Tweets by @Tweetsbysuku myblog: June 2020

Facebook Fan Page

Wednesday, June 24, 2020

රට යන අත

රටේ තත්වය දවසින් දවස නරක අතට හැරෙනවා. ආණ්ඩුවට ඒ ගැන කිසි දෙයක් කරන්න පුලුවන්කමක් නෑ. කරන පාටකුත් නෑ. ඔක්කෝම බොරුව සහ මාධ්‍ය සංදර්ශන විතරයි.. ඒව හොදට තේරුම් ගන්න දෙරණ වගේ ප්‍රවෘත්ති බැලුව නම් හරි. හිරු නම් ගමන හරවල වගේ දේවල් කරනව..

● බඩු මිල වැඩි කරන්න, ඉන්ධන මිල අඩු නොකරන්න, ගැබිණි මව්වරුන්ට දුන්නු 20,000 පෝෂණ මල්ල නතර කරන්න, සියලුම පාසල් දරුවන්ට දුන්නු සුරක්ෂා රක්ෂණය නතර කරන්න, මුදල් හොයල ඉවර වෙච්ච ටැබ් ළමයින්ට බෙදා නොදෙන්න, බෙහෙත් වල මිල ගණන් දැනෙන්න වැඩි කරන්න වගේ සියලුම සහනාධාර වගේ දේවල් නතර කරන්න 2/3 ඕන නැතත්, සමහරවිට රට හොද තත්වයකට ගේන්න 2/3 ඕන ඇති. 
දැන් තත්වය අනුව ජනතාව ඒක නොදුන්නත්, බොහෝවිට එජාපයේ සහය ලබාගෙන ජාතික ආණ්ඩුවක් හරි කරන්න ඉඩ තියෙනව..
● මේව කිව්වාම මෙතන දුවගෙන එන චරිත වලට වඩා, කෝල් කරලා, මසේජ් කරලා මේව නොකල යුතුය, කිරීමේ අනතුරුදායක භාවය ගැනත් කියන්න තරම් හිතවත් අයත් ඉන්නවා..
- කොහොම හරි, මේ හැමදේම බලපාන්නෙ ජනතාවට.. එකෙන් වෙන පාඩුව රටට, ජනතාවට.. පීඩාව ජනතාවට.. මට තියෙන අවුල එතනයි..
 මාත් ඒ ජනතාවගෙන් 1 කෙනෙක්..
බොරු වියදම්, අසාර්ථක කළමනාකරණය එක්ක මේ කරන්නෙ, රුපියලක් හරි ගන්න හැමදේකින්ම වැඩි වෙන එක කියල තේරෙනවා..
( ගෝඨාභය ජනපති වෙද්දි සීනි කිලෝ 1 = 98, දැන් 130, 150) 

- වියත්තු පාර්ලිමේන්තු යවමු කියන මතයත් දේශපාලනික ගේම් එකක් බව පැහැදිලි වෙන්නෙ පහුගිය 225න්, 208 ( 10 ජාතික ලැයිස්තු) ආයෙ ඉන්න එකෙන්. අනික වියත්මගේ 10කටවත් නොමිනේෂන් දුන්නද මංදා ?
ඒ කාලේ විදුසර පත්තරෙන් බොහොම ගෞරවයෙන් කියවපු ලිපි ලියපු මහාචාර්ය චන්න ජයසුමන වගේ චරිත, දේශපාලන ගොහොරුවට වැටිලා දැන් ඉන්න තත්වෙ එක්ක හිතද්දි, වියත්මග වගේ දෙයක් ඇත්තටම බොරුවක් කියල හිතෙනව.. 

- රටට මෙච්චර අවුල් වෙලත් විපක්ෂය ශක්තිමත් නැති වීමේ පාඩුව වෙන්නෙත් ජනතාවටමයි... එජාපයේ ඉන්න අය ආණ්ඩුව ශක්තිමත් කරන කතා කියනවා.
සමගි ජන බලවේගයෙ අය කරගෙන යනව පෙනුනත් පණ ඇති පාටක් නෑ. ජාතික ජන බලවේගය සමාජ මාධ්‍ය වල කරන කාර්යභාරය දියුණුයි..

- කරුණා අම්මාන් ජාතික වීරයෙක් කියන තැනට, ජෙනරල් ෆොන්සේකා ද්‍රෝහියෙක් කියන පහත් - පජාත තත්වෙට සමහරු වැටුනු එක තමයි පුදුමේ..
- කරුණාගෙ අවුල හමුදාවට ඇවිල්ලා කරපු සහය වටිනා උනත්, මරපු අය ගැන පම්පෝරි ගහන එක. ඒකියන්නෙ තාම ඒ ම්ලේච්ඡ මානසිකත්වයෙ ඉන්නෙ.. 
අංගුලිමාල රහත් වෙලත්, කරදර තිබ්බ නිසා, බුදුන්වහන්සේ “ අංගුලිමාල පිරිත“ උගන්වනවා. පස්සෙ කාලෙක ගෙදර දොරකඩට අංගුලිමාල හාමුදුරුවෝ වැඩියත් විලිරුදාව, අනිත් අපහසුකම් දුරු උනා කියනව... ඒක තමයි ධර්මයේ තියෙන මෛත්‍රීෙය් නියම බලය...
කරුණා අම්මාන් වගේ, මරපු ජිවිත ගැන ලොකුවට කියන චරිත යමෙක් වීරයකේ හෝ අංගුලිමාල තෙරුන් වගේ උතුම් අයට සමාන කරනවා නම්, ඒ  මිනිස්සු සිංහල - බෞද්ධ තියා අඩු තරමින් “ මනුෂ්‍ය “ කියන තැනවත් නැත..

#යථාර්ථවාදිජනතාවාදියා #SriLanka

මෝහන් රාජ් මඩවලගේ මාගම් සෝලිය ගැන කල කමෙන්ට් එකක් ( විචාර වෙනුවට දරුණු විවේචන නිසා ලිව්ව)

රචකයෙකුගේ පරිකල්පන ශක්තියේ තරම විදහාපාන පොතක්.
එනිසාම තරමක අතිශයෝක්තියක් හෝ යථාර්ථයෙන් ඔබ්බට යෑමක් තරමකට හිතෙනවා. එහෙම හිතෙන්නෙ, මෙතන ඉදගෙන එතන ගැන හිතන නිසයි.. විවේචන ඇතිවෙන්නේ එතනින්. විචාරයට වඩා විවේචකයන් ඉන්න කාලෙ පොත ගැන එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්.

ඉංග්‍රිසින් ලංකාවේ බලය සම්පූර්ණව අත්පත් කරගැනීමත්, ඒ ආශ්‍රිතව ඌව වෙල්ලස්සෙ වූ ගමක ජනතාවගේ සිද්ධි දාමයක් සහ එතනදි සිදුවන දේ ගැන කියැවෙන කතාවක් තමයි තියෙන්නෙ..
සමහරවිට සාම්ප්‍රදායිකව තියෙන ආගම හා බැදුනු කරුණු වලට සියුම්ව මෙන්ම ඍජුවත් දරුණුවට පහර වැදීමක් වෙනවා, ඇබිත්ත උන්නාන්සේ කියන චරිතය තුල.
( ඒක මට හිතෙන්නෙ, අද මෙහෙණි ශාසනක් ලංකාවෙ නෑ. විනය විරෝධීයි තියෙනව නම්, ඇතිවෙන්නත් මේ බුදු සසුනේ බෑ. නමුත් දසසිල් මෑණිවරු ඉන්නවා. දසසිල් මෑණි කෙනෙක් වෙලා නිවන් යන්න පුලුවනි, මෙහෙණියක්ම වෙන්න කියල අනිවාර්ය නැහැ)

ඌව වෙල්ලස්ස නිදහස් කැරැල්ලත්, එය පරාජය වීම එක්ක මුහුණ දෙන ඛේදාන්තයත් කියවෙනවා.
කමෙන්ට් අතර දැක්කා ඒකෙ කියැවෙන ලිංගිකත්වය හා බැදුනු ඒවට විවේචන. ඉතින් වික්ටෝරියානු විකෘතියක ඉදගෙන, ලිංගික අධ්‍යාපනයක් නැතිව ඉන්න රටක මිනිස්සු වෙච්ච අපිට, ලේසියෙන් ජාතිවාදයට - අන්තවාදයට අන්දලා බලය දෙන තරමට රැවටෙන මිනිස්සු ඉන්න රටක, නිදහස් ලිංගික සංස්කෘතිය කියන දේ අමුතු ඇති.
හැබැයි නොක්ස්ගේ එදා හෙලදිව කියෙව්වත්, ඒවගේ පරණ කෘති බොහෝමයකත් අපේ නිදහස් ලිංගික කටයුතු ගැන විස්තර වෙනවා.


මෝහන් රාජ් මඩවල _  වචනයක් දෙකක්

සමහරු මේ පොත ලියා අහවර කල විට මෙය මොන වගේ පොතක්දැයි නිතර නිතර මගෙන් ප්‍රශ්න කරමින් විමසූහ. සැබැවින්ම මම නිරුත්තර වීමි.
මෙය ඉතිහාස කතාවක්ද, ඇත්ත කතාවක්ද, මනංකල්පිත කතාවක්ද,
එසේත් නැත්නම්,
මේ ලෝකයේ කවම කවදාවත් සිද්ධ නොවන කතාවක්ද කියා,
මම නොදනිමි.
මගේ කාර්යභාරය අවසන් කර ඇති බැවින්, ඔබට කැමති විදියට එය රස විඳින්නත්, සැබැවින්ම ඔබට අයිතියක් ඇත.
එයට පූර්ව පාඨ සැපයීම මෙතැන් සිට එහි සර්වබලධාරි අයිතිකරු වන ඔබට කරන කමකට නැති මදි පුංචිකමක් කොට සලකමි.


Tuesday, June 23, 2020

කරුණා අම්මාන් සහ අංගුලිමාල

අංගුලිමාල මහණ වූ පසු, “ මම ඇඟිලි ගන්න මෙච්චර මැරුවා“ කියා පම්පෝරි ගැහුවේ නැත. සමාජයෙන් එල්ල වූ පීඩාව නිසා, බුදුන්වහන්සේ විසින් “ අංගුලිමාල පිරිත“ අනුදැන වදාල අතර, පසුකාලීනව අංගුලිමාල තෙරුන්, නිවසක දොරකඩට එද්දීම ගැබිණි මවගේ විලිරුදාවන් ඇතුළු අපහසුතා දුරු වී ඇත.

- කරුණා අම්මාන්, 1987 සිට නැගෙනහිර කොටි  නායකාය. අරන්තලාවේ භික්ෂු ඝාතනය, පොලිස් නිලධාරින් 600ක් ඝාතනය සහ දිඹුලාගල නාහිමි ඝාතනයට ඔහුට ඍජුවම චෝදනා ඇත. ඒවා කලේ නැගෙනහිරින් පැමිණි කොටි බවටද විශ්වාස කෙරේ.

ඒ සියල්ල තිබියදී, ඔහු 2002-04 සටන් විරාම සමයේ ලෝකය දැක්කේය. සටන් කිරීම යනු කැලෑවක් අස්සේ කරන දෙයක් නොවන බව ඔහුට තේරුනේ එවිටය. ලෝකයේ සැප විඳින්නට හැකියාව තිබෙන බව ඔහුට තේරුම් යන්නට එවකට අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ හැකියාව පැහැදිලිය.
ඔයින් මෙයින්, නැගෙනහිරින්, උතුරට සපයන මුදල් වල අඩුවක් විය. ඒ අනුව ප්‍රභාකරන් විසින් කරුණාට අනිකුත් නායකයන්ද සමග උතුරට එන්නට නියෝග කලේය. උතුරට ගියොත්, “ මහත්තයා“ නමින් 2වෙනියාට වූ දේද දන්නා කරුණා කොටි සංවිධානයෙන් ඉවත් විය.

- ඔහු විසින් අද කියන පරිදි ඔහුට 6000ක සේනාවක් සිටියේ නැත. නැගෙනහිර කොටින්ට නිසි කදවුරක් තිබි නැත. තිබුනු ඒවා ගල් ගුහා, සහ කැලෑ අස්සේ තරමකට දියුණු කරගත් ඒවා විය. ඔහුගේ සෙනග 500ක් පමණ විය යුතුය. සටනේදී ඔවුන්ගෙන් දායකත්වයක් ලැබුනු බව සත්‍යයකි. එසේම සමහර උවමනා කල යුද රහස් ලබා නොදුන් බවටද අදහසක් පවති.

- කරුණා, මීට වසරකට 2කට පෙර, තමන්ගේ ජාතික නායකයා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ කීවේය.
- ලගදී, අලිමංකඩ සටනෙදි දවසට 2000 - 3000 හමුදාවේ මරපු බව කීවේය.

එයින් පැහැදිලි වන දෙයක් නම්, කුමන හෝ හේතුවකට ත්‍රස්තවාදි ම්ලේඡ අදහස් ඔහු බැහැර කර නැති බවය. එවන් මිනිසුන් සුද්ධ කරන්නට දඟලන චරිතද පහත් අමනුෂ්‍ය චරිත ගණයේ ලා විය යුතුය...

#යථාර්ථවාදිජනතාවාදියා


Sunday, June 21, 2020

පත්තිනි හෑල්ල ( පත්තිනි මෑණියන්ට කියන ස්ත්‍රෝතය )

 1. පරසිදු පත්තිනි සඳ සැතපෙන්නේ
 සැතපුන නින්දට සිත පෙනෙන්නේ
 පාලග කඩුවක් ගත්තා වැන්නේ
 කඩුව නොවෙයි අඩුවයි දැනගන්නේ

2. සිවුමැලි බිසවුන් හට තෙපලන්නේ
 යන්නට අවසර දැන් මට දෙන්නේ
 යන්නට අවසර මම නොකියන්නේ
 නුඹේ සිතේ පිරියයි පලයන්නේ

 3. මෙලොවේ වැඩ ඇති ඉරු දෙවියනි නිතී
 කිය මගෙ අත කිසි වරදක් වත් නැති
 නපුරට පඬ්යා අත මිස වෙන නැති
 තොප හිමි අත කිසි වරදක් වත් නැති

 4. ඇසුවොත් නිවැරදි තා හිමියන්නේ
 සිටිමින පත්තිනි බල පාමින්නේ
 ඉතිකින නැත අප වරද බොලන්නේ
 යමු දැන් පඩි පුරයට අපි දෙන්නේ

 5. එම මට කාලිය අඬ ගහගන්නේ
 දෝසිද තැඹිලිද නවසිද ගන්නේ
 අග්ගලාද කිරි උණ්ඩද ගන්නේ
 තල කැරලිද මුං කැරලිද ගන්නේ

 6. මල් බුලත්ද මඩ පුවක්ද ගන්නේ
    සාමිනි මේවා මොටද කියන්නේ
    ගතුවක් දුටුවම දෙන්ට කියන්නේ
    මෙකී සියලු දෑ පෙට්ටියක දමන්නේ

 7. පෙට්ටිය කාලිගෙ සුරතට ගන්නේ
    වැලිමැන්නා මාවතට බසින්නේ
    මග තිස් නම්වක් පසුකර යන්නේ
    සාමින් බැරි මගෙ දෙපය රිදෙන්නේ

 8. සාමිනි මගෙ ඉස්තලයද දන්නේ
    අවලස්සන කාලිය නොකියන්නේ
    තී සන්දයි මගෙ ගමන් තියෙන්නේ
    තිට බැරිනම් පෙට්ටිය මට දෙන්නේ

 9. මේ මොන අනුවණකමද කියන්නේ
    පෙට්ටිය දීලා කොහොමද යන්නේ
    සාමිනි මාගේ පණ නොතිබෙන්නේ
    සෙවනක් දුටු තැන සැතපී ඉන්නේ

 10. ගොසින් බැසපි වෙල්ලියෙ අම්බලමය
     ඒ අම්බලමේ වෙසෙන යකින්නිය
     වෙල පහලින් කට ආයා එන්නිය
     අද මගෙ ගොදුරකි අදහාගන්නිය


11. අහස් තලය මෙන් කට ඇරගන්නේ
නාග කදන් සේ දත් විහිදෙන්නේ
කෙලෙසද කාලිය අද ගැලවෙන්නේ
සාමිනි මම මොනවාද කියන්නේ

12. අම්බලමට මා බිල්ල බඳන්නේ
මා ඇති කල පව අදම ගෙවන්නේ
සී සී කාලිය එය නොකියන්නේ
මාගේ තෙදබල පාම බොලන්නේ

13. කියා තමන් සුළගිල්ල පොවන්නේ
සතර දිගින් ගිනි කන්දෙ මැවෙන්නේ
එම පිට පත්තිනි එලියට එන්නේ
දෙවනුව තම සුළගිල්ල පොවන්නේ

14. ඉස සිට දෙපසට වදුරු ගසන්නට
මන්ද සිටින්නේ වර අම්බලමට
බැරි සාමිනි පස ගලවා ගන්නට
දෙවනු වරත් ගත්තෙමි සිට එන්නට

15. කැසවට අකුලා පස්සට යන්නේ
 අතකට වයමින් සැලකර මින්නේ
මේ මොන අනුවණ කම්ද කියන්නේ
කුමන පවද ඔබ කර ඇවිදින්නේ

16. රැකෙනට බැරිය සාමනෙයි කියන්නේ
මාගේ සරුපේ නුඹ අහපන්නේ
මාගේ නර ලොව නම් නොකරන්නේ
ඇසල මසට පෙරහැර අරගන්නේ

17. අං කෙළි පූජා නුඹ අරගන්නේ
මාගේ ඔසරිය නුඹ අරගන්නේ
මාගේ අවුගොත නුඹ අරගන්නේ
මාගේ රුවට රුව නුඹ අරගන්නේ

18. මාගේ නර ලොව බාරවයන්නේ
හිමියන් ගිය රටකයි මම යන්නේ
මේ ගිය ගමනින් නේවි බොලන්නේ
සාමිනි දිය පත්තිනි වඩිමින්නේ

19. එතනින් පත්තිනි සඳ වඩිමින්නේ
ගොපලුන්ගේ විදියට බසින්නේ
ගොපලු දුවක් ඉස්සරට බසින්නේ
මේ කාගේ නුවරක්ද බොලන්නේ

20. වීදිය පසුකර ඈතට බැස ලා
ගොපලුන් ඇවිදින් ඉස්සර කර ලා
කොයි යනවද ලඳ තනි මග බැස ලා
හිමියන් උදෙසා යමි මග බැස ලා

21. ක න ට දෙමික්කන් මෙවර දෙඤඤ යි
ක ර ට පදක්කම් මාලය දෙඤඤ යි
ඇ ග ට රනෙන් හැට්ටේ පොරවඤඤ යි
අතට ගිගිරි බැඳ වලලුත් දෙඤඤ යි

22.  පයට පදක්කම් පා මුදු දෙඤඤ යි
ඉනට කසී සළු දිව සළු දෙඤඤ යි
ඇඳට වියන් පට පිළි අතුරඤඤ යි
අදට නවාතැන් මෙ නුවර දෙඤඤ යි

23. මේ කාරණා කිව්වත් මම නොසිටි මි
 හිමියන් දුටු තැන යහනේ සැතපෙ මි
හිමියන් ගිය මේ මග බැසලා ය මි
ගොපලුන් කිවත් අද මම නොසිට මි

24. ඇල්ලෙක දිය කෙළිනා මෙනි ලා ගේ
වැල්ලෙක බැස යන මෙනි අනුරා ගේ
කෙල්ලක ඇඳි රුවටත් වැඩි ලා ගේ
කෙල්ලක දෝ සැගවී යන කා ගේ

25. වීදිය පසුකර ඈතට ය න්නේ
ගොපලුන් අද මට පැනපිබොල න්නේ
 මාගේ හිමියොයි මට බන්න න්නේ
බැන්නත් හිමියට පව් නොපිරෙ න්නේ

26. කාවෙරී ගඟ ගාවට අපි ය න්නේ
වැසි නැති වතුරක් ඒ ගඟ එ න්නේ
මන්ද තොටිය තෝ ඔරු නොපදි න්නේ
මවෙද අඟනෙක් මෙගොඩ සිටි න්නේ

27. කාටද අඩියෙයි බැන දොඩව න්නේ
ඔහොම ගෑණු දෝ මෙ නුවර ඉ න්නේ
ඔහොම අයට අපි ඔරු නොපදි න්නේ
ඔහොම ගෑණු දෝ ඔරුවේ ය න්නේ

28. මාගේ අයියෙයි මට නොබනි න්නේ
කෙල්ලෙක් ඕනෑ තම අරග න්නේ
කෙල්ලෙක් වටිනා මිළ අරග න්නේ
ඒ අරගෙන වත් එගොඩ කර න්නේ

29. මේ මොන අනුවණ කම්ද කිය න්නේ
මේ ගහ රජුගෙන් තහංචි ව න්නේ
කුමටද අයියෙහි තහංචි ව න්නේ
කොයි කොයි හැටි දෝ මට නොදැනෙ න්නේ

30. අහසට පොළවට දොස් කියමි න්නේ
දුක් කොයි දෙවියෝ දෝ මට දු න්නේ
සුරනෙත් පේරැස් මුදු ගලව න්නේ
දෝතෙන් රන් මුදු ගඟට දම න්නේ

31. ඉහළින් ගඟ දිය ඉහලට බෙදු නේ
පහළින් ගඟ දිය පහළට බෙදු නේ
දෙ‍ගොඩ තලා මත සුදු වැලි ඉසු නේ
එතනින් පත්තිනි සඳ වඩිමින් නේ

32. තොටියගෙ වරිගෙට වදුරු සග න්නේ
තොටියා ඇවිදින් වැඳ පෙරළෙ න්නේ
දුවිද හපන් කම් තොටියෙයි උ න්නේ
එ දුක් නිවා එතනින් විසිමි න්නේ

33. වෙඩිලක් තැබුවා සේම ඇසෙ න්නේ
දෙකට බෙදුනු දිය සමාදි ව න්නේ
කොහොමද සාමිනි පේරැස ග න්නේ
දෙපතුල ගාවා ඇවිත් තිබෙ න්නේ

34. එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ
 මඟ සැමගෙන් හිමියන් විමස න්නේ
මග සැට ගව්වක් පසුකර ය න්නේ
මාගේ තෙද බල පාමි බොල න්නේ

35. ගහ මුල සෙවනට ගොසින් බසි න්නේ
 නුග මුල සෙවනේ සැතපී ඉ න්නේ
ළමයින් දෙන්නෙක් කෙළ කෙළ එ න්නේ
කොයි යනවද ලමයිනි තොප දෙ න්නේ

36. කාටද අඩියෙයි මැත දොඩවන් න්නේ
මෙනුවර රජුගේ කුමරුන් දෙ න්නේ
පල්ලියෙ අකුරට ගොස් බඩ ගි න්නේ
යනවා කුමටද තොප විමස න්නේ

37. ගෑණු මෝඩකම් බෝය බොල න්නේ
ගෑණුන් කී බස් අදහ නොග න්නේ
විලඳද අතිරස කෝ දැන් ක න්නේ
දෝසිද නවසිද තැඹිලිද බො න්නේ

38. අග්ගලාද කිරි උණ්ඩද ක න්නේ
තල කැරලිද මුං කැරලිද ක න්නේ
මල පුවකුත් මඩ පුවක්ද ක න්නේ
මෙකී දෙයින් දැන් මොනවද ක න්නේ

39. සි සී ලඳුනෙයි නොකමු බොල න්නේ
රාජ කුමරු හට ඉඳුලි බොල න්නේ
ගොයිදුල් තැටියේ මේ වඩමි න්නේ
එහෙනම් නුඹලා මොනවද ක න්නේ

40. හකුරුත් රඹකැන්වද අපි ක න්නේ
කරේ තිබුන සළුපට ඉරව න්නේ
කෙල්ල අතට දී  කඩේ අරි න්නේ
කඩ කරුගේ සිත සමාදිව න්නේ

41. මේ ලොව වස්තුව දුන්නත් සි න්නේ
එක එක අගලට නොවමි බොල න්නේ
කෙල්ලනි මේකට මොනවද ග න්නේ
හකුරුයි රඹකැන්ද අපි ක න්නේ

42. දෝත පුරාලා කෙල්ලට දු න්නේ
කෙල්ල ගෙනත් සාමින් අත දු න්නේ
පත්තිනි සඳ කුමරුන්ට බෙද න්නේ
කොහොමද ලඳුනෙයි දියවර බො න්නේ

43. වීදියකින් කොතලේ ගෙන්න න්නේ
සි සී ලඳුනෙ නොබොමු බො න්නේ
රජ කුමරුන්හට ඉඳුලි බොල න්නේ
එහෙනම් කොහොමද දියවර බො න්නේ

44. සිට ගල පිට සිරි පතුල ඔබ න්නේ
මානෙල් මල් ඒ විගස මැවෙ න්නේ
ඔන්න මලෙයි දියවර බලප න්නේ
අයියෙහි මේ ලඳ කවුද බොල න්නේ

45. ගොපලුන් විජ්ජා කෙනෙකි බොල න්නේ
සී සී අයියෙයි එය නොකිය න්නේ
තෙද ඇති පත්තිනි කෙනෙකි බොල න්නේ
මොනවද ලඳුනෙයි අපෙන් අස න්නේ

46. මිනිසෙකු මැරුවාවද විමස න්නේ
දවසට දහසක් මරති බොල න්නේ
කොයි කොයි සැටිදෝ මට නොදැනෙ න්නේ
සළඹ සොරෙක් මැරුවද විමස න්නේ

47. ඇයි අයියෙයි උපමා නොකිය න්නේ
කෑකොට කොහොමද නොකියා ඉ න්නේ
කටින් කීවොත් කට ඉරති බොල න්නේ
පිය රජ කට දිව කපති බොල න්නේ

48. අතින් කීවොත් අත කපති බොල න්නේ
කටින් කීවොත් කට ඉරති බොල න්නේ
අප කී බව ලෝ පල නොකර න්නේ
කොසඹ රුකේ යට මරලා ඉ න්නේ

49. සත් දවසක් ගණනින් පසුව න්නේ
එතනින් පත්තිනි සඳ වඩිමි න්නේ
වරලස උනමින් පිටට හෙල න්නේ
විලාප කියමින් හඬා වැටෙ න්නේ

50. සලෙලු බොළඳ කළදා සිට  ඉඳලා
එක වහලති නේ සිනිඳු මෙමා ඔත් දාසි ට ඇරලා ආ ගමන් අ නේ සම්බානෙන් ආදා සිට

ඉන්නවද මේ දුක් දුනු නේ
දැන් මේ සැප හොඳද නුඹට  ඇරලා ආවද මෙතනේ



51. ඉන් ගරුකර මහිහි සඳු ට
සිත් ගරුකම් පෙන්නූ වේ පින් මදිවිදෝ මෙනුඹ ට
 කොසඹ මුලට ගෙන්නු වේ අත්හැර දමමින් මෙ ර ට
 මැරුවයි හිමි ඇන්නෑ වේ දන් මේ සැප හොඳද නුඹ ට
පඬ් රජ බල පෙන්නු වේ

52. මගෙ ගන රන් එසාමි නේ 
ගත ගන රන් සිට වැ ල්ලේ දුක මට මගෙ හිමි සඳු නේ කොසඹතුරේ සෙවනැ ල්ලේ දැන්

මේ සැප හොඳද අ නේ
සළුපිළි නිදි නැති එ ල්ලේ මල් මද  මගෙ හිමි සඳු නේ
සැප නිදිදෝ රව වැ ල්ලේ

53. පඩියට බස් තෙපල ද්දෝ 
නෙත දෙන කඳුලැලි බෝ වී නඩු ඇත්නම් මරව ද්දෝ
ලත ලවනත උණුවේ වී මගෙ හිමි මිස වෙන නැද්දෝ
සිත සෙනෙහස කුණු බෝ වී පඩියට නිවනක් ඇ ද්දෝ
කොහොමද අයියෝ පා වී

54. මල් මද අනුරාග මති න්  දහසක් පූජිත මෙලෙසි න්
මම දුක් විඳ ආමි රටි න් සක්වල ඇති නපුරට දුටි න්
නුඹ ඉන්නේ මෙවැලි පිටි න්
රූපත් රන් කඳව ඉති න් රන්වන් හිමිසඳ නැගිටි න් පෝසත් මගෙ හිමි නැගිටි න්

55. නොකරන වද කරව ඤ්ඤයි 
පිරි කදුලු ඒය වටින් ඒක ගිනි වැට බන් දඤ්ඤයි සියොලඟ උණුවේය ඉතින් හිමි සඳ නුඹෙ

පලි ග ඤ්ඤයි
බැරි ඉවසා ඉනට ඉති න් පඩියගෙ වද අරව ඤ්ඤ යි
ගරුතර මගෙ හිමි නැගිටින්

56. කෙල්ල අඬන අඬ නැසේ ද
ලොල්ල වඩන මෙනුඹට වා ද
කෙල්ල දැකපු රුව මැකුනා ද
වැල්ල දරා නිදි ආවෙ ද

57. ගන රන් වන් රසාමි නේ
දුක මට ‍මගෙ හිමි සඳි නේ
නොකියා ආ ගමන් අ නේ
තව සැප නිදිදෝ ඉති නේ

58. ආම මෙතන තරහ පිටි න්
කීවා නුඹ බස් මෙලෙසි න්
මගෙ ගුරුකම් බලා සිටි න්
සාමිනි හිමි සඳ නැගිටි න්

59. දෙන්න හඬති කොසඹ යටි න්
විදිනා දුක් සෝ මෙලෙසි න්
බැරිය ඉවසා ඉන්ට ඉති න්
සොඳින් මහිමි සඳ නැගිටි න්

60. ලොබලා අනුරාග මති න්
සුරගුරු මම ආමි ඉති න්
මගෙ ගුරුකම බලා සිටි න්
සාමිනි හිමි සඳ නැගිටි න්

61. කල් ඇරගෙන උනිමි ඉති න්
පින් මදිද ආමි ර‍ටි න්
දැන් මේ සැප හොඳද ඉති න්
මල් මඳ හිමි සඳ නැගිටි න්

62. නුඹ රන්කඳ මැලවෙ න්නේ
මගෙ සෙනෙහස වැඩිවෙ න්නේ
ගුගුරා අද ලය ද න්නේ
හිමි සඳ නුඹෙ පලි ග න්නේ

63. ගොපලුන් ගෙන් බැණුම් ඇසි මි
තොටියා ගෙන් බැණුම් ඇසි මි
කුමරුන් ගෙන් ඔත්තු ඇසී මි
දුක් විඳ මෙතනට ආවෙ මි

64. නුඹ ආ දුර කතර අ නේ
බාධා දැක කිම අ නේ
නාසා ඇයි දැයි මෙත නේ
දාන් මේ සැප හොඳද අ නේ

65. මගෙ ගණ රන් එසාමි නේ
මට වෑවුම බැරිය අ නේ
නුඹ ඇවිදින් වැටී ග නේ
මට මේ වද බැරිය අ නේ

66. බස් රසවත් හිමි සඳි නේ
නුඹ පාරේ ආ අමි නේ
මමවද දැන් නිවට උ නේ
කවදා පණ ගනිමි අ නේ

67. කොමල පතුල් පෙතිසෙ දුටි න්
නිමල කරඩු බලා සිටි න්
කොමල පතුල් දෙක දෙපිටි න්
නිමල මහිමි සඳ නැගිටි න්


68. මම කඳුලැලි වාසීම්
මා දැන් තනි මග ආවෙමි
මා දැක මේ දුක් නොදැනිම්
මා මමවද මේ නුඹෙ අම මා


69. යහපත් ලස්සනට ඉති න්
මදුරාවේ කොසඹ යටි න්
රූපත් රන් කඳට ඉති න්
මේ දුක් වැදුනාද ඉති න්

70. බාල වයස දුක් විඳ ලා
ආමි වසින මඟ බැස ලා
වසින නුඹ කැටුව බ ලා
කාලි හඬයි පය වැදි ලා

71. යකිනට නර ලොව දී ලා
අප කන්නට ආමි බ ලා
ඇවිදින් කඩවත රැක ලා
පිට දී උන්ගෙමුව බ ලා

72. ඇවිදින් ගඟබඩ සිට ලා 
සලඹ අතට ගෙන කිර වා
තොටියට එතනදි බැන ලා
තරහලු මේ මිල කි වා

73. ගඟ දියවර වෙන් කර ලා
බොරුවෙන් බස් තෙපලු වා
වැල්ලෙන් මෙගොඩට පැන ලා
නිවැරදි මගෙ හිමි මැරු වා

74. කුමරුන් දෙන්නෙක් දැක ලා 
දුක් විඳලා ආපි රටි න් ගල මැඩ දියවර දී ලා
උණුවෙල සියොලඟ මෙලෙසි න් උන්ගෙන් සළකුණු අහ ලා
බබලයි අනුරාග සිති න් කොසඹ මුලට ආමි බ ලා
මහිමි සඳුනි නැගිට සිටින්

75. තෙද අණසක ලොව පවති න 
ඇඟ මැලි කඩමින් සිට සැඟවුනු දිවගොස් අඳුරෙ න
ඇස් ඇර බලමින් වට පිට පතිනි ගලඹ ගත්තා දැ න
තොස් කරවන මහිමි සඳුට වෙව්ලා පඩි රජ බියගෙ න
නැගිට සිටිත්දැයි එම වි ට

76. බෝසත් එම පත්තිනි සඳ 
මා එනදා දුන්නු අත ට සේසත් කරමින් උන් ස ඳ
සලඹ අරන් ආමි නොර ට සෝසත් කරමින් උන් ස ඳ
වැදුනෙත් මදුරා‍ පුරය ට සේසත් ගත්තේය නිබ ඳ දුටු දේ තරහලු විගස ට

77. එසඳ දිලෙන සඳ මඩ ලා 
ඉරිදා ලක්සනට ඉති න් සැඟවුන දිවයුරු මඩ ලා
යොදවා මගෙ ඇඟ දවමි න් එනිරිඳු සිත ඔද වැඩි ලා
බැරිද ආවෙමි නොරටි න් ගත හැකිලිය සෙනෙහඩ ලා
ඉරිදා හිමිසඳ නැගිටි න්

78. සිත තුළ පිරසිදු රැකි යෝ 
උන් දිගේ එදා මති න් බැහැර නොගොස් මමත් නිතර ආමි රටි න් ‍ගෙයි වැසි යෝ
මගෙ පින් මදිදාට ඉති න් ඒ පුර පඩි රැට වැසි යෝ
ලොගතු මගෙ හිමි නැගිටි න් මේ කිමදැයි පිළිවිසි යෝ

79. තම්මැට චාමර ගත් තෝ 
මා සිටුවා නවාතැ නේ රන් රිදි ඈ කඩු ගත් තෝ
නුඹ ආදයි කතර අ නේ මින් කෙටේරි දුනු ගත්තෝ
සිටියෙයි ඔබ එතෙයි අ නේ මුන් හැමෝම බියගත්තෝ
සිහිනය දැක ආමි අ නේ

80.එදක් රජුන් වඩිමින් බෝ
 කියමින් තරහලු එම වි ට පඬි නිරිඳුන් වහසින් බෝ
ඉස්සර කරමින් පැහැ සි ට ඇත්තුද බිය වදිමින් බෝ
ගොසින් එන්න උගෙ වෙව්ලා සිට සක් පිම් බෝ
ගෙදර ට සැරසිය පුටුවක් ඉන්න ට

81. රා කන්සා බී මත් වූ සලඹ අතට
  ගනිමින් සි ට නුගුණැති අය යහපත් තු කරවා උගෙ සිත් පිරිය ට
මේ විකුමෙන් සුවපත් තු බර බලවන්නට
එම වි ට බමුණෝ සිට ජය ගත් තු යනව කිව්ව ගහවටි ලඟ ට 
පින් කළ මගෙ හිමිසඳ හ ට 

82. මෙලොව මෙලෙස වූ කල යේ මම තෙද බල පෙන්වමි සිට
පත්තිනි නම් බල පෑ යේ මන් පුර බල පාමි සොඳ ට
රුවන් ගිගිරි කොලහල‍ යේ මමවද පත්තිනි මෙලොවට
ගැහු සලඹ මිහිතල යේ


83. සැම මම ඒ ලද රොස් සූ
 වට පිට එන ලෙස රුදු නිරිඳුන් පසු බැස් සූ
සෙලවු නි දැවෙන ලෙසින් නොවලස් සූ
සලඹ බිදී වැගිර එයි නි බිය වැද වේව්ලති අස් සූ
ඉක්මනින්ම රජුන් වැටුනි හකු පිට වැදි ලේ සෙලවුනි

84. පිට පිට එක ලෙස සෙලවූ න
රැදි මුව තුඩ ගලා එමි න
පත්තිනි සඳ දෙස බලමි න
කරබා සිට සුසුම් ලමි න


85. ගනිමින් රත්තරන් ලොව වැසිය න්නේ
රැකෙමින් දවසැර බොරුම කිය න්නේ
මා මේ දන්නා රන්කරුව න්නේ
කුමටද නිවැරදියන් මරව න්නේ

86. රජ දහමේ කිසිවක් නොම ද න්නේ
යම් දෙයකුත් දුර දිග නොබල න්නේ
අවැඩ දියත් වැඩකුත් නොකර න්නේ
අද තව නිරිඳුනි කුමක් කර න්නේ

87. නි රි ඳු න් පෙර කළ පින්මය නුවණැ ති
සොබමන් රජ දැ දැහැමෙන් තොපව ති
රජ දැන් කෝ මඳකුත් ගුණයක් නැ ති
එළුවන් ගේ නන් කිරි බීමක් නැ ති

88. නුවණක් නැති මැතියන් පිරිවර කො ට
උන්නා මිස මේ සිංහාසනෙ පි ට‍
සිත දල ලොබ ඇති සිවලෙකු වට කො ට
උන්නා වැනි සිවලෙකු නියරක් පි ට

89. දැන් සැපතට ලොබ වූ සිතුවි‍ල්ලෙ
කි පින් පව් දෙක නොදනිති ඌ කොල්ලෙ
කි රජ යයි යනු මිස ඌ පඩි බල්ලෙ
කි දඹදිව සැම නිරිදුන්ගේ කොල්ලෙ කි



90. මෙලෙසින් බණිමින් බස් නිදන් කො ට
අසමින් බවසා ගොස් වැද රජ ගෙ ට
කියමින් දැම්මේ දොරගුළු එම වි ට
කිපෙමින් ලැව්වේ ගිනිකඳ රජගෙ ට

91. සලඹ සොරුගෙ අඹු මොක දැ කිය න්නේ
තනේ කඩා තීට කවමි කිය න්නේ
ඉඳුල් තනේ මගෙ කුමට තිය න්නේ
කඩා අතට රන් තැටියෙ ගස න්නේ

92. ගැසූ විට එම රට ගිනි ගෙන ද න්නේ
බොරුවයි කි කෙනෙකුගෙ කට ද න්නේ
පත්තිනි දෙවියන් බලේ මෙතැ න්නේ
මාලිගෙදා ගොස් අලු ගොඩ ව න්නේ


93. මඳකුත් අඩු නොව ලකු ණු
මිහිදුන් අත නොව වැකු ණු
පයෝදරත් අතින් දකු ණු
කඩමින් හඬ ලෙසින් අකු ණු

94. මදුරා පුර නගර තුන ය
දෙදරාපිය මෙහැම තැන ය
මෙන් දිලිසුණු රන් කොත් හු ය
මාලිග දෙස ගැසූ තැනම ය


95. පඬි රජුගේ වටින් පිටි න්
නික්මෙයි ගිනි සලා පිටි න්
පුපුරු ඉසුරු කෙමද තුටි න්
රජ මාලිග දැවී වැටි න්


96. විටින් පිටින් ගියෙ ගිනි ක ඳ
දොස් කී බිසවුන්ගේ සො ඳ
අත අල්ලා පත්තිනි ස ඳ
ලත්කොට සිත ගත්තු ලෙස ඳ


97. නිමා එගිනි කන්ද නපු රු
තැන තැන වාසල් රුසි රු
දොර දොර වාසල් සතු රු
බිඳ ගෙන දුම විත් පුපු රු


98. ගිරා මොනර පරවියනු ත්
කොණ්ඩ කුරුළු සැළලිහිණි ත්
තාරාවෝ හංසයනු ත්
කුරුළු කොබෝ මලිත්තනු ත්

99. ඇත් අස් ගව මහීසනු ත්
මුවන් ගෝන බැටළුවනු ත්
ඌරු සිවල් කුකුළුවනු ත්
වඳුරුද ඇටි කුකුළුවනු ත්


100. පොල් පුවකුත් දොඩම් ප නා 
ත ල් කිතුලුත් රඹ උය නා 
මල් අග පිපි දොඹ සපු නා 
ස ල් ගිරිතුරු කතුරු ප නා


101. පැතිර නුවර එකට ද වා
දුවත එ ගිනි කඳ කර වා
 මෙසැම සියලු නොවරද වා
ඇද ළූ පිටිතර බඳ වා

102. තොවලමින් ලොව ඇල දි ය
බොරු කී නොදැනම සේව ය
තරහල ඉන්නා වීදි ය
නොහැරමි ගිනි දැල් විහිදි ය

103. දළදා ගොප් පිළිම ගෙව ල්
මල්පැල බණ දෙසන ගෙව ල්
සඟගන වැඩ ඉඳින ගෙව ල්
එනුවර දේවාල ගෙව ල්

104. පින්වත් යුදනන් ඉඳි නා
වෙළඳ එ ගොවි කුළ ඉඳි නා
ගොපලුන් රදවුන් ඉඳි නා
විදි නොදා ගිනි දුව නා

105. ඒ දැක සාතා රජු කිව් මෙලෙ සා
බෝ දුක් නොකරන් පත්තිනි නොල සා
දෝතම තබමින් වැඳලා මෙලෙ සා
බෝ දුක් නොකරන් නරසින් වන සා


106. මෙලෙසින් සාතා රජු හට වදිමි න
නිවන්නට කිව් ඒ ගිනි විගසි න
මරවන්නට පඬි නිවැරදි මිනිසු න
නුඹ උන්නේ ඇඹ නුදුටුව විලසි න

107. පවසා මේ‍ ලෙස සානා රජු ටා
නවතන්නට කිව් පත්තිනි එවි ටා
දෙවනොත් බෙරලා අයබදු මෙම ටා
නවතිමි කිව් ගිනි ඇවිලෙන තද ටා

108. තොරතුරු අසමින් කිව මේ පින්ව ත්
බරවායෙක් වත් නැත බෙරයක්ව ත්
මරා එ සිරිමා මුනි කී එපව ත්
කර අමුතුම බෙරයක් ගෙන්වා ග ත්


109. බෙර ලවමැයි කී සාතා ර ද
කරතොත් රජුගෙන් එළදෙන සො ද
දෙවතොත් ඒ හැර වෙන නැත කී ස ඳ
 අරගත් ඒ දෙන්නගෙ සැම බස් සො ඳ


110. එබැවින් එළදෙන මරමින් සම ගෙ න
සඳවත් බෙර ගෙන ගසමින් බෙර අ න
ඇවිදින් වැඳලා පත්තිනි කියමි න
තම දෙන මැරුවා අසමින් වෙන වෙ න

111. වරයක් මුදවා තම සිත ලෙස ටා
මැරු දෙනගේ හම් ‍දැමුවේ ඇඟ ටා
පරසිඳු පත්තිනි තෙදබල එවි ටා
සුරිඳුද දකිමින් විය සිත සතු ටා

111. එළදෙන එම විගසින් නැගි සිටි යා
 තම දෙන දැක සිත් දුක් වැද සිටි යා
ඉසිරෙන තන් ඇය තොල දී සිටි යා
කිරි දෙන දෙස ලංකර වසු පැටි යා

112. පිළිවෙල පෙර යදියන් කී විලස ට
කිරි දෝලා ගෙන්වා ගෙන සැලිය ට
සරිවන තොරණක් බන්දා නිඩ කො ට
කිරි උතුරයි දොර දොර ඉරු දෙවිඳු ට


113. සිත ලෙස යහපත් කරවා එමව ර
සොඳ ලෙස සුවඳැති මල් පුදවා හැ ර
පුදවා කර රුති බුලතෙන් හැම ව ර
ලිප බැඳලා කිරි උතුරා දොර දො ර

114. මෙලෙසින් කළ ඒ ලොව සැප විග සේ
මවා අමා විලකුත් ඒ වග සේ
තෙවමින් සළු පොටකින් එම විග සේ
ඉසිමින් පත්තිනි සෙත් කළ සතො සේ


115. එවනේ දෙවියෝ එක් වී මහි මා
 පවනේ  මල් වැසි වැස්ස වූ මහි මා
මිහිකත දොස් කී වතුරක් සේ මා
මදුරා පුර ගිනි නිමවේ එහෙ මා

116.  එගිනි නිවා මදුරා පුර වැඩ සි ට
දෙවැනි දුකක් නොවදින ලෙස මෙ ර ට
ගිනන නිවා සතහට පිහිටක් කො ට
වඩිති පත්තිනි වෙල්ලියෙ අම්බලම ට

117.  සෙනෙවි රදුන් හා බිසවුන් ග ට
පාවා දීලා මදුරා පුර ර ට
එ දුක් නිමා නරලොව ගලවා සි ට
වැඩියයි පත්තිනි දෙව් ලොව සැපත ට

118. එක්සිත් කර පත්තිනි උනි එම ස ඳ
සත්සිත් කල්පය පැවති අණස ක
එක්සිත් වූ මගෙ කඩුව ගෙනත් සො ඳ
සත්පත් තිනි නම් පවසන නිවර ඳ

119. උන් වාසල සිට නොම ගොස් නොමැ ලී
 උන් මගුලැතු පිට නැගෙමින් නොමැ ලී
රොස් නොව පිහිටා සතහට නොමැ ලී
ගොස් උන්නයි අම්බලමේ වෙල් ලී

120. මෙපුර වැස්සෝ නා කෙනෙකැ යි තුටු කො ට
 එපුර කෙනෙක් දැයි ආවේ මෙපුර ට
ගොසින් එ පඬිගෙ පුර ගිනි ලා සි ට
වැඩියයි පත්තිනි දෙව් ලොව සැපත ට


121. ගෙනා රතේ දැක සත්තේ සමූහ න
 පමා නොවී බුදු බවම පතාග න
මෙවා දහම් සිල් සිතිනී දරා ගෙ න
ගෙනා රතේ පිට වැඩියයි නොලසි න

122.  පිනට සිතේ ආසා නො වි
රතයට ගොස් නොපමා වි
මෙලෝ මෙදුක් පිහිටා වි
තුසිත පුරයට ගොස් පේ වි

123. එක මිනිහෙක් මම පැතුවේ මි
දුක්විඳ හිමි කැටුවම එ මි
 එන මෙත්නේ මුනිඳු දකි මි
‍මමත් පිරිමි බවක් ලදි මි

124. සදෙව් ලොවට නාග ලොව ට
දස දහසක් සක්වල ව ට
කෙල සක්වල දෙවියෝ යි ට
සාදුකාර දිදී මෙවි ට

125. රන් ආකරයක් සර සා
මවමින් දෙවියෝ විග සා
මම බුදු බව පැතු නි සා
දකිමි නිවන් මෙ බණ අ සා

126. සතර දේවා ලේ  වරද කළ අප හැ ම
දෙවියන් හැම වේ ලේ දුරැර නිති සිතමි පෙ ම
නුවන් දුන් බා ලේ සියලු ආසිරි දි ම
රකින් සිරි දී රකින් සව් සරවරන් බොහෝ කා ලේ අප හා ම

127. වැසි ලැබුව සේ  ඉසුරෙන් උමාව න්
වැසි ගිනි නිවුවා සේ රුසියෙන් සිරි කමාව න්
ලෙඩ දුරු උනා සේ පතිනි සිරිමාව න්
රකින් බෝවා මෙ අප වරදක් දුටු කලක් සැප සේ සමාව න්

Friday, June 12, 2020

Beyond Saving - බයියා ජනතාව


ලංකාවෙ දේශපාලන වහල් භාවයෙන් ඉන්න අතිබහුතරය එහෙමයි. එයිනුත් බයි වහල් මානසිකත්වයේ ඉන්න අය 99%ක්ම වගේ එහෙමයි. ඒක පැහැදිලි වෙන්නෙ, සුනිල් ජයවර්ධන කියන කෙනාව මැරුවාම, එයා එක්ක අවුල් තිබ්බ මහින්ද කහදගමගේ සහ පිරිවර දාපුවා, කියපුවැයින්.
රටම දන්නවා මහින්ද කහදගමගේ කියන චරිතය. අන්තිමට අපිට මතකයි තරුණ සමුළුවටත් ගිහින් හිටියා. ඒ ඇර වත්මන් ආණ්ඩුව ගේන්න සෑහෙන වැඩ කල අය.
- අර ඝාතනය උනත්, ලීසින් කොම්පනි වලට බැර කරාට, පෝස්ට් සහ කමෙන්ට් එක්ක බැලුවාම තද වෛරයකින් සහ ද්වේෂයකින් හිටපු බව පැහැදිලියි.

- 2500ක ඉතිහාසෙ පලවෙනි වතාවට සිංහල බෞද්ධයන්ට සිංහල අලුත් අවුරුද්ද නෑ, වෙසක්, පොසොන් නෑ. කතෝලික අයට පාස්කු ඉරිදාව නෑ. මුස්ලිම් අයට ඊද් නෑ.
හැබැයි තොණ්ඩමන්ගෙ මල ගෙදර, උත්සාවාකරයෙන් විතරක් නෙමෙයි එයාගෙ පුතාගෙ අභිෂේකය වගේ කලා, කොරෝනා අස්සෙ. මාස්ක් නොදාන මිනිසුන්ට පොලිසියෙ හැසිරීම අපි දැක්කා. ඇමරිකන් එම්බසිය ඉස්සරහ උද්ඝෝෂණ කරපු මිනිසුන්ට සලකපු හැටි අපි දැක්කා. හැබැයි තොණ්ඩමන්ගෙ අවමගුලට වචනයක් නෑ වැරදියි කියල..

- වෙන රටවල ආහාර ඇතුළු ගොඩක් ඒවයේ මිල ගණන් පහල යද්දි, රටවල් ගානක මාසෙකට මුදල් දෙද්දි, අපේ හැමදේම ගණන් වැඩි වෙනවා. රු 5000 දෙන්නෙත් යාචකයන්ට දෙනව වගේ පෝලිමට අරගෙන.
වතුර, ලයිට් බිල් අසාමාන්‍ය විදියට වැඩියි. අවු 20කටත් එහා තෙල් වල මිල අඩු උනාම, අපිට ඒවයේ කිසිම වාසියක් නෑ. වීරවංස වගේ චරිත කිව්වෙ ලෝක බැංකු ප්ලග් එක ගලවන කතා. ඒත් ඇත්තටම කරන්නෙ දේශප්‍රේමිත්වය පෙන්නලා, තමන් ඉහලම සැප - වරප්‍රසාද එක්ක වැජඹෙනවා. මිනිස්සු අන්තිමට දුක් විදින්න ඕන මේ පෝසත්තු යප්පවන්න..

ඉතින් මේ බයියල කියන මිනිසුන්ව බේරගන්න බෑ. එයාලගෙ හැසිරීම අනුව එයාල මනුස්සයෝ වෙන්න බෑ. ඒ කියන්නෙ දෙවියො ගැන නෙමෙයි, මනුස්සයන්ට වඩා පහත් අමනුස්ස කොටසක් වෙන්න ඕන.
අර කහදගමගේ පිරිවර කමෙන්ට් සහ ඒව බලද්දි කර්ම ශක්තිය ගැන කියල තිබ්බා. කර්ම ශක්තියත් එයාලට ඕන විදියට වෙන දෙයක් වගේ. එහෙව් චරිත..

- කලින් ආණ්ඩුවේ වැරදි තිබුනා. ඊටත් වඩා නොහැකියාව තිබුනා හරියට මාධ්‍යයට දීගන්න බෑ වගේ. ඒවට ඒකාලෙ හිටිය ජනමාධ්‍ය ඇමතිවරු වග කියන්න ඕන. මට මතකයි මම දන්න රාජ්‍ය නාලිකා වල අය මට කිව්වා, ඇමතිතුමා ආවාම දෙකට නැමිලා බුලත් අත දුන්නට දවසම කරන්නෙ ආණ්ඩුව වට්ටන්න වැඩ කියල. එහෙව් චරිත වල ෆේස්බුක් එකවුන්ට් එක බලද්දි ඒවයෙනුත් ඒක පැහැදිලි උනා. ඒව තේරුම් ගන්න බැරි චරිත කියන්නෙ මන්දගාමි, පසුගාමි, උදාසීන ලක්ෂණ. ඒවයේ ප්‍රතිඵල තමයි මිනිස්සු අවු 4-5ක් එකදිගට බොරු අහලා ඒවා ඇත්ත කියල හිතෙන තත්වෙට ඇවිත් අන්තිමට ආණ්ඩුව නැති උනු එක.
කොහොම හරි ඒ ආණ්ඩුව කරපු, ගැබිණි මව්වරුන්ට දුන්නු රු.20,000 පෝෂණ මල්ලත් මේ ආණ්ඩුව නැවැත්තුවා.. ඒ තරම හොද ආණ්ඩුවක්.. කතාව රට - ජාතිය බේරගන්න - දියුණු කර්නන...

- සමහර අය අහනවා ස්වාධීනද කියල මං ගැන. මම ස්වාධීනද මංදා.. කලින් ආණ්ඩුවේ වැරදි වෙද්දි, ඒවා එවකට හිටිය ඇමතිවරු සමහරුන්ට මූණටම කියන්න මට පුලුවන්කම තිබ්බා.
රාජ්‍ය නිලධාරින් වැරදි දේවල් කරද්දි ඒවත් මුණගැහිලා මූණටම කියන්න පිටකොන්ද තිබ්බා...
( මතකයි මේ ආණ්ඩුව ආපු ගමන් එක ඉහල රාජ්‍ය නිලධාරියෙක්ට මම බොහෝම සැරෙන් කතා කලා මට චක්‍රලේඛ උගන්වන්න ආවා වැරදියට. අන්තිමට පිලිඅරගෙන එයාම නිහඬ උනා. නිදහස් අධ්‍යාපනයේ මුදුන්මල්කඩ තමන් කිය කිය ඒවට පිටින් වැඩ කරපු චරිතයක්. කෝම හරි සති 2ක් ඇතුලත අල්ලස් ගත්ත එකකට වැඩ තහනම් උනා)

#යථාර්ථවාදි ජනතාවාදියා #slpolitics #baiyapeople 

Monday, June 8, 2020

Guerilla Marketing 2005

මට හිතෙනවා තව තියෙද්දි චිත්‍රපටිය නතර උනා කියල... ඒක ඉතින් හරියට අහගන්න වෙන්නෙ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙන් තමයි..

~ Quotes from the Movie ~

●  ඔය රැවටීම කියන එක තියෙනවා නේද ? ඒක ආදරයේ අවසානය.
- හැබැයි දේශපාලනයෙදි ඕක වෙනස්. 
දේශපාලනය පටන් ගන්නෙම රැවටීමෙන් “

●  ඔය මහජන මතය කියන එක පරණ බංගලාවක තියෙනවැයි කියල කියන භූතයෙක් වගේ.
කවුරුවත් ඕක දැකපු කෙනෙක් නෑ. හැබැයි හැමෝම ඒකට බයයි. 
හැබැයි මම දැන්  ඔය අවතාර වලට බය නෑ.
මොකද දන්නවද ? ඔය මහජන මතය කියන අවතාර හදන්න ඇඩ්වටයිසින් ෆර්ම්ස් වලටත් පුලුවන් නිසා..

●  රාජ්‍යතාන්ත්‍රිකයො වැඩ කරන්නෙ ඊලග පරම්පරාව බලාගෙන.
දේශපාලනඥයෝ වැඩ කරන්නෙ ඊලග මැතිවරණය බලාගෙන..

●  දිවීම - අපි මොකද මේ දුවන්නෙ ? දාඩිය පෙරාගෙන අපි මේ දුවන එකෙ තියෙන ජොලිය මොකක්ද ? 
කිසිම ජොලියක් නෑ. කිසිම වින්දයක් නෑ.
කෙනෙක් දුවන්නෙ මොකද දන්නවද ? - කවුරුහරි එයාව ලුහුබඳින නිසා..
එක්කො ඒ කොලෙස්ටරෝල් වෙන්න පුලුවන්. එහෙම නැත්නම් වෙනත් ප්‍රබල හතුරෙක් වෙන්න පුලුවන්..

හතුරා ප්‍රබල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනව.

“ සිංහයන් විසින් ගොදුරු කරගන්නා තරමටම මුවන්ගේ ධාවන වේගය වැඩි වේ “



#guerillamarketing #guerillamarketing2005 #JayanthaChandrasiri #jacksonanthony #KamalAddararachchi

Saturday, June 6, 2020

120 Million Photo Views




I think 120 million photo views are something to cheer up. 
 ( 1.6 M Video Views )
Level 10 - 504,000 Points

- 5720 Reviews ( 1.6 Million Review Views + 16,000 Review Likes)
1260 Helpful Reviews

- Answers 144,000
Facts Checked 48,112

තිස්ස ජනනායක සර්ටත් තේරිලා

Tissa Jananayake සර්ගෙ මතයද දැන් සනාථ කරන්නේ බහුතර ජනතාව ( නොවැ 17 ) බලාපොරොත්තු වූ දෙය සිදු නොවන බවට වැඩි ඉඩක් පවතින බවයි..

● මට මතක විදියට, වියත් මගට සම්බන්ධව කටයුතු කල අය කිව්ව විදියට වියත්මගෙන් වියතුන් 100කට නොමිනේෂන් දෙනවා. එයින් 50ක්වත් ජය ගනු ඇති.
- දැන් බලද්දි, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වැනි 1-2ක් හැරුණු විට 10ක්වත් නැති බව තේරෙනවා.. ඒ වගේම නාලක ගොඩහේවා මහතාගෙ දේශපාලනික කටයුතු ගැන හොයද්දි තේරෙන්නෙ ඔහු ජය ගැනීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කලත්, මුදල් වියදම් කිරිමේ හැකියාව අතින් ඔහු එතරම් හොද තැනක නැති බවයි. ෆේස්බුක් කැම්පේන් එක තරමක හොද මට්ටමකින් පවති.
චන්න ජයසුමන ගත් විට ඔහුටද අනුරාධපුරය තරමක අභියෝගයකි. ගම්පහට වඩා වැඩි අවස්ථාවක් අනුරාධපුරයෙන් ජයගැනීමට ඔහුට තිබේ.

‍● වියතුන් පාර්ලිමේන්තුවට කියන මතය හැදුවේම, පහුගිය ජනපතිවරණය ඉලක්ක කරගෙන බවත් සැබෑවට එහෙම උවමනාවක් නොතිබුනු බවත් දැන් තත්වයන් අනුව පැහැදිලියි. අවසාන පාර්ලිමේන්තුවේ සංයුතිය බැලුවාම මතක විදියට 50%කට වැඩි පිරිසකට  උපාධියක් තිබුනා. පශ්චාත් උපාධි වගේම ආචාර්ය උපාධි තියෙන 10කට ආසන්න ප්‍රමාණයක් හිටියා.
පහුගිය ආණ්ඩුවේ ජනතාවට තරමකට එපා වුනු රාජිත සේනාරත්න දන්ත වෛද්‍යවරයෙක්. මේ ආණ්ඩුවෙ අමුතු කතා කියන බන්දුල ගුණවර්ධන, උදය ප්‍රභාත් ගම්මන්පිල, නිරෝෂන් ප්‍රේමරත්න, එස්බී දිසානායක වගෙ අය හැමෝම වගේ උගත් අය.


ආණ්ඩුවට අකමැති වීම පෞද්ගලික මතයක් උනත්, පවතින ආණ්ඩුවේ මේ හැසිරීම සහ ආණ්ඩුවට සම්බන්ධ අයගේ කිසිදු කැපවීමක් නැතිව සමස්ත ජනතාවට දැරිය නොහැකි තරමට බර පැටවීම තුල ජනතාව පත්ව ඇත්තේ දැනටද බොහෝම අවදානම් තැනකට බව හිතෙනව..
ආණ්ඩුව ගේන්නට වැඩ කරලා, මේ ජයග්‍රහණය රටට ලබාදුන් ජනතාවට  ඇත්තටම සතුටු ඇති... හ්ම්...


#slpolitics #gota2020 #gotabayarajapaksa #lka 

Tuesday, June 2, 2020

Dheepan 2015

Ex LTTE carder and two other Sri Lankan refugees ( A woman & a girl ) flee to Paris and try to make a living there.

I have the curiosity to check all the facts related to the 30 Year War... Anyways this movie does not show the bitter truth of the War, very small time for it. The struggle they in when they are in France to live and how it went was the main story.

පරණ එල්ටීටීඊ සාමාජිකයෙක් සහ ගැහැණු දරුවෙක්, කාන්තාවක් යුද්ධය කාලෙ ප්‍රංශෙට ගිහින් ජිවත් වෙන්න දරණ උත්සාහය ගැන තමයි මේකෙ කියැවෙන්නෙ.
යුද්ධය සම්බන්ධ හැමදේ ගැනම කුතුහලය තියෙන නිසා බැලුවත්, යුද්ධය ගැන තියෙන්නෙ ටිකක් විතරයි.. එයාල ප්‍රංශයේ ජිවත් වෙද්දි මුහුණපාන දේ සහ ඒක කරගෙන යන විදිය ගැනයි මේකෙ කියැවෙන්නෙ..

- කල්පනා කරගෙන යද්දි කාරණා මතක් වෙනවා.
අර රෝහින්‍යා සරණාගතයින් ලංකාවෙ ඉන්නවා. ඒක එක්සත් ජාතින් එක්ක අපි බැඳිලා ඉන්න ප්‍රඥාප්තියට අනුවයි. එයාලට රැකවරණ දෙන්න ඕන, වෙන රටකින් ගන්නකම්. වියදම් දෙන්නෙත් ඒ එජා සංවිධානයෙන්. එයාලට ස්ථිර පදිංචිය දෙන්න තරම් අපිට හැකියාව නෑ. කොහොම හරි පාස්කු ප්‍රහාරයත්, ඊට කලිනුත් සමහර සිවුරු දරපු හාමුදුරුවරු, මැරයො එක්ක ගිහින් ඒ මිනිසුන්ට තර්ජනය කරනවා ලෝකෙම දැක්කා. එක තැනක ළමයි 17ක් හිටියා.
අපි ඇත්තටම බෞද්ධ දර්ශනය අනුගමනය කරනව නම්, කරුණාව පෙරදැරි කරගෙන ඒ අයට උදව් කරන්න තිබ්බා. එක බෞද්ධ රටකින් ත්‍රස්තවාදි ක්‍රියා හේතුකොටගෙන පැන්නුවාම, තව බෞද්ධ රටක් වෙච්ච අපිට තිබ්බා අපේ බෞද්ධකම හරියට පෙන්වන්න - එහෙම උනේ නෑ..
සමහර තැන් වල අඩන්තේට්ටම් වෙලා තිබ්බා. මට මතකයි පාස්කු ප්‍රහාරයට පස්සෙ මීගමුවේ හිටිය 1000කට වඩා සරණාගත මුස්ලිම් මිනිස්සුන්ට තර්ජනය ආවාම එයාල මීගමුවේ පොලිසියට ආවා. සමහර අයව මාධ්‍ය වල නොගියත් ඝාතනය වෙලත් තිබුන කියනව..

ඕක තමයි තත්වය - අපේ ලොකුවට අමිශ්‍ර ජාන, සිංහලකම, බෞද්ධකම ගැන කියනවා. මම බෞද්ධයෙක් උනාට ආඩම්බරයිලු... ඒත් බෞද්ධ ප්‍රතිපදාවේ කවුරුවත් නෑ. ඒක තමයි අවාසනාව..
අපි ගැන අපි මහා ලොකුවට හිතුවට, සමහර යුරෝපීය රටවල් සරණාගතයින් ආවාම, එයාල වෙනුවෙන් හොදම හෝටල් හිස් කරලා තිබ්බා. මාලිගාවන් වල නවාතැන් දිලා තිබ්බා..

වචන නෙමෙයි... ක්‍රියාවයි වැදගත්.... !

#dheepan2015 #dheepan #srilakankanwar