Tweets by @Tweetsbysuku myblog: April 2020

Facebook Fan Page

Monday, April 27, 2020

ආණ්ඩුවට 3/3ම ෂුවර් - හැබැයි Fail

ආණ්ඩුව අතිශයින් අසාර්ථක වී ඇත්තේ, මුල් කාලයේ අඩුවෙන් පරීක්ෂණ කර දැන් වැඩියෙන් පරීක්ෂණ කරන අතරතුරදී වැඩියෙන් රෝගීන් හමුවීමෙන් පමණක් නොවේ.

පසුගිය රජයේ (මූලිකව එවකට ජනපති සහ ආරක්ෂක ඇමති මෙන්ම වත්මන් බලය දරණ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ සභාපති), වැරදි සහ නොසැලකිලිමත්කම නිසා සිදුවූ පාස්කු ප්‍රහාරය හමුවේ එවකට විපක්ෂය - අද ආණ්ඩුව හැසිරුන හැටි අපට හොදට මතකය.
නමුත් ඇති ගැටළුව අද මෙතරම් ගැටළු තිබියදී ඔවුන්ගේ මූලික උවමනාව ඡන්දයකට යෑම වීමය. එයට මූලිකව හේතුවිය හැක්කේ දැනට පවතින ආර්ථික අර්බුදය උග්‍ර වූ පසු ආණ්ඩුවට අවාසිදායක වීම යැයි සිතේ.

● මුලින්ම රට විරුවන් ලෙස හැඳින්වූ විදේශගත අයට අපහාසය ආණ්ඩුවට ලැදි පිරිස් වලින් කෙරින.
දැන් එම තත්වය රණවිරුවන් දෙසටද හැරී ඇත. ආණ්ඩුවට පක්ෂව ප්‍රචාරණය කරන පිරිස් සහ, මූලිකව කටයුතු කරන පෞද්ගලික නාලිකා 2ද ප්‍රධානව නාවික හමුදා සෙබලුන්ට කරන අපහාසය සුළුපටු නැත.
නාවික හමුදා සෙබලාගේ ගමන් බිමන් සීසිටිවි වල පෙන්වන්නේ, හොරෙකුට, ත්‍රස්තවාදියෙකුට කරන අයුරිනි.
නාවික හමුදා සෙබලා රෝගයට ගොදුරු වන්නේ නොදැනුවත්ව හෝ ආසාවෙන් නොව, තමන්ගේ වගකීම ඉටු කිරීමට නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් සහ ඇදුම් පැලදුම් නොලැබීමෙන් බව අපට වටහාගත හැක.


පවතින තත්වය අනුව, 3/3ම ගැනීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට තියෙනවා.

- උදය ගම්මන්පිල කිව්වලු, ලංකාවෙ වගේ ආධාර දෙන්නෙ නෑ කියල කිසිම රටක... අපි දන්න වෙන රටවල් හැමඑකකම උපරිම විදියට ආධාර දෙනවා. රජය විතරක් නෙමෙයි රස්සාව කරනව නම් එතනිනුත් දෙනවා.
ලංකාවෙ එහෙම දෙන තැන් බොහෝම අඩුයි.
මාලදිවයින් රජය, ලංකාවෙ ඉන්න මාලදිවයින් අයට අවශ්‍ය දේවල් එවනවා. ඒක තමයි රජයක් උනාම කල යුත්තෙ.

- හැබැයි, රු 5000 දෙන්නෙත් ලංකාවෙ පෝලිම් වලට. ඒවට තියෙන අවුල් නිසා ඒ කටයුත්ත බොහොම සාර්ථක බවින් අඩුයි.
ලංකාවේ 50%ක් දවසේ ආදායම තියෙන අය. ඒවගේම සුළු හා මධ්‍ය පරිමාණ කියන ව්‍යාපාර අතිබහුතරයෙ වැඩ වෙන්නෙ නෑ මේ දවස් වල. ඉතින් හැමෝටම වගේ අමාරුයි.
ඒ අතර දේශපාලකයෝ බලපෑම් කරන බව ආරංචිත් එනවා රු 5000 දෙන්නත්. සමහර පැතිවල පවුලකට රජයෙන් දෙන්න කියපු දේ, ගෙදර ඉන්න පවුල් ගාන අනුව දෙනව. එහෙම උනාම පවුල් 4 නම්, 1250යි.
ඒ අතින් රාජ්‍ය සේවයේ යෙදුනු කෙනෙක් රටේ මුල් පුරවැසියා වෙලත් ක්‍රමවේදය අතිශයින් අසාර්ථකයි.
සමහර අය කියනව කලින් ආණ්ඩුව තිබුන නම් වෙන දේ. කලින් ආණ්ඩුව නොතියෙන්නෙ ජනතාව වෙනස් කරපු නිසයි. එනිසා කලින් ඒව නෙමෙයි දැන් එකයි වැඩ කල යුත්තෙ.

- 2020, ජන 21, පෙබ 05 වගේ කාල වල පාර්ලිමේන්තු හැන්සාඩ් සහ මාධ්‍ය වාර්තා බැලුව නම් ආණ්ඩුව ලෙඩේ ගැන තිබුනු නොසැලකිලිමත්කම හිතාගන්න පුලුවනි.
ඒක එහෙම හිතාගෙන ඉන්නකොට ඊයෙම නුවර පැත්තෙ ආණ්ඩුවෙ මන්ත්‍රී කෙනෙක් කියල තියෙනවා, සතොසට ගිහිල්ලා බඩු ගන්නව වගේ ඡන්දෙත් දාන්නලු.

● විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජන 21 පාර්ලිමේන්තුවේදී මේ කෝරෝනා රෝගය ගැන අසන්නේය.
පිලිතුරු ලැබෙන්නේ ගණනකට ගත යුතු නැති බව කියාය.

2020 පෙබ 05 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන,

● සජිත් ප්‍රේමදාස – මේ වෛරසය සාර්ස් වෛරසයට වඩා දරුණුයි. චීනයෙන් පිටත පළමු මරණයත් වාර්තා වුණා. මේ වන විට ලංකාවෙන් හමුවූ පළමු රෝගියා චීන කාන්තාවක්. ඒත් රෝගය වැලඳී ඇති බවට සැක පිට රෝගීන් රෝහල්වලට ඇතුළත් කොට තිබෙනවා. මේ තත්ත්වය තුළ චීනයෙන් පැමිණෙන අය සති දෙකක නිරෝධායනයකට ලක්කරන්නේද?
● පවිත්‍රා වන්නිආරච්චි – අද මේ රෝගය පැතිරී යෑමේ තත්ත්වය සලකා බැලීමේදී චීනයෙන් පැමිණෙන අය සති දෙකක නිරෝධායනයකට ලක්කිරීමේ අවශ්‍යතාවක් පැනනඟින්නේ නැහැ. ඔවුන් කොතැනක හෝ නවතා නිරෝධායනය කිරීම ප්‍රායෝගික නැහැ.

● සජිත් ප්‍රේමදාස – වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා භාවිත කළ හැකි මුඛ ආවරණ හිඟයක් තිබෙනවා. මේ තත්ත්වය වළකා මෙය හදිසි තත්ත්වයක් සේ සලකා මුඛ ආවරණ නොමිලේ ලබා දීමට රජය කටයුතු කරනවාද?
● පවිත්‍රා වන්නිආරච්චි – රෝගය පැතිරී යෑමේ වර්තමාන තත්ත්වය සලකා බලන විට මේ ගැන ජනතාව කිසිදු බියක් ඇතිකර ගතයුතු නැහැ. රෝගය ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්ද දැනට උද්ගතවී නැති බව මේ සභාවට මම සඳහන් කරන්න ඕනෑ. වර්තමානයේ අපේ රටේ නිරෝගී සාමාන්‍ය ජනතාව සඳහා මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් තිබේ යැයි මා විශ්වාස කරන්නේ නැහැ. විපක්‍ෂ නායකයා අපේ රටේ ජනතාවට මුඛ ආවරණ දෙන්න කියල කීවාට වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් එවැනි අවශ්‍යතාවක් පැනනැඟී නැති බව අපි විශ්වාස කරනවා.

● සජිත් ප්‍රේමදාස – මෙම වෛරසය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන නිසා ඉදිරියේදී අපේ රටත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ඇති නිසා සියලුම අංශ ආවරණය වන පරිදි එයට පෙර සූදානමක් ඇතිකර ගෙන තිබේද?
● පවිත්‍රා වන්නිආරච්චි – බලපෑමක් සිදුවෙනවා නම් සිදු වන්නේ සංචාරක අංශයට. චීන සංචාරකයන්ගෙන්. ඒ බලපෑම වළක්වන්න අපි දැනටමත් වෙනත් රටවල සංචාරකයන් ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙළක් සකස්කර අවසන්.

● සජිත් ප්‍රේමදාස – වෛරසය පැතිරී යෑම වැළැක්වීමට හදිසි තත්ත්වයක් සේ සලකා රටේ ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවාද?
● පවිත්‍රා වන්නිආරච්චි – දැනටමත් ඒ සඳහා සියලු අංශ ආවරණය වන පරිදි විද්වත් කමිටුවක් පිහිටුවා ඇත.


මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ රජයට උවමනාවක් නැතිකම නොදැනුවත්කමට වඩා වැඩි බවය. කොරෝනා බලකායේ මූලිකත්වය දෙන්නට තිබ්බේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට වන අතර එයවත් සිදුවී නැත.
කොළඹ සති 5කින් පමණ වසා ඇති අතර, ජිවිතය ගෙනියන හැටි දන්නේ ඒ මිනිස්සු පමණය. සමහර පැති වලට මුදල් දීවත් ආහාර ගැනීමට හැකියාව අවමය. මේ සියල්ල තිබියදී රජයේ වගකීම් දරණ අය සහ ඔවුන්ට ප්‍රචාරණය කරන මාධ්‍ය නාලිකා එක එක පැති වල ජනතාවට සහන දෙමින් බඩු බෙදා හැරීම මාධ්‍ය වල යොදති. ජනතාවට සහන දෙන බව කියති.
එහි මූලික හේතුවද රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක බව නොවේද ?

#lka #coronasrilanka #යථාර්ථවාදිජනතාවාදියා

Sunday, April 26, 2020

“ උඩහ පන්සලට වඩින හාමුදුරුවොන්ට මාර ස්කොඩ් එකක්ලු තියෙන්නෙ.. උන්නාන්සේ වඩින්න කලින් දෙන ගිලන්පස එකේ ඉදන් චෙක් කරලලු වඩමවන්නෙ “

“ මොන යටි බඩකටද බං එහෙම ස්කොඩ් එකක්?“
“ ඒ බුදුහාමුදුරුවන්ටත් එහෙම හිටියද ඒ කාලේ ස්කොඩ් එකක්?“

“ අහල තියෙන විදියට නම් නෑ බං. එහෙම හිටිය නං, අංගුලිමාලත් ජීවතුන් අතර නෑ“...

#තණමල්විලකොල්ලෙක් #thanamalwilakollek

- කණ හරහා මොලයට !!!

Monday, April 20, 2020

මෙත් වැඩීමේ භාවනාව යනු කුමක්ද ?


● මෙත්තානිසංස පිරිතේ මෛත්‍රී භාවනාවේ අනුසස් ගැන හොද විස්තරයක් කරනවා.

● අත්දැකීමෙන් කියනකොට, මුලින්ම මෛත්‍රී භාවනාව නිසා වෙනස තේරෙනවා ගෙදර අය සහ ලගම මිතුරන්ගෙන්. පසුව සතුන්ගෙන් පවා මෛත්‍රී භාවනා කරද්දි තියෙන කරදර බාධක අඩු වෙනවා.

● ලංකාව වගේ රටක පාරෙ යද්දි නිතරම හිත රිදෙන, තරහ එන, ගැටීම් අවස්ථා ලැබෙනවා. මෛත්‍රී භාවනාව යම් කාලයක් කරනවා නම්, ඒ තත්වයන් හරි යනවා ටික ටික. වෙනදට තරහ ආවත්, යම් කෙනෙක් නිසා ඒ කෙනා ගැනත් මෛත්‍රී සහගතව හිතන්න පුරුදු වෙනව.

● මේ විදියෙ බොහෝම වටිනා දේවල් මෛත්‍රී භාවනාව තුලින් බලන්න පුලුවනි.

#මෛත්රීභාවනාව #මෙත්තභාවනාව #බුදුදහම #ලංකාව #මෙත්වැඩීම #metta #mettameditation #lovingkindness #lka #Buddhism

Saturday, April 18, 2020

හසලක ගාමිණි විරුවාගේ ස්මාරකය


2019 ජනවාරියේ වීඩියෝ ගත කරන ලද්දකි) ● අලිමංකඩ කඳවුර යුධමය සැලසුම් සහ ක්‍රියාන්විතයට ඉතා වැදගත් ස්ථානයක් විය. යාපනය අල්ලා ගැනීමට නම් අලිමංකඩ අල්ලා ගෙන විනාශ කිරීමේ අවශ්‍යතාවයද එවකට ත්‍රස්තවාදින්ට තිබුනි. කඳවුරේ හමුදා සෙබළු 600ක් පමණ සිට ඇත. 1991 වසරේ ජුලි 14 වන දින ත්‍රස්තවාදීන් විසින් අලිමංකඩ කදවුරට දැවැන්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් පැමිණි අතර, ඉදිරියෙන් පැමිණියේ යුධ ටැංකියක් ලෙස නවීකරණය කරන ලද, කැටපිලර් බුල්ඩෝසරයකි. මනාව බුල්ඩෝසරයේ ස්ථානගත කර තිබූ බර අවි භාවිතා කර ඉදිරි ආරක්ෂක වලල්ල බිඳ දැමූ යුධ ටැංකිය ඉදිරියට ඇදින. දැඩි ගණකම් වානේ තහඩු වලින් ටැංකිය ආරක්ෂා කර තිබූ අතර, එනිසාම තබන ලද වෙඩි පමණක් නොව ආර්පීජී ප්‍රහාරයන් වලින්ට ටැංකියට ගැටළුවක් නොවුනි. එයට පිටුපසින් 5000ක් පමණ ත්‍රස්තවාදින් කදවුරට ඇතුල් වීමට උවමනාවෙන් පැමිණෙමින් තිබුනි. ● නිරර්ථක ප්‍රහාරයන්ට ලක්ව ඉදිරියට ඇදෙන යුධ ටැංකියට කල යුතු දේ තීරණය කල ලාන්ස් කෝප්‍රල් හසලක ගාමිණි, බෝම්බ 2ක් රැගෙන, තමන්ව කවර් කරන ලෙස මිතුරන්ට පවසා, බිම දිගා වෙමින්ද වෙඩි පහර වලින් ආරක්ෂා වෙමින් දුෂ්කරතා මැද යුධ ටැංකියට ඇතුල් වී බෝම්බ පුපුරවා ගන්නා ගාමිණී නිසා බුල්ඩෝසර ටැංකිය ඇතුලත සිටි ත්‍රස්තවාදින් 4 දෙනා මිය ගිය අතර, ඉදිරි ගමනද නතර විය. ඒ සමග පිටුපසින් පැමිණි ත්‍රස්තවාදින්ගේ ගමනද අඩපණ විය. හසලක ගාමිණි විරුවා විසින් කරන ලද වීර ක්‍රියාවට සොල්දාදුවකුට ලැබෙන ඉහලම සම්මානය වූ “ පරම වීර විභූෂණ “ සම්මානය ලැබී ඇත. - 1991 වසරේ කොටි ත්‍රස්තවාදීන් විසින් අලිමංකඩ හමුදා කඳවුරට එල්ල කරන්නට උත්සාහ කල දැවැන්ත ප්‍රහාරය මැඩපවත්වමින් ජිවිත පූජාවෙන් කටයුතු කල එවකට ලාන්ස් කෝප්‍රල් හසලක ගාමිණී විරුවා සිහිවීම පිණිස මෙම ස්මාරකයද සෑම දිනකම බියුගල් නලාව සහිතව ගෞරව කිරීමද සිදු කරනු ලැබේ. ගංවතුරින් පීඩා විඳි කිලිනොච්චියේ, කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර රැගෙන පැමිණි අවස්ථාවේදීය. මෙහිදී අපට නවාතැන් ලැබුනේ කිලිනොච්චියේ පිහිටි 571 බල සේනාංක මූලස්ථානයේය. එසේම මෙම සැමරුම් ස්ථානයට අපව රැගෙන ඒම යුධ හමුදාව සිදු කල අතර, ලුතිනන් කර්නල් නාමල් රත්නායක මහතා විස්තරයක්ද ලබාදුනි. #war #srilankawar #hasalakagamini #srilankaarmy #slamry https://www.google.lk/maps/contrib/10...

Tuesday, April 14, 2020

දුටුගැමුණු මහරජු සහ එතුමාගේ මරණය - මගේ විශ්වාසය

● We recognize King Dutugemunu as the greatest hero in our history.
Also Mahavansa giving big support to prove it.
● But King Dutugemunu's death is a mystery. Mahawansa not elaborate about it.

● King Dutugemunu is the Son of King Kawantissa & Queen Viharamahadevi.



● King Dutugemunu won two wars and dedicated his life to make a better country for the people. He also did a yeoman service to Buddhism.

● King died before complete the construction of Ruwanwelisaya Stupa.
It is believed that someone from Naga world came and killed the King.

● Some of acred relics associated with Lord Buddha were in Naga world and to put inside the Ruwanwelisaya, King had to give the order to bring them. An arhat Thero did that.
So Naga world's King, Queen and they younger princess came to human world and they attacked the King with all the measures.

● King Dutugemunu lived a good life. He helped his people and all. So we believe he is a Divine God and will be the son of next Lord Buddha.


#kingdutugemunu #gemunu #dutugemunu #Ruwanwelisaya #ancienthistory #srilanka #lka #Viharamahadevi #kelani #nagaworld #elara #දුටුගැමුණු #රුවන්වැලිසෑය #කැළණිය #ලංකාව #විහාරමහාදේවිය #නාගලෝකය #සර්වඥධාතු

Monday, April 13, 2020

Local Guide - 03

ලෝකල් ගයිඩ් කෙනෙක් විදියට ගූගල් මැප් එක අප්⁣ඩේට් කරද්දි, ලෙවල් අප් කර ගැනීම ගැන හිතන්නෙ නැතිව කෙනෙක්ට - සමාජයට කරන උදව්වක් විදියට කරනව නම් ගොඩක් හොඳයි.

Uhttps://www.youtube.com/watch?v=gb9Q5OPh01U

Saturday, April 11, 2020

අංගම් පොර


“ ඔන්න ආයෙත් පොරොන්දු වෙන වග නම්, අද පටන් ඉගෙන ගන්නා ශිල්ප ශාස්ත්‍රය, සත්පුරුෂයෙකු යැයි මට හොඳටම හැඟී යන කෙනෙකුට හැර, වෙන කිසිම කෙනෙකුට නූගන්වන බවට ප්‍රතිඥා දෙමි“ !

අවුරුදු ගානකට කලින් මමයි අපේ Chamaraයි මාස කීපයක් “හල්පිට තිලකරත්න“ කියන අංගම්පොර මාස්ටර්ගෙ ගෙදර හිටියා.. ඒ කාලෙ අපේ කේන්දර බැලුවා අංගම් ශාස්ත්‍රය, ඉලංගම් ශාස්ත්‍රය උගන්වන්න සුදුසුද කියල ඒ අංකල්.. කේන්දර බලල අපිට උගන්වන්න සුදුසුයි කිව්වා.

⭕ ඊට ටික කාලෙකට කලින් තොප්පිගල දිනල තිබ්බා. තොප්පිගල අල්ලපු සටන් ශිල්ප අතර හමුදාවට “ අංගම් ශාස්ත්‍රය “ උගන්වලා තිබ්බා. ඒක කරල තිබ්බෙ හල්පිට තිලකරත්න කියන අංගම් මාස්ටර් තමයි. ඒ වෙනුවෙන් ඒ අංකල්ට යුධ හමුදාවෙන් දේවල් ලැබිලත් තිබ්බා. මතක විදියට ඒ කාලේ මේජර් ජෙනරල් ජගත් ඩයස් ඒ වෙනුවෙන් සෑහෙන කාර්යයක් කරල තියෙනවා. අංකල් ඉතින් අපිට කියනවා තොප්පිගල ගැහුවෙ මම පුහුණු කරපු කොල්ලො කියල. හැමඑකම මතක නැතත්, නැගිටල ඉන්න කෙනෙක්ව බිම දිගේ ගිහින් කකුල් වලින් අල්ලලා ආයෙ නැගිටින්න බැරි වෙන්න වට්ටන ක්‍රමයක් කිව්වා මතකයි.
- ඒ කාලේ මාධ්‍ය වල මේව ගිහින් තිබ්බා. රූපවාහිනියේ වෙනම වැඩසටහන් තිබිලා තියෙනවා මේ ගැන.

⭕ අංගම් ශාස්ත්‍රය ලංකාවෙ යුද්ධ වලදි සෑහෙන්න භාවිත වෙලා තියෙනවා. අංගම් සටන් වල ඉතිහාසය මහා රාවණ කාලය වෙනකම් යනවා කියනව ඒ කියන්නෙ අවු 6000කට කලින්. ඒවගේම මේ අංගම් වල මූලික සටන් විදිය නිර්මාණය වෙලා තියෙන්නෙ සිංහයා සහ කොටියා කියන සතුන්ගේ සටන් ඉරියව් වලට බොහෝම සමානව.

⭕ අංගම් ශාස්ත්‍රය එක්ක ආයුධ එක්ක කරන සටන් ක්‍රමය ඉලංගම් ශාස්ත්‍රය. කොහොම උනත් පරම්පරාවල් රැකගෙන ඉන්න දෙයක් විදියටත් අංගම් ශාස්ත්‍රය හැඳින්වෙනවා.
කඩුවෙල “ කොරතොට “ පරම්පරාවට අංගම් ශාස්ත්‍රය නිසා සීතාවක රාජසිංහ රජතුමාගෙන් තාන්න මාන්න ලැබිලා තියෙනවා. මුල්ලේරියාව සටනෙදි, විවෘත භූමියකදි මේ අංගම් - ඉලංගම් සටන්කරුවන් තුවක්කු දරාගෙන හිටිය පෘතුගිසි හමුදාවට කඩා පැනලා දරුණු විනාශක් කිරීම තුල ඉතිහාසගත විදියට මුල්ලේරියාව සටන දිනනවා.

⭕ අංගම් ශාස්ත්‍රය එක්ක බැඳුනු භාවනාවක් විදියට “කුණ්ඩලීනි භාවනාව“ කියැවෙනවා.

* යටත් විජිත පාලන කාලයේ ඔවුන් එක රැයින් තහනම් කරපු දේවල් කීපය අතර, “ අංගම් ශාස්ත්‍රය “ මූලික දෙයක්.

⭕ අංගම් ශාස්ත්‍රය රකින දෙවිවරු අතර, කම්බිලි දෙවිවරු ( රත්න කම්බිලි / කළු කම්බිලි) විශේෂයෙන් කියන්න පුලුවන්. කම්බිලි ආතා කියල තමයි කියන්නෙ.
ඒ ඇර කතරගම දෙවියන්, සිද්ධ සූනියම් දෙවියන්, ඔඩ්ඩිස දෙවියන්, සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවියන් සහ දැඩිමුණ්ඩ දෙවියන් කියන්න පුලුවන්..
( සපුමල් කුමාරය යාපනය දිනන්නේ අංගම් ශාස්ත්‍රය අනුව කරන සටනක් නිසා වෙන අතර, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යටතේ කල සටනෙදි දැඩිමුණ්ඩ දෙවියන්ට භාර වෙලා යුද්ධයට ගිය බව ඉතිහාසයේ තියෙනවා. යුද්ධය දිනලා තමන්ගෙ රන්කඩුව දැඩිමුණ්ඩ දේවාලයට පූජා කරා කියලත් කියනව)

⭕ තව දෙයක්, පහුගිය කාලේ අංගම් ශාස්ත්‍රය කියල වෙන ඒවත් උගන්වන බව කියැවෙනවා. ඒවා, චීන අඩි, තව ඉන්දියාවෙන් ආපු කලරි වගේ නමක් තියෙන දේකුත් තියෙනව.

#අංගම් #ඉලංගම් #angam #angampora #dadubasnamanaya

Friday, April 10, 2020

Local Guide (02)


I'm doing social media marketing campaigns. When I do it, I add using google my business as an option. So this program helped me to explore more when I do my stuff.
Also when I did lectures on Google Maps and it's usages, Google My Business and plus of course combining those with social media, it was something.


#letsguide #srilanka #lka #localguide #googlemap


Thursday, April 9, 2020

මේ දවස් වල පොත් කියවීම

මේ දවස් වල පොත් කියවීමට මුල් තැනක් දෙන්න සෑහෙන ඕනකමක් හිතේ තියෙනවා.
ඒක හරියටම නොවුනත් අමාරුවෙන් කරන්න හිතනව..

● පැණි වළලු 3 - කළුතර ලොකු අම්මාගෙන් ඉල්ලගෙන ඇවිත් කියවලා ඉවර කලා.
● 12.12.12 - ප්‍රහර්ෂි අක්කාගෙන් ඉල්ලගෙන ඇවිල්ලා 2 වතාවක් කියෙව්වා.
● බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමි ගැන කතා පොත් කීපයක් තියෙනවා. ආයෙත් කියෙව්වා.
● පිං ළමයා - ආයෙත් කියෙව්ව.
● නැණස වසන නීවරණ - 5 වෙනි වතාවට කියෙව්ව.
● මනෝකාය සහ මරණය - 3 වෙනි වතාවට කියෙව්වා.
● ධර්ම විනිශ්චය පොතත් ආයෙ කියෙව්වා.
● මහා වංශයෙ පීඩීඑෆ් එක තියෙනවා ආයෙ කියවගෙන යනවා.
● අංගුත්තර නිකායෙ ප්‍රථම භාගයත් විටින් විට කියවනව.
● කව් ගී මිහිර අපෙ ජිනදාස සර් ලියපු කවි තියෙනවා තරමක් කියනවා.
● පිප්පි දිගමේස් 2 වෙනි පොත. පොතේ කවරය හොයාගන්නත් නෑ ඒත් කියවගෙන යනව..

- කාලෙකට පස්සෙ කල යුතුම දෙයක් වෙන පොත් කියවන්න පුලුවන් වෙන එකට සතුටුයි. වෙනද තරම් පොත් කියවන්න හිතෙන්නෙ නැති එක මට හිතෙන්නෙ කාලයක් එක්ක පොතපතින් තරමක් බැහැර වෙච්ච නිසා වෙච්ච දෙයක් වෙන්න ඕන. ඉන්ටනෙට් හරහා කරන පත්තර, වෙබ් අඩවි කියවීම වගේම පීඩීඑෆ් හරහා කරන කියවීමත් නිසා වෙනදට වඩා පොත් කියවීමේ අඩුවක් සහ වෙනසක් තියෙනවා. කොහොම උනත්, එක තැනකට වෙලා නිදහසේ පොත් කියවන එක, කෑම කනකොට පොත් කියවන එක වගේ වැඩ තවම හිතේ මුලින්ම තියෙන දේවල්.

#පොත් #bookreading #covid19sl

Wednesday, April 8, 2020

Google Local Guide 01


Updating Google Map as a Local Guide is something to do. You can add new roads to the map. Also you can give reviews to the map, when you visit a restaurant or shop or anything like that.
Some say with my support Google is becoming rich yet, I don't get any payment.
Doing this is a volunteer service. I believe this is a community service.
Anyway I had lot of friends because of it. Also there is a very good community who updates google map as me, we are, " Sri Lankan Local Guides".

Tuesday, April 7, 2020

Now days

පහුගිය සති 2-3 වෙන රටවල ඉන්න සමහර යාළුවෝ, ඥාතින් එක්ක කතා කරා.

● එයින් සමහරු ලංකාව දිහා බලන්නෙවත් නෑ කියලයි ලංකාවෙන් ගිහින් තිබ්බෙ. හැබැයි මේ කොරෝනා වෛරසය එක්ක එයාලට රට ගැන මතක් වෙනවලු. මීට වෙනස් කතා තිබුනත් මේ කතාව හොදට දැනුනා.
● සමහරවිට අපේ සෞඛ්‍ය අංශ සහ ඇතුළු අනිකුත් අංශ ගැන තියෙන පැහැදීම වෙන්නත් පුලුවන්, ඒ ඇර මොනව උනත් තමන්ගෙ රට කියන දේ ආයෙ මතක් වෙලා වෙන්නත් පුලුවන්..

- සමාජ ජාල වල ඉන්න මගෙ යාළුවො ගොඩක් මේ ගණයට නොවැටෙන නිසාත් මේක කියන්න ඕන. යම් කාලයක් හිත් රිදීම් ගොඩකට පාත්‍ර උනා වෙන රටවල ඉදල ආපු අපේ අය නිසා. එයින් සමහරු ලංකාවෙන් වෙන රටවලට ගිය අය. සමහර අය එහෙම ගියපු දෙමාපියන්ගෙ, පිටරටදි ඉපදුනු දරුවො. ලංකාවෙ හැමදේම එයාල විවේචන කලා මතකයි. සමහර වෙලාවට කෑම කන්න තැනකට ගියාම, ඉතිරි වෙන බීම බෝතලේ පවා ගේනවා ආයෙ, ඒක ලංකාවෙ ක්‍රමය කියල. ලංකාව දාලා වෙන රටක පදිංචියට යන්න අකමැති මට ඒවට සෑහෙන රිදුනා.
- එහෙම සමහර අයගේ දැඩි විවේචන තිබ්බා අපේ අය හැමදේටම හෝන් ගහන නිසා. ඒක ඇත්ත තමයි. ඒත් හිත රිදීම උනා. හෝන් භාෂාව ගැන පැණි වළලු 3 ලස්සනට කියැවෙනවා. හැබැයි අපාහාසාත්මකව නෙමෙයි.
- ඉතින් එහෙම ලංකාවට අපහාස කරපු, මේ රටෙන් යනකම් ඉවසුමක් නෑ කියපු සමහර අය දැන් ඉන්න තත්වෙ ගැන හිතද්දි තේරෙනවා ලෝක ස්වභාවය තේරුම් ගත යුතුයි සහ “ දෛවයේ සරදම් “ කියල.
ලංකාව එපාම කියපු - අපහාසත් කරපු සමහර අයට අපේ රට පුදුම වටින රටක් වෙලා...

- ඒ අතර, ඉතාලියෙ ඉන්න කාලේ, බොහෝම කැපකිරීම් කරලා, වියදම් අවම කරලා රට වෙනුවෙන්, රටේ දියුණුව අරමුණු කරගෙන ඒ අවම කරපු වියදම් වල ඉතිරි වෙන සල්ලි, අපේ රටට එවපු Shaminda අයිය වගේ අයත් ඉන්නව 😊

● මම දන්න විදියට, අවු 40-50කට කලින් උනත් ලෝකෙ දියුණුම රට වලට ගිහිල්ලා පුරවැසිභාවය ගත්තත්, ඉහලම විදියට ජිවිත ගත කරත්, ඒ රටවලදී කවදාවත් 1 වෙනි පන්තියේ පුරවැසියෙක් කියන දේ ලැබෙන්නෙ නැහැ ( මේක මෙහෙමම නොවෙන්න පුලුවන්), ඒකියන්නෙ හැමදේම ලැබුනත් ඒ රටේ කෙනෙක්මය කියන දේ ලැබෙන්නෙ නෑ.
ඉතින් කොයිතරම හොදට හිටියත් අපේ රටේ වටිනාකම එතකොට කාට උනත් තේරෙනවා ඇති - කොරෝනා තමයි ඒ දේ කියල දුන්නෙ..

#කොරෝනාවසංගතය #coronavirus #coronasrilanka

Sunday, April 5, 2020

ඉතිහාසය තේරුම් ගැනීමේ වැදගත්කම ගැන,

01 - ඉතිහාසය යනු පෙර කාලයේ සිදුවුනු දේය. ඇමරිකාව වැනි වැඩි කාලයක ඉතිහාසයක් නැති රටක් වුවද එයට වටිනාකමක් දී ඇත. 

02 - මෑතකදී අප අතරින් වියෝවුනු ප්‍රවීණ කලාකරු, ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ආදාහන උත්සවයෙදි ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා කල කතාවෙන්, උකහාගත් දේ අතර, 1971 කැරැල්ල නිසා රටට අහිමි වූ දේ අතර, විෂය මාලාවෙන්, 1 - සාහිත්‍ය   2 - ප්‍රජාචාරය   3 - ඉතිහාසය  ඉවත් කරන ලදි. 

03) අප ඉගෙන ගන්නා කාලයේ ඉතිහාසය කියා විෂයක් නොතිබුන. සමාජ අධ්‍යයනය ඇතුලේ එය තිබින.



#ඉතිහාසය #ලංකාව #ජයලත්මනෝරත්න #ජැක්සන්ඇන්තනී #සාහිත්යය #ලංකාව #මහාවංශය #7වනබුවනෙකබාහුරජු #දොන්ජුවන්ධර්මපාල #වීදියබණ්ඩාර #සමුද්රෙද්විය #මායාදුන්නේ #විජයබාකොල්ලය
#history #srilankahistory #lka #jayalathmanoratne #jacksonanthony #literature #lanka #mahawansa #buwanekabhahu #donjuwandharmapala #weediyabandara #wijayabakollaya


Friday, April 3, 2020

ගූගල් මැප් එකේ භාවිතයන් 02

1 - ගූගල් මැප් එකේ අදට අනුව corona තත්වයද බලාගන්නට
2 - ස්ථානයක් සොයා ගැනීම
3 - දුර සහ ගත වෙන වෙලාව
4 - Restaurants සොයාගන්න

#letsguide #localguide #localguidessrilanka #googlemaps

Thursday, April 2, 2020

පැණි වළළු සහ කූඹියෝ

 


මේ දවස් වල, මහාචාර්ය ගංගානාත් දිසානායකගේ “ පැණි වළළු 3 “ කියනවා..

ඒකෙ 1 කතාවක තියෙනවා බෝගම්බර හිර ගෙදර වහන්න කලින් මහජන ප්‍රදර්ශනයට තිබුන. ඒක බලන්න මහා සෙනගක් ඇවිල්ල තියෙනවා... ලක්ෂ 20කට වැඩිය.
ඒකට එහෙම ප්‍රසිද්ධියක් දීලත් නෑ. ඒත් ඒ තරම සෙනගක් ඇවිල්ලා..

ඒක කියවද්දි මට මතක් වෙනවා, ප්‍රියන්තට කියනවා ජෙහාන්, “ අපි වගේ මිනිසුන් තමයි ඇත්තටම ගුරුවරු වෙන්න ඕන. එතකොට තමයි ළමයින්ට ඇත්තටම කියල දෙන්න පුලුවන් නොමග නොයන්නෙ කොහොමද කියල.. නැතුව ඔය නොමග කියන්නෙ මොකක්ද කියල පොතකින් ඉගෙන ගත්ත උන්ට නෙමෙයි.



මං කියන්නෙ ළමයි පොඩි කාලෙම දන්නවා නම් ඇත්තටම වරද කියන්නෙ මොකක්ද කියල උන් කවදාවත් ඔය වරද කරන්නෙ නෑ.
 දන්නවද, සමහර රටවල් වල තියෙනවා ජිවිතේ ටික කාලයක් හරි හමුදාවට බැදෙන්න ඕන. ටික කාලයක් හරි මහණ වෙලා ඉන්න ඕන.
මං කියන්නෙ හිරෙත් ඒ වගේ. ළමයින්ව සති 2-3ක් හිරේට දාලා ගන්න ඕන. එහෙම නම් උන් කවදාවත් වැරදි කරන්නෙ නෑ..


- ජෙහාන්ගෙ කතාව වගේම, පැණි වළලු වලින් එලියට එන බෝගම්බර බලන්න මහා සෙනගක් ආපු එක...
2ම දැනෙනවා..


#පැණිවළලු #කූඹියෝ #paniwalalu #koombiyo #GanganathDisanayaka 

Wednesday, April 1, 2020

Dialog අසාධාරණ වලට විරුද්ධ අයගෙ ගෘප් එකේ මම කල පලකිරීම

ඩයලොග් විතරක් නෙමෙයි, පොදුවේ ලංකාවෙ සියලුම අන්තර්ජාල ප්‍රවර්ධකයන් අසාර්ථකයි !!

- මට මතක විදියට මම ඉන්ටනෙට් ගෙදර ඉදන් පාවිච්චි කරන්න ගන්නෙ 2008 විතර ඉදල. ඒකාලෙ මුලින්ම ගත්තෙ ඩයලොග් ඩොන්ගල් එකක්.

● ඉස්සර ටෙලිකොම් එකෙන් දුන්නා අන්ලිමිටඩ්. හැමෝම වගේ දුන්නා. 512 ස්පීඩ් එක තිබ්බෙ හැබැයි ස්ථාවරයි.
අනුෂ පැල්පිට කියන කෙනා විදුලි සංදේශ නියාමනයේ සභාපති උනාට පස්සෙ තමයි ලංකාවෙ අන්ලිමිටඩ් නැති උනා.
- අපි ආයෙත් අන්ලිමිටඩ් ගන්න උත්සහ කලා. වතාවක් ඔහුගේ උත්තරය උනේ, මට මාසෙටම යන්නෙ 10 ජිබි විතර. ඇයි ඔයාලට වැඩිය ඕන..

● පස්සෙ අපි එක එක විදියට උත්සාහ කලා අසාර්ථක උනත් එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා උදව් කලා. දැන් අන්ලිමිටඩ් දෙන්නෙ ලංකාබෙල් විතරයි. 4 mbps ( 550 කිලෝබයිට් තත්1ට)  වලට රු 8000කට වඩා ගෙවන්න ඕන. අවු 6ක් විතර පාවිච්චි කලත් එච්චරම තමයි.
ගෙදර පාවිච්චි කරන්නෙ ලංකාබෙල්, මොබයිල් ඩිවයිස් 2ට දාන්නෙ ඩයලොග් ප්‍රීෙප්ඩ්.

●  2015 යහපාලනය ආවට පස්සෙත් යම් උත්සාහ දැරුවා. සමහරවිට අපේ උවමනාවට වඩා මොබයිල් කම්පනි බලවත් කියල හිතුනා.
ගොඩක් අය විහිළු කලත් ගුගල් බැලුම ගෙනාවෙත් ඉන්ටනෙට් හරියට දෙන්න තමයි..

● අපේ ඉන්ටනෙට් වේගය මම දන්න විදියට තවම කිසිම ජාලයක හරියට දෙන්නෙ නෑ. ලෝකය වේගයෙන් දියුණු වෙනවා, ඒ අතර අන්තර්ජාල වේගය වැඩි වෙනවා, අලුත් අප්ඩේට් ආවාම ඒකට හරියන්න ඉන්ටනෙට් වේගවත් වෙන්න ඕන උනත් ඒක වෙන්නෙ නෑ.

● ඉන්දියාවෙ ඉන්ටනෙට් ප්ලැන් ගැන දාලා තිබ්බා කෙනෙක්.
මගෙ ඉන්දියන් යාළුවෙක් මට කිව්වා, ඒ රටේ කැම්පේන් කරන්න පුලුවන් දෙන අවම ස්පීඩ් එකලු. ඒවගේම ඉන්දියන් ආණ්ඩුව හොදට හිතල ජනතාවට සහන දෙන්න හරියට ඒ කටයුත්ත කලා කිව්ව.
තව 1ක් ලෝකෙ වේගවත්ම ඉන්ටනෙට් කොරියාවෙ කියනව. ඒකියන්නෙ කොරියාවෙ ඉන්න අය අපිට කලින් හැමදේම අන්තර්ජාලයේ උවමනා ඒව කරගන්නව. කාලය ඉතිරි වෙනව.
අපේ ආණ්ඩුව නොහිතන දේ මේකයි..
මේකට සමාන තව දෙයක්  -  වෙන රටවල වාහනයක් ගන්න එක ලේසි දෙයක්. පාරවල් හොදයි. අපෙ ඇමතිවරු වාහන ගණන් වැඩි කරන්නෙ පාරවල් වල ඉඩ මදි කියලයි. නමුත් පාරවල් හදල වාහන ගන්න ආර්ථිකය තිබ්බා නම් වැඩ ඇරිලා ඉක්මණට ගෙදර ගිහින් අන්තර්ජාලය හරහා ඩේටා එන්ටරි වගේ වැඩ කරලා තව අමතර ගානක් හොයන්න තිබ්බා ( මේකටත් උවමනාව තිබ්බට කරවන්න බැරි උනා)

● මම ලංකාවෙ තියෙන හැම ජාලයක්ම පාවිච්චි කරල තියෙනවා.
- එයාටෙල්, හච් මට අසාධාරණ කරනව අහු උනා.මොබිටෙල් වල අවුල තමයි දාන සල්ලි වැඩි කාලයක් තියෙන්නෙ නෑ ( මාසයක් වගේ)

ඩයලොග් සමහර වෙලාවට ඩේටා කපන විදිය ගැන තේරුම් ගන්න අමාරුයි. ඒවගේම යට තියෙන ස්ක්‍රීන් ෂොට් වල තියෙනවා විඩියෝ 1ක් බැලුවම මෙගාබයිට් 500ක් දෙනව කිව්වා. 349 රිලෝඩ් කලොත් මෙගාබයිට් 500ක් දෙනව කිව්වා ඒව එකක්වත් නෑ.
ඩයලොග් එකෙන් වෙච්ච අසාධාරණ වලට කම්ප්ලේන් කරාම අවස්ථා 20කින් විතර 3-4කට සාධාරණය ලැබිල තියෙනවා.
දැන් ඩයලොග් ඔන්ලයින් චැට් වැඩ නෑ. මසෙන්ජ වැඩ නෑ. වට්ස්අප් වැඩ නෑ.

#lka #mydialog #dialogsrilanka #thefuturetoday