Tweets by @Tweetsbysuku myblog: පොත් කියවද්දි....

Facebook Fan Page

Monday, January 21, 2013

පොත් කියවද්දි....

ජීවිතෙත් හරි පුදුම එකක් කියල හැමදාම දැනෙද්දි... උදේ නැගිටිද්ද ඔළුව රිදීම නම් නෑ... කෝකටත් ඩොක්ට අයියව මීට් වෙන්න වෙනවා....
මංජු පීරිස් මහත්තය නම් කිව්වෙ සිංහ ලග්න කාරයන්ට වාසනාවන්ත සතියක් කියල... හැමදේම හරියන බවත් කිව්වා... අනෙ මංදා... මේෂෙටත් හොඳය කිව්වෙ... හැමදාම ඒකට හොඳයි තමා.... කටකෙටත් හොඳයි කිව්වා...

අදත් තනිය දැනෙන නිසා... ගත්තා “පොදු පුරුෂයා“ කියවන්න... ඉස්සර වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ පොත කියවන්න, මොකද ඊට කලින් ඒක ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තය ලියපු විචාරයක් කියවල තිබ්බනේ භාෂාව අවුල් කියල... මනෝරම අයියත් භාෂාවෙ අවුල කිව්වා... ඒකෙත් හැටි... පොත බලල එපාය විචාර බලන්න.. මට හිතෙන එක මුලින් කරනවා... “ස්වයංජාත“ එකේ උනෙත් ඒක... මුලින් ටෙලි නාට්‍ය බලල පස්සෙ පොත බැලුවේ... ටෙලියෙන් පොත විනාස කරලා....
ඇයි ඉලියඩ්/රණබිම... හෝමර් ලිව්ව රණබිම කොච්චර හොඳට ලියලද... හැබැයි “ට්‍රෝයි“ මූවි එකේ මුලු කතාවම වෙනස් කරලා... අනුන්ගෙ බිරිඳක් පැහැරගෙන ආපු පැරිස්/පරීස හොඳ කෙනෙක් වෙලා... හෙලන්ගෙ මහත්තයා මනුල වයසක නාකි නරක කෙනෙක් කරලා... හොඳ ආගමන බලලෝභි නායකයෙක් කරලා... ඔය වගෙ විකෘති තිබ්බා..

කොහොම හරි හිතුව වගේ පොත නරක නෑ.. පොත හොඳයි... නැවතීම් නැතිව කියන භාෂාවෙන් එක දිගට ලියල තියෙනවා...
මව් සෙනෙහස, ප්‍රේමය, අවබෝධය, සිද්ධි තව තවත් බොහෝ දේවල් එක්ක කතාව ගලාගෙන යනවා... තාම ඉවර නෑ... මට ප්‍රේමයත් මතක් උනා... මතක් නොවුන නම් තමා පුදුමේ....
4 වෙද්දි යන්නත් ඕන... හ්ම්... නැකැත් ටික කියල සාධාරණ තීරණයක් ගන්නත් ඕන....

No comments:

Post a Comment