලින් තේරුන දෙයක්.... හ්ම්....

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200648995581828)

Titanic Love.... there r less than 1% existing that kinda love stories.... all other depend on facts & move on or break up.... hmmm

ටයිටැනික් ආයෙ බලද්දි හිතෙනව ලෝකෙ ඒ වගේ ආදර කතා 1%ටත් අඩුයි කියල. ජීවිතේට සම්බන්ධ යම් යම් කාරණා ඒකෙත් තිබුන නිසා ආපහු බලපු එක වටිනව, ජීවිතේ දේවල්ම තේරුම් ගන්න...
ආදරය සම්බන්ධව වැදගත්ම සාධක මත ආදරය තීරණය වෙනව, තිබීම හෝ නොතිබීම... කලාතුරකින් එහෙම නොවෙන ආදර කතා තියෙන එකත් හොඳ දෙයක්... නැත්නම් ජීවිතේම එපා වෙනවනේ... හ්ම්...
watching Titanic
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200647139615430)

අපේ පොඩි නංගිව(නිපුනි/අග්නි ධාරා) නිතර මතක් වෙනව... හ්ම්... අවුරුදු 2කට විතර කලින් ඉදල කතාවක් නෑ. මාස 3කට විතර කලින් මසේජ් කරල තිබ්බා “ලොකූ“ කියල.. මට ලොකූ කියන්නෙ 2යි. එක්කෙනක් Thushantha මහත්තයයි දන්න ටීනාවි... අනිත් කෙනා පොඩි නංගි...
කොහොම හරි හොඳින් ඉන්නව කියල හිතනව... රූ සැඳෑව (Ruu sedewa) රූ පවුලට නංගි එකතු වෙන්න කලින් ඉදල මම දන්නවා. රූ වැඩ වලදි නිතර මුණ ගැහුනා.. හ්ම්....

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200641241067970)

Supernatural... hmm seems weird... but interesting...watching Supernatural(https://www.facebook.com/sukumal.harischandra/posts/10200640137280376)

Life goes.... I m fine... 1

Hmm thinking.....watching A Good Day to Die Hard (https://www.facebook.com/sukumal.harischandra/posts/10200655642107987)

Merline 4 Seasons r over..... >>>>

බලාගෙන ගියාම Prince Arthur ඇත්තම ආදරවන්තයෙක්නේ....
මර්ලින් කතාව සාමාන්‍ය විදියට ඒතරම් සාර්ථක නැති බව හිතුනට... නැගීම් වැටීම් එක්ක ජීවිතේ ගැන අවබෝධයක් දෙනව... හ්ම්....
watching Merlin – Official
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200653952465747)

t was grt to be at Colombo University.... among Uni students...
It was a dream to go there as a student.. bt nt bad... hmmm
Miss U Chooty(Suharshi), Amma said I should have meet you with FOOD>>>

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200653543535524)

Awake at 5, walked until 6 30, bathed, Worshiped... and then to fb..
Feel grt...
5ට විතර නැගිටලා 6 30 විතර වෙනකම් ඇවිදලා... නාලා, බුදුන් වැඳල පිරිත් කියල දවස පටන් ගනිද්දි... දවසම ප්‍රබෝධමත්... හ්ම්.....

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200652575391321)

Tuesday, June 11, 2013

I ..............

I just cant bear it... You just dumped me... Ah so much pain...

As Mr.Darshana Karunatileke suggested I began to write down it. Although I don't know how to write, I m doing it. Life is miserable I guess.
I never think you' ll be this cruel and rough. Hmmm....

New love may made you like this. I feel you are enjoying. Bless you....... !

ඔබේ සතුට මගෙ සතුටයි... හ්ම්

“ ඔයාට අමතක වෙලා... ආදරේ කරද්දි කී වතාවක් මම කිව්වද මට වඩා ඔයාව හොඳට බලාගන්න, ඔයාව සතුටෙන් තියන කෙනෙක් හම්බ වෙනව නම් මම සතුටු වෙනවා කියල...
මගෙ ඒ ප්‍රාර්ථනාව දැන් ඉෂ්ඨ වෙලා... ඔයා ඒ දවස් වල මා එක්ක හිත නරක් කරගත්තත් ඒ කතාවට... රණ්ඩු වෙන්න හැදුවත්.... අද හිතනව ඇති කොයිතරම හොඳද ඒක කියල...
මම ඇත්තටම සතුටු වෙනවා... ඔයාගෙ සතුට දැකල... දුක නෑ කියන්න බෑ මම ගලක් නෙමෙයිනේ... දුකක් දැනෙනවා... ඒත් ඒක ලෝකෙ හැටි... සංසාරෙම මෙහෙම තමයි... මේක කෙටි කරගන්න වැඩ කරන එක තමයි කරන්න ඕන... හ්ම් “

Monday, June 10, 2013

මට කලින් තේරුනේ නෑනේ.. හ්ම්

I just did not realize it before. Tiger is used kill his pray by giving so many pains.
I wonder sometimes you do the same to me. Its just ok to be like that if it gives you happy and comfort.
Its my wrath not yours; to all of these things. Hmm....
You can do things very easily... hmm better than me..........
Good Luck for that....

අපොයි ජිවිතේ

ජීවිතේම එපා වෙනව... මම නපුරු උනාට මටත් වඩා නපුරු දරුණු අය ඉන්න බව මම දැනන් හිටියෙ නෑනේ...
මම විඳවත්දි සතුටින් ඉන්න පුලුවන් එකත් ලොකු දෙයක්... සමහරවිට හ්ම් හරි ගිහින් ඇති...
මට බැරි එක ඇත්ත...
මගෙ මෝඩකම.... දිනුෂ් අයිය කියනව වගේ සංසාරෙම මෙහෙම තමයි ඉන්න ඇත්තේ.... එයා සතුටින් පලිගන්න ඇති...
මට උණ එකත් පොඩි හොඳක් කියල හිතුනත් ගේ ඇතුලෙ ඉද්දි දුක වැඩියි.
කමක් නෑ... සතුටින් ඉන්නකෝ....
පව් කරාට විඳවන්නත් එපාය.
කේන්දරෙත් හොඳ නිසා කොහොමත් හොඳට ඉඳීවි.... හ්ම් එහෙම ඉන්න... සතුටුයි මට දුක උනත්....

Friday, June 7, 2013

One whole day

Its a one ....ing whole day without even a word from text or voice. I guess its officially over and done. May be I was wrong, you did not tel me the truth. May be I m just a time passer for you. Damn... hmm it should be.

It hurts a lot, its hard to endure that feeling "Left alone".. I will any ways.