Tweets by @Tweetsbysuku myblog: January 2015

Facebook Fan Page

Saturday, January 31, 2015

Hope... is the best thing...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204534445715653

මෛත්‍රි පාලනයක් ආවා... ජෙනරල්ට, ශිරාණි මැඩම්ට ලැබිය යුතු ගරුත්වය, යුක්තිය ලැබුන...
ජනතා සහන අතුරු අය වැයෙන් සෑහීමකට පත් වෙන්න ලැබුනා... “

ඉදිරියෙදී මූලිකව, “ තොරතුරු දැනගැනීමේ පනත“ ගැනත් විධායකයේ බලතල අඩු කිරීම ගැනත් බලාගෙන ඉන්නවා...

* මෙතනින් මේක ඉවර නෑ... දැන් නම් අපේ ගම් පැතිවලත් ගොඩක් අයට අයවැය සහන එක්ක යම් දෙයක් තේරිලා... හොරකම් ගැන අවබෝධයක් ඇවිල්ලා...

ලගදි ආපු ත්‍රිවිල් අයිය කෙනෙකුත් කිව්වේ, මේ හොර අහුවෙද්දි ඡන්දෙ දුන්නෙ මහින්දට උනාට පැරදුනාට සතුටුයි කියල...
(මේ අතුරු අයවැය විවිධාකාරව විග්‍රහ කරන මරාවාදි මහ මොලකාරයන්ට කියන්නට ඇත්තේ, මේ පොදු ජන මනස.... ඒක ඊලග ඡන්දෙදි පැහැදිලව පෙනේවි... මේක සර්ව සම්පූර්ණ නැති බව අපි දනිමු.)

හයිවේ හදපු ඉංජිනේරු නෑයෙක් විතරක් වැඩි පැහැදීමක් තාම නෑ, සමහර ව්‍යාපෘති නවත්තපු නිසා.. ඒකෙ ගැටළුව ඒවයේ මිල මුදල් නිසා ඒව මුල ඉදල ආයෙ බලල තමයි කරන්න හදන්නෙ..

මේ ලගදි Lahiruගෙ කමියුනිකේෂන් එකට ආපු එක මහත්තයෙක් හිටියා, මාස 2කට කලින් කෝම හරි මහින්ද දිනනවාමයි කිව්ව, එදත් ෆෝන් එකේ ස්ක්‍රින් එක ගිහින්... අදත් ඒක දාගෙන නෑ... හැබැයි මහින්ද හොදයිලු... එයා කියනවා මම ආවත් හොරකම් කරනවලු. වටේ අයට උදව් කරපු අයට වාහන, ඉඩම් දෙනවලු..
මම එතකොට කිව්වා මම මීඩියා සපෝට් කලානේ අලුත් ජනමාධ්‍ය ඇමතිතුමාට මම අදත් මේ ආවෙ පයිනේ කිලෝමීටරයක් විතර ඇවිදල කියල.. එතකොට නම් පුදුමෙන් බැලුවා මං දිහා..
අන්න ඒ මෝඩ සිතිවිල්ල වෙනස් කරන්න කාලෙ හරි... මම බලයට ආවත් හොරකම් කරනව කියන..

* දේශපාලනය කියන්නෙ බොහොම ගෞරවනීය දෙයක්... පාරෙ ඇවිදින අයගෙන් පවා හොරෙක් කියල අහගන්න වෙනව නම් කොයිතරම ලැජ්ජාවක්ද ඒක....

* ජනතාව විදියට අපිට තියෙන්නෙ, මේ හොඳ ප්‍රතිඵල වලින් අපේ ජිවිත යහපත් කරගන්නට උපරිම උත්සහ ගන්න එකයි...

මහින්ද මහත්තය ගැන හිතල අඬලවත්, මෛත්‍රි මහත්තය ගැන හිතල උදම් වෙලාවත් වැඩක් නෑ..

දැන් කරන්න ඕන තමන්ගෙ දියුණුව ක්‍රමිකව සලසා ගැනීම...

උගතුන්ට සලකන රටක් හැදෙනවා... ගරුත්වය ලැබෙනවා.. නීතිය හැමෝටම පොදුයි...

* අයවැයෙන් බඩු අඩු කරනකම් නොඉද, ආර්ථිකය ශක්තිමත් කරගෙන ජිවත් වෙන ගමනක් අපි ජනතාව විදියට යන්න ඕන... ඒ තත්වය ඇති කරගන්න ඕන...
ආණ්ඩුවක බලපෑම හැමදාම තියෙනවා... බොහෝවිට මේ ආණ්ඩුවෙන් ආණ්ඩුව පැත්තෙන් දෙන්න ඕන උදව් දේවි..

පූජාවලියෙ තියෙන්නෙ නම් වියදම වගේ 8 ගුණයක් හම්බ කලොත් සැපට ඉතෑකි කියල... හ්ම්...
( කෙලෙස් මිස, සැප අතාරින්නට බුදු දහමේ නොකියවේ)

https://www.facebook.com/sukumal.harischandra/posts/10204539794409367

Friday, January 30, 2015


Yesterday @ Namel Malini Punchi Theater


අතුරු අයවැය කොහොමද

*** අධ්‍යාපනයට දළ දේශිය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම...
( කාලයක් බලාගෙන හිටි දෙයක්... ඉතියෝපියාවෙත් අපිට වඩා වෙන් කරද්දි... පහුගිය අය කලේ උගතුන් බුද්ධිමතුන්ව හෙලා දැකපු එක... පහතට දාපු එක.. ඔන්න දැන් හරි.. මේ ආරම්භය විය යුතුයි අධ්‍යාපනයට සලකන තරමට...)

* රාජ්‍ය සේවක වැටුප් 5000කින් ඉහලට

* අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 13ක මිල පහලට (ගෑස් 300කින්, භූමිතෙල් නැවත අඩු කෙරේ)

* ගොවි ණය 50%කින් කපා හැරේ...

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු 15%ක පොලියක්

* කිරිපිටි මිල අඩු වන අතර, දේශීය කිරි ගොවින්ට වාසි සහ රටේ දියුණුව පිණිස ආනයනකරුවන් සමග ඉදිරියේදි කටයුතු කරනු ඇත.

* 2015 වසර සදහා ජනාධිපතිගේ අපේක්ෂිත වියදම කෝටි 9593 සිට කෝටි 256 දක්වා අඩු කෙරේ...
පාර්ලිමේන්තු සියලු මන්ත්‍රිවරුන්ට පක්ෂ විපක්ෂ සැමට විමධ්‍යගත අරමුදල මිලියන 10ක් කෙරේ. ඒක ලබාගන්න කවුරුවත් පස්සෙන් යන්නත් ඕන නැත....
* තව සෑහෙන්න තියෙනවා...

“ අපි දැන සිටියෙමු... අපි දැන සිටියෙමු... “ //

2010 ජනාධිපතිවරණයත්, පහුගිය ඌවත්... වෙනස් කල හැටි ඕන නම්... ඉදිරියට කියවේවි... හ්ම්...
පහුගිය හොරකම් ගැන පල වීම් නිසා කලින් තිබ්බ ඡන්ද සෑහෙන අඩු වෙච්ච බව තාම මහින්දවාදින් කියන අයට තේරෙන්නෙ නෑ...

වෙනම පක්ෂයකින් යන්න හදන්නේ, ඇත්තටම මහින්ද මහත්තයගේ උවමනාවටම නෙමෙයි... මේක බලෙන් එතුමගෙ ජනප්‍රියතාවය ප්‍රයෝජනයට අරගෙන දේශපාලන වශයෙන් අනාථ වෙච්ච... හොරකම් කරලා ඒවට බයේ වෙන දේ ගැන තේරුමක් නැතිව ඉන්න අයගෙ වැඩ...
කොහොම උනත් ඔය වැඩෙන් වෙන්නෙ, මහින්ද මහත්තයට යම් තිබුන ගරුත්වයක් තියෙනව නම් ඒකත් නැතිවීම... ඒක එහෙම උනත් ඡන්දෙට එන්න ලැබෙන එක විශ්වාස නැ... ආවත් දිනුම කෙසේ වෙතත් සැලකිය යුතු ඡන්දයක් ලැබෙන එකකුත් නෑ...

පරාජය අවජාතකයි කියනවනේ... දැන් තමයි කලින් එජාපයට වගේ තියෙන හැම ප්‍රශ්නෙම එලියට එන කාලේ... ඒ කාල වලදි කරන්න ඕන එක ඉවසීම... සහ සංවිධානය වීම....
කලබලේට එලියට පැනලා දඟලන්න හදන එක නෙමෙයි...

ඒකාලේ එජාපයේ අය ඉවසද්දි... අපි දන්න ගොඩක් අය කිව්වා ඇමතිකමක් ගන්න ආණ්ඩුවට එකතු උනා නම් මොකද කියල... මට මතකයි ගයි මාමා යනවා කියල ආරංචියට මට ඇවිත් කියපු අය.... ඔයාට වැඩක් නැත්නම් අපිට දෙයක් අරගන්නවත් යන්න කියන්න.......

අන්තිමේ දයාසිරි මහත්තයල වගේ අය ගියා... ගිහින් ජාතික දේශපාලනයෙන් පලාත් එකට වැටුනා... මහ ඇමතිකමෙන් දෙයක් කරාද කියල එතුමගෙන් තමා අහන්න වෙන්නෙ...

ඉවසගෙන හිටිය අතිබහුතරයට යම් කාලෙකට හරි ඇමතිකම් ලැබුනා... ඒක තමයි කියන්නේ...
“ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.... මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය “ කියල....

මෙච්චරකල් ගොඩක් අය හිතාගෙන හිටිය, අපි දේශපාලනේ කරත් වැරදි කරනව කියල... හොරකම් කරනව කියල... ඒකට හේතුව ජනතාවගේ සිතීමේ ගැටළුවක්... හොරු දේශපාලකයෝ වෙන්නෙ ඒ නිසා.... ඒනිසා අද මේ පාලනය ඒවට විරුද්ධව යම් දෙයක් කරාවි කියලත් විශ්වාසයි...
එතකොට ජනතාව වෙන අපිටත් තේරෙන්න ගනිවි... දේශපාලනය කියන්නේ සේවය මිසක් ගැරීම නෙමෙයි කියල...

Back to back few days...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204517166003671


මහින්ද මහත්තය අලුත් පක්ෂයකින් එන්න ලෑස්තිලු..
https://www.facebook.com/sukumal.harischandra/posts/10204517779659012

ඒ කැම්පේන් එකත් දැනටම දන්න අයට කියල තියෙනව... කරන්න භාරගන්න කියල...
අපේ දැනුමෙ, තේරුමෙ හැටියට නම් ඔච්චර තමයි... තාම කරපුව එලි වෙන්න පටන් ගත්ත විතරයි...
දැනට යන්නෙ කරපුව එලිවෙන කාලෙත්, බලයෙන් උදම් වෙලා කරපුවට පශ්චත්තාප වෙන කාලය...
විපාක තාම අපිට දැනෙන්න පටන් ගත්තෙ නෑ...

අප්‍රමාණ සංසාරේ බලය එක්ක කරපුව ගැන තියෙන පොඩි අවබෝධය අනුව, දන්නව, කොයිතරම් කාලයක් මේ කරපුවට විපාක ලැබේවිද කියල...

විහිලුව තමා, දුටුගැමුණු රජතුමාට, මහින්ද මහත්තයට සමාන කරන්න හදන එක... දුටුගැමුණු රජතුමා හරියට වැඩ කලා.. ඒපිනෙන් අද දිව්‍යලෝකෙ..
මහින්ද මහත්තය හරියට කලේ නෑ.. ඒනිසා යන්න වෙන තැන එච්චර හොදත් නෑ... හ්ම්

Monday, January 26, 2015

Being a Vegetarian (25/01/2015)



වසර 1-2ක් පමණ හිතල....

https://www.facebook.com/1668558048/posts/10204507918372486/
මුලින්ම පටන් ගත්තේ, නාමල් අයිය වගේ ගෙදරින් පිටදී මාංශ ආහාර නොගෙන ඉදීමෙන්....
අමාරු උනත් යම් තරමකට... ඒ තරම දෙයක් නෙමෙයි...

ජිවිත ආරක්ෂාව ගැන හිතෙන නිසා... කොහොම උනත් ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය ගැන හොඳ අවබෝධයක් තිබුන...

ඒක එහෙම උනත්, “ මස් කන්න එපා කියල කියන්නෙ අප්‍රමාණ සංසාරයේ අපේ අම්ම තාත්ත වෙච්ච අය පවා අද මස් වෙලා කන්න ලැබෙන නිසා“ කියල මම විශ්වාස කරනවා...
මේ සිතිවිල්ලෙදී මූලික වෙන, ඉරු සේවයේ වෙද මහත්තයා.. මස් මාංශ අනුභවය සහ ඒවායෙදි දේවාකර්ෂණය යනාදිය ගැන කියල දුන්න...

අපේ දිනුෂ් අයියා සෑහෙන්න විස්තර කරල තිබුනා මාංශ අනුභවය ගැන... ඒව කාලයක්ම හිතල ගත්ත තීරණයක්...
කලින්ම නිර්මාංශ වෙච්ච අපේ නංගිගෙත්, #තාෂ්ගෙත් ඍජු ගතිය අගය කරනවා... !



Friday, January 23, 2015

___ යහපත්ව සිටීම/අන් අයට උදව් කිරීම සහ එයට විපාක ලැබීම ___


අද සමාජයේ දකින, තේරෙන දෙයක් තමයි පොදුවේ අපි හැමෝම කරන හොඳට, තව හොඳක් බලාපොරොත්තු වීම.. ඒක හිතේ තියෙන දෙයක් වෙන්නැති...

ජිවිතේ ගත කරද්දි හරියට ඉන්න එකත්, ඒ හා සමානව විපාක ලැබෙන එකත් ගැන ගොඩක් දෙනෙක් පහුගිය කාලේ බලාපොරොත්තු අතෑර ගත්තා...
ඒකට හේතු වෙන්න ඇත්තේ, තමන් යහපත්ව හිටියත් අයහපත් ක්‍රම වලින් ඉහලට එන, දේශපාලකයෝ සහ අනිකුත් වෘත්තින් වල අයව දැකපු නිසා වෙන්නැති... සාමාන්‍ය මතයක් බිහිවෙලා තිබ්බා... “ අපි ඔතනට ගියත් හොරකම් කරනව කියල... “

දැන් ඒ තත්වය ක්‍රමිකව ලංකාවෙන් නැති වෙලා යාවි, ඊට අදාල පසුබිම සකස් වේවි කියල දැනෙනවා...

ලෝකයේ පහල වෙච්ච මහා සමාජ, ආර්ථික, මනෝ විද්‍යාඥයා වන නැපෝලියන් හිල්ගේ “ Think and Grow Rich /ඉසුරින් පිරි ජීවිතයක් “ පොත කියවද්දි.... තේරුන දෙයක් තමයි...
(ඒක මගේ අත්දැකීම් අනුවත්, මම දන්න ගොඩක් අයගෙ ජිවිත දිහා සෑහෙන කාලයක් බලාගෙන හිටිම අනුවත් දැනුනු දෙයක්)

“ කරන හොදට කවදාහරි හොද ලැබෙනවා... “ ඒක කරන සැනින් බලාපොරොත්තු වීම තමයි ගැටළුව(කවදාවත් දේවල් බලාපොරොත්තු නොවි කිරීමයි වඩා වැදගත්)... - ඒක ධර්මය අනුව දිට්ඨ ධම්ම වේදනීයව ලැබෙන දෙයක් කියන්නත් පුලුවනි.

ඒ වෙනුවෙන් ගත වෙන කාලයක් තියෙනවා....
අද හෙට නෙමෙයි. මාස 1-2 අවුරුදු කීපය වගේ ගත වෙන්න පුලුවනි... ඒක උනාම තේරේවි...
අනිත් කාරණ් වැරදි කරන අයටත් එහෙමයි... අද හෙට, විපාක නැති උනත්... කාලය එක්ක හිතාගන්න බැරි විදියට විපාක ලැබෙන්න ඉඩ වැඩියි...

රජවරු වගේ ඉදලා හිඟන තත්වයට පත් වෙච්ච අය ඕන තරම්..... හ්ම්.....

Thursday, January 22, 2015

face book භාවිතය

Face book භාවිතය සහ එහි කටයුතු ගැන බොහෝ දෙනෙක්ට තවමත් හරි අදහසක් නෑ වගේ...
ගොඩක් අය තාම හිතනවා මේකෙ දේවල් රහසෙන් කරන්න පුලුවන් කියල...

ඒකට හේතු වෙන්න ඇති ගොඩක් පවුල් බිඳ වැටෙන්න, තියෙන ප්‍රේම සබදතාව බිඳ වැටෙන්න මේකෙන් හොයාගත්ත යාළුවන් හේතුවීම...
ඒත් 1 දෙයක්.. අද නෙමෙයි මීට අවුරුදු 3-4කටත් කලින් ඉදලා අපි කරන ඕන දෙයක් බලන්න ආණ්ඩු වලින් අදාල පියවර අරගෙන තිබුනේ...
ඒක ඉතින් ජනතාවට හිතැති විදියට නෙමෙයි, පාලනය පවත්වාගෙන යාමෙ දෙයක් විදියට....
හැකින් ඩිග්රි තියෙන අයම ගෙන්නල කලේ...

ඉතින් ඉදිරියේදි අදාල බලය ඇති අය එක්ක කතා කරලා මේ කටයුත්තට සහයෝගයක් ගන්න අපි බලාපොරොත්තු වෙනව...

මේකෙ ඉදගෙන වැරදි කරන අයට අදාල විදියට නීතියෙන් පියවර ගන්න ඕන දේවල් කරන්න.....

[මට මේ භාවිතය ගැන තේරුමක් නැති බව තේරුනේ දැන්, එක එකවුන්ට් එකකින් ආපු මසේජ් එකකින්... මේ වගේ මසේජ් දවසට 10කට වඩා එන දවස් ඇති තරම් තියෙනවා..
(https://www.facebook.com/profile.php?id=100006014048430)
මගෙ 1 යාළුවෙකුත් දැකපු ගමන් රික්වෙස්ට් එක අරගෙන... වැඩේ තියෙන්නේ මේ එකවුන්ට් එක දැක්ක ගමන් ඕන කෙනෙක්ට තේරෙනව බොරු කියල....

ඒ මදිවට තව මහත්තයෙක් දාලා, Thanx nangi....pls send me Ur num.... .... කියල...
වෝල් එකට ගියොත් බලාගතෑකි...]

https://www.facebook.com/sukumal.harischandra/posts/10204480818975018

Wednesday, January 21, 2015

Thinking ...



ජනාධිපති මෛත්‍රිපාල මහත්තයගේ නෝනා, දැන් ජනාධිපති ආර්යාව ඉස්සරම එතුමගේ ආරක්ෂාව වෙනුවෙන් මස් - මාංශ අනුභවයෙන් වැලකිලා ප්‍රතිපත්තිම ශීලයක ඉදලා තියෙනවා...,
(වටිනකම ගැන තේරෙනවා, මේපාර කරපු හූනියම් වලින් වැඩක් නැති වීමෙනුත්..)

හිටපු ජනාධිපති මහින්ද මහත්තයා රජ උනේ ශිරන්ති ආර්යාවගේ කේන්දරේ තිබුනු බලවත්කම නිසාලු....

බලාගෙන ගියාම මේ හැමදේම හරියන්න හේතු වෙන්නේ ස්ත්‍රි පාර්ශවයනේ..... හ්ම්....

ශුද්ධ බයිබලයෙ තියෙන්නෙ... “ ස්වර්ගයේ හෝ අපායේ යතුර ඇත්තේ විවාහයේය “ කියල....
හ්ම් හ්ම්....

https://www.facebook.com/sukumal.harischandra/posts/10204471016729968

Monday, January 19, 2015

Hmm As always..

Yeah... if anyone asks, what have you done so far ....

one thing up front is...

* I protected sisters.... taught them... told things to understand.... most sisters, got use of it... hmm 

Sunday, January 18, 2015

ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...

සමහර අය අහනවා, ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204458908507270

ඒකට මූලික හේතුවක් උනේ, අපි 2008 නුවර හිටියේ.. .පේරාදෙණියේ, ගන්නොරුව පාර පටන් ගන්න තැන. මායි මගෙ හොදම යාළුවා Chamaraයි, තව කීපදෙනෙක් හිටියා... අපි හිටියෙ ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් වෙච්ච රත්නසිරි බණ්ඩාර කියන මහත්තයගෙ ගෙදර නැවතිලා.

කොහොම හරි එතන ඒ කෝස් එක කරද්දි, අපිට පස්සෙ ආපු කොටසක් හිටියා ඒ කෝස් එකට.. එකවතාවක් අපි දෙගොල්ල අතර ගැටුමක් ඇතිවෙන්න ආවා...

දැන් වගේ නෙමෙයි ඒකාලේ ටිකක් වලියට බර වැඩි... දකුණෙ කියන දේත් ඔළුවෙ තිබුනා...
කොහොම හරි එහෙම වෙද්දි, විරුද්ධ පැත්තෙ 1ක් කිව්වා තිස්ස අත්තනායක අපේ බාප්ප කියල... මාත් ඒපාර අපේ නෑයො ගැන කිව්වා...

ඒපාර එයාම අනිත් අය එක්ක කතා කරල කිව්වා, රෝහිත රාජපක්ෂව දන්නවද කියල...
මම කිව්ව ඔව් කියල...
ඒපාර කිව්වා පුලුවන් නම් රෝහිතට කියන පෙට් නේම් එක කියන්න, ඒක දන්නෙ එයාගෙ යාළුවො විතරයි කියල...
ඒක මම දැනගෙන හිටි දෙයක් “චිචී“ කියල පටන් ගත්ත තැනදිම ඉතින් ඒක කිව්ව නිසා අනවශ්‍ය ගැටුමක් උනේ නෑ...

එදා ඉදන් මට තිස්ස අත්තනායක මහත්තයා ගැන අපහැදීමක් තිබුන... ඊට පස්සෙ මීඩියා වලට සම්බන්ධ කාලෙත් චරිතෙයි කරපුවයි හෙව්ව... එතනදි ආවෙ අපහැදීමක්....
යුඑන්පියේ ඉන්න කාලෙත් පැහැදීමක් තිබ්බෙ නෑ...
ඔන්න දැන් එතුමා රට ගිහින්ලු... මාසෙක ඇමතිකම කරලා ගිහින්... හ්ම්....

Saturday, January 17, 2015

මට මතකයි...

මට මතක ඉතිහාසයේ මුලින්ම මම පාර්ලිමේන්තුව බලන්න ගියේ ගයි මාමා එන්න කියල 2013 දෙසැ වල...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10201796476108124)
එදා ඉතින් ගයි මාමා මුළු පාර්ලිමේන්තුවම මට පෙන්නුවා, ජනාධිපතිතුමා, විපක්ෂනායකතුමා එන කාමර ඇරුනම...
උපරිම විදියට මට හැමතැන ගැනම අවබෝධයක් දුන්නා....

ඉතින් එදා පාර්ලිමේන්තුවෙන් කාලත් ආවා... ගයි මාමා, හදිසියෙම වෙඩින් එකකට අත්සන් කරන්න ටික වෙලාවකට සිනමන් ග්‍රැන්ඩ් ගිය නිසා මාව පාර්ලිමේන්තුවෙ භෝජනාගාරයේ අයට කියල ගියා බලන්න කියල... ඒ හැමෝම කෑම කනකම් බලාගෙන හිටියා... ඩෙසටුත් කාලා ඉවර වෙලා ඉද්දි,
ගයි මාමා එතනට කෝල් කරලා අහලා මම කෝ හොදින් ඉන්නවද කියල...

ඒපාර මට ෆෝන් එක දුන්නම කියනවා, අයිස් ක්‍රීම් කෑවද... ඒවත් ඉල්ලගෙන කන්න කියල...
මට එතකොට තේරුනේ මාව තාම පොඩි කාලේ විදියට හිතේ ඇත්තේ කියල....
ෆැන් පේජ් එක පිලිවෙලට කරද්දි නම් තේරෙන්න ඇති තාම පොඩි නෑ කියල...



කොහොම හරි එතනදි තමයි මට තේරුනේ පාර්ලිමේන්තු යන එකෙත් තියෙන වටිනකම... පුදුම ගරුත්වයක් ලැබෙනවා... ඒක මම හිතන්නෙ ගයි මාමගේ චරිතය එක්ක පුරුදු කරපු විදියට ලැබෙන ගරුත්වයක් වෙන්නැති...
(අපේ අම්ම එහෙම කියනවා කරුණාතිලකල බොහොම සන්සුන් ඒවගේම කිසි කබලයක් නැති ගරුත්වයකින් කටයුතු කරන අය කියල)

මට මතකයි, එදා කැබිනට් ඇමති කෙනෙකුගේ කාමරයක් පෙන්වලා ඒකෙ තියෙන ඒවත් පැහැදිලි කලා... මම නිකමට වගේ කිව්වා තව අවුරුද්දක් 2ක් යද්දි ගයි මාමටත් ඇමති කෙනෙක් වෙතෑකිනේ කියල...
(ඒක අද ගැන හිතිලා කියපු දෙයක් නෙමෙයි, Iru සේවයෙ ජ්‍යොතිර්වේදින් එක්ක නිතර වාද කරමින් රට ගැන, ආණ්ඩුව ගැන අහල මම හිතල තිබුනු නිගමනයක් විතරයි)



ඒවගේම එදා ඊට පස්සේ මට 2ට විතර, යන්න ඕන නම් යන්න කිව්ව. කාරක සභා අයවැය විවාදයක්ද කොහෙද තිබ්බා ඒක නිසා... වාහනේ දීලා කිව්වා ගෙදරින් බස්ස ගන්න කියල...

ඉතින් කොහොම හරි අද ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාරගත්තා අපේ ගයි මාමා... නිහතමානි සතුටක් අපි හැමෝටම තියෙනවා... ඒවගේම පුදුම සෙනගක් හිටියා...



අද සංග්‍රහයට වියදම තමන්ගේ පෞද්ගලික සල්ලි වලින්ම කරපු එකෙන්ම ගයි මාමා අදහසක් මුලින්ම ලබාදීලා තියෙනවා... ඒවගේම තොරතුරු දැනගැනීමේ පනතත් ගේනවා කිව්ව.
අපේ ගම් වල නෑදෑයෝ, හිත මිතුරන් වගේ ගොඩක් අය හිටියා...
මම දැක්කා අමාත්‍යංශයේ වැඩ කරන මහත්තයෙක්ගේ ස්ටේටස් මේ සෙනග මීට කලින් මේ අමාත්‍යංශයේ දැකල නෑ කියල...

* ගිය දකුණු පලාත් සභා මැතිවරණයෙදි මහ ඇමතිකමට ආණ්ඩුවට යනව කියද්දි.... යන්නත් එපා.. යන්නෙත් නෑ කියල වැඩියෙන්ම කියපු කෙනෙක් මම... මේපාර ආණ්ඩුවට යනව කියල ඡන්දෙදි කියද්දිත් අපි එහෙමයි... ඒ ගෞරවය දිගටම ගයි මාමා රැක්කා... ඒ ගැන ගරුත්වය අපේ හිත් වල තියෙනවා...



පුරුදු විදියටම ගෞරවයෙන් මේ ඇමතිකම කරාවි කියල අපි බලාපොරොත්තු වෙනවා...ඒක එහෙම කරාවි... හිටපු ඇමති කෙහෙලිය මහත්තයත් ආපු එක වටිනවා...

ඒවගේම අද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයත් ගයි මාමට ලැබිලා....
අපි හිතන පතන විදියට රටට යහපත් පාලනයක් සහ හැමදේම හොඳින් වේවි කියල හිතනව...
ගයි මාමට තුනුරුවන්ගෙ සරණින් ජය පතමි... !
ප.ලි.... අපේ සීයා හිටිය නම් අද හොදටම සතුටු වේවි හ්ම්... ඒ ගැන පොඩි කණගාටුවක් හිතේ තියෙනවා...

__________

Gayantha Karunatilleka මහතා විසින්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාර ගන්නා ලදි...



* සංග්‍රහය තම පෞද්ගලික වියදමින් කිරීම....

* තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන බවට වූ පොරොන්දුව යළි සිහිපත් කිරීම.

* මාධ්‍ය නිදහස තහවුරු කිරීම, මාධ්‍යවේදින් සමග සුහදශීලිව ලෙංගතුව පෙර පරිදි කටයුතු කරන්නට කැපවීම..

* පිරිසිදු දෑත් සහිතව පැමිණියාසේම ඒ ආකාරයටම ගෞරවණීය ආකාරයෙන් යන්නට කටයුතු කරන බව කීම....

Friday, January 16, 2015

ෆීල්ඩ් මාෂල් ධූරය සහ හිටපු හමුදාපති !

ජෙනරල්ට දෙන්න යනවා කියන “ ෆීල්ඩ් මාෂල් “ ධූරය ගැන ගොඩක් අය කතා කරනවා, ඉහල ධූරයකින් පිදුම් ලබනවා කියල...

මම දන්න තරමින් හමුදාවේ ලබන්න පුලුවන් ඉහලම දේ තමයි “ෆීල්ඩ් මාෂල් ධූරය“

මගෙ දැනුමේ හැටියට ලංකා ඉතිහාසයේ ජෙනරල් ධූරයෙන් ජිවත්ව සිටියදී සහ හමුදා සේවයෙදි පිදුම් ලැබුවෙත් සරත් ෆොන්සේකා මහත්තයා විතරයි....

මම හිතන්නේ හිටපු හමුදාපතිවරයෙක් වෙච්ච ජනරාල් හැමිල්ටන් වනසිංහ මහත්තයටත් ලැබුනා ජෙනරල් ධූරය හමුදා සේවයෙන් පස්සෙ මම හිතන්නෙ...
ෆීල්ඩ් මාෂල් ධූරය ගැන කිව්වොත් ඒක කලින් දීලා තියෙනවා ලෝක යුද්ධ වලදි කැපවෙච්ච ජෙනරාල් වරුන්ට...

මට මතක විදියට හමුදාවේ 1 ලක්ෂයකට වඩා ඉන්න ඕන එහෙම ලැබෙන්න නම්...

සාමාන්‍ය සෙබල --> තව එකක් තියෙනව මතක නෑ --> කෝප්රල් --> දෙවන ලුතිනන් --> ලුතිනන් --> කැප්ටන් --> මේජර් --> ලුතිනන් කර්නල් --> කර්නල් --> බ්‍රිගේඩියර් --> මේජර් ජෙනරල් --> ලුතිනන් ජෙනරල් --> ජෙනරල් --> ෆීල්ඩ් මාෂල්

(ඔෆිසර් කැඩෙට් අයිති කොතනටද කියල මට තේරුමක් නෑ)

මේ කියපුවායේ වැරදි නිවරදි කරන්න...
Tissa මාමා, Shantha අයියා, Eranga මහත්තයා... Yasiru මල්ලි..

එරංග අයියාගේ කමෙන්ටුවෙන්,

සාමාන්‍ය සෙබල
ලාන්ස් කෝප්‍රල්
කෝප්‍රල්
සාජන්
ස්ටාෆ් සාජන්
බලලත් නිළධාරි II 
බලලත් නිළධාරි I
රෙජිමේන්තු සෑරයන් මේජර් (යුනිට් එකක එහෙමනම් අම්මා කියලා සලකන්නේ මොහුට )

ඔෆිසර්ස්ලාගේ වර්ගීකරනය හරි කෑඩෙට් ඔෆිසර්ලා මල්ලි ලුතිනන් තෑනට යන්නේ 

යුනිට් එකක තාත්තා වෙන්නේ CO(ලුතිනන් කර්නල්,නෑතිනම් කර්නල් )

ෆීල්ඩ් මාෂල් කියන්නේ ඉතින් යුධ හමුදාවේ ඉහලම තෑන අනික හමුදාවේ ඉන්නකොට කර්නල් උනේ ෆොන්සේකා සර් විතරයි

https://www.facebook.com/sukumal.harischandra/posts/10204445504972190

Thursday, January 15, 2015

මංජුල පීරිස් මහත්තයට වරදිනව..

මංජුල පීරිස්,
සුප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදි මහතා පහුගිය දිනක රූපවාහිනි වැඩසටහනකදී හිටපු ජනාධිපති මහින්ද මහත්තයා දිනන බව කිව්වා...
ඊට පස්සේ පෙරේදා දෙරණට ඇවිත් කිව්වා නෑ මම එහෙම කිව්වෙ නෑ කියල....

* ඊට පස්සේ කියනවා Maithripala Sirisena ජනාධිපතිතුමා අත්සන් කරපු වෙලාව නරක වෙලාවක්... බොහොම අපල සහගතයි වගේ කතාවක්....

** රටේ ජනතාව විදියට වගකීමෙන් අපි දන්නා දේ අනුව කියනවා... මංජුල පීරිස් මහත්තයාට වැරදී ඇත... දැනටම යහපත් පියවර කීපයක් ගෙන ඇති අතර ඉදිරියේදි එය හරියට සිදුවේවි...

Iru සේවයේ ජ්‍යොතිර්වේදි මහතුන්ටද අනුව එවන් ගැටළුවක් ඇතිවන්නේ නැත. රටට යහපතක් වනු ඇත... ඉදිරියේදි ඒ ගැන ලිපියක් පල කරනු ඇති බලාපොරොත්තු වෙනව...

තමන්ට VVIP වාහන දුන්නු පලියට කෝටි ගණන් දුන්නු පලියට.... ජෞතිෂ්‍යය නොදැන භූතාත්ම වලට පහන් තියා එයින් සාස්තර කියනා මහතුන් ජනතාව බිය කරලීමට මෙවන් ප්‍රකාශ කිරිම ගැන ඇතිවන්නේ කණගාටුවකි...

ජ්‍යොතිෂ්‍යෙය විනාශ කරලීමට සමත් කතා පහුගිය කාලේ බොහෝ ජෞතිර්වේදින් කල අතර මෙම බොරු ජෞතිර්වෙදින් ගෙන් ඉවත්ව ගොස් ජ්‍යොතිෂ්‍යය තුල ඇති වටිනාකමෙන් ප්‍රයෝජන ගැනෑමට හැකි වේවා...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204441302187123

සමහර අය හිතනව, ආයෙ මහින්ද මහත්තය බලයට ඒවි කියල...

ඡන්දෙට කලින් කිව්ව වගේම ආයෙත් කියනව.. - මහින්ද මහත්තයට ආයෙ ඒමක් නැත..

එයාල දහමට වඩා හදි හූනියම් විශ්වාස කලා... ඒවිදියට තමා ජෙනරල්ගෙන් ජය උදුර ගත්තෙ..
මේපාර රට රකින දේව මණ්ඩලයම ඒකමතිකව අධාර්මික පාලනයට විරුද්ධව ජනතා මතය එක්ක හිටිය...

ගාල්ලෙ බොරුකාර කේන්දර මහත්තයගෙ වැරදි නැකතකින් ඒකෙ වරද යන්න තිරුපති ගිහින් ඇගේ බරට රත්තරන් තිබ්බත්, හූනියම් කරන අයට කියල මෙහෙත්, කේරළයෙත් ඒව කෙරෙව්වත් දෙවිවරු තීරණය වෙනස් කලෙ නෑ...

ඉතාම වගකීමෙන් කියනවා, රටට වැරදි කරපු හැමකෙනාටම ක්‍රමිකව විපාක ලැබෙනව... ටිකෙන් ටික මහින්දව අතෑරල ආණ්ඩුවට එනව, හැබැයි.. විපාක වෙනස් වෙන්නෙ නෑ...
හිතේ අමාරුවෙන්, නොසිතූ විදියට ඒව වෙනව...
මෛත්‍රි යහ පාලනයක පෙරගමන්කරු වෙනව...

Stupid girls...

සමහර ගෑණු ළමයින්ට වෙන වැඩක් නෑ...
පොඩි කාලේ ඉදලම හිත හිත ඉන්නේ කසාදේ ගැන.....

සමහර අය වැඳලා ප්‍රාර්ථනා කරන්නෙත් ඒකලු....

අනෙ මංදා දෙමාපියෝ සහෝදර සහෝදරියෝ කියල කොටසක් එක්ක 22-23වත් පහුවෙනකම් සතුටින් හිටිය නම් මොකෝ... 18 වෙච්ච ගමන් බදින්න උවමනාව තමයි තියෙන්නේ...

මේකට කියන්නෙ මඟුල් විසේ කියලද මංදා...

— feeling Unahappy.

මේක අද ඊයෙ නෙමෙයි කාලෙක ඉදල දැකපු දෙයක්... ගොඩක් අයට තේරුමක් නෑ.. ආත්මයමය ප්‍රේමයට පූජා කරලා අන්තිමේ අනවශ්‍ය විදියට විඳවනවා...

___ අනගාරික ධර්මපාලතුමා සහ අපේ මහින්ද මහත්තයා ___

යම්පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතා සහ අනගාරික ධර්මපාලතුමා සමාන කරමින් කරන ප්‍රකාශයන් වලට පිලිතුරු වස්, යම් සංසන්දනයක්...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204435416559986


* ධර්මපාලතුමා ධර්ම ප්‍රචාරකයෙක්.
අපේ මහින්ද මහත්තයා එහෙම කල බවක් නම් ආරංචි නෑ.
* ධර්මපාල තුමා ලංකාවේ සිට යුරෝපය දක්වාත් ඇමරිකාව දක්වාත් ධර්ම දූතයන් යැව්වා..
අපේ මහින්ද මහත්තයා බුදු දහමේ උන්නතිය වෙනුවෙන් යුද්ධෙ ඉවර කලා කියල අපිට කියන්න පුලුවනි..

* ධර්මපාල තුමා බරණැස ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරය බුදු දහමට තපෝවනයක් උනා...අදටත් අපිට බුද්ධගයාම තියෙන්නෙ ධර්මපාල තුමා නිසයි..
අපේ මහින්ද මහත්තයා... බුදු දහමේ උන්නතියට ඍජුව කටයුතු කලාදැයි හරියටම මට තේරෙන්නෙ නෑ.. නමුත් දානමාන දීම් කලා... වෙහෙර විහාර සෑදවීම්, ප්‍රතිසංස්කරණත් කලා..
ඒවගේම පහුගිය කාලේ පන්සල් 490කට වඩා වැහෙද්දි, මොකුත් කලෙත් නෑ...

* ධර්මපාලතුමාට දරුවන් නොසිටි නිසා තමන්ගේ ශාසනික මෙහෙවර, අපි වගේ මතු පරපුරට භාර කලා...
අපේ මහින්ද මහත්තයා ඒවෙනුවෙන් පුත්තු 3ම පුරුදු කරන්නැති කියල හිතනව...
නාමල් අයියව දේශපාලනයටත්, යෝෂිතව නාවික හමුදාවෙන් ආරක්ෂාවටත්, රෝහිත අජටාකාශ කරන්න ඇත්තේ උඩු ගුවණෙනුත් රට ජාතිය රකින්න වෙන්න ඕන...

* ධර්මපාලතුමා මුළු බූදලයම බුද්ධ ශාසනයට පුජා කරල නිර්ධන උනා.. අන්තිම මොහොතේ ධර්මපාලතුමා අතේ තිබුනේ නෙල්ලි ගෙඩියකින් භාගයක්... ඒකත් ශාසනේට පූජා කලා..
අපේ මහින්ද මහත්තය නම් තවම සියලු බූදලේ එහෙම කරල නෑ, කරන්න ඕනත් නෑ... කොහොමත් දරුවෝ ඉන්නවනේ හ්ම්..

* ධර්මපාලතුමාටත් ඒකාලේ මෝඩ අය එක එක කතා කිව්වා... සල්ලි හොරකම් කරනව වගේ කතා...

* අපේ මහින්ද මහත්තයටත් අද එහෙම කතා කියනවා....
ධර්මපාලතුමා නම් එහෙම නැති බව ඔප්පු වෙලා ඉවරයි....
අපේ මහින්ද මහත්තය නම් එහෙම සල්ලි හොරකම් කලාද නැද්ද කියල තවම අපි හරියටම දන්නෙ නෑ...

* අවසාන කාලයේ ධර්මපාලතුමා ලංකාව ගැන කලකිරුණ බව ඉතිහාසයේ කියවෙනවා...
මේපාර ඡන්දෙත් එක්ක අපේ මහින්ද මහත්තයටත් එහෙම වේවිද නම් දන්නෙ නෑ...

*** ධර්මපාලතුමාගෙ නම අදටත් පවතින්නේ නිවරදිව කටයුතු කල නිසයි...
තමන්ගේ ජිවිතේම රට ජාතිය වෙනුවෙන් හරියට කැප කල නිසයි... ධර්ම විජය වෙනුවෙන් වැඩ කල නිසයි...
මහින්ද මහත්තයගේ නම එහෙම වේවිද කියන එක ඉදිරි කාලයෙදි තීරණය වේවි... (කොහොම උනත් යුද්දෙ දිනපු දේශපාලන නායකය කියන ගරුත්වය නම් තියේවි)

Tuesday, January 13, 2015

Congratz Guy Mama.... - New Media Minister

We are so proud of You.... Not because you are a relative... but you a good politician comparing with others...
Hope you'll continue it....

Gayantha Karunatilleka මහතාණෙනි,

* 2002-04 එජාප රජය යටතේ, ඔබ ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකි.
ඔබට දූෂණ චෝදනා නැත. මැරකම් ආදි අකටයුතුකම් වල චෝදනා නැත.
හැමදාම ගරුත්වය රැකගෙන සිටි බව රටේම ජනතාව දනී !

* අවසාන මහ මැතිවරණයෙන් ඔබ ගාල්ලෙ 1 වෙනියා ලෙස පත්වන්නේ ජනතා කැමැත්තෙනි.
ඔබට වඩා අඩුවෙන් මනාප ගත්, එජාපයේ මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එක් වෙද්දි දිගටම රට, පක්ෂය වෙනුවෙන් ගාල්ලේ අභිමානය රැකගෙන සිටියේ ඔබ පමණි.

*ගිය වසරේ දකුණු පලාත් සභා මැතිවරණය පවත්වන විටදී එජනිසයේ සන්ධාන මහ ඇමති අපේක්ෂකයා ලෙස ඔබ යන බව ඔවුන් කීවෝය..
ඔබ කීවේ,

“ පක්ෂය හැර යනවාට වඩා මම සාමාන්‍ය පාක්ෂිකයෙකු ලෙස ගෙදර සිටීමට කැමති බවයී “.
සමහර අය එවිට කිවේ දයාසිරි ජයසේකර මහතාද ඔය ආකාරයට කියා ගිය බවයි.
- කිව් ලෙසටම ඔබ ගියේ නැත.

* ලගදී පැවති ජනාධිපතිවරණයේදීද ඔබ ආණ්ඩුවට එක්වන බවත්, එයට අදාල මිල ගණන් පවාද යම් යම් අය විසින් ප්‍රකාශ කරන ලදි.

ඔබ කීවේ යන්නේ නැති බවයි. - කිව් ආකාරයට ඔබ ගියේ නැත.

හැකි උපරිමයෙන් රට ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයා දිනවීමට ඔබ කටයුතු කලේය...

ඔබ අපේ ගාල්ලට අභිමානයකි...

චිරං ජයතු ! ! !


Monday, January 12, 2015

___ යුධ ජයග්‍රහණය..... මහින්ද රාජපක්ෂ සහ කලගුණ සැලකීම ___

යුධ ජයග්‍රහණයෙදි මහින්ද මහත්තයාට සැලකිය යුතු ගරුත්වයක් ලැබිය යුතුය... කතා 2ක් නැති... අපි අදටද ගරු කරමු.... 2010දී ඒකට අපි කලගුණ සැලකුවෙමු... - කියන විදියට රටේ බහුතරය

තවත් කලගුණ සැලකීම්, රට බේරාගත් නායකත්වය සහ ජාතිවාදි ප්‍රකාශයන්ට.....

අද වත්මන් ජනාධිපති මෛත්‍රිපාල මහත්තයා ජාතිය ඇමතුවේ, දළදා මාලිගාව අභියසදීය. මුලින්ම දළදා මාලිගාව ඔතන කෙරෙව්වේ 1 වෙනි විමලධර්මසූරිය රජතුමාය. රජ වෙන්න කලින් කොනප්පු බණ්ඩාරය.
උඩරට සිටි ප්‍රබල ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර මුදලි පියා විය. වීරසුන්දර මුදලි, සීතාවක රාජසිංහයන්ට පක්ෂව කරලියැද්දේ බණ්ඩාර ලෙස එවකට උඩරට පාලනය කල රජුගේ පාලනය බිද වැට්ටීමට කටයුතු කලේය.
එයට තෑගි දෙනු වෙනුවට සීතාවක රාජසිංහයන්ට බොරු කියා වීරසුන්දර මුදලි කෙරේ බිදවූ අතර, අවසානයේ වීරසුන්දර මුදලිව බොරු වළක ලා මරා දමන්නට කටයුතු යෙදින.

පියා අහිමි වූ කොනප්පු බණ්ඩාරට ජිවිත ආරක්ෂාව දුන්නෙ පෘතුගිසින්ය.
ගෝවේද සිටි කොනප්පු බණ්ඩාර පෘතුගිසි හමුදාවක් සමග යමසිංහ බණ්ඩාර නම් වූ කරලියැද්දේ බණ්ඩාරයන්ගේ බෑණා සමග කන්ද උඩරටට පැමිණ සීතාවක රාජසිංහයන්ගෙන් බලය ලබාගත්තේය.
යමසිංහ බණ්ඩාර රජ විය...
ඒත් රජවෙන යමසිංහ කියන දේ අහන්නේ පෘතුගිසි කැප්ටන්ගෙ. සිංහලයන්/සිංහල රදලයන් එක්ක කතාවක් නෑ.,.. සැලකීමක් නෑ....

අන්තිමට කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරව මරලා විමල ධර්මසූරිය විදියට රජ වෙලා පෘතුගිසින්ව එලවනව. (රාජ්‍යත්වය තහවුරු කරගන්නේ දෝන කතිරිනා කසාද බැඳීමෙනි.)
අපිට අදටත් ලංකාවක් තියෙන්නෙ ඒකයි...

“““ පෘතුගීසින් කලගුණ සැලකුවෙ නෑ කියල කිව්වම විමලධර්මසුරිය රජතුමා කියනව, මට සැලකුවා මාව ආරක්ෂා කලා තමයි... 
හැබැයි ඒ හැම එකටම වඩා මට මගේ රට වටිනවා. රටට ද්‍රෝහි වෙන්න බැ කියල...“““
අපිත් එහෙමයි... යුද ජය 1 ජයකි... වැදගත්ම ජය විය හැක. තවත් ජය ගන්නට තිබේය... ඒවා හරියට මහින්ද මහත්තයා කල බවක් නොතේරුනි... මෛත්‍රිපාලයන් යම් දෙයක් කරනු ඇත.....
මේක කියන්න හිතුනෙ Nadishan මල්ලි එක්ක කතා කල නිසයි... මල්ලිට ස්තූතියි...

ඔච්චර තමයි මහින්ද මහත්තය...

සමහර අය රටට වින කල පාලකයන් නැවත බලයට ගෙන ඒමට ලොකු මහන්සියක් දරනු පෙනේ. ඒ සදහා ඊට යටින් ලොකු මුදල් සංසරණය වන බව අප දන්නවාය...

අපිට කියන්නට ඇත්තේ ඡන්දයට පෙර, මෛත්‍රි අනිවාර්ය දිනනවා කිව්වා සේම දැන්ද කිසිවක් කිරීමෙන් ඵලක් නැති බවයි...
නැති ජාතිවාදයක් අවුලුවා, 1% ප්‍රවෘත්තිය 90% ඉහලට ගෙන මේ කරන්නට හදන්නේ රටට නැවත වින කිරීමකි.
ඔවුන්ට කියන්නට ඇත්තේ බඩගෝස්තරය කෙසේ වෙතත් වතාවක් රටට වින කල පාලකයන්ට සුදු හුණු ගෑමෙන් අනුමෝදන් කරගත් පව් වලට අමතරව හැකි නම් තවත් පව් ඇති කරගන්නා ලෙසයි....

මේක දෙයියන්ගේ බුදුන්ගෙ රටයි... මේ රටට වින කරපු අයට හැමදාම උනේ එකම දේ... ඒක ඉතිහාසය හොදට දන්න අයට තේරෙනවා...

සදාකාලිකව තමන්ට බලය තියේවි කියල හිතාගෙන හිටියට එහෙම බැරි බව තේරිලා දවස් කීපයක් උනාට තවම උෂ්ණය තිබෙනු දැනේ...

මේ රටට කරන විනාශය, මෙත් බෝසත් මහ දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලය නොදැන සිටියා නොවේ. අවස්ථාව ඒමේදි විය යුත්ත සිදුවිය...

ජනතාව බහුතරයක්ද, ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික බලය ඇති අයද එය සනාථ කලා...
නැවත බලයට පත් කරවන්නට තැත් කරත්, ඊට කලින් සිහි විකල්ව විපාක විඳි අය ගැන සිහි කරන්නට ආරාධනා කරමු....

මේ රටට වින කර ඇත්තෙක් වේ නම් ඔවුන්ටද අත්වන්නේ ඒ ඉරණමයය....
අවශ්‍ය නම් තවත් කටයුතු කර ඒ පව් තවත් වැඩි කරගෙන තමනුත් කොටසක් කාරයෙක් වී විඳවන්න...
( මොන ආණ්ඩු තිබුනත් දැනෙන දේ කියනවාය...)

https://www.facebook.com/sukumal.harischandra/posts/10204423511142358

Saturday, January 10, 2015

ජනාධිපතිවරණයේ තිරය පිටුපස කතාවෙන්....

අවශ්‍ය ප්‍රතිඵලය ලැබුනට පස්සෙත්, වෙන වෙන වැඩ කරන්න ගිහින් නැති අවුල් ඇති නොවී බේරගන්නට කටයුතු කල නව අගමැතිතුමා ඇතුළු පිරිසට කෘතවේදීත්වය පල කරමු....

මුලින්ම ගියා කියද්දි නිකන් නම් යන්නේ නැති බව අපි දැන සිටි අතර... දැන් අවශ්‍ය දේ සිදුවී අවසන්ය.
කීමට ඇත්තේ මෙයයි, තමන්ගේ ගරුත්වය රැකගෙන කටයුතු කිරීමට සියලු දෙනා පුරුදු විය යුතුය. එය අප වැනි සාමාන්‍ය පුරවැසියාගේ සිට ඉහලම පුරවැසියාටද අදාලය..
ක්‍රමිකව ගරුත්වය විනාශ කරගත් කටයුතු වල උච්ච අවස්ථාවක් පෙරේදා විකට නළු චරිතයක් සමග ඡන්ද භූමියට පැමිණි මහින්ද මහත්තයා තුලින් දුටුවෙමු.

ඡන්ද කැම්පේන් එකද අත්දැකීම් ඇති, උපක්‍රමශීලි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යටි කූට්ටු වැඩ දන්නා මහතා ඉවත් වී සිගිති මානසිකත්ව ඇති අත්දැකීම් නැති අය කල නිසා දිගටම වැටුනු අතර, ඔවුන් සිතුවේ සල්ලි සහ මැර බලයෙන් සියල්ල කරගත හැකි කියාය...
කවුරු ගියත් අපි දිනන බව ඔවුන්ගේ මතය විය...

දශක ගණන් යුධ පිටියේ, සාමාන්‍ය නීතිය ජනතාව වෙනුවෙන් නිවරදිව ක්‍රියාත්මක කල නිලධාරින්ටද අනවශ්‍ය පීඩන ලැබුනි... ජිල්මාට් බැරි තැන, හදිසියෙන් වැටලීම් සමග බලය ගන්නට ගිහින් තිබුනු ගරුත්වය මීට වසර ගණනාවකට පෙර යුද්ධ අවස්ථාවෙදි තමන්ගේ සෙබලෙකුට තුවාල වීමෙන් දමා යන්නට කීමේ ගැටළුව නිසා තමන්ට වඩා නිල බලයෙන් අඩු සෙබළුන්ගෙන් ගුටි කෑ මහතෙකු ඒවා අමතක කර නැවත අවනීතියක්, බලයෙන් මෙහි සිටින්නට ගොස් නැවත ගුටි කා ඇත...
අපේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ හෘදය සාක්ෂිය හංගන්නට ගොස් ඔයින් බේරුනා ඇතිය.... මක්නිසාද යත් ලොව සිටින දක්ෂම අය බොහෝවිට සිටින්නේ අපිට බැවිනි...

තවද මුදලට, වරදාන, වරප්‍රසාද වලට ජ්‍යොතිෂ්‍යය කරන්නාවූ වංචාකාරයන් ගෙනවිත් නාඩගම් නටන ලදි. එයද එසේ නොවන බව අප දැන සිටි අතර, නිවරදි ජ්‍යොතිෂ්‍යය අනුවද යන්නට වෙන බව කීවෙමු.
මේ රට රකින මෙත් බෝසත් මහ දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලයක්ද සිටි. අධ්‍යාත්මික දියුණුව ඇති සිල්වත් ගුණවත් මහතුන්ගේ දැනීමෙන් අසාගත් පරිදි රටට කරන ලද අකටයුතුකම් සියල්ල දෙවිවරු දැන සිටියහ.

වරද නිවරදි කරන අවස්ථාව මෙය බවත්, එය සහතිකේට වෙන බවත් බොහෝදෙනාගේ හිත් තුල ජිල්මාට් අදහස තිබෙද්දි අපෙන් ඇසීමේදී ස්ථිරසාරව මෙවර මෛත්‍රි දිනනු ඇති බව කීවේ ජනතාව ගැන දන්නා තරම, ජ්‍යොතිෂ්‍ය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික බල ඇති අයගේ කියුම්ද එකතු කරගෙනය...
( Iru Sewaya, Iru Astrology අයට social media කරන්නට ලැබීම ගැන සතුටු වන්නේද කිසිවෙකුට පක්ෂපාත නොවී කටයුතු කිරීම නිසාවෙනි. 8 වෙනිදා සිට ලග්න පලාපලයේ කන්‍යා ලග්නයට ‘තිබෙන රැකියාව නැතිවන්නට ඉඩ ඇති‘ බවද, තුලා ලග්නයට ‘සුපිරි රැකියාවකට හිමිකම් කිව හැකි ‘ බවද සමස්ත සියලු එම ලග්න හිමියන්ට මිස පුද්ගලයන්ට ඉලක්කව කියන ලද්දක් නොවන බව පසුව අපට පැවසීය)

ඡන්දෙ දවස්...

Tuesday, January 6, 2015

අපේ Lasitha අයියා....


අපේ යාළුකම අවුරුදු 5-6ක් විතර ෆේස්බුක් එකේ.... හැමදාම හොඳම යාළුවෙක්...

හිටියෙ ඉතාලියේ... දැන් අවුරුදු 11කින් ලංකාවට ඇවිත්... හ්ම්...

මට මතකයි අපේ Prasanjith අයිය මං ගැන, “සීතල ප්‍රහාරකය“ කියල ලිව්ව පෝස්ට් එක... අවුරුදු 3කට විතර කලින්... ඒකෙ ලසිත අයියගෙ කමෙන්ට් එක...

“ අපේ ආදරණීය සුකුමාල් මල්ලි “......

ඒ එකවුන්ට් එක නෑ... ප්‍රසන්ජිත් අයියගේ අරුම පුදුම පරිකල්පන ශක්තිය ගැන තේරෙන පෝස්ට් එකක්වත් නෑ...

ඒ සරල සුන්දර අතීතය ආයෙ එන්නෙ නෑ... දැන් මෙතන හරි සංකීර්ණ වෙලා... අවුරුදු 2-3ක් ඇතුලත පුදුම තරම් වෙනස් උනා...

අද දැක්කෙ මම ලසිත අයිය එක්ක අන්තිමට කතා කරල තිබුනෙ 2013 අගෝස්තු... කාලයක් හැමදාම කතා කරපු අපි... දුරස් වෙලාද කියල හිතුන... ඒත් එහෙම වෙලා නැති බව අයිය කෝල් කරාම හිතුන...

අයිය ලංකාවට ආපු බව දැනගත්තට කමෙන්ට් එකක් විතරක් කරලා මසේජ් නොකලේ...
අපි දුරස් වෙලා කියල හිතට හිතුනු නිසා වෙන්නැති... එතනදි මට වැරදුනා... හ්ම්....

අවුරුදු ගානක් අයිය ලංකාවට එනකම් බලාගෙන ඉදල...
ඔන්න අයිය ඇවිල්ලා ... ඒ ගැන හරිම සතුටුයි...

Monday, January 5, 2015

ආයේ ආයේ... නොම ඉවසන් !



මුසාබස් අසා... නිතර රැවටී...
අතරමගලා... කතර මැදදී..
දවස ගතවෙනා... යසස අහිමි.....
සිහින බොඳ වෙලා... අපිට වැරදි...
ඉවසා......

ආයේ ආයේ නොම ඉවසන්....
හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
ආයේ ආයේනොම ඉවසන්....
හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

දැන්... අවසන්.... ඉවසා... තැවුනා......

නළල රැලි වෙලා.... මුහුණ මැලවී...
දකින හැම මුවේ... විඩා වැජඹී...
ඉවසන දනා... තැවෙන විටදී....
අපව මග හැරී ලොවම ඇදුනි.....
ඉවසා.......

ආයේ ආයේ නොම ඉවසන්....
හිස ඔසවමු හිත ඇති ඉවසුම්....
ආයේ ආයේනොම ඉවසන්....
හිත ඔය ඇති හිත ඇති ඉවසුම්....

පොදු අපිට.... මෛත්‍රි පාලනයක් !!!!

Sunday, January 4, 2015

Susanthika නොදත් අපේ “යසෝදරාව “

සුසන්තිකා ජයසිංහට නොතේරුනාට... නොදත්තාට... රට වෙනුවෙන් පදක්කම් ලබාදුන්නාට බුද්ධිය නැති වෙන්නට ඉඩ ඇතිවාට... අපි නම් අපේ “යසෝදරා දේවිය“ ගැන දනිමු..

යසෝදරා දේවිය... කල්පයටම පහල වූ වාසනාවන්තම, යහපත්ම ස්ත්‍රී රත්නයයි....

බුද්ධ ශාසනයේ යසෝදරාව තරම් කැපවීම් කල කෙනෙක් නැත.  බුද්ධ ශාසනයක් ඇති නොවුනා නම් අපි සිංහල බෞද්ධයන් වන්නේ නැත... අප සිංහල බෞද්ධයන් නොවූවා නම්... සිහල දේශයක් තිබේද... ? ලංකාවක් තිබේද... යන්නවත් අද කාලයට පැමිණ සුසන්තිකාට ලොව දිනන්නට ලැබේදවත් සැක සහිතය..

එනම් සුසන්තිකා දේශපාලන වාසි තකා, වැරදි පාලනයකට කඩේ යන බව නොදැන කලේ බෞද්ධත්වයේ හරයටම දරුණු පහරකි...
ඒක නිසා සුසන්තිකාට දඬුවම් පැමිණවිය යුතුයි කියා හෝ, සුසන්තිකා අදහන දේශපාලන මතවාදයට විරුද්ධව ඡන්දය දිය යුතුයැයි අපි යෝජනා කරන්නේ නැත...

අපි ගැහැණු ළමයින්ට පතන්නේ, යසෝදරාවක් වේවා කියාය... ඒ පැතුම එහෙම කරන්නට අපි යසෝදරාට කෙතරම් ගෞරවය කරනවාද යන්න අපි දනිමු... අන්න ඒ හැඟීමට...
සමස්ත ලෝකයටම මේ කරදර වලින් මිදෙන්නට මග කියා දුන් බෝධිසත්වයන්ට සංසාරය පුරාම වැඩියෙන්ම උදව් කල යසෝදරාවට අර වගේ අපහාසයකදී අපිට රිදෙන්නේ එබැවිනි....

අපේ ජනසාහිත්‍යයේ එන පරිදි, යසෝදරාව  පිරිනිවන් පෑ පසු තනන ලද සෑයට මුල්ම මල පුදා ඇත්තේ බුදුරදුන් විසිනි... එයට හේතුව “සංසාරය පුරා කල උදව් වලට කලගුණ සැලකීමටය...“

ඉතින් අපි හිතන්නෙ මේ ප්‍රකාශය හුදෙක් දේශපාලන ප්‍රකාශයකට වඩා, තමන්ට චරිතවත් වන්නට බැරිවුනු නිසා යසෝදරාව ගැන තිබුනු ඉරිසියාවට කටින් පැන්නක් බවය...
ඊට ආසන්නව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘යුගාන්තයේ‘ එන දෙමාලසිංහ නෝනා යසෝදරාවගේ චිත්‍රයක් දැක ඉරිසායාවෙන් පෙලෙන බව කියනවා මතකය...

නොදන්නා අයට.. යසෝදරාව ගැන,

* යසෝදරාව... බුද්ද ශාසනයේ මහා අභිඤ්ඤා තත්වයට පත්වු 4 දෙනාගෙන් කෙනෙකි.
මහා අභිඤ්ඤා තත්වයට පත්වූ අය ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දැකීමට සමත් වූහ.

* වෙස්සන්තර ජාතකයෙහි රටත්, රාජ්‍යයත්, දරු දෙදෙනාත් අවසානයේ තමාවත් දන් දෙද්දි ඉවසාගෙන බුද්ධත්වයම ලැබේවා පතමින් කටයුතු කල උතුම් මද්‍රි දේවිය යසෝදරාවය..

* සඳකිඳුරු ජාතකයේ රජ සැප ප්‍රතික්ෂේප කරමින්, තම පතිවත රැකගනිමින් අවසානයේ තම අධිෂ්ඨාන බලයෙන් බෝධිසත්වයට පණ දුන්නෙ යසෝදරාවමය..

* උම්මග්ග ජාතකයෙදි තම පතිවත රැකගත් අමරා දේවිය අපේ යසෝදරාවමය..

* දසරථ ජාතකය, චම්ප්‍යෙය ජාතකය, ජයද්දිස්ස ජාතකය, චුල්ලසුතසෝම ජාතකය, මහාජනක ජාතකය, ඛණ්ඩහාල ජාතකය, මණිචෝර ජාතකය, අතනුසෝවීය ජාතකය, විසය්හ ජාතකය, සුචි ජාතකය, මනෝජ ජාතකය යනාදි සෑම ජාතක කතාවකම යසෝදරාවගේ උතුම් වූද ස්ථිරසාරවූද ගතිගුණ බෝධිසත්වයන් බුදු බවට පෙරුම් පිරූ සෑම අත්භවයකම දැකිය හැක..

Saturday, January 3, 2015

Had a grt time with our Long loyal Friend !!

අද කාලෙකින් එරංග මල්ලිව මීට් උනා... ඩයිනමෝ ගිහින් අපි 3 එක්ක දියත පැත්තෙ ඇවිද්ද... වාඩි වෙලා හිටියේ... මොකක්දෝ චිත්‍රපටියකත් රූගත කිරීම් තිබ්බ...

එරංග සන්දීප... හ්ම් අපේ පරණම විශ්වාසදායකම යාළුවා... අපේ නංගිගේ යාළුවෙක් උනත් මටත් ඇත්තටම හොද සහෝදරයෙක්...


ඒක පැහැදිලි උනේ ඒවගේ අවස්ථා වලදි... ඒවගේම අපේ මළ ගෙවල්, දානෙ ගෙවල් වල පවා වෙන අය එන්නෙ නැති උනත් එයා එනවා...

ගිය අප්‍රේල් වල අපේ නංගිගෙ උපන්දිනේට දුන්නු ට්‍රීට් එක එක්ක මට ඕන උනා එයාටත් ට්‍රීට් එකක් දෙන්න... ඔන්න මේපාර තමයි පුලුවන් උනේ...
එයා ආවෙ නෑ කලින් කිව්වම දවස් තිබ්බෙත් නෑ...

පැය 3ක් විතර හිටිය... සතුටුයි... මේපාර රට වෙනුවෙන් ඡන්දෙත් දේවි...



Watched PK Movie ... sumthing worth to watch...

මේ චිත්‍රපටිය වෙනස්... ඒත් ඒකෙ ආදර්ශය ඊට වඩා වැදගත්...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204334649120863

ඉන්දියාව කියන්නෙ දේව වන්දනාව ඉහලින්ම කරන රටක්... දේව වන්දනාව අන්ධ වන්දනාවක් උනාම තත්වය එච්චර හොද නෑ...

හැමදේම දෙවියන්ට භාර කරල ඉන්නවා... දේව වන්දනාව, ජ්‍යොතිෂ්‍ය ඔක්කොම ලගින් ලගින් යන ඒවනේ...

චිත්‍රපටයේ දේව වන්දනයට අදාල කරුණු ව්‍යාපාරික උවමනා වලට හදාගත්ත ව්‍යාජ අය ගැනත්, දේව වන්දනයෙන් ඇත්තටම හිතන දේ වෙන්න කල් යෑමත් තියෙනවා...

දෙවියෝ කියන සංකල්පය වැරදි නෑ භාවිත කරන අයගේ වරදක් සහ ඒකෙන් මුලාවට පත්කිරිම වැරදියි කියල කියන්නෙ අන්තිමට...
එතනදි දේව සංකල්පයට වැදෙන්න ඕන පාර වැදිලා... හරියට සූරියඅරණ චිත්‍රපටියෙ හාමුදුරුවරුන්ට කරන අපහාසය වගේ... අන්තිමට තමයි වරද හරිගස්වන්නේ... එතකොට වෙන්න ඕන දේ වෙලා..

ඒනිසා 3 Idiots Movie වගේම ප්‍රසිද්ධ වේවිද නම් දන්නේ නෑ...

අත්දැකීමෙන් දන්න විදියට... දෙවිවරු කියන්නෙ අපිට වඩා මනස උසස්, අපිට වඩා සැප විඳින ජීවින් කොට්ඨාශයක්... තමන්ගේ කර්ම ශක්තිය අනුව....

බුද්ධාගමට දෙවිවරු වගේම, හින්දු ආගමටත් දෙවිවරු ඉන්නවා... කතෝලික ආගමටත් ඉන්නවා... ඉස්ලාම් ආගමටත් ඉන්නවා... (ඇත්තටම ඉන්නවා..)

දෙවියන්ගෙන් පැතුම් ඉටුවීම, ආශිර්වාදය වගේ ඒව ගන්න හැමෝටම බෑ...
මිනිස්සු වෙන අපි වගේ තමයි... දෙවිවරුත් විවිධාකාරයි... අපි කාටවත් එකපාරට උදව් කරනවද... නෑනේ...දෙවියොත් ඒ වගේ..
දෙවියන්ගෙන් ආශිර්වාදය ලැබෙන්න, තමන් ප්‍රතිපත්තිගරුවක ඉන්න ඕන, සිල්වන්ත වෙන්න ඕන, සමහරවිට පෙර භවයක ඥාතියෙක් නම්, පෙර භවයන් වල ඉදලා වැදුම් පිදුම් කරල නම්... අන්න ඒව වගේ කාරණා උඩ දේව පිහිට ඇත්තටම ලැබෙන්න ඉඩ තියෙනව...

තව දෙයක්... මේක ටිකක් විවාදාත්මකයි...

දෙවිවරු ආගම් වලට හිටියට... අපි හැමෝම යන්නේ එකම අපායකට... එකම දිව්‍ය ලෝකෙකට.. ඒකියන්නේ සිංහල අයට වෙනමත්, මුස්ලිම් අයට වෙනමත් කියල 2ක් නෑ... සදෙව් ලෝකය, සතර අපාය අපි හැමෝටම පොදුයි....
( මම සර්ව ආගමික මේනියාවෙන් පෙලෙන්නේ නැත)

ඒවගේම... නිර්වාණය = මෝක්ෂය = ස්වර්ගය....
හැම ආගමකට බලාපොරොත්තු වෙන දේවල් වල තියෙන්නෙ පොදු තැනක්...
දන්න ඉතිරිවා කිව්වොත්... ඒක අනවශ්‍ය ගැටළු එනවා.. උදාහරණයක් විදියට ජේසුස් සමිදාණන්ගේ දේවත්වය..... අල්ලා දෙවියන්ගේ දේවත්වය වගේ ඒව...
හැබැයි ඒ දෙවිවරු ඉන්නව...

“ හිටියොත් හොඳට හැදී... දෙවියොත් නමට වඳී.... - දෙවියන්ගේ ගරුත්වය ලැබෙන්න හරියට ඉන්න ඕන...
සියලුම ආගම් වල... මූලික හරයේ තියෙන්නෙ කිසිම කෙනෙකුට සතෙක්ටවත් හිංසා නොකර යහපතින් ජීවත් වීම ගැනයි...

face book වල දැම්මෙ නැති මේ ටික.... වෙනත් ආගම් වල දෙවිවරු පවා විශේෂයෙන් ජේසුතුමාත්, අල්ලා දෙවියනුත් යම් කාලෙක නිර්වාණය අවබෝධ කරගන්නවා....
ඒක වෙන්නෙ අවබෝධය තුලින්...

නිර්වාණයට යන නියම මාර්ගය කියන්නෙ බුදු දහම විතරයි...

ඒත් මේව එතන කිව්වම එක කොටසක් තරහ වීම වගේම, තව කොටසක් බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි, අපේ ආගම තමයි උතුම් කියන කතා කියන්න ගනිවි..

මම දන්න විදියට, ජේසුතුමා පත්තිණි දේව මෑණියන් බුදු වන ශාසනයේදි... අනාගතයෙදි... නිවන් අවබෝධ කරගන්නව... අංගුලිමාල රහතන්වහන්සේගෙ තත්වයට පත් වෙනව.. මස් මාළු විශේෂයෙන් මරන කොටස අයිති එතනට..

අල්ලා දෙවියන් කියන්නේ දෙව්දත් තෙර... සමහර මුස්ලිම් අය දන්නවා... දේව මස්සිනාලා කතාව...

Thursday, January 1, 2015

අපි ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යසෝදරාවක් මෙන් වේවා කියාය...


Susanthika Jayasinghe වැනි පහත් පෙලේ මෝඩ කාන්තාවන්ට යසෝදරාව වටින්නෙ නැතිව ඇත...

එයට හේතුව වී ඇත්තේ සංසාරය පුරාම එකම උත්තම පුරුෂයෙක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම, තම සීලය රැකගැනීම මෙවන් පහත් අයට කිරීමට බැරිව ඇති නිසා විය යුතුය...

අපි ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යසෝදරාවක් මෙන් වේවා කියාය...
අපිට නම් කල්පයටම පහල වූ වාසනාවන්තම, ගුණවන්තම කාන්තාව යසෝදරාවයි...

අධම දේශපාලකයන්ට කඩේ යන්නට උවමනා විට එතනට අවශ්‍ය විදියට කඩේ යන්නට උතුම් ස්ත්‍රින් රත්නයකට මෙවන් අපහාස කරන සුසන්තිකා මැඩම්ගේ චර්යාව ගැන අප කියන්නේ නැත....
එය තමන්ම තමන් ගැන සිතාගත යුතුය...

මෙදාපාර..... මෙවන් අනවශ්‍ය අය අනවශ්‍ය තැන් වලට ඇවිත්... මහ පොලොව නුහුලන කතා නොකියන්නට... නිවරදි පාලනයක් ගෙන එන්නට සමස්ත ලංකාවටම හේතු වාසනා ඇති වේවා.... !
මුලින්ම දැනුවත් කලාට බොහොම ස්තූතියි Piyum Srilal මහත්තයා...


New year's thought


“ බොහෝකොට ධනය ඇතිකල්හි තව තවත් ධනය ඉපිද වීමේ ක්‍රම සෙවිය යුතුය.
ධනයෙන් ලැබිය නොහැකි වස්තුවක් නැත්තේය. විඳිය නොහැකි සැපතක් නැත්තේය. එනිසා ප්‍රඥාසම්පන්න විචාර බුද්ධිමත් පුද්ගල තෙම කොතෙකුත් ධනය උපයන්නේය...

ආඪ්‍ය වූ සමෘද්ධ වූ ධනය ඇති පුද්ගලයාට මිත්‍රයෝ, සහෝදරාදි ඥාතිහු බොහෝය.
බලය, යසස, ආනුභාවය ඇති පිරිමියා වන්නේ ඔහුය....

ධනයෙන් ලැබිය නොහැකි කීර්තියක්, යසසක්, බලයක්, දානයක්, ශාස්ත්‍රයක්, කලාවක් නැත්තේය...
සමෘද්ධ වූ ධනය ඇති තැනැත්තේ මහලු වුවද තරුණයෙකි...
හීනවූ ධනය ඇති තැනැත්තේ තරුණ වුවද මහල්ලෙකි.. “

පංචතන්ත්‍රය....

( මහා පඬි විෂ්ණු ශර්මන් විසින් අමරශක්ති නම් මහා රජුගේ බුද්ධියෙන් අඩු පුතුන් 3නා රාජ්‍ය පාලනයේ සමත් බුද්ධිමතුන් කිරීම පිණිස ලියන ලද්දකි. )

Hats off !


Upul Shantha Sannasgala Sir.... great !
|
“ කලාකරුවා කියන්නේ වෙනස් චින්තයක් තියෙන මිනිහෙක්.
ලෝකේ වෙනස් කරන්න හදන මිනිහෙක්. ලෝකේ වෙනස් කරන්න හදන එවුන්ට සත්තු පහර දෙනව නම්... උඹල ඔතෙන්ට නම් එන්නේ... අපි ආපහු හුණු කැටයට එනව... මේ සියලු දෙනත් එක්කම එනව... එන්නෙ අපි විතරක් නෙමෙයි... කුරුණෑගල පැත්තේ ඉන්න අහිංසකයොත් එක්ක...
උඹලව පරාජය කරනවා...
___
අපේ රටේ කලාකරුවන්ට අඳ බාලයෝ දාල ගස්සන ගමන්......
ඉන්දියාවෙන් සල්මන් ගෙනැල්ලා ඡන්දෙ ගන්න හදන සිගිති මානසික තත්වයෙන් මන්ද මෝල් මානසික තත්වයට පත්වුනු පාලකයන්ට තවත් කඩේ යමු.... සතුටු සිතින්...

https://www.youtube.com/watch?v=ZCxmMbG9jVU&list=UUCK3OZi788Ok44K97WAhLKQ

I m ready to anything everytime...


මෙතන එක පිරිමි පරාණයක් හිටියා... අපිට පෙන්නුවෙ එක්කෙනෙක්ව මැරි කරනවා කියල... බැලින්නම් වෙනම කෙනෙක්ව මැරි කරලා..
අපිට පෙන්නුව කෙනා එයාම හදපු එයාව ප්‍රමෝට් කරන්න හදපු ගෑණු එකවුන්ට් එකක්...
(ඒක තේරුනේ හොයද්දි දාලා තියෙන්නෙ පකිස්ථාන් ගර්ල් කෙනෙක්ගෙ පින්තූර)

එයාගෙ චරිතෙ නරක බව අපි දන්න බව එයාට තේරිලා තාම ටික දවසයි....
හිත හිත හිටියෙ දෙයියනේ කියල අයින් කරන්නෙ කොහොමද කිය... මෙන්න අයින් වෙලා... අර ෆේක් එකවුන්ට් එකෙනුත් අයින් වෙලා... සතුටුයි සෑහෙන්න...

ආයෙ මේ වෝල් එක බලන ඒ අමුතු මානසිකත්වය තියෙන මහත්තයට කියන්නෙ....
එකවුන්ට් එකෙන් අයින් වෙලා ගියපු එක ගැන ස්තුති කරනවා.. හැබැයි මා එක්ක පටලැවෙන්නෙ නැතිව... ගෑණු ළමයින්ට දාන චණ්ඩිකම් දාන්නෙ නැතිව ගියෙත් මොකද මංදා... ..

අහිංසක ගෑණු ළමයින්ව අසරණ කරන චණ්ඩි කතා ලොකු කතා දාන්න එපා එයාලට... ඔයාට අකමැති නම් ඔයාගෙ පාඩුවෙ ඔයා ඉන්න...
රටේ නීතිය තියෙනවනේ...
අවුලක් ආවොත් ඒ අය වෙනුවෙන් අපි ඉන්නවා... පුලුවන් නම් මහින්ද මහත්තයට හරි මෛත්‍රිට මහත්තයට හරි කඩේ ගිහිල්ලා වෙනසක් කරගන්න බලන්න...
දෙන්නගෙන් කවුරු ආවත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරගන්න හැටි අපි දන්නවා...
කැමති නම් කරල බලමු... මම කැමතියි...

රටම...

දකුණේ තාම මහින්ද මහත්තයාට වාසි උනත්... කොලඹින් එහාට ඡන්ද ඇත්තේ හරිම අඩුවෙනි...

අනුරාධපුරයේ මුණගැහුනු 85%කට වඩා ‪#‎MY3‬ ට වන අතර, එයින් 50%කටත් වඩා, ගියපාර මහින්දගේ ඡන්ද වේ..

මහින්ද මහත්තයාගෙ ලගම අය, බත් බැලකමට සහ නොදැනුවත්කමට සිටින අය හැරුනුකොට සල්මන් නිසා ඡන්දයන් නොලැබෙන බව ජනතාව වන අපිට තේරෙයි...
හදිසි මහ වැස්සද නිමිත්තක් වන් අතර, මුදලට සහ පරාණ බයට මෛත්‍රීට දේව සාපයක් ලෙස සමහරු හැදිනුවද, හැබෑ හේතුව වෙනෙකකි...