Tweets by @Tweetsbysuku myblog: What Happens in Vegas (2008)

Facebook Fan Page

Friday, June 15, 2018

What Happens in Vegas (2008)

 මේකෙ විශේෂත්වයක් තියෙනවා ඒ තමයි ජිවිතයේ අහඹු සිදුවීම් එක්ක ඇතිවෙන බැඳීම් වලින් උනත් ගැඹුරින් ආදරය - සෙනෙහස ඇති වෙන්න පුලුවන් බව ටිකෙන් ටික දිග හැරෙන චිත්‍රපටියක්.

Tom Vaugan අධ්‍යක්ෂණය කරපු What Happens in Vegas (2008) සිනමා පටය ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් තරු 2ක් වෙන Cameron Diaz සහ Ashton Kutcher තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. ලෝකය පුරා බොහෝම ප්‍රසිද්ධ වෙච්ච කතාවක් තමයි මේක. IMDb අගය 6.1 ක් විදියට වාර්තා වෙනවා.

ජෝයි (කැමරන් ඩයස්) විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්, කසාද ගිවිස ගත්ත කෙනෙක් ඉන්න. ජැක් ( ඇෂ්ටන් කුචර්) තාත්ත ගාව පොඩි රස්සාවක් කරන ගමන් නිදහස් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන කෙනෙක්. හදිසියේම  ජෝයිට ඇගේ විවාහ ගිවිස ගත්ත කෙනාගෙන් නිදහස ඕන බව අහන්න වීමත්, ජැක්ගේ රස්සාව නැති වීමත් සිදු වෙනවා. ඒ අනුව ඒ දෙන්න යාළුවො 2ක් එක්ක ලාස් වේගාස් ( ඇමරිකාවේ විනෝදකාමින්ගේ නගරය) යනවා. ගිහින් බීමත්ව, කුල්මත් වෙලා ඉද්දි නොහිතාම විවාහ වෙනවා. ඒක තේරෙන්නෙ දවසක් ගියාට පස්සෙ. කසාදයෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉද්දි අහම්බෙන් වගේ කැසිනෝවකින් ඩොලර් මිලියන 3ක මුදලක් දිනනවා. දික්කසාදයෙදි විනිසුරුවරයා එ් සල්ලි හිර කරලා, කසාදය මාස 6ක් පවත්වා ගත යුතු බවට තීන්දුවක් දෙනවා.

ඉතින් ඊටපස්සෙ මේ දෙන්නා තමන්ගෙ ජිවිතය පවත්වාගෙන යන හැටිත්, දෙදෙනාම කැමැත්තකින් තොරව කරන වැඩත් අනුව දෙදෙනාටම දෙදෙනාව එපා වෙන්නට කරන වැඩත් ගැන සිනමා පටය දිග හැරෙනවා. ඒ කාරණා අතර දෙදෙනා අතර බැඳීම් ඇතිවනෙ හැටි නොහිතන විදියට සහ ඊලගට සිද්ධ වෙන කාරණා එක්ක දේවල් තේරුම් ගන්න විදිය වගේ බොහෝම වැදගත් දේවල් සිදු වෙනවා.
ඉතින් ඒව දැනගන්න නම් මේක සම්පූර්ණ බලන්න ඕන. ඒක විඳින්න ඔබට ඉතිරි කරනවා.

මතක තියාගන්න අහඹු බැඳීම් - හමුවීම් උනත් ජිවිතය වෙනස් කරන්න ඉඩ තියෙනවා. ජිවිතයේ බොහෝ දේවල් වල වටිනාකම් අපිට තේරෙන්න සමහරවිට කල් යනවා. නමුත් බුද්ධියෙන් යුතුව නිදහස් මනසකින් හිතනව නම් බොහෝ දේවල් අපිට තේරුම් ගන්න පුලුවනි. 

No comments:

Post a Comment