Tweets by @Tweetsbysuku myblog: September 2019

Facebook Fan Page

Thursday, September 12, 2019

Video Leak

අපේ රටේ හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැත. දෙමාපියන් - වැඩිහිටියන් බොහෝමයක් ඒ ගැන කතා කරන්නටත් බය වෙති.
හැබැයි ලිංගික කටයුතු නිසා දරුවන් නොහැදෙනවාද ? ඒක වෙනවාය..

- ඉස්කෝලෙදිද ඕවා හරියට උගන්වන්නේ නැත.
අපි උසස් පෙල කරන කාලයේ අපේ ජීව විද්‍යා ගුරුතුමිය අපට “ ප්‍රජනනය“ පාඩම ඉගැන්වූයේ නැත. එහෙව් රටකි මෙය !!!

- එහෙම රටක, ලිංගික අසහනය විශේෂයෙන් තිබෙන දෙයකි.

- මනුස්සයන් විදියට හිතනකොට ඕන කෙනෙකුට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්නට අයිතියක් තියෙනවා විය යුතුය. නමුත් වයස 18ට අඩු නම් නීතියට අනුව වරදකි..
ඔතන මූලික ගැටළුව, ඒවා වීඩියෝ කිරීමය.. ඉන්පසුව රටටම කොයි කාලෙක හෝ මේක ආවාට පසුව විවිධාකාර නොසිතූ අපහසුතා වලට මුහුන දීමට සිදු වීමයි..

- කාට උනත් වරදින්නට පුලුවන්ය.. නොවැරදී හරි ගිය මිනිසුන් ලෝකයේ නැත.

“ ලෙඩක් හැදුනාම, ලෙඩේට බෙහෙත් නොසොයා, ලෙඩා මරණ ක්‍රමය අපි දැන්වත් නතර කල යුතුමය... “

- Thivantha Harischandra 


වල්පොල රාහුල පදනමේදී අද Galkande Dhammananda හිමියන් මුණගැහුනා. උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානීද වනවා.

● උන්වහන්සේ සමග රටට වැදගත් සහ තත්වයන් ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නට හැකියාව ලැබුනා. විශේෂයෙන් භික්ෂුන්වහන්සේගේ කාර්යභාරය ගැන මට අවබෝධයක් ලැබුනා. ඒවගේම භික්ෂූන්වහන්සේ කෙනෙක් කියන්නෙ ඉතාම දැන උගත්, බුද්ධිමත් කෙනෙක් වීමේ වැදගත්කමත් රටටත් අදාලව තේරුම් ගියා..

- රට තුල දේශපාලන අරමුණු මූලික කරගනිමින් පවතින ජාතිවාදයත් ඒ හා බැදුනු කාරණා ගැනත් මම හිතේ තියාගෙන ඇහුවත්, උන්වහන්සේ ඒවාට පිලිතුරු දුන්නේ ඒ අර්ථයන්ගෙන් නෙමෙයි. අපේ හිතේ තියෙන දේශපාලනමය අදහස් වලට විරුද්ධව හෝ පක්ෂව උන්වහන්සේ අදහස් දැක්වූයේ නෑ. භික්ෂූන්වහන්සේ නමකගේ ඉතාම වැදගත් දෙයක් විදියට මම ඒක හිතනවා.

- විශේෂයෙන් ජානමය පදනමත්, ජාතිකවාදයන්, ජාතිවාදයන් කියන කාරණා ගැනත් බොහෝම නිදහස්ව වගේම සහනශීලිව උන්වහන්සේ අදහස් පල කලා. ඒවගේම වැදගත් දෙයක් විදියට, අපේ උතුරේ සහ ලංකාවේ දෙමල බොහෝම අය, ඉන්දියාවේ දෙමල අයට වඩා සිංහල අයට ජාන විද්‍යාත්මකව ලං වී ඇති බවත්, ලංකාවේ සිංහල අය, උතුරු ඉන්දියාවට නොව දකුණු ඉන්දියාවට වැඩි සබදතාවයක් ඇති බවත් විශ්ව විද්‍යාලයක කල පරීක්ෂණයක ප්‍රතිඵල විදියට නිකුත්ව ඇති බවත් උන්වහන්සේ වදාලා.

● රට ජාතිය වෙනුවෙන්, විශේෂයෙන් හොද රටක් අපේ රටේ ඉන්න හැමෝටම ඇති කරන්නට, භික්ෂූන්වහන්සේගේ ඉතිහාසගත කාර්ය විය යුත්තේ දේශපාලන අතකොලු නොවී බුදුන්වහන්සේ වදාල ගමනේ යමින් කියල මට ආයෙත් තේරුනා - හිතුනා... හ්ම්...

තවද, නිදහස් අධ්‍යාපනය ලංකාවට ලබාදීමේදී කන්නන්ගර මහතා විසින් කරනු ලැබූ යෝජනාව වසර 3ක් දක්වා සභාවේ කතා නොවුනු බවත්, එවකට විද්‍යාලංකාර පිරිවෙන මූලිකව රට පුරා ඒ වෙනුවෙන් ජන මතයක් ඇති කල බවත් ඒ අනුව වැදගත් වන්නේ ඒ අනුව සිතීම සහ කටයුතු කිරීම බවත් පැහැදිලි උනා..

#tshsep2019

Friday, September 6, 2019

පරණ මතකයන්.. ආයෙත් මතක් කල ගීතයක්...

                                       
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...
ඔබ එන මග මා පවන් සැලී...
පෙර දිනයක අප හමු වූ තැන හිඳ...
වෙන්වන්නට මුණගැසෙමු යළි ...//

වෙරලේ හැපෙනා දළ රළ අතරේ..
මුමුණයි හෙමිහිට අපේ කථා...
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්,
සුදු වැලි මුමුණයි අපේ කතා...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය...
නැති ලෙස හදවත හඬා වැටේ...
එනමුදු අප පෙම් කතාව නිම වී...
සමුගන්නම් අද තරහ නොවී.....

-
නැසී ගිය ගායක - ප්‍රින්ස් උදය ප්‍රියන්ත මුල් ගායනය...

#weralakonakahida #princeudayapriyantha #lka



Wednesday, September 4, 2019

“ අපිරිසිදු බඳුනකට දිගටම පිරිසිදු වතුර වත් කරන්න. එවිට එම ජල බඳුන පිරිසිදු වේවි “ - බුදුන්වහන්සේ

දැන් Trend එක රට හදන, වැරදි කරන අයගේ වැරදි පෙන්වන එක !

● එහෙම ඒවා වෝල් එකේ, කවි - සිංදු - කතා හැමදේම තියෙනවා දැන්. රට හදන කතා කියන්නයි, රට කරවන අයට බණින්නයි නම් බොහෝම අය ඉන්නවා. හැබැයි ඒ අතිබහුතරය ඇත්තටම ඒ අදහස් තමන්ට අනුගත කරගන්නවාද කියන එක ප්‍රශ්නයක්...
එහෙම කියවන සමහර අය තමන්ට උවමනාවක් ආවාම, දේශපාලන උදව් ගන්න උත්සහ කරන අවස්ථා ඕන තරම් අත්දැකීමෙන් අපි දන්නවා. හැබැයි වෝල් එකේ එක දිගට දේශපාලකයන්ට බණිනවා, හරියට තමන් හරි දේ විතරක්ම කරන පරමාදර්ශී චරිත වගේ....
( ඒ අයගේ බොරු මවාපෑමයි, ඇත්තයි අතර වෙනස හිතද්දි, ඊට වඩා හොදයි දේශපාලකයන්ට කඩේ යන අය කියල හිතෙනවා)

● තව සමහර අය system එක වෙනස් කරන්න කතා කරනවා. ඒ සම්බන්ධව project කරනවා. ඒවට එයාලට හොදට ගෙවීමුත් ලැබෙනවා. හැබැයි පටන්ගන්නෙම මේක හරියාවිද දන්නෙ නෑ කියන වචන වලින්. අපි ජරාජීර්ණ වෙච්ච පක්ෂ දේශපාලනය තුල උනත් වැඩ කරන්නෙ රටට හොදක් කරන්න පුලුවන් සහ හරියනවා කියන අදහසේ ඉදන්. ඉතින් තේරෙනවා අර විදියට කරන එක රට ගැන නෙමෙයි, ලැබෙන ගාන අනුව කරන දෙයක් කියල..

● විදේශගතව ඉන්න ගොඩක් අය ඉන්නවා. එයාලට ලංකාවෙ ඉද්දිට වඩා රට ගැන ඇත්ත හැඟීමක් කැක්කුමක් දැන් තියෙනවා. ඒක දැනෙනවා. ඉතින් එයාල ඒ වෙනුවෙන් විවිධාකාර වැඩ කරනවා. හැබැයි එයාලට රට ගැන ලැබෙන තොරතුරු එක්කෝ වෙබ් අඩවි වලින් විතරක් ලැබෙනවා. නැත්නම් අදුනන යම් පිරිසක් විතරක් කියනව. එනිසාම හරිම දේ ලැබෙන්නෙ නෑ. ඉතින් හිතාගෙන ඉන්න දේයි, ඇත්තයි අතර වෙනස රට දියුණු කරන්න බාධාවක් වෙනවා.

● ඔය හැමදේම අතර, යුද්ධය අවසන් කිරීම මහින්ද රාජපක්ෂ මහතා කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු පනත, මාධ්‍ය නිදහස වගේ ඒවයෙදි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත්, ඊලගට රට ඉදිරියට ගෙනියන එක ඊලග ජනාධිපතිවරයා කරාවිය අදට වඩා හොද කාලයක් 2025දී රටටම තියේවිය කියල හිතාගෙන මාත් ඉන්නවා..

#lka #tshaug2019 #srilanka #slpoltics #slppl