Tweets by @Tweetsbysuku myblog: මැටිල්ඩා - කතා පොතක් හොඳේ......

Facebook Fan Page

Sunday, January 20, 2013

මැටිල්ඩා - කතා පොතක් හොඳේ......

ඉස්සර කියවපු කතා පොතක් අපෙ ලොකු අම්මල ඊයෙත් ගෙනැල්ලා..... මට උවමනාව “පොදු පුරුෂයා“ පොත කියවන්න උනත් ඒක අපෙ අම්ම කියවනවා... මම ඉතින් අනිත් පොත් අතර තිබ්බ ඉස්සර කියවපු ‘මැටිල්ඩා‘ පොත ගත්ත කියවන්න.

ඒක Roald Dahl ලියපු උපාලි උබයසේකර මහත්තය පරිවර්ථනය කරපු පොතක්.... දඟකාර ගෑණු ළමයෙක් ගැනයි කියවෙන්නෙ.... ඒකෙ මුල්ම පිටුව කියවද්දි හිනා එනවා... ඒකයි මේ ලියන්නෙ....

අම්මල තාත්තලාගේ හරිම විහිළු වැඩක් තියෙනව. ඔයාලට හිතාගන්න බැරි තරම් කැත, නරක විසප්පුවක් වාගේ පුංචි එකෙක් හිටියත් අම්මල තාත්තලා කියන්නෙ ඒ වාගේ ආශ්චර්යවත්, හොඳ ළමයෙක් තවත් නෑ කියලයි “  - අපේ රටත් දැන් ආසියාවේ ආශ්චර්යයට යන ගමනෙනෙ යන්නෙ... මට මතක් වෙන්නෙ ඒක ගැන.... ඇත්ත තත්වෙ ගැන අවබෝධයක් තියෙන නිසා...

ඊලඟට, “ තවත් සමහර අම්මල තාත්තල ඊටත් එහාට යනවා, ඒ ගොල්ලො කොයි තරම් තමන්ගෙ  ළමය ගැන ආදරෙන් අන්ධ වෙනවද කිව්වොත්, ඒ ගොල්ලො තදබල විදියට හිතේ කාවද්ද ගන්නවා තමන්ගෙ ළමයා ඉපදිලාම තියෙන්නෙ මහා ශ්‍රේෂ්ඨ බුද්ධියක්, සහජ හැකියාවක් එක්කය කියල“.

ඒකෙ ඉතින් වැඩි නරකක් ඇත්තෙත් නැහැ. ඇත්තටම ඔහොම තමයි මේ ලෝකෙ හැටි. හැබැයි ඉතින් අම්මල තාත්තලා ඒගොල්ලන්ගෙ එපා කරපු පොඩි එවුන්ගෙ අසාමාන්‍ය දක්ෂකම් ගැන අපට කියන්න පටන් ගත්තම තමයි වැඩේ නරක අතට හැරෙන්නෙ. එතකොට ඉතින් අපිට කෑ ගානන් වෙනවා, “ඔන්න ඔන්න මාව ලෙඩ වෙන්නයි යන්නෙ... ඉක්මණට බේසමක් ගෙනල්ලා“ කියල....

පොතෙන් කියවපු ටික එක්ක මට ඉතින් දන්න තේරෙන දේ එක්ක හිතෙන දේවල් ගොඩායි....
උණහපුලුවට තමන්ගෙ පැටියා මැණිකක්ලු... සාමාන්‍ය දන්න තේරෙන ලෝකෙ හැම අම්ම, තාත්තම එහෙමයි.... දෙමාපියෙක් වෙනව කියන්නෙ ලොකු දෙයක්... හ්ම්...
ඉතින් කොහොම හරි මගෙ අදහස මේ දෙමාපියන් තමන්ගෙ දරුවට විතරක් අම්ම තාත්ත වෙලා ඉන්න එක එච්චර හොඳ නෑ.... සමාජයට දෙමාපියෙක් තමයි වෙන්න ඕන... අපෙ ප්‍රසන්ජිත් අයියත් පහුගිය දවසක මේ ගැන හොඳ කතාවක් කියල තිබ්බා මතක නෑ...
මම ඒ ගැන කියල පෝස්ට් එකක් දැම්මම, අපෙ චන්දන අයිය කිව්වා, රූ සමාජ සත්කාර වල අන්තිමට කරපු ඉස්කොලෙක දරුවන්ට ඕන දේවල් දුන්න ගියපු ගමනෙදි  අපෙ ඉන්ද්‍රනාත් තේනුවර මහත්තය කිව්වලු, “හදිසියකදි රිලා රංචුවක් කරන්නෙ, අහුවෙන පැටියව අරගෙන ගහට නගිනවා, පස්සෙ තමයි තමන්ගෙ පැටියව හොයාගන්නෙ කියල“.... රිලව් තිරිසන් උනත් අපිට වඩා අවබෝධයෙන් ඉන්නෙ....
මොකද කපටිකම තාවකාලිකයි... බුද්ධිමත්කම එහෙම නැති නිසා.... ඉතින් ඒ කතාව එච්චරයි..

අනිත් කාරණය තමයි... ලෝකෙ තාමත් ඉහලටම ගියපු අතිබහුතරය ඉස්කෝලෙන් අතෑරපු අය... නැත්නම් ඉගෙන ගන්න බෑ කියපු අය.... අයින්ස්ටයින් වගේ චරිත අපිට ඒක කියනවා.. ඒනිසා ගුරුවරු හිතන්ට ඕන ඒකත්....

“දරුවා නොදැනුවත්කම හා කුතුහලය සමඟ පාසලට එයි..., නොදැනුවත්කම ඇතිව... කුතුහලය නැතිව පාසෙලන් පිටවෙයි...“ - පාසල එහෙම තැනක් නොවිය යුතුයි... හ්ම්....

2 comments: