Tweets by @Tweetsbysuku myblog: January 2014

Facebook Fan Page

Friday, January 17, 2014

Sudden Galle visit....

First thing I feel to say is... I wish I could love her..... such long time crush....

Thing is I m not stable.... So I never get a chance I feel.... I really wish if I could.... hmmm

Hmm but it won't happen... hmmm.... what to do.... Its ok now... I can adjust things...

May be I was so quick to think, but it was genuine. hmm .....

Wednesday, January 15, 2014

ජෞතිෂ්‍යය සේවය නිසා සැනසීමක්...

ජෞතිෂ්‍යය සේවය හුඟක් හිත හැදීම් වලට හේතු වෙලා තියෙනව... හ්ම්....

ඒ ලැබෙන සැනසීම හුඟක් වටිනවා....

පහුගිය දවස්....

පහුගිය දවස් ගැන හිතද්දි... මොනවා කරාද හරියට මතක නෑ...

දිනිති අක්කගේ ආරුක්කුවක් යටට නම් ගියා... ඒ ඇර තව සෝෂල් මිඩියා වැඩ වලටත් බිස්නස් වැඩ වලටත් අරහෙ මෙහේ ගියා මතකයි...

ගාලු යන්න ඉන්නවා තාම බැරි උනා.. මේ සතියෙත් බැරි වෙනවා එන සතියට කල් යනවා....

නුවර දැන් අවුරුදු එකහමාරකින් ගිහින් නෑ... යන්න ඕන කියල හිතාගෙන ඉන්නවා...

පහුගිය කාලෙම පාඩුවෙ හිටියා ලියන්න නම් හිතුනෙ නෑ ලියන්න ඕන.. හ්ම්...

Monday, January 13, 2014

ආදරේ.....

ආදරේ... හ්ම්... ඒක කොහොම දෙයක් උනත්...

ආදරේ ගැන මෑතක අදහස් හැමදෙයක්ම මතකයෙන් ගිලිහුනත්... අලුතෙන් ආදරේ කියන ගෑණු ළමය නිසා හිත නොසන්සුන් වෙනව... මම එයාට ආදරේ කිව්වෙ නෑ... කියන්න මට මේ කාලෙ හිතෙන්නෙත් නෑ...

ඒනිසාම අද ආෂ්ව හොඳටම මතක් වෙනවා... ආෂ් ගැන කිසි ආරංචියක් මාස 2-3කින් නෑ... තාම මොබයිල් එක ඕෆ්... නුවර ගිහින් තමයි හොයාගන්න වෙන්නෙ...

වෙන අයට හැමදේම හොයල දෙන, කරල දෙන මට බැරි උනානෙ ආෂ්ව හරියටම හොයාගන්න.  දුන්නු ඇඩ්‍රස් එකේ නෙමෙයි ඉන්නෙ එයාලගෙ ගෙවල් 2-3න් එකක.. හ්ම්...

පාඩුවෙ ඉන්න බැරි හැටි... හ්ම්...

Sunday, January 12, 2014

උදව්... හැඟීම්... හ්ම්...

කෙනෙකුට දෙයක වැදගත්කම තේරෙන්නෙ උවමනා උනාම...

ජීවිතයේදි ව්‍යාපාර, රස්සා වලින් බිමටම වැටුනම... වැරදිලා හරි නැතිව හරි...  කරන වැඩ මොකුත් හරි යන්නෙ නැති උනාම... ඒවයින් හිතට කරදර ආවම..
තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට හරි හදිසියෙම ලෙඩක් හැදිලා හිතාගන්න බැරි විදියට අසරණ උනාම, දුර්වල උනාම...
අන්න ඒ වෙලාවට... අපිට නොපෙනන දෙයක්... ඒවගේ දේවල් ලෝකෙ තියෙන්න පුලුවන්... කියල හිතෙනව... ඒවයින් පිහිටක් ගන්න පුලුවන් වේවි කියල හිතනව...

ඒ ගැන අත්දැකීම් තියෙන නිසා.. ඒක හොඳින්ම දන්නවා... හ්ම්...
ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් උදව් කරන්න ලැබීම සතුටක්... ඒ අතරෙදි විසේසයෙන්ම ජෞතිෂ්‍යය පැත්තෙන් කරන්න පුලුවන් යම් යම් කාරණා නිසාත් පැවැත්ම කලින් සිටම යහපත් වීම හා යහපත් කරගැනීම තුලිනුත් ජිවිතේ යහපත් කරගන්නත් පුලුවනි.. ඒ ගැන අත්දැකීමෙන් අවබෝධයෙන් දන්න නිසා... ඇත්තටම ජීවිතේ සංසාරෙ දුක උනත්... සැනසීමක් තියෙනව... හ්ම්...
ඇත්තටම හිතවත් අයට උදව් කරන්න ජෞතිෂ්‍යය උදව්වක් වෙච්ච නිසා... සතුටුයි... ඒවගේම සැනසීමයි....

දවසක ඇත්තටම අසරණ වෙන අයට, මීට වඩා ගොඩාක් උදව් කරන්න... උදව් කරලා එයාල සතුටින් ඉන්නව දකින්න ලබන්න පුලුවන් නම්... ඒක නියම සතුටක් කියල මම හිතනව... කවදහරි ඒක කරනවා... හ්ම්... කරන්න ඕන...