Tweets by @Tweetsbysuku myblog: August 2018

Facebook Fan Page

Tuesday, August 28, 2018

වැරදි වෙලාවක හරි කෙනා එක්ක කරපු...

විගඩං හැමදේම අතර...
සංසාරයෙ පුරැදු ලෙසට...
වැරදි වෙලාවක - හරි කෙනා එක්ක..
පරදින්න කරපු... අපේ ප්‍රේමය...

#ආදරය

Thursday, August 23, 2018

Gym Life - 200 Kg on Extended Leg Press

ජිම් කිව්වාම මම ඒ තරම ජිම් වලට දක්ෂ කෙනෙක් නෙමෙයි. ඒත් මම ඒක තරමක් පිලිවෙලට කලා. දැන් මාස 9කට වැඩියි ජිම් පටන් අරගෙන. දවස් 85කට වඩා ගිහින් තියෙනවා.
මාස 2කට විතර කලින් ඉදන් ප්‍රෝටීන් ෂේක් එක ගත්තා. ඒක ඉතින් ගන්නවා. ඒකෙ ක්‍රියටීන් තියෙනවා. ක්‍රියටීන් වල හැකියාවක් තියෙනවා ශක්තිය දෙන්න.
ඒකද මංදා කොහොම හරි හිතල මාස 2ක් යන්න කලින් 0 ඉදන් කිලෝ 200 පන්නලා එක්ස්ටෙන්ඩඩ් ලෙග් ප්‍රෙස් එක කලා..

මුලින්ම මේකට උවමනාව ආවෙ නංගි කල නිසයි. පස්සෙ නිකමට වගේ කරද්දි මට බයකුත් නොතිබුනාම නෙමෙයි. ජිම් එකේ චරිදු මට කිලෝ 40ක් දාලා කරන්න උදව් කරා. ඒ ගැම්මට පටන් අරගෙන කරගෙන ගියා. මම ජිම් යන්න හේතු වෙච්ච චමුත් දවසක් කිව්වා ඔය තරම අමාරු නෑ හිතල කලොත් කරන්න පුලුවන් කියල. ඒක ඇත්ත වෙන්න ඕන.
ඒ අනුවයි කලේ. අන්තිම දවසේ චරිදු විඩියෝ එක කරද්දි දිල්ෂානි උදව් කලා. සතුටුයි ඉතින් හරියකට ජිම් ඒව කරගන්නෙ නැති මම මේක තරමක් හොදට කරාට. 

Wednesday, August 22, 2018

මෛත්‍රී භාවනාව




මෛත්‍රී භාවනාව කිව්වාම ඉතින් මට මෙච්චර කාලෙකට හරියකට කරගන්න බැරි වෙච්ච භාවනාවක් තමයි ඒක. හේතුව අපිට මෛත්‍රියෙන් යුතුව ඉන්න ලේසි නැති නිසා. කාලයක් තිස්සෙ මට උවමනා වෙලත් තිබුනා, මට භාවනාව ගැන උපදෙස් ලැබුනෙත් මෛත්‍රී භාවනාව කරන්න කියල. බුද්ධානුස්සතියත්, ධම්මානුස්සතියත් තරමක් වඩල තියෙන නිසා මට ඒව තේරුනත් මෛත්‍රී භාවනාවේ උවමනාව දැඩිව තිබුනා.

ඒ අතර තමයි වස් කාලය නිසා පන්සලේ මෛත්‍රී භාවනා වැඩසටහන පටන් ගත්තෙ. සතියේ දවස් 6ක්ම තියෙනවා. මම ඉතින් වැඩි හොදට ඕක රෙකෝඩ් කලා.

මුලින් එකපාරට නොතේරුනත්, මෛත්‍රී භාවනාව වඩනකොට වෙන විපර්යාසය ටිකක් තේරෙනවා ටික දවසක් යද්දි. ඒක මුලින්ම ගෙදරින්ම ලැබෙනවා. දේවල් ගැන වෙනද තරම් දැඩි ඇල්ලීමක් නැතිව නැත්නම් තරහ අඩුවෙන් හිතන්න ටික ටික හුරු වෙනවා. ඒකට හේතු වෙනවා ඇති මෛත්‍රී භාවනාව කරන විදියත්. හාමුදුරුවෝ උපදෙස් දෙන්නෙ ඒ විදියටයි. දවසේ මුණගැහුනු අයට පවා මෛත්‍රී කරන්න, හිත නරක් උනා නම් ඒ ගැන හිතල හදාගන්න කියල දෙනව. ඒවගේම රටටම ලෝකයටම සියලු සත්වයන්ටම මෛත්‍රී කිරීම කියනවා. ගෙදර තුලින් වගේම ආසන්න අත්දැකීම් එක්ක හිතද්දිත් මේ තත්වය සාමාන්‍ය විදියට හොදක් දැනෙන දෙයක් උනා. සමහරවිට මගේ මෛත්‍රිය ගෙදර අයට දැනෙනවා ඇති. මටත් වෙනදට වඩා දේවල් ගැන උපේක්ෂාවක් තියෙනවා.

පහුගිය දවසක වැඩියෙන්ම ප්‍රේම කල කෙනාට, “ අපි කොහේ හිටියාම මොකද“ කියල ලියවෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.
ආදරයක් තිබිලා නැති උනාම ආදරේ වගේම ඒකෙ අනිත් පැත්ත ද්වේෂය - වෛරය තරමක් හරි තියෙනවා වේදනාව එක්ක. නමුත් දැන් නම් ඒ තත්වය සෑහෙන්න අඩුයි හිතේ. නෑ කියල කියන්න බැහැ. නමුත් එහෙම හිතෙනවා දැනෙනවා. අඩු තරමින් ආදරේ කල කාලේ හරි සතුටින් හිටියා ඒකම ලොකු දෙයක් කියල තේරෙනවා. අනික ආයෙ අපි සංසාරේ මුණගැහෙන්නෙත් නැති නිසා මොකටද හිත නරක් කරගෙන ඉන්නෙ කියලත් හිතෙනව..

ඕන කෙනෙක්ට කරන්න පුලුවන් නම් වඩා හොද දෙයක් තමයි මෛත්‍රී භාවනාව. කාටහරි උවමනා නම් මට කියන්න (sukumalaya@gmail.com) මම එවන්නම්.
තව දෙයක් කරණීයමෙත්ත සූත්‍රය ගැනත් කියනවා වගේම අපි අහනවා. ඒකේ සම්පූර්ණ තියෙන්නෙ මෙත් වැඩිම ගැනයි. බුදු හාමුදුරුවො දේශනා කල දෙයක්ම නිසා ඒකෙත් අවසානයේ කියනවා  මෛත්‍රිය තුලින් දෘෂ්ටි වලින් මිදෙනකෙනා නිවනටත් හැකියාව ලබනවා කියල... ඇත්ත වෙන්න පුලුවන් හ්ම්...


https://www.youtube.com/watch?v=-YIqCHVlGfc

Monday, August 20, 2018

“ පර උනා මං... අනේ අපෙ අම්මේ.... “


මනෝරී කෞෂි දිසානායක අක්කා විසින් රචිත ගීතයකි.

සුභාවිත සංගීතය වඩා ප්‍රචලිත විය යුතු රටක ඒ වටිනාකම මැනවින් තේරුම් යන්නකි..

Sunday, August 19, 2018

නුඹ - මම - අපි කොහේ හිටියාම මොකද..


අහම්බෙන් කවි ලියවෙන්නෙ නොහිතුව විදියට හීනෙන් දැක්ක නිසයි...
නින්දෙදි හීන කලාතුරකින් දකින මට, නුඹව හීනෙන් දැකීම මාස ගානකට පස්සෙ - ඒක විශේෂයි....
ජිවිතේ මතක ඇති කාලෙකට වැඩියෙන්ම කරපු ආදරේ අදටත් නුඹම තමයි..
කොහොම උනත්, කාලය එක්කත්, මම දැන් කරන මෛත්‍රී භාවනාව විශේෂයෙනුත්, අනිත් භාවනා නිසාත්.. මගේ හිතේ උපේක්ෂාවට සෑහෙන තැනක් තියෙනවා...

නුඹ එක්ක අහිතක් නැත. කණගාටුවක් නැත්තේද නැත. නමුත් දරාගත හැකිය...
සංසාරේ ආයෙ අපි මුණ නොගැහෙන නිසාත්, අපි ආදරය කල කාලෙ හොදින්ම ආදරේ කල නිසාත්... සංසාරගත කතා ගැන හිතුවත් අපි හොදින් ආදරේ කල නිසාත්..... දුක් වෙන්නට කාරණා අල්පය..
කවදමහරි වෙන් වෙන්න වෙනවනේ... නුඹ මට කිව්වා දවසක් මට මතකයි..
නුඹේ නිවන් ගමනේ ප්‍රාර්ථනාව මගේ ප්‍රාර්ථනාවට වඩා වෙනස් නිසා කොහොමත් ලොකු දුරක් එකට යන්න වෙන්නෙ නෑ ඉතින් හ්ම්...

( කවිය බලපු අයගේ උපදෙස් අනුව වෙනස් නොකර අමුවටම මේකෙ දැම්මා )

#ex #ජිවිතේ #ආදරේ #නුඹ #මම #අපි #ඔබ #ආදරය #ලෝකය #සංසාරය

Friday, August 17, 2018

මේ කාලෙ බණ හරි සුලබයි. ධර්මයත් එහෙම වෙලා.. ඉස්සර මිනිසුන්ට බණ අහන්න නිතරම ලැබුනෙ නෑ. දැන් ටීවි එකේ රේඩියෝ එකේ නිතරම බණ. මටත් ඉන්ටනෙට් අන්ලිමිටඩ් නිසා ඕනෑම බණක් අහන්න පුලුවන්.

හැබැයි මිනිස්සු ඒව ඇහුවට ඒව තේරුම් ගන්නෙවත්, අවබෝධයට ගන්නෙවත් නෑ තමයි, ඒත් බණ තියෙනවා. ගොඩක් අය අැත්තටම ඉන්නෙ තේරුමක් නැතිව. සමහරවිට පන්සලට යන්නෙත් තමන්ගෙ ලොකුකම්, වටිනාකම් ප්‍රදර්ශනය කරන්න.

මම පහුගිය කාලේ වැඩිපුර ඇහුවෙ,‍ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - Maha Rahathun Wedi Maga Osse හාමුදුරුවන්ගෙ බණ. ඒ බණ බොහෝම පිලිගත හැකියි කියල කල්පනා කරද්දි තේරෙනවා.
සරලව කියන්නෙ, පවින් මිදෙන්න. අකුසලයේ බරපතලකම කියල දෙනව. ඊටපස්සෙ කියල දෙනව, පින් කරන්න, කුසල් කරන්න කියල. කුසලයේ විපාකත් කියල දෙනව. නමුත් කුසල් - අකුසල් 2ම කවදමහරි ඉවර වෙනව... ඒනිසා කුසලයත් අනිත්‍ය බව හිතන්න, විදර්ශනාවෙන් දැකලා නිවන් මග සකසා ගන්න..
ඒවගේමයි උන්වහන්සේ කියනවා දෙවිවරු ගැන - දේවතානුස්සතිය. ඒක කලත්, දෙවිවරු පිදුවත් පින් ලැබෙනවා. දිව්‍ය ලෝකෙ යන්න පුලුවන්. හැබැයි ඒවත් කවදහරි අවසන් වෙන කුසල් විපාක බව.

- ඒ අනුව හිතුවාම බොහෝම පිලිගත හැකියි. එක තැනක කියනවා, සිද්ධාර්ථ බෝධිසත්වයන් දුෂ්කර ක්‍රියා කරන කාලෙ, මාර්ග ඵල ලාභි දෙවිවරු වැඩ ඉන්න නෑ, ඒ දෙවිවරු ඊටකලින් බුද්ධ ශාසනය අවසාන වෙනව එක්කම නිවන් අවබෝධ කරගන්න ඇති කියල. නැත්නම් බෝධිසත්වයන්ට ඒක කියාවි දුෂ්කර ක්‍රියාවෙන් නෙමෙයි මැදුම් පිලිවෙත අනුගමනය කල යුතු කියල. ඒ කාරණය විතරක් පිලිගන්න බැරි හේතු තියෙනවා. නමුත් උන්වහන්සේ දක්වන තර්කයන් පිලිගත හැකියි.

* අපි තේරුම් ගත යුතු දේ තමයි, සියල්ල දන්නෙ බුදුවරයෙක් පමණක් කියන කාරණය. ඒ ඒ සත්වයන්ට ධර්මාවබෝධය එන
විදිය (චේතෝපරිය ඥානය), කර්මානුරූපිව ඒ ඒ සත්ව ලෝක වලින් චුත වීම ( චුතු පපාත ඥානය) කියන කාරණා හරියටම තියෙන්නෙ බුදුවරයෙක්ටම විතරයි.
- රහතුන්වහන්සේලාගේත් අවබෝධය විවිධාකාරයි. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර උනාට, ඍද්ධියෙන් අග්‍ර උනේ මුගලන් මහරහතන්වහන්සේ. දාන වේලවත් හරියට නොලැබුනු ලෝකුස හාමුදුරුවො රහත් වෙනවා. “ අසදිස මහ දන“ (බුද්ධ ශාසනයක එක්වරක් කරන) දානය දුන්නු කෝසල මල්ලිකාව, සතියකට දුගතියට යනව වගේම, ඒකට මුල් වෙච්ච කොසොල් මහරජ අපායෙ යනව.
සියල්ල විවිධාකාරයි.
එනිසා අහන බණ අහලා, තමන්ගෙ නුවණින් තේරුම් ගන්න උවමනයි. අවබෝධයත් ඒ අනුව ජිවිතයත්.

- එක්තරා අසපු ක්‍රමයක, හාමුදුරු කෙනෙක් ඍජුවම රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ට චෝදනා කරනව විඩියෝවක දැක්කා. ඒක මගේ දැනුම නම් නිවරදි නැහැ.
ඇත්ත කියන්න ඕන කියලයි කියන්නෙ, ඇත්ත කිව්වොත්, ඒ කියන අයගේ ප්‍රාර්ථනය දැන් වගේම දහමට විරුද්ධව දහම වගේ පේන්න වැඩ කරලා, එක්තරා බුද්ධ ශාසනයක දෙව්දත් පිරිසගේ භූමිකාව කරන්නත්, ඊටපසුව අපාගාමි වෙන්නටත් තමයි ඉතින්..
- උගත්කම - ධනය වටින දේවල් තමයි. හැබැයි ඒව මත ධර්ම ඥානය - අවබෝධය ලැබෙන්නෙ නැත. පොෂ් බෞද්ධයන් වෙන්නට හිතුවාට එතනදි වෙන නියම කුසලයක්ද, සසර කෙටි කර ගැනීමක්ද නැත. අවසානයේ සසර තවත් දික් වෙන්නට සතර අපායටම යනවා පමණය...

#augusttsh2018 #maharahathunwedimagaosse #srilanka

Thursday, August 9, 2018

“ කියවලා ඉන්න “

- පොත කියෙව්වාට පව් නොපිරේ ( පොත තවම නොකියෙව්වේ ඒ කියා ඇති සමහර කරුණු අමුවටම සමහරවිටෙක අශිෂ්ටව කියා ඇති බවක් හිතෙන නිසාය).

මම හැදුනෙ වැඩුනේ අපේ ශාසනයට බොහෝම ගරු කරන, ශාසනය රැකගන්න වැඩ කරපු ඒව දැකපු, ශ්‍රද්ධාව ගැන අදහසක් තියෙන තරමක් සාම්ප්‍රදායිකත් වෙන පරිසරයක. පාරම්පරිකවම බෞද්ධකම ගෙනාපු පවුලක. මගෙ සීයා කහදූව පුරාණ විහාරයේ ප්‍රධාන දායකය දශක ගණනාවක්. ආරණ්‍ය සම්ප්‍රදාය පටන් ගත්ත ශ්‍යාමෝපාලි නිකායේ මූලස්ථානය වෙච්ච වතුරුවිල ආරණ්‍යයෙත් අවුරුදු 10ක් විතර ප්‍රධාන දායකය වෙලා ඉදල තියෙනව. ගම් වල ආභාෂය එක්ක අපි දන්නවා කොහොමද පන්සලට, හාමුදුරුවන්ට ගරු කරන්නෙ කියල. ඒනිසාම ඉස්කෝලෙ කාලෙත් බෞද්ධ සංගමයේ වගකීම් සෑහෙන්න දරල තියෙනව.

දැන් කතාවට,
* අවුරුදු 7-8කට කලින් ඉතිහාසයේ රූ සැඳෑව 2011 තිබ්බා. ෆේස්බුක් එකේ මුණගැහුනු අපි කීපදෙනෙක් කුරුණගෑලදි මුණගැහුනා. හැමෝම මට අයියල. අපි බොහොම සතුටු උනු දවසක්. අදහස් හුවමාරු කරගත්ත සෑහෙන දෙයක් තේරුන දවසක්.
ඒ අතරෙදි පරිකල්පන ශක්තිය බොහෝම දියුණු අයිය කෙනෙක්ගෙ කතාවක තිබුනු දෙයක් මට සැරට දැනුනා. ඒ අයියගෙ ඒ වෙලාවෙ අදහස තමයි(තාමත් ඒ අදහස තියේද දන්නෙ නෑ), බුදුන්වහන්සේව තරුණ කාලයෙදි නිගණ්ඨයෝ මරල තියෙනවා, ඒනිසා තමයි බුදු පිළිම වල වයසට ගියපු රූප එක්ක බුදු පිළිම නැත්තේ කියල.
- ඇත්තටම මට ඒක ඇහුනට පස්සෙ, පපුවට උලකින් ඇන්න වගේ දැනුනා. බොහෝම ලොකු පීඩනයක් හිරවීමක් තිබුනා. ඒ පපුව හිරවීම පහුවෙනිදටත් තිබ්බා. ආයෙ මාව පානදුරට එක්කගෙන ආවෙ කලින් වගේම එක්කගෙන ගියෙත් අපෙ Chandana අයිය. ඉතින් මම එනගමන් අපි ගොඩක් අදහස් හුවමාරු කරගන්න ගමන් මට තියෙන අවුල කිව්වා.
එතකොට #චන්දන අයිය කිව්වා මල්ලි ඒක ඒ අයියගෙ අදහස. එච්චරයි. කලබල වෙන්න එපා කියල.
එතකොටයි මම තේරැම් ගත්තෙ...

දැන් මම එන්නෙ මේ නමින් තියෙන පොත ගැන. ඒ පොතට හේතු භූත වගේම බොහෝමයක් කාරණා අපි දැඩිව ඇලිලා හිරවෙලා ඉන්න සමහර කාරණා වලට ලොකු පහරක්. අමූලික ශ්‍රද්ධාවක ඉන්නව නම්, එහෙම නැත්නම් වෙන අය මරලා බුදු දහම රැකගන්න පුුලුවන් කියල කවුරුහරි හිතනව නම් එහෙම අයට බොහෝම දරුණුවට රිදෙන සහ පහර ගහන දෙයක් වෙන්න පුලුවනි.
- ඇත්ත, නම ඉදන් සමහරක් කාරණා බොහොම අශිෂ්ට විදියක් හිතෙනව. මට පොත කියවන්න නොහිතුනෙත් ඒ නිසයි. ඊටත් වඩා මට හිතෙනවා, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය තරමක් වඩන මට, බුදුන්වහන්සේ කල්ප ගණනාවක් ලෝක සත්වයා දුකින් මුදවන්න කරපු කැපකිරීම් විශ්වාස කරන මට මට, මේ වගේ පොතක් කියවන්න කාලය නාස්ති කරන්නෙ මොකද කියලත්..

* හැබැයි සමහර කාරණා අපිට හිතන්න දීපුව, යක්කුන්ගෙන් වැඩ ගත්තා වගේම බුදුන්ගෙනුත් වැඩ ගන්න හිතුවා, ඒවට අහුනොවි බුදු හාමුදුරුවො නිවන් ගිය බව වගේ කාරණා ගැඹුරින් හිතල දෙයක් තේරුම් ගන්නත් තියෙන දෙයක්. සරලවම මාකටින් උපරිමයි පොතේ - මට හිතෙන්නෙ.
පහුගිය කාලේ මතයක් හැදුවා දෙවිවරුත් බුදුනුත්, පන්සලත් හැමදේම පූජා වට්ටියට, සල්ලි වලට, පිරිකර වලට යටයි කියල අදහසක්. නමුත් ඇත්තම කාරණය දෙවිවරුවත් දහමවත් ඒවට යටත් නෑ. ඒව කරලා ප්‍රදර්ශනකාමි පින් කරන අයට ලැබෙන පිනත් අඩුයි. හිත හැදෙන්නෙත් නෑ.

* බෞද්ධකම කියන්නෙ හැමදේම බොහෝම සහනදායිව දකින එක.
● මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්ව පොතක් තියෙනවා “ සිංහල ලකුණ“ කියල. ඒකෙ පැහැදිලිව කියවෙනවා, බුදු දහම නිසා සිංහල අපි කොයිතරම ශිෂ්ටසම්පන්න වගේම සතුන්ට පවා ගරු කරපු ජාතියක් වෙච්ච හැටි.
● රජකමට 2 වන යුද්ධයෙදි තිස්ස කුමාරය පැරදිලා දෙමටමල් විහාරයට ගිහින්, “ස්වාමිනි මා ගලවා ගත මැනවැයි “ කියල පන්සලේ ඇදක් යටට රිංගනවා. ගැමුණු කුමාරයා ඇවිල්ලා නායක හාමුදුරුවන්ගෙන් අහනවා, “ තිස්සයා ආවාද ස්වාමීනි “.
බොරු කියන්න අකමැති හාමුදුරුවො පිලිතුරු දෙනවා, “ තිස්සයා ඇදෙහි නැත.“
ඒක තේරුම් ගත්ත ගැමුණු කුමාරය, මුරකාවල් දාලා පන්සල වටේ රැකගෙන ඉන්නවා. කරන්න දෙයක් නැති තැන අපවත් වෙච්ච හාමුදුරු නමක් වගේ, ඇදක තියලා සිවුරකින් වහලා හාමුදුරුවරු 4 නමක් ගෙනියනවා.
ගැමුණු කුමාරයට පුලුවන්කම තියෙනවා, තිස්ස මල්ලිව අල්ලන්න. නමුත් ඒ කිසිදෙයක් නොකර, “ තිස්ස, කුල දේවතාවුන් පිටින් යෑම අපට තරම් නොවෙයි, කුල දේවතාවුන් කල උපකාරය මතු සිහි කරව“ කියල යනවා. අල්ලන්නෙ නැතිව. ඒකයි දෙන ගෞරවය - මහාවංශය
ගැමුණු කුමාරයට පස්සෙ රජ වෙන තිස්ස කුමාරය, හොද වැඩ නිසාම සද්ධාතිස්ස වෙනව.

මේ පොතේ නම ගැටළුසහගතයි. එනිසා අදාල විදියට නීතියට අනුව කටයුතු කරන්න පුලුවනි.

● ඒ ඇර බොහොම අශිෂ්ට විදියට බණින එක, පෝස්ට් හදන එක තුලින් වෙන්නෙ, පොතේ කතෘට මාකටින් නිකම්ම කරදීමක්. අඩු තරමින් පොත කියවල විවේචන කරා නම් හරි..
ඔය මොනව කිව්වත් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න කාටවත් බෑ. අපහාස සිතින් කරා නම්, ඒ අය අනිවාර්ය සංසාරේ කවදහම හරි දරුණුවට විපාක විඳිවි.




Tuesday, August 7, 2018

“ බුදුන්ගේ රස්තියාදුව “

පොතක් ගැන මේ දවස් වල සෑහෙන කතාවක් යනවා. පොත ලියපු කෙනත්, නිරාගමික අදහස් වලින් ඉන්න කෙනෙක්ද කියලත් හිතිල තියෙනව.
මම පොත කියෙව්වෙ නෑ, පොතේ පිටිපස්සෙ කියල තියෙන දේ විතරක් කියවල තියෙනවා. නම ගැන හිතේ අවුලක් තියෙනවා. බුදුන්වහන්සේට සම්බන්ධ කරලා එහෙම කියන එක කොයිතරම හරිද කියල.
ඒ හිතද්දි මතකෙට එනවා ඒ කාලේ ලොකුම විප්ලවය කලේ බුදු හාමුදුරුවො බව..
නමත් එක්ක මාකටින් උවමනාවකුත් පේනවා. ඒවගේමයි ලියපු කෙනාගේ අදහස සහ ලියපු සමහර ආකාරයන් අනුව, බුදුන්වහන්සේට ඒ තරම ගරුත්වයකුත් පේන්නෙ නැහැ.
නමුත් පිටිපස්සෙ කවරයෙ ලියල තියෙන සමහර දේවල් අනුව නම් ඒ කියපු කාරණා වැරදි කියල කියන්න බැහැ. පිරිත, පිරිත් නූල සහ පූජා වට්ටි යනාදිය ගැන අන්ධ විශ්වාසයක් සමාජයේ තියෙනවා. ඒව කරන්නෙත් වෙනත් පින්කම් කරන්නෙත් බොහෝවිට ප්‍රදර්ශනයට. පිරිත - පිරිත් නූල ආරක්ෂාව - සහනය දෙන බව අත්දැකීමෙන් දන්නවා. නමුත් ඒව විතරක් නෙමෙයි බුදු දහම කියන්නෙ.
බුදු දහම කියන්නෙ ජීවන දර්ශනයක්. ඒක බෞද්ධයන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. තුන් ලෝකෙටම අයිති දහමක්. හැම කාලයටම අයිති දහමක්..
බුදු හාමුදුරුවො අද වැඩ හිටිය නම් ඔය පොත දැකල උන්වහන්සේ කිසිම කලබලයක් නොවෙන බව විශ්වාසයි. පොත ලියපු කෙනාගේ ශ්‍රද්ධාව නැතිනම් ඒක ඒ කෙනාගේ අවුලක් මිසක්, බුදුන්වහන්සේගේ අවුලක් නෙමෙයි.
අපේ ගොඩක් අය බුදු දහම රකින්න නම් සෑහෙන්න කැමති. නමුත් බුදු දහමේ මාර්ගය පිලිපදින්නෙ නැතිව. ඔය පොත ලියපු කෙනා වරදක් කරගෙන නම් ඒක එයාට තියේවි. ලියපු කෙනා අපහාස වෙන විදියට ලියල නම් ඒකට අනුව නීතියෙන් වැඩ කරන්න පුලුවන්. ඒක හිතල කලබල වෙලා තරහ අරගෙන ඒක අල්ලගෙන අකුසල් කරගන්න එක මෝඩකමක්.
බුදුන්වහන්සේ කියපු මාර්ගයේ නැතිව වෙන වෙන ඒවට ගිහින් අන්තිමට සංසාරේ දික් කරගෙන දුක් විඳින්නත් හේතු වෙන්න පුලුවනි..

Saturday, August 4, 2018

කලකට පෙර ලියූවක්..

සඳ නිදන තුරු...
තරු නිදන තුරු...
රැය එළිවන තුරු...
සිටින්නම්...

ඔබේ නළලට ...
තබා දෙතොලම...
හාදු දෙන්නට...
පතන්නම්...

විඳින්නට මිස...
විඳවන්න නොව...
පෙමක් ඇත්තේ...
රැකගත යුතු උවත්...

Thursday, August 2, 2018

Accounting - Commerce Class !





- උසස්පෙළ ළමුන්ට ව්‍යාපාර අධ්‍යනය ( Business Studies)
- සාමාන්‍ය පෙල ළමුන්ට ව්‍යාපාර අධ්‍යනය (Business Studies) හා ගිණුම්කරණය ( Accounting ) 

විෂය ධාරාවට අදාලව දැනුම ලබාදෙමින් සරලව අධ්‍යයනයට පහසු වන ආකාරයට පාඩම් කියාදෙනු ලැබේ.
ප්‍රශ්න පත්‍ර ඉලක්කගතව සිදු කරන වැඩිදුර අධ්‍යයනය සහ සාකච්ඡාවන්. බොහෝ දේ මතක තියාගන්නා හැටි, අවශ්‍ය පරිදි දැනුම හැසිරවීම, ප්‍රශ්න පත්‍ර වලට නිසි වෙලාවට පිලිතුරු සැපයීම යනාදිය සහිතව සිදු කරනු ලැබේ.

කොළඹ සරසවියේ කළමනාකරණ පීඨ සිසුවෙක් නිවසට පැමිණ උගන්වනු ලැබේ.

කණ්ඩායම් පන්ති හෝ තනි තනිව -

විමසීම් - 0715823444