Tweets by @Tweetsbysuku myblog: December 2014

Facebook Fan Page

Sunday, December 28, 2014

I m nt in active politics...

මම සක්‍රිය දේශපාලනයේ නෑ හොඳේ....

ගොඩක් අය හිතනවා මේ දේශපාලනයට අදාල ඒව දැම්මම පක්ෂයකට අදාලව දේශපාලනය කරනව කියල... නමුත් පක්ෂ දේශපාලනය කියන දේ සක්‍රිය විදියට මම නෑ. මගේ තියෙන දේශපාලන දර්ශනය ලංකාවෙ තියෙන එකක්වත් නෙමෙයි....

යොවුන් පෙරමුණට(සිරිකොත) කීපවතාවක් ගියාට එතන සාමාජිකත්වය අරගෙනත් නෑ, නිල් බලකායෙන් ආපු පොඩි පහේ ආරාධනා වලට ඒකට ගියෙත් නෑ, අවුරුදු ගානකට කලින් ජවිපෙට අදාලව ආපු ආරාධනා වලට කැමති උනත් ඒකාලෙ පුලුවන්කමක් තිබ්බෙත් නෑ..

දේශපාලනයට අදාල ඒව කියන්නෙ දැනෙන හිතෙන විදියට මිසක් වෙන දේකට නෙමෙයි...
දේශපාලකයෝ හැමෝම වගේ දැන් ෆැන් පේජස් කරනවා... ඒ ඒ අදාල අයට මම කරන ක්ෂෙත්‍රයට අදාලව උපදෙස් දිලා තියෙනවා එච්චරයි.

මම සෝෂල් මිඩිය මාකටින් කරන්නේ Gayantha Karunatilleka මහත්තයට විතරයි තවම.
එතන දේශපාලනයක් නෑ. හැබැයි ඒක කරන්න මෙතන කරන වැඩ වගේම දේශපාලන දැනුම කියන එක ටිකක් තියෙන එකත් උවමනයි.
එතුමට කරන්නෙ ඥාතිත්වයටත් වඩා තියෙන ගරුත්වයට.
දේශපාලකයෝ කියන අය ගැන සමාජයේ නරක නමක් තියෙන කාලෙක, ගෞරවනීය දේශපාලකයෙක් නිසා....

Friday, December 26, 2014

Steve Jobs - දේවල් 3ක්

https://www.facebook.com/sukumal.harischandra/posts/10204262710962454

" You have to trust in sumthing.... "
Only way to be truly satisfied is to do what you believe to be great work...
if You haven't found it yet... keep working...

ජීවිතයේ වෙන වැරදීම්, රැවටීම්, අසාධාරණයන් හැමදේම වෙන්නෙ හොඳට බව කවදහරි තේරෙනව කියලයි මාත් ඇත්තටම හිතාගෙන ඉන්නේ...
විශේෂයෙන් බිස්නස් කියල දේවල් කරන්න යද්දි, ඒව දියුණු වෙද්දි ඇතිවෙන අධික සතුට වගේම මාන්නයත්, ඒ තුලින් එන්න දගලන උද්ධච්ඡකමුත් නැති වෙනවා ඒව පාඩු උනාම... අසාර්ථක උනාම..

" Stay Hungry.... stay FOOLISH >>

Monday, December 22, 2014

Today wid Thash.



අද තාෂ් එක්ක අපි කොළඹ ඇවිද්දේ බ‘ත්ඩේ පොරොන්දුවකට...

හිතපු තරම්ම සතුටක් ගන්න බැරි උනේ වැස්සයි හිතේ ඒවයි සහ තව වැඩ කීපයක් හිර වෙලා තිබුනු නිසා...

කොහොම උනත් යම් සතුටකුත් තියෙනවා... මේ දවස් වල වියදම් වෙන්නෙම දන් පින් වැඩ වලට... ඒනිසා හිතට සතුටුයි...
චකිතයක් නැතිවමත් නෙමෙයි... ඒත් සල්ලි නෙමෙයි මොන දේ උනත් දෙන තරමටයි ලැබෙන්නෙ... නෑ ඊටත් වඩා ලැබෙනවා...

දන්දීමෙන් තරම් සතුටක් තව දේකින් ලබන්න අමාරුයි මම හිතන්නේ...




Donating, gifting, giving things to others... may be da best happiness !!!

ලොකුවට දෙයක් නැති කාලෙදි කරන දන්දීම තවත් වටිනව ඇති... මොකද එතනදි වැයවෙන ධනය, ශ්‍රමය ගැන අවදානමකුත් තියෙන නිසා.. 

අතේ සතේ නැති උනත්... පින් කරලා ලැබෙන සතුට... ඊට වඩා සැනසීම මෙච්චරයි කියන්න බෑ... 

ඒවිතරක් නෙමෙයි ඒ පින අනුමෝදන් කරන්න ඉෂ්ට දේවතාවරු ප්‍රමුඛ දේව මණ්ඩලයක්... සසර පුරා හිටි ඥාතීනුත් ඉන්නවා...

එතනදි වැයවෙන කොට ආයෙ ලැබේද නැද්ද කියල චකිතයක් දැනෙන්නෙ ඇත්තටම පව ඉස්මතු වීම නිසා වෙන්න ඕන...

මොකද බෝධිසත්වයෝ සංසාරය පුරාම හැමදේම දන් දුන්නා... බුදු බව විතරක් පතලා... හැබැයි සංසාරය පුරාවටම දිගටම ලැබුනා... අදත් දානය අපි පූජා කරනවා...

ඒකියන්නෙ පිනක් කරද්දි මොකුත් වෙනම ප්‍රාර්ථනා නොකර නිවනම පැතුවාම හොදටම ඇති....

අද කරපු දන්පින් ගැන සතුටින් හිතමින් හිටියත්, Roshini අක්කත් අතහැරීම ගැන පෝස්ට් එකකට ටැග් කල නිසා මේව දාන්න හිතුනේ...

අත්හැරීම තමයි මූලික පාරමිතාව.... ඒක ප්‍රකාශ වෙන්නෙ දන්දීමෙන්... 

සියල්ල අත්හැරීම කියන එක සංසාරයේම පුරුදු කරල නැති කෙනෙක්ට ඒ තරම ලේසි නෑ.. මුලින් ටික ටික පටන් ගන්න...

සරලවම කිව්වොත් කෑම කාලා අර ඉදුල් ටික, සමහරවිට ඒවත් ඉවර කරන්න හිතුනොත් බත් ඇට කීපය සහ හොදි... ඒව හෝදන්න.. එතනින් අත්හැරිම පුරුදු කරන්න.. ඒ කරන ගමන් මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුගේ ආහාරය පිණිස වේවා කියල හිතන්න...

කාලය එක්ක පුරුදු වේවි... නිවන්ගාමි වීමේ මූලික දේ දන්දීම... - අත්හැරිම හුරුවීම..

“යමෙක් මං තරම් දන්දීම ගැන දන්නවා නම් කන කෑම වල අන්තිම කටත් දන්දේවි “ කියල බුදුන් වහන්සේ වදාරල තියෙනවා...

___ දහම හරියට වටහා නොගැනීම සරල කාරණයක් නොවේය ___

ගොඩක් අයට විතරක් නෙමෙයි දහම ගැන හිතුවම අපිටත් දහම ගැන අවබෝධයක් තියෙනවද කියල හිතල බලන්න වෙලාවල් තියෙනවා..
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා, හැමදාම වැඩියෙන් ඉන්නෙ සම්‍යක් දෘෂ්ඨික අය නෙමෙයි කියල, ඒ අතරිනුත් බණ අහන්න වෙන්නෙ නෑ වැඩි පිරිසකට, ඒ බණ අහන අය අතරිනුත් ඒක තේරෙන්නෙ අඩු පිරිසකට, ඒ තේරෙන අයගෙනුත් ඒක පිලිපදින්නෙ ඊටත් අඩු පිරිසක්...
දහම එහෙම දෙයක්... දහමේ අනන්‍ය ලක්ෂණය තමයි දහම තමන්ටම දැනගන්න තේරුම් ගන්න පුලුවන් දෙයක්...

අපි දන්න ආන්ටි කෙනෙක් ඉන්නවා. බොහෝම වැදගත් පවුලක හොද කෙනෙක්. අපිටත් ගොඩක් උදව් කරල තියෙනවා, දැනටත් උදව් කරනවා. ඉස්සර සායි බාබා තුමාට වැන්දා..
පස්සෙ ලංකාවෙ සුප්‍රසිද්ධ අසපුවකට, ලංකාවෙ ධර්මය හරියටම දෙන එකම ආයතනය කියන, අභිධර්මය සැක සහිතයි කියපු, කොන්ක්‍රීට් වනාන්තර වගේ අසපු හදන, ඒවයේ අඹන රූප දැක්කම අපිට අපි ගැනම කලකිරෙන තැනකට....

ඉතින් අපිත් මුලින් දන්නෙ නෑ ඒ ආයතනය ගැන හරියට, හැබැයි මුල සිටම එතන කියවෙන්නෙ නිවන් ගැන... කොච්චර ඒ ආන්ටි පැහැදුනාද කිව්වොත් තමන්ගේ ගේ පවා එතනට ලියනවා. ඒක පෞද්ගලික දානයක්ද, සාංඝික දානයක්ද කියල නම් දන්නෙ නෑ...
ඒ ආයතනයේ කටයුතු ගැන අපිට නම් පැහැදීමක් නෑ. කොහොම උනත් අපෙ ආන්ටි එතනට හරි භක්තිවන්තයි. අපිත් ගියාම පොඩි ආධාර ගන්නවා, පින් කරද්දි එක් රැස් වෙලා කරන එක වටිනව නිසා... අපිත් ඉතින් ආන්ටි නිසා දෙනව...

දැන් ගැටළුව ඒ තරම අවුරුදු ගණන් නිවන් ගැන, දහම ගැන එතනින් කියල දුන්නත් ඒ ආන්ටි පොඩි දේටත් කලබල වෙනව. බය වෙනව.. ඒක වයස එක්ක වෙන්න පුලුවන් දෙයක් කියල කෙනෙක් කියන්න පුලුවන් උනත් මනෝ විද්‍යාවයි, උපදේශන ගැනයි දන්න පොඩි දැනුම අනුව ඒක එහෙම වෙන්න බැරි බව තේරෙනවා..
මොකද ඊට වඩා ගොඩක් වයසක ආච්චි අම්මලට එහෙම ගැටළු නෑ...
මේ ලගදි මුණ ගැහුනම අපි ඇහුවා, මහරහතුන් වැඩි මග ඔස්සේ. ඒ ස්වාමින්වහන්සේගෙ බණ ගැන දරන මතය මොකක්ද කියල.. ආන්ටි කියනව, ආන්ටි කැමති නෑලු. ඒ කියන්නෙ සරල කාරණාලු.
ආන්ටිලගේ ධර්මායතනයේ නම් නිවන ගැනමලු උගන්වන්නේ...

මට ඒ ධර්මායතනය කියන තැන ගැන ඇති වෙච්ච ගැටළු ගොඩක් අතර තියෙනවා තරුණ වයසේ සමහර අය “ බඳින්නෙත් නැති, මහණ වෙන්නෙත් නැති “ තත්වයක්... දෙපැත්තටම නැති තත්වයන්...
මේකත් ඒ වගේ.. මහරහතුන් වැඩි මග ඔස්සේ - ඒ හාමුදුරුවන්ගෙ බණ හරිම පැහැදිලියි. ඒක සරල උනත් කෙලින්ම කියවෙන්නෙ නිවනට අදාලව මට හිතිල තියෙන්නෙ...

ඉතින් මට තියෙන කණගාටුව... අපිට එච්චර උදව් කරලත්... දැන් ආයෙ කියල දෙන්න විදියක් නෑ... වයස අඩු නිසා අපි කියන දෙයක් විශ්වාස කරන්නෙත් නැ... ඒ ආන්ටි එක්ක ඉන්න තව කීපදෙනෙක් ඉන්නවා ඒ වයස් වල මහ ලොකු අදහස් තියෙනවා තමන්ගේ තත්වයන් ගැන...
ඉතින් කොච්චර උවමනා උනත්... මෙතනදි නොදන්නම කෙනෙක්ට උනත්, විශේෂයෙන් පුලුවන් විදියට වෙන රටවල අයට පවා... දහම ගැන සරලව තේරෙන දේවල් කියල දුන්නත්....
ඒ ආන්ටිට ඒව තේරුම් කරල දෙන්න බෑ...

සාමාන්‍ය ලෙස බැරි දේවල් නෑ කියල හිතන මට... මේක මගේ අවුලක්ද, පවක්ද කියලවත් ඇත්තටම හිතාගන්න බෑ හ්ම්...

බැංකු

ලංකාවෙ බැංකු වලින් ඉතින් රාජ්‍ය බැංකු ගැන තියෙන්නෙ පැහැදිලි අකමැත්තක්. ඒකට හේතු වෙන්නැත්තේ පොඩි කාලේ අත්දැකීම්.https://www.facebook.com/sukumal.harischandra/posts/10204208121717757
ඒ අතරින් නරකම බැංකුව මහජන බැංකුව. වැඩක් කරගන්න ගියාම පැය ගණන් රස්තියාදුව තියෙනව. මට ඉස්සර වෙනම ශිෂ්‍යත්වයක් ලැබුනා මාසෙ 500ක්ද කොහෙද ලැබුන. ඕක ගන්න ගිහින් ඒ කාලේ පැය 2-3 බැංකුවෙ ඉන්න වෙලා තියෙනවා.
එතනදි ඒ කාලේ එතන හිටපු එක මැඩම් කෙනෙක් පස්සෙ කාලෙක එතුමි එතන මනේජර් වෙලා තිබ්බ. එතුමි නම් හොදයි. ඒ ඇර අනිත් අය ගැන තියෙන්නෙ කලකිරීමක්. අනිත් රාජ්‍ය බැංකුත් එහෙමයි. නමුත් එන්එස්බී එක එහෙම හොදයි කියල දැන් හිතෙනව යන නිසා.

ලගදි දවසක මම ක්‍රෙඩිට් කාඩ් එකයි ඩෙබිට් කාඩ් එකයි හදව ගන්න කොමර්ෂල් බැංකුවට ගියා. කොහොමත් සති 1 හමාරක් විතර යනවා. හැබැයි ගැටළුවක් නෑ කොමර්ෂල් බැංකුවේ අය හොද නිසා හිතට අවුලක් නෑ.

ඒ අතර පොත අප්ඩේට් කරගන්න සම්පත් බැංකුවටත් ගොඩ උනා. එතනදි ඔන්ලයින් ෆැසිලිටි එක එහෙම ඒ දවසෙම දෙනව. වෙන තැන් වල වගේ පරක්කු කරන්නෙ නෑ වගේ.
මට නුවන් චින්තන අයියත් කිව්වා ඉක්මනට ලෝන් උනත් බැංකුවෙ එකවුන්ට් එක පරණ වීම මත කියන කාරණා වගේ ඒව නිසා ඉක්මනට දෙනව කියල සම්පත් බැංකුවේ. මට හිතෙන්නෙ ඒක ඇත්ත වගේ...

කොහොම උනත් තවම මම කැමතිම බැංකුව ඩිඑෆ්සීසී....

https://www.facebook.com/sukumal.harischandra/posts/10204208121717757

නැත ප්‍රේමේ... සිත තුටිනේ..

වෙලාවකට හිතෙනවා අපිට කැමති වයසක අයයි, පොඩි දරුවොයි විතරක්ද කියල... ඒනිසා ලගදි ෆේස්බුක් එකෙත් දැම්ම..
https://www.facebook.com/sukumal.harischandra/posts/10204188306422387

එහෙම හිතෙන්නෙ සමහරවිට ඒ අය වැඩියෙන් කැමති හින්දා වෙන්නැති. කොහොම උනත් රාහු-සිකුරු නිසාද මංදා මට එහෙම හිතවත්කම් වල වගේ දෙයක ලොකු අඩුවක් නම් නෑ මම හිතන්නෙ. නමුත් ප්‍රේමයක් නැති එක, වෙලාවකට ප්‍රේමයක් කියල දෙයක් ඇත්තටම කවදාවත් කරල නෑ කියල හිතෙද්දි... හ්ම් ඒක ටිකක් අමුතු හැඟීමක්...

සල්ලාලයන්ට 1-2ට වඩා ගෑණු ළමයි ඉන්න කාලෙක, මට ප්‍රේමයක් නැති එකත් වෙලාවකට ඒතරම දෙයක් නෙමෙයි.
ලහිරුටත් ඒවගේ. එයා නම් වෙනස්ම විදියකට හිතන්නෙ.. ඒනිසා අපි දෙන්න අසමානයි.

කොහොමින් කොහොමින් හරි ප්‍රේමය කෙසේ වෙතත් ජිවිතේ මේ කාලෙ ස්ථාවර කරගන්නයි වැඩ කරන්න ඕන.. හ්ම්... 

Thursday, December 18, 2014

Click (2006)

Hmm this movie... an amazing one...

We all need fast forwarding sum times... but ... it really does not help....

In my opinion.... this is one of the best movies I ve watched recently as this is not like other movies as I ll watch again and again....

One time for all.. +Adam Sandler .... grt act.... Bed time stories, Grown ups, Longest yard are also good... it is obvious why people like you so much without that much look :D

To me so much to understand watching this.... like we do good, we should wish "Nibbana" and other whole physical good will happen to us... - Family is no 1..... job or work its important too... but it's not no 1...
So do your family duties well and you'll better at your working too..... something like that... thats hw I feel.....

__ Fb __

Hmm.. fast forwarding life... without thinking consequences.......
Loved ones wont last forever... neither do myself............
damn... why cant we understand things in da first place......
 — watchingClick.

Monday, December 15, 2014

හෙළ ජාතික අභිමානේ........

හෙළ ජාතික අභිමානේ....................
වැඩු විරුවන් සේ පොරණේ....
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්...
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්.......

වීර විකුම් පෑ පෙර දරුවෝ - දෙස රැස මුර කෙරුවෝ.....
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ - නොමවව් ණයකරුවෝ....
දැය දියුණට පැද යන නැවියා - ගොවියා බිම දෙවියා.......
සැපතෙහි විපතෙහි නොතැවෙයි නොසැලෙයි අටලෝදම හුරු හෙළයා.... //

මුහුදට ඈදෙන මහ ගංඟා - කුඹුරට යලි හරවා....
ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා.......
අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා......
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා...... //


Sunday, December 14, 2014

මේකෙ නොදා ෆේස්බුක් ඒ මොහොතෙ දැම්මට මෙතනට දාන්න බැරි උනා.. හ්ම් ඔක්කොම ගන්නවා 1කට..



same date

https://www.facebook.com/sukumal.harischandra/posts/10204112827775468


6th Dec, 2014

මාපලගම නන්ද නායක හාමුදුරුවන් බැහැ දකින්නට ජාතික රෝහලේ භික්ෂු වාට්ටුවට ගියපු ගමන.


https://www.facebook.com/sukumal.harischandra/posts/10204127198694732

මාපලගම නන්ද නායක හාමුදුරුවෝ තුවාලයක් නිසා භික්ෂු වාට්ටුවෙ කියල අපේ අම්මට කියල තියෙන්නෙ ගමේ කෙනෙක්. එතකොට දන්නෙ ගයි මාමල ඇතුළු හැමෝම දන්නව කියල. අම්ම එක්ක ඉතින් උන්වහන්සේ බැහැ දකින්න ගියා.
හාමුදුරුවන්ට දියවැඩියාව තියෙනවා. සීනි පාලනයකට අරගෙන නෑ.
මගෙ පැත්තෙන් යුතුකමක් විදියට මූල්‍යමය ආධාරයක් කරල ආවා. ඒක මට පුලුවන් තරමට වඩා ඉහල අගයක් වෙච්ච හින්දත් හාමුදුරුවන්ට ආර්ථික පැත්තෙන් අවශ්‍යතාවයක් තිබිල තිබුන නිසත් මට හරි සතුටුයි... අම්ම හින්ද තමයි එහෙම පිංකම් කරන්නෙ...
කොහොම උනත් මේ කාලේ මගේ වැඩේම පිංකම් කරන එක...
ඒක අහල අපේ මාමා එහෙම බොහොම සතුටු වෙලා තිබ්බ... ^_^


6th Dec 2014




8th Dec, 2014

https://www.facebook.com/sukumal.harischandra/posts/10204140765033882

පිං දෙනකොට සියලුම දෙවියන්ට, සියලුම ඥාතින්ට, සියලුම සත්වයන්ට පින් දෙන එක හරි වැදගත්.
මෙච්චරකල් පින් දුන්නු දෙවිවරු අතරට අයුක්තියට විරුද්ධව වැඩ කරද්දි මට ආකර්ෂණය දෙන සූනියම් දෙවියන්ටත්, භූමිය සම්බන්ධ මැණික් කඩවර දෙවියන්ටත් පින් දෙනව..

10 Dec, 2014




https://www.facebook.com/sukumal.harischandra/posts/10204153154143602
ගයි මාමා යන්නෙ නෑ කිව්ව. මේ පවතින තත්වෙ අනුව යන එක උනත් තෙරුමක් නෑ. තිස්ස අත්තනායක නම් ඉස්සර ඉදලම මම අකමැති කෙනෙක්.
ඊට අමතරව පාලිත රංගෙ බණ්ඩාර මහත්තයත් යනව කියල තුෂාර ජයරත්න මහත්තයා වීඩියෝ එකක්ම දාලා තිබ්බ නිසා, මම යශෝධ මල්ලිගෙන් ඇහුවම මල්ලි කිව්ව  යන්නෙ නෑ කියල... ඒනිසා ඒ පැති ෂේප්..




11th Dec, 2014

කැළණිය රජ මහා විහාරයේදී
https://www.facebook.com/sukumal.harischandra/posts/10204157298447207










සති 2කට කලින් අද දවසේ කල පිංකම - නොවැ 29 (පින්කම් වලට කැමති නම්

අදට ලංකාවෙ හාමුදුරුවරු ඇත්තේද අඩුවෙනි. එය එසේ වුවත් සියලු දුෂ්කරතා මැද වයස 3 සිට කුඩා හාමුදුරුවරුන්ද රැක බලාගෙන, දහම දැනුම මෙන්ම වත්පිලිවෙත්ද දැනුවත් කර මුල්ලේගම අමිතානන්ද නායක හාමුදුරුවන් කරන කර්තව්‍යය ප්‍රශංසනීයය. 

“ ශ්‍රී පාරමිතා පූජා සේනාසනය 
සේරුදණ්ඩාපොල 
අළුත්ගම, ලේනදොර

0771 - 778 677
පූජ්‍ය මුල්ලේගම අමිතානන්ද හිමි


පින්කම් කරන්න කැමති කෙනෙක් ඉන්නව නම්, රට ජාතිය, සම්බුද්ධ ශාසනය ගැන කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම්...
මේ පන්සලට යම් හෝ ආධාරයක් කරන එක වටිනවා...