Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, June 10, 2018


ඒ කාලෙ අපි දන්න සමහර අය නම් කෙල්ලො බලන්නත් පන්සල් ගියා තමයි. ඒත් දැන් කාලෙ එක්ක වයස එක්ක ගොඩක් දේවල් තේරෙන නිසා පන්සල් යනව..
දැන් මාස 3ක් විතර හැමදාම වගේ පන්සල් ගියා. දවසක් 2ක් මග ඇරුන. සමහර දවසට පන්සල් 2-3ක යනව. අදත් පන්සල් 2කට ගියා. කැළණි රජමහා විහාරයත් එක්කම.


කොහොම හරි සංසාරේ ඕන තරම් පන්සල් ගිහින් ඇති. ඒත් තව ඕනතරම් ගියත් ඒක හොඳ දෙයක් කියල දැනෙනවා. පන්සලේ බෝධින්වහන්සේ දිහා බලන්න. අපේ අම්මල අවුරුදු දහස්  ගානක් තමන්ගෙ දුක - වේදනාව කියල ඇති. බෝධිසත්වයන්වහන්සේ සියලු දේ අත්හැරිය තැන බව ඇත්ත. නමුත් අපේ බොහෝමයක් අය ගොඩක් දේවල් ඉල්ලන බවත් ඇත්ත. ඒව වැරදි කියල කියන්න බැහැ. ඒව ජාන වලින් එන දේවල්.
අතහැරීමත්, ඒ එක්කම නිවනට තියෙන සම්බන්ධයත් තේරුම් ගත්ත දවසක, බෝධිය ගාවට ගිහින් දේවල් ඉල්ලන එකක් නෑ.

මම වෙනදට වඩා දැන් කරන දේවල් තමයි,
- පෙරහන්කඩ ගැට ගැසීම ( එයා ජිවත්ව ඉන්න කාලෙ මට මහල දුන්නු ඒව තාම තියෙනවා ඒව ගැට ගහනව.
- බෝ මළුව ඇමදීම, රටා ඇදීම
- හඳුන්කූරූ වල ඉතිරිය ඉවත් කිරීම (මේකත් එයාගෙන් දැනගත්තෙ)
- මලසුන් පිරිසිදු කිරීම
- බෝධින්වහන්සේ නෑවීම ( වැස්ස දවසට කරන්නෙ නෑ)
- පහන් දැල්විම, හඳුන්කූරු දැල්වීම
- සියලු කුණු ඉවත් කිරීම.
- සක්මන් කරමින් සිතීම සහ බුද්ධානුස්සති - ධම්මානුස්සති භාවනාව ( සංඝානුස්සතිය තවම වඩන්න බැරි උනා)

මේව කරන අතර, මමයි එයයි දවසක් කතා වෙච්ච දෙයක් තමයි කිත්සිරිමෙවන් කැළණියෙදි අපි පහන් දල්වලා ආවාම අතේ දැලි තිබ්බ. සබන් තිබුනු නිසා අත් හොදට හෝදගන්න පුලුවන් උනා. එනිසා දැන් යන පන්සල් වලට සබන්, හෑන්ඩ් වොෂ් එහෙමත් තියනව.

- පන්සලේ ඉන්න බල්ලන්ට - පූසන්ට කිරි පැකට් එකක් අරගෙන දෙනව පොල්කට්ටකට - ඒක හිත සැනසෙන වැඩක්.
පහුගිය දවසක කෝට්ටෙ රජමහා විහාරයෙදි අලියෙක්ටත් කන්න දුන්නා. එයා තනියම හිටියෙ. ටික්ක චකිතයක් තිබ්බත් කෑම දුන්නාම එයා කෑව. තනියම හිටි නිසා පාළුවක් තියෙන්නැති.

පින කියද්දි, අසරණ සතෙක්ට කන්න දුන්නත්, මනුස්සයෙක්ට දුන්නත්, ස්වාමින්වහන්සේ කෙනෙක්ට දුන්නත් පින් ලැබෙනවා. අපේ සිතිවිලි සහ අදාල කෙනා අනුව තරම අඩු වැඩි වෙන්න පුලුවනි. ඒක වැඩිය හිතන්න හොඳ නෑ. පින - කුසලය තමයි සසර උවමනාම දේ යනකොට. හැබැයි ඒක අවබෝධයෙන් කරන්න ඕන සීලය රැකගෙන. එතකොට තමයි පිනේ වටිනාකම තියෙන්නෙ.

හ්ම්...


#පින #පන්සල #ලංකාව #ලෝකය #අපි


No comments:

Post a Comment