Tweets by @Tweetsbysuku myblog: ඊයෙ හදිසියෙ කැළණි ගියා...

Facebook Fan Page

Saturday, June 2, 2018

ඊයෙ හදිසියෙ කැළණි ගියා...


පහුගිය කාල වල පිස්සුවෙන් වගේ කැළණි ගියාට ඊයෙ සූදානම් වෙලා ගියේ. වැස්සට කුඩ අරන්, ඇවිදින්නෙ නැතිව වගේ වෙනස් සහ තරමක සංවිධානත්මක බවක් තිබ්බා. මේක ලියන්න හිතාගෙන ඉද්දි අහම්බෙන් වගේ ඇගේ පින්තූරයක් දැක්ක නිසා මුල ඉදලම හිත රිදෙන්න ගත්ත. රිදෙනවට වැඩිය ඒක දෙදෙරා යාමක් වගේ. නමුත් කාලය එක්ක පරිණත වීම් එක්කම ටිකක් අමාරුවෙන් උනත් තරමක් හිත හදාගත්ත. ඇත්තත්, සංසාරගත ගමනත් මේ ජිවිතයේ ඉතිරි ගමනත් ගැන මට තියෙන අදහස තේරුම අනුව... හ්ම් හිත හදා ගතෑකි.

හදිසියේ කැළණි ගියාම මට මතක්  වෙච්ච දෙයක් තමයි පහුගිය කාලෙ හොයාගත්ත කාරණාවක්. ඒක තමයි කැළණියට යටින් නාග ලෝකෙ තියෙනව කියල කාරණය. නමුත් හරියටම නම් කැළණියට යටින් කියන කාරණය නෙමෙයි හරි. නාග ලෝකය කියන්නෙ අපිට වඩා ගොඩක් කුසල ශක්තිය වැඩි ලෝකයක්. දන්ත ධාතුන්වහන්සේ කෙනෙකුත් වැඩ ඉන්නවා.
නාග ලෝකයෙන් අපේ ලෝකෙට පිවිසුම් දොරටු 2ක් තියෙනවා. 1ක් තියෙන්නෙ කැළණි රජමහා විහාරය ආසන්නයෙ. අනික තියෙන්නෙ ථූපාරාමයෙ ( එතනින් තමයි දුටුගැමුණු රජතුමාට දෂ්ඨ කරන්න නාග ලෝකෙ එවකට නාග රජතුමයි, දේවියයි, පොඩි දුව (කුමාරිකාවයි ) ඇවිත් තිබුනෙ ).

කොහොම හරි ඉතින් ඇය එක්ක ඉන්න කාලෙ නොතිබුනු තමන්ගෙ කමක් දැන් කැළණිය එක්ක දැනෙනවා. ඊයෙත් මම ඇයත් එකක් හිටිය තැන් වගේම ඇය ඉන්න බව මම දන්න තැන් වලට ගියා. නමුත් ඇය නැහැ හිටියෙ. ඇය ඉන්න විදියකුත් නෑ. අදාල බලවේග ඒකට අදාලව සිද්ධ විය යුතු විදියට අවශ්‍ය දේවල් කරන බව මම දන්නවා.  



අද ගොඩක් මිනිස්සු ගැන හිතුවාම ඇත්තටම එයාල හිතන්නෙ එයාල ගෙවන්නෙ නරක කාලයක්ය, නැත්නම් අකුසලය, ඉස්සරහට මේව ගෙවුනාම එන්නෙ හොද කාලයක්ය කියන අදහසින් තමයි ඉන්නෙ. නමුත් ඇත්තම කතාව මනුෂ්‍ය වෙන ගොඩක් අය ඇත්තටම ගෙවන්නෙ තමන්ගෙ හොද කර්මය. කන කෑම වේලක් ගානේ තමන්ගෙ වාසනාවට පිනට ලැබෙන දේවල්. පෙර සසරේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු අකුසල කර්ම බොහෝම තියෙනවා ඒවට ඉතින් අදාලව විපාක ලැබෙන්න ගත්තාම බොහෝම අමාරුයි ගැලවෙන්න.

සරලව කිව්වොත්, අපි හිතපු අපිට හතුරෙක් ඉදලා ඉවසන්න බැරි තැන අපි එයාව මරනව. අපි හිතනව හරි ලේසියි මේක ඉවරයි කියල. එතනදි අපිට වෙන අකුසලයට වඩා, එයා බොහෝවිට මැරෙන විදියට අනුව යන්නෙ හොද තැනකට නෙමෙයි. ඉතින් එයා යන්නෙ ප්‍රේත, භූත, පිසාච, අසුර වගේ පහත් අමනුෂ්‍ය ආත්මයකට. ඉතින් යන තැන ඉදන් අපි දිහා වෛරයෙන් බලනව. පුුලුවන් හැමවිටම වරද්දන්න හිතනව. මේ කාරණය කේන්දර වලට පේන්නෙ නෑ. තරමක හැකියාවක් තියෙන සාස්තර දන්න අය හෝ වරම් වලින් දේවල් කරන අයට මේ ගැන කියන්න පුලුවනි යම් තරමකට. නමුත් ඒ කිව්වත් ඒකට අදාල හරිම ප්‍රතිකර්මයක් එයාල  දන්නෙ නැහැ. එයාල එක්කො කියාවි යන්තරයක් දාලා ආරක්ෂා වෙන්න. නැත්නම් වෙන රටකට යන්න කියාවි. තව බෝතල් වල දාලා ඒ ආත්මය අයින් කරන්න කියාවි. ඔච්චර තමයි. නමුත් හරියට කරනව නම් කරන්න ඕන, ඒ ආත්මයට ඊලගට තියෙන සුගතිගාමි තැනට යන්න උදව් කරන එකයි. ඒකත් ලේසි නෑ. මොකද ඒකට අදාල පින්කම අදාල දෙවිවරු හෝ බ්‍රහ්ම ලෝකයට අදාල හෝ වෙනත් බහිරව හෝ වෙනත් අදාල බලවේග ගැන අපි දන්නෙ නැති නිසා. සමහරවිට සාංඝික දාන දීලා එයාව එතනින් මුදවන්න බැරි වේවි, සාංඝික දාන හෝ වෙනත් දාන පිංකම් හොද දේවල්. අපිටත් ඒ අදාල අයටත් යහපතක් තියෙනවා. නමුත් මුදවන්න ඔය විදියට බැරි වෙන්න පුලුවනි. ඒක තමයි කාරණය.

එනිසා පුලුවන් විදියට පින්කම් කරලා, මේ පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට ලැබේවා කියල නිතර ප්‍රාර්ථනා කරන්න ඕන. ඒක හරි වටිනවා. 

No comments:

Post a Comment