Tweets by @Tweetsbysuku myblog: මැරුණු ඇයත්, එන්න හිටියත් දරුවත්...

Facebook Fan Page

Monday, June 4, 2018

මැරුණු ඇයත්, එන්න හිටියත් දරුවත්...

                                     
මගෙ හොදම යාළුවෙක් 2ක් මේක කියවල අහනවා මනස්ගාත හිතාගෙන පිස්සු ලියනවද කියල. එයාලට මනස්ගාත වගේ ඇති. මට නම් මම දන්න අත්දැකීමෙන් සාක්ෂාත් කරගත්ත ඒවයි මම ලියන්නෙ.
මම අද භෞතිකවාදිව හිතන අපේ හාමුදුරු කෙනෙක් එක්ක කතා කරද්දි උන්වහන්සේ කියන්නෙත් මම හිතින් හිතාගෙන කියනව කියල. ඔළුවට දාගෙනලු. ඒපාර මම උන්වහන්සේගෙන් ඇහුවා,

“ හාමුදුරුවනේ, ඔබවහන්සේ මලක් හිතාගන්න මට කියන්න එපා“ කියල. ඒපාර උන්වහන්සේ “හරි“ කිව්වා. මම ඇහුවා “මොකක්ද මල“ කියල. “ අරලිය “ කියල උත්තර ලැබුනා.
මම ඇහුවා, ඔබවහන්සේ කොහොමද මට ඔප්පු කරන්නෙ හිතුවෙ අරලිය මල ගැන කියල ? උන්වහන්සේ කිව්වා මට බැහැ කියල. හැබැයි මට ප්‍රත්‍යක්ෂයි මම හිතුවෙ අරලිය ගැන කියල. මම කිව්වා හාමුදුරුවනේ මටත් එහෙම තමයි. මම කියන දේ මම දැනගෙන ප්‍රත්‍යක්ෂව කියන කාරණා. හැබැයි ඔප්පු කරන්න මට තේරෙන්නෙ නැ කියල. කොහොමත් අපි පුරුදු වෙලා තියෙන්නෙ ස්වාමින්වහන්සේලාට ගරු කරන්න. ඒනිසා උන්වහන්සේ කියන කාරණා මම පිලිගත්ත. එහෙමත් වෙන්න පුලුවන් කියල.

මැරුණු අැය ගැන එක එක ෆ්ලෑෂ් බැක් ( පරණ මතක) මතක් වෙනව තවමත්. ඒ අතර මටත්, ඇයටත් දවසක ලැබෙන්න හිටිය දරුවෙක් හිටියා. ඒක වෙනම කතාවක් ඉතින්. කොහොම හරි ඒ විඥානය දැන් එන්නෙ නෑ. එන්න හිටියෙත් අද ඊයෙක නෙමෙයි. අවුරුදු 2කටත් පස්සෙ. ඇයට නම් ඒ ගැන වෙන තව අදහස් තිබුනා. කාරි නෑ, හැබැයි ඒ විඥානයෙ කර්ම ශක්තිය තිබ්බෙ අපිට අදාලව විතරයි. දැන් දරුව එන එකක් නෑ.
මේක කියද්දි මට මතක් වෙනව මම පහුගිය දවස් වල ඇහුවා, මහරහතුන් වැඩි මග ඔස්සේ කතා කරන ස්වාමින්වහන්සේගේ කතාවන්. ඒවයේ තියෙනවා ජයසිරි මහ බෝධින්වහන්සේ සමීපයට ගිහිල්ලා පින් කටයුතු වල නිරත වෙලා බෝධිසත්ව ආත්ම වලට තමන්ගෙ දරුවෙක් වෙන්න ඉල්ලන්න කියල. ඊට ආසන්න කතාවක්, අත්තනායක එම් හේරත් සර් අමාදහරෙදි පහුගිය පෝයට කිව්වා. විදේශගත අපේ අය කොටසක් ඇවිල්ලා ඊට අදාලව දෙයක් කරන බව.

එනිසා මම මේ ගැන ටිකක් ගැඹුරින් හෙව්වා. ඇත්ත, බෝධිසත්වයන් වන ආත්ම භව බොහෝමයක් තියෙනවා. ගිහිල්ලා ඉල්ලිම් කරන එක වරදක් නෑ. හැබැයි එහෙම දරුවෙක් පිළිසිඳ ගන්න නම් ඒකට අදාල කර්ම ශක්තියක්, ඒකියන්නෙ හොඳ පිනක් තියෙන්න ඕන. නැත්නම් බැහැ. ගෞතම බෝධිසත්වයෝ පස් මහ බැලුම් බැලුව මනුෂ්‍ය ලෝකයට එන්න. ඒවගේම පින් ඇති අර බෝධිසත්වයන් වහන්සේලාත් ඒ ඒ කර්ම ශක්තින් හොයල බලලයි එන්නෙ. ඒක තරමක් අපහසු කාරණයක්.

ඒක හිතද්දියි මම හොයාගන්නෙ අපිට එන්න තිබ්බ විඥානය එහෙම ඉල්ලීම් කරන්න අවශ්‍යතාවයක් තිබුනු දෙයක් නොවෙන බව. ඇත්තටම ඒ අපේ කර්ම ශක්තියට අදාලව එන්න හිටිය දරුව. එනිසා තියෙන අකුසල ශක්තින් තරමක් අඩු උනා නම් දරුවට අදාල කාලයෙදි එන්න තිබුනා. ඒක ඉතින් දැන් වෙන්නෙ නෑ.

වෙලාවකට හරි අසාධාරණයි කියල වේදනාවක් ආවත්... ඒක කර්ම ශක්තින් අනුව වෙන දෙයක් බව තේරුම් කරගෙන ඉන්නව.. හ්ම්...

No comments:

Post a Comment