Tweets by @Tweetsbysuku myblog: February 2015

Facebook Fan Page

Friday, February 27, 2015

Little Manhatton movie - Watching

OMG.... I know that feelings... its Love.... technically kinda love.... Its strange that movie can give you the feeling of being loved... unfortunately I don't even remember the time I was in love.... God I even don't know did I love or not.....
Its kinda awful....

But this movie.... give all it back... how we feel in that young age.... hm...

Hmm I know about running miles... cycling for hours.... even finding the right person among thousands... its a power I think... that motivation... ah that was great... I felt that nothing is impossible....

Love is about going that extra mile even it if hurts.

“Love is about finding courage inside of you that you didn’t even know was there.” 



“Are there any more beautiful words in the English dictionary than 'see you tomorrow?” 



“All those ridiculous songs about love - I finally understood.” 

“It's amazing how quickly time moves.
Just yesterday,
I thought I loved her,
but now,
I don't even care about her at all.” 







Fb posts 2-27

අපෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් වල ඉන්න ගෑණු ළමයින්ගෙ,
විශේෂයෙන් ෆේස්බුක් එකට අලුතෙන් ආපු ගෑණු ළමයිගෙ එකවුන්ට් වටේ පැණි හෙලන සහ ගෑණු ළමයින්ට කරදර කරන අසහනකාර(ඒ ගති එකවරම නොපෙනේ), මහත්තුරු කැරකෙන බව හොයාගෙන යද්දි...
පොඩි පහේ කලබලවීමක් නොඑනවමත් නෙමෙයි...
ඒත් දැන් එයාලට තමන්ගෙ පාඩුවෙ තීරණ ගන්න ඉඩදෙන එක හොදයි... වෙනද වගේ නැතිව... හ්ම්...

Girls who r new to fb... see fb is a such nice place n they act as they wish...
Its ok,
bt if U keep adding ppl wid womanizing attitudes with or without knwing...
things may get ugly....
Seeing those n realizing those r bit a disturbance to me as usual.....

Its better to let them made their own decisions... unlike past... hmm



Saturday, February 21, 2015

Love & Other

පහුගිය දවසක, අපේ Ayodhyaවි එක්ක කතා කරද්දි මම කිව්වා,

අවුරුදු 9ක් මේකෙ හිටියත් හරියට ගෑණු ළමයෙක් ආදරේ කරන්න ලැබිල නෑ, ඉන්න ඔක්කොම අක්කල නංගිල, මම දන්න මේකෙන් මුණ ගැහිලා මැරි කරපු අයත් ඉන්නව කියල...

එතකොට අයෝධ්‍ය නංගි කියනවා, “ අයියා ඔයා හොඳයි. ඒත් ඔයා ගෑණු ළමයින්ට ඒ තරම සැලකිල්ලක් දක්වන්නෙ නෑ, ආඩම්බරයි වගේ අදහසක්... “

මාත් ඉතින් පහුගිය ටිකේ ඕක හිතුවා... හිතන ගමන් පංච තන්ත්‍රය කියවද්දි ඒකෙ තියෙනවා,
‘ද්‍රෝහිත්වයෙන් මිත්‍රත්වය පතන්නාද, කුසීත කමින් ශිල්ප ඥානය පතන්නාද, “අහංකාරයෙන් ස්ත්‍රින්ගේ ආදර ප්‍රේමය“ පතන්නාද මෝඩයෙකි ‘ කියල...
පස්සේ මට හිතුනෙ හරි නේද කියල හ්ම්....

* ඒ අතර මට මෙතන මතකයක් තියෙනවා, ස්ත්‍රි පාර්ශවය දරුණුවට විවේචනයට ලක් කරන, අපහාස උපහාස කරන අයට, කාන්තා ආකර්ෂණ වැඩියි කියල...
ඒක පේන විදියට එහෙම උනත්, නොපෙනන විදියට කොහොමද දන්නෙ නැති නිසා ඒවගේ විශේෂ චරිත කීපයක මසේජ් කරන විදිය, ඊට පස්සෙ හැසිරෙන විදිය කොහොමද කියල කම්පියුටර් දැනුම උපරිමේට තියෙන යාළුවො කීපදෙනෙක්ගෙන් උදව් ගත්තා...

මට පුදුමයි... වෝල් එකේ, කමෙන්ට් එකේ ගෑණු ළමයි අනනුකම්පීය විදියට විවේචනය කරන පිරිමි චරිත.... මසේජ් වල හරිම ආදරණීය, ලෙංගතු, ලබැඳි, ඕන උදව්වකට ඉන්න ජාතියේ චරිත....
ඒකයි එයාලට එච්චරට කාන්තා ආකර්ෂණය... හ්ම්....
එතකොට... එක තැනකදි එකක් කියල රහසේ තව දෙයක් කරන අයටද හරි යනවද මංදා.... හ්ම්..

Friday, February 20, 2015

මහාමාර්ග ක්ෂෙත්‍රය මගෙ දැනුමින් !

https://www.facebook.com/sukumal.harischandra/posts/10204687597704357
අපෙ Ajith අයියාට අනුව, යහපාලන ආණ්ඩුවේ මූලික වරදක් ලෙස මාර්ග සංවර්ධන ව්‍යාපෘති අතරමඟ තාවකාලිකව නතර කිරීම දැක්විය හැක.
ඔව් ඒක හරි... ඒව නතර කරල තියෙනවා... ඒත් එහෙම කරල තියෙන්නෙ අනවශ්‍ය වියදම් හිතාගන්න බැරි තරමට කරපු නිසයි...

රටේ ජනතාව විනාශයට යන, නීතියක් සදාචාරයක් නැති ආණ්ඩුවක් තිබිලා... එකපාරට හැමදේම හරියන පාලන බිහිවන්නේ නැත.
තවමත් දේශපාලනීකරණ කටයුතු තිබේ. හෙමිට ක්‍රමිකව ඒවාද නිවරදිව පාරට එනු ඇත. මෛත්‍රි ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසය...

ඒ විශ්වාසය එතුමා ගැන මෙන්ම රට රකින බලවේග ගැන ඇති විශ්වාසය මිස වත්මන් ආණ්ඩුවෙන් පෞද්ගලිකව ඇති වාසියක් නැත. ඒත් ජනතාවට ලැබෙන සහන අපිටත් ලැබෙනව...

ලංකාවෙ මහා මාර්ග ක්ෂෙත්‍රය මම දන්නෙ නෑ. කරන්න වෙන වැඩකුත් නැති නිසා මේ ක්ෂෙත්‍රයේ වගේම ගොඩක් ක්ෂෙත්‍ර වල ඥාතින් හිතවතුන් එක්ක ඒව ගැන අධ්‍යයන කරල තියෙනව..
මම හයිවේ නම් හදන සෑහෙන තැන්වල ඇවිදල තියෙනව...
දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාවට වෙනකම්ම හුඟක් තැන්වල් ගිහින් තියෙනවා... බද්දෙගම, ඇල්පිටිය, වදුරඹ ඒ පැති වල හයිවේ එක යද්දි විශේෂයෙන් හදපු කාලෙත් හිටිය...
හදපු අයව අඳුනනවත් එක්ක...
ඒව කරපු හැටි ගැන යම් අවබෝධයක් තියෙනව...

නෑකමට අයිය වෙන ඉංජිනේරු අයියල කීපදෙනෙක් නිසා ගොඩක් ඒ අවස්ථාව ලැබුන එක ගැන සතුටුයි....
( මේ ලින්ක් එක ඒ දවස් වල රට ගැන හිතිලා දාපු එකක්)
https://www.facebook.com/photo.php?fbid=4238275449654&set=)





Monday, February 16, 2015

hmmm

මෛත්‍රි ජනපති යහපත් පාලනයක්, රටට කරනු ඇත.
මහින්ද මහත්තයාට තවත් දේශපාලන ගමනක් නැත.

පිටිදූවේ සිරිධම්ම නම් ශ්‍රමණ වේෂක ප්‍රතිරූපකය මේ දවස් වල උත්සහ දරන්නේ තමන්ගේ පිනට ජනපති මාරු උන බවය...
ඒ චරිතය කරන ලද වැඩත්, බේරි ඉන්නේත් කවුරු නිසාද යන්න කියන්නේ නැත.

දැනගත යුතු අයට කියන්නේ, මහින්ද මහත්තයාව ගෙදර යවා, මෛත්‍රිව ජනාධිපති කලේ රටේ ජනතාව බවයි.
ඒ බව නිවරදිව ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික බල ඇති අය විසින් ප්‍රකාශ කරන ලදි.
ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල නොකන්නට රැක්කේ රට රකිනදේව මණ්ඩලය විසිනි...

මේ කරුණු තමන්ට පේන දැනෙන දේ ඇත්ත සිතන අයට වෙනම පෙනේද අප දන්නේ නැත....

මා ජ්‍යොතිෂ්‍යය ගැන රටටම අදාලව සත්‍ය බව සිතූ සිද්ධිය වන්නේ, ගාල්ලෙ අපේ කේන්දර අංකල් 2008 ජනවාරියේදි යුද්ධය ගැන කියූ විට, 2009 මැයි වලදි යුද්ධය අවසන් වන බවටත්, ජුනි වන විට බොහෝවිට ප්‍රභාකරන් පවා ජිවතුන් අතර නොසිටිය හැකි බවටත් එතුමා මට ඒ කාලයේ කීවේය...
එය සත්‍යක් වීම ඒ කාලයේ මට සිතීමට අපහසුව තිබුනු දෙයකි.

ඊට අමතරව 2014 අප්‍රේල් මාසයේ මම සෝෂල් මිඩියා කරන ජ්‍යොතිෂ්‍යය සේවයේ අධ්‍යාත්මික බල ඇති මහතෙකුගෙන් ඊලග ජනාධිපති වන්නේ නාමල් අයියා දැයි විමසූ විට එතුමා කීවේ, ඊලගට එන්නේ කවුරුත් නොසිතන පොලවේ පය ගැසූ සාමාන්‍ය කෙනෙක් බවයි.
ඒ කවුදැයි නොකියා ඊලග නායකයා රජරටින් බිහිවනු ඇති බව පැවසූ එතුමා පේන හැටියට නම් කවුරුවත් නැති උනත් මෛත්‍රිපාල ඇමතිතුමාදැයි විමසූ විට සිනාසී නිහඩ විය...
( මේක මේ ලියන්නට සිතෙන්නට එක හේතුවක් වන්නේද, මහාචාර්ය ගංගානාත් දිසානායක විසින් ලංකාදීපයට දෙන “පැණි වළලු“ ගිය සතියේ කොටසේද ඊලගට නායකයා වන්නේ පොඩි මිනිහෙක් බව පේන කියන තැනක එතුමාට කියා තිබීම ගැන සදහන් වීමය)

මේවා ඒකාලේ වෙන්නට සිතාගන්නවත් බැරි දේවල් නිසා මම කතා කලේද අපේ අම්මා එක්ක විතරය... ඒවා හරියන බව හිතුවේ මෛත්‍රිපාල මහත්තයා විපක්ෂයට එන්නට දින කීපයකට පෙර ස්ථිරව එන බව දැනගත් නිසාය...
අපි හිතන දේවල් ඒ විදියටම වෙන්නේ නැති උනත්... ඒවා රටට හොඳක් ලෙස වෙන බව නම් සිතේ... හ්ම්...

Sunday, February 8, 2015

Nothing is Permanent !

“ ආයෙ කවදාවත් රාජපක්ෂ පරම්පරාවෙන් පිටට රට යන්නෙ නෑ... එයාලම තමයි රට පාලනය කරන්නෙ කියල... “

මට මතකයි ඒ කාලේ අපි දන්න විශේෂයෙන්, මහින්ද මහත්තයට පණ දෙන්න වගේ හිටි අය කියනවා...
අපිටත් ඉතින් ඒක ඒවගේ පෙනුනේ... දැන් ඒ කාලෙ උඩ පැනපු අයත්, ඇමතිකම් දරපු අයත් හැසිරෙන හැටි... මූණු දැක්කම තේරෙනවා පත්වෙලා තියෙන තත්වය...

මේක කියන්නෙ එයාල දුකින් ඉන්න එකට සතුටට නෙමෙයි...
ඕන දෙයක් වෙනස් වෙන්න පුලුවන් කියල... වෙනස් කරන්නත් පුලුවන් කියල අපි තේරුම් ගන්න ඕන නිසයි...

අපිට දැනෙන තේරෙන විදියට මහින්ද මහත්තයට ඉදිරියට දේශපාලන ගමනක් නෑ...
එතුමා ඡන්දෙ පැරදුනු දවස් වල ඉදලම හැසිරෙන හැටි, හිතන හැටි අනුව අපිට තේරෙනවා මොන වගේ මානසික තත්වයකද ඉන්නෙ කියල...

රජෙක් වගේ ඉදල ඒව නැති උනාම තියෙන තත්වය අපිට තේරුම් ගතෑකි ආර්ථිකයේ පොඩි වෙනසක් මාසයක් ඇතුලත අපිට උනත් අපිට දැනෙන තේරෙන අමාරුකම් වලින්...
යුද්ධෙ නිසාත්, යම් සංවර්ධනයක් කරපු නිසාත්... අපි මහින්ද මහත්තයට කැමති.. ඒත් ඉතින් එතුමා ආයෙ ඡන්දෙකට එනව කිව්වට අපේ දැනුමෙ හැටියට ආයෙ දේශපාලන ගමනක් නෑ...

ඒවගේම මේ කාලෙ තියෙන ප්‍රශ්න එක්ක ඡන්දෙට ආවොත් වෙන්නෙ ආතතිය තව වැඩි වෙලා නැති කරදර එන එක කියලයි අපිට හිතෙන්නෙ...
කොහොම උනත් ගරු කල යුතු කෙනෙක් බලයට කෑදරයි පේනවට අපි කැමති නෑ...
මෙහෙම කියන්න හේතුව බය කියල හිතෙනව නම් එතුමාටයි ගෝලබාලයන්ටයි තියෙන්නෙ ආයෙ ඉල්ලන්න...
දැනට තත්වය එජාපයට ආණ්ඩුවකට ඉඩ වැඩියි..
එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩවුකට ඉඩ වැඩි... 

Saturday, February 7, 2015

It was my Birth day 6th

Doni Akka's gift...

Deactivated Fb for a day to avoid B'day wishes but it did not work........











Final count down, 421 SMS, 324 emails, few gifts, 231 Fb wishes + 51 fb message wishes, 103 all other social media wishes....


Tuesday, February 3, 2015

පහත් අය...

“ තුලා දණ්ඩද, දීනයාද එක සමානය...
අල්පමාත්‍ර දෙයකිනිදු තුලා දණ්ඩ ඉහළට හෝ පහළට යන්නේය....
අල්පමාත්‍ර දෙයකිනිදු දීනයාද ‘සතුටට හෝ අසතුටට‘ පත් වන්නේය..... “

- පංච තන්ත්‍රය

මේක කියවද්දි මතක් උනේ මේ ලගදි පවුලක්ම ගෙදර වැඩ කරන්න හිටිය සේවකයා මරල දාපු සිද්ධිය...

එතනදි මූලික හේතුවට ලක්වෙන්නෙ, රු. 15000ක් පඩි ලබන ඒ චරිතය, රු. 5000ක් එන මාසේ පඩියෙන් කපාගන්න කියල දෙන්න ඉල්ලුවත් ඒකට බෑ කීම නිසාලු.
අපේ අම්ම ඒ කතාව පත්තරේ තිබිලද කොහෙද මට කිව්ව.

හිත ගොඩක්ම රිදුනෙ අවු 13 පොඩි ගෑණු දරුවව දූෂණය කරල මරපු එක. තමන්ටත් දරුවො ඉද්දි ඒවගේ තිරශ්චීන වෙන එක ගැන හිතන්නත් අමාරුයි...

එතනදිත් සමහරවිට අර රු 5000 දුන්න නම් ඔය ගැටළුව ඇති නොවෙන්න තිබ්බ... ඒවගේම වැඩට ගනිද්දි, තමන් ගාව සේවයට ගනිද්දි හොදට හිතල ගන්න ඕන...
පහුගිය කාලේ ඔය වගේ සිද්ධ වෙච්ච අපරාධ ගොඩක් කරල තියෙන්නෙ සමාජයේ තත්වයක් නැති අය... පිලිගැනීමක් නැති අය..

ඒ වරද හදන්න, සමාන්‍ය පුරවැසියටත් ගරුත්වයක් ඇතිවෙන සමාජ ක්‍රමයක් ඇතිවෙන්න ඕන...

අපි මේ වෙලාවෙ හිතාගන්න ඕන දේ තමයි පුද්ගලයන් ගැන, තේරුම් අරගෙන ඉන්න එකත්, තමන්ට වඩා බලවත් අයට වඩා බලයක් තත්වයෙන් අඩු තමන්ට කිට්ටු අයට තියෙන බව තේරුම් අර ගැනීමත්... හ්ම්...

පංච තන්ත්‍රයෙන්

“ රජුන් විසින් පලමුව බුහුමනිනුදු, දෙවනුව අවමනිනුදු සලකනු ලැබූ සේවක තෙම,
උසස් කුලයක උපන්නෙකු වුවද එරජු නසන්නට උපක්‍රම යොදන්නේය... “
- පංච තන්ත්‍රය...

* මහින්ද - මර්වින් කතාංගය ~ මෑතම උදාහරණය....

තව ඉස්සරහට ඒවි...
( මේව හරියට කියවල, අවබෝධ කරගෙන හිටිය නම්.... බලය ඇති, නැති කාලයන් ගැනත්... තමන්ට යටත්ව ඉන්න අය ගැනත්... මහින්ද මහත්තයට හොද අවබෝධයකින් වැඩ කරන්න තිබ්බ )

කවුද කියන්නෙ ඉතිහාසය යළි ලියවෙන්නෙ නෑ කියල.... ඉතිහාසය වටින්නෙ නෑ කියල... ඉතිහාසය යළි යළිත් ලියවෙනවා...

අපේ සමහර උගත් අය ඉතිහාසය, ජ්‍යොතිෂ්‍යය, දේව වන්දනා වගේ ඒවා බැහැර කරද්දි මිථ්‍යාව හෝ වැඩකට නැති දේ කියල....
ඇමරිකාව වගේ රටවල් ඒවා භාවිතයට ගන්නවා...
ඉතිහාසය ගැන එයාල කියන්නේ, ඉතිහාසය ඉගෙනීම අනාගතයට ලෑස්ති වීමක් කියල... ජ්‍යොතිෂ්‍යය හිතුවත් එයාල ගන්න ප්‍රයෝජන සෑහෙන්න තියෙනවා... හ්ම්..

ගැහැණු විතරද නරක... ?

අපි ඔය චරිතෙ නරකයි කියල හිතෙන නිලියන්ට, ඒ වගේ අයට හරි අපහාසෙන් කතා කරනවා...

කාන්තා පාර්ශවයන්ට එහෙම වෙන්න හේතුවවවත්, ඒ තත්වය නවත්තන්න කටයුතු කරන්නවත් අපිට හිතෙනවද කියන එක ගැටළුවක්....

විශේෂයෙන් එහෙම තත්වයන්ට කාන්තාවන්, ගැහැණු ළමයින් පත්වෙන්නෙ මේ පවතින ක්‍රමය නිසා වෙන්න ඕන...

ඇයි අපිට කවදාවත් නොහිතෙන්නෙ ඒ වැරදි ක්‍රමය වෙනස් කරන්න, හරි ඒකට බොහෝවිට හේතුවෙන පිරිමින්ටත් පහර ගහන්න... ?

පිරිමියා වැරදි කලත් ගැහැණියට විතරක් අපහාස කරල අපි හිත හදාගන්නෙ ඇයි....

මට මතකයි සමහර අමාත්‍යංශ වල ලිංගික අල්ලස් දෙන ක්‍රම කිතිබා ඒක නවත්තන එක හරි අමාරු උන බව.... පස්සෙ පත්වුනු අය ඒක කියල තිබ්බ...
අවුරුදු කීපෙකට කලින් තේරුම් ගත්ත... මෙතන අවුල මේ ක්‍රමයේ...

බලය තියෙන අ ඕන දෙයක් කරද්දි... ඒක ඉවසන නිවට නියාලු විදිය...

බලය, ධනය තියෙන අධමයා කාන්තාවන් කීයක් දූෂණය කලත් ඒවගේ එවුන්ට ඒව දැනගෙනත් තමන්ගේ දුව දෙන්න හිතාගෙන හිටිය අසරණ අම්මල ගැන හිතෙද්දි පිලිකුලක් දැනුන මතකයි ඒ කාලේ... මට මතකයි රටේ ඉහලම තැනක පුතෙක්ගෙ අපි ඒව අත්දැකීමෙන් දැනගෙන ඉද්දි... ඒව දැනගෙන හිටිය සමහර අම්මලා “දරුවට සැපට“ ඉතෑකිනේ කියල අර විදියට හිතාගෙන හිටියා...

අලුත් ජනාධිපතිතුමා ක්‍රමිකව මේ වැරදි ක්‍රමය වෙනස් කරන්න යම් දෙයක් පටන්ගෙන කියල හිතනව... ඒක ආපස්සට හරවන්න...

ඉදිරියෙදි මහා නිදහසක් තියෙන ෆේස්බුක් එකෙත් අනවශ්‍ය අපරාධ, සදාචාරයට පිටින් වෙන ඒව නවත්තන්න නීති ගේන්න වෙනව... හ්ම්...

(ඊයෙ රෑ ටිවි චැනල් එකක වැඩසටහනක හිටිය නිලියක් ගැන ෆේස්බුක් වල තිබුනු දේවල් දැකල ලියන්න හිතුන)