Tweets by @Tweetsbysuku myblog: හිතෙන දෙයක්......

Facebook Fan Page

Wednesday, January 16, 2013

හිතෙන දෙයක්......


ජීවිතේ වෙලාවකට හරි පුදුමයි, අමුතුයි.... වෙන දේවල් හිතාගන්නත් බෑ.... කොහොම උනත් ඉතිහාසෙ පුරාවටම වෙච්ච දේවල් ආයෙත් වෙන්න ඉඩ තියෙනවා... "History repeats" කියන්නෙ ඒකනේ....
ඉතිහාසයේ වෙච්ච දේවල් අදත් වෙන්න පුලුවන්, යම් යම් වෙනස්කම් එක්කම... වෙන්න ඕන ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම උනත් අද ගොඩක් අය ඉතිහාසය හදාරන්න අකමැති වැඩකට නැති දෙයක් කියල හිතලයි.....

කොහොම හරි ඉතින් එහෙම දේවල් වෙනවා, ජීවිතේ... මතක් වෙද්දිත් පුදුමයි.. අද හොඳට ඉන්නවා හෙට මොකුත් මතක නෑ... අනිද්දට සමහර වෙලාවට තරහයි... මාද ඇතුළුව අපි හැමෝම එහෙමයි... කොහෙවත් ස්ථිරසාර නෑ... ඒකට කියන්නෙ "perfect" නෑ කියල වෙන්නැති...

අජාන් බ්‍රහ්මවංස හාමුදුරුවො වදාරන්නෙ වැරදි වෙන එකට ඉඩ දෙන්න කියල, වරදක් උනොත් ඊට පස්සෙ ඒකට බණින්න එපා වරද හදාගන්න දෙන්න කියලයි... නැත්නම් වරද වගේම බොරු කියන්න හුරු වෙලා වරද වැඩි කරගන්න ඉඩ තියෙනවා... ඒක හරියටම හරි...
රොබට් කියොසාකි වගේ මූල්‍ය ක්ෂෙත්‍රය ගැන අවබෝධයෙන් ඉන්න අය කියන්නෙ වැරදීම් වෙන තරමට දියුණු වෙනව කියලයි....
ඒත් අපේ මොලේ පුරුදු කරල තියෙන්නෙ(බ්‍රේන් වොෂ්) ... වැරදි නරකයි කියල... වැරදි නරක නෑ.. වරද හදාගන්නව නම් දිනුම්....

මේ ක්‍රමය අපිට හුරු කරල තියෙන්නෙ එහෙම, ඉගෙන ගනිං.. රස්සාවක් කරපං... නමුත් ගැටළුව, රස්සාවක් විතරක් කරල අද එදා කරපුව කරන්න පුලුවන්ද කියන එකයි..... ඉස්සර රස්සාවක් කරලා වාහනයක් ගන්න පුලුවන්කම තිබ්බා... අද නිකමට හිතුවොත්... 30,000ක පඩියක් ගන්න කෙනෙක්ට, තනිකඩ උනත් 5,000ට වඩා ඉතිරි කරගන්න අමාරුයි... හරි 10,000ක් ඉතිරි කලා කියමු... සෙකන්ඩ් හෑන්ඩ් මරුටියක් ලක්ෂ 12ක් විතර වෙනව... ඉතින් ඒක ගන්න අවුරුදු කීයක් යාවිද කියල හිතන එක 5 පන්තියේ ගණන්...
හරිම ලේසි කතාව තමයි ලෝන් එකකින් ගන්නවා, ලීස් කරනව කියන එක... හිතල බලන්න ඕන ඉතින් ඒක ගැන එතකොට.... තව කොයිතරම ණය බරක් වෙයිද කියල...
අපිට වෙලා තියෙන්නෙ සරල ගණන්, සරල දැනුම් තිබුනට.. ඒව මතක නෑ... සිම්පල් සෙන්ස් ජීවිතයෙ නැති කරගෙන....

මේ වැරදුනු ක්‍රමයෙන් මිදෙන්න පුලුවන් වේවි.. උත්සහ කලොත්.... කරාවිද මංදා... මාත් මේ කරන්න කලින් දන්න දේවල් දිගෑරියේ... - අතිබහුතරය ඉන්නෙ තමන් හැදිලා රට හදන්නනේ......(එහෙම හදපු නිසා තමයි අපි දැන් ලෝකෙ දියුණු රටක් වෙලා තියෙන්නෙ)..... :ඩී...

No comments:

Post a Comment