Tweets by @Tweetsbysuku myblog: හදිසියේ පැතිර යන ලෙඩ වලින් රැකෙන්නට...

Facebook Fan Page

Thursday, June 7, 2018

හදිසියේ පැතිර යන ලෙඩ වලින් රැකෙන්නට...

මේ දිනවල වෛරස කීපයක් ලංකාව පුරාම පවතින බව ඔබත් අහන්න ඇති. ගාල්ල ප්‍රදේශයේ දරුවන් 10 දෙනෙකුට වැඩි පිරිසක් වෛරස රෝගයක් නිසා අපිට අහිමි උනා. ඒනිසා ඒ පැති වල බෙහෝම අස්ථාවරකම් වගේම අමුතුම බියක් ඇති උනා. ලෙඩ නිතර තියෙන කොළඹට ආසන්නවත්, ටයිෆොයිඩ් වගේ විවිධාකාර ලෙඩ රෝග ඇති වෙනව. පහුගිය දිනවල ඇද හැලුනු වැස්ස එක්ක  ලෙඩ රෝග ඇති වෙන එක සාමාන්‍ය ලෙස වෙන්න පුලුවන් දෙයක්. විශේෂයෙන් උණ රෝග තත්වයක් එක්ක බඩේ අමාරුකම් මේ දිනවල ඇති වෙමින් තියෙනවා. 

ඉතින් මේ තත්වයෙන් ගැලවෙන්නෙ කොහොමද ?

මූලිකව අපිට ලෙඩ රෝග ඇති වෙන්නෙ අපේ ප්‍රතිශක්තීකරණයේ දුර්වලතාවයක් ඇති වීම හේතුවෙන්. එනිසා අපි පිරිසිදුව ඉන්න එක අනිවාර්ය කරන්න ඕන. ඒකියන්නෙ කෑම ගැනීමේදී අත සේදීම ඉදලා මේ දිනවල වෙනදටත් වඩා හොඳින් කල යුතුයි. ඩෙටෝල් වගේ සනීපාරක්ෂක සබන් වර්ගයක් භාවිත කරනව නම් වඩා හොඳයි මේ දිනවල. 
තව දෙයක් මේ දවස් වල පිටින් කෑම කන එක අඩු කරන්න. පිටින් කෑම කෑවාම ලොකු අවදානමක් තියනෙවා ලෙඩ රෝග වලට. 
ඒවගේම තමන්ගෙ ගෙදරින්ම උණු කරලා නිවපු වතුර ගෙනිහින් පාවිච්චි කරන්න. ටැප් වල වතුර පානය කරන එක ලෙඩකට අත වැනීමක් වෙන්න පුලුවනි. ගොඩක් ආයතන වල අද ෆිල්ටර් තියෙන නිසා තරමක් ආරක්ෂිතයි තමයි, නමුත් වඩා හොදයි ඔබ ඔබේ නිවසින් ගෙනියන උණු කර නිවපු වතුර මේ දින වල භාවිත කරනව නම්.
මේ දිනවල හදිසියේ වැසි ඇද හැලෙනවා. ඒ වැසි වලින් ආරක්ෂා වීම වගේම, පාරෙ යනකොට ගලන වතුර පාරවල් වලිනුත් හැකි තරම් ආරක්ෂා වෙන්න. ඔය කියන වතුර පාරවල් එන්නෙ මොන කුණු තියෙන තැනකින්ද ඒකියන්නෙ කොයිතරම විෂබීජ එක්කද කියල අපිට හරියටම තේරුමක් නැති නිසා එහෙම කරන්න. යම් විදියකින් එහෙම වතුර පාරට ඔබත් තරමක් හෝ තෙමුනොත් ගෙදර ඇවිත් ඩෙටෝල් දාලා හොඳින් කකුල් හෝදන්න. ඒවගේම ඇගිලි කරු කහන්න එහෙම පටන් ගත්තොත් හැකි ඉක්මණින් දොස්තර කෙනෙක්ට පෙන්වලා ඒකට අදාලව ප්‍රතිශක්තිකරණය සහිත බෙහෙත් ගන්න. 
මේ වගේ දින වල සෙනග ගැවසෙන තැන් වලට යන එක හැකි නම් අඩු කරන්න. ඒවගේම හදිසියෙ යන්න උනොත් ඒ වගේ තැන් වල ගිහින් ආවට පස්සෙ හොදින්ම පිරිසිදු වෙන්න අමතක කරන්න එපා.

මේ කියල තියෙන්නෙ සරලවම ඔබට කරන්න පුලුවන් කාරණා කීපයක් ගැන විතරයි. ඒ කාරණා ගැන උනන්දුවෙන් ඉදලා කටයුතු කරලා ඔබ නිරෝගීව ඉන්න කටයුතු කරන්න. 

No comments:

Post a Comment