අම්ම කෙනෙකුයි, දුවෙකුයි අතර තියෙන සම්බන්ධය හරිම ශක්තිමත් නොවෙනස්වන සුළු එකක් මගෙ හිතේ... මට ඒක කලිනුත් දැනිලා තියෙනවා දන්න අම්මල දූලා නිසා... කොහොම උණත් මට ඒක හොඳටම දැනෙන්නෙ අපේ අම්මයි, නංගියි නිසා...
මේ ටික මතක් වෙන්නෙ ‘පොදු පුරුෂයා‘ කියවන නිසයි...
මනෝරම්‍යාගෙයි, වර්ණාසිගෙයි අම්ම- දූ සම්බන්ධය සාමාන්‍ය එකකට වඩා ටිකක් වෙනස් උනත් ඒකත් උත්තරීතරයි... ලෝකෙ ලොකුම සෙනෙහස මව් සෙනෙහස කියවනේ.... කොහොම උනත් එතනත් හරිම අපූරු බැඳීමක් තියෙනවා.. ආත්තම්මා, අම්මා, දූ අතරත් තියෙන බැඳීම හරිම සහනදායි එකක්... කියවද්දි සතුටු දැනුනත්... ඇලෙන හැමදේම පස්සෙදි දුකක් වෙන බව තේරෙද්දි.. සතුට විඳිද්දිටත් වඩා දුකයි...
අද තනිකමෙන් මිරිකෙන මට, පොත හොඳ දෙයක් උනත්, මනෝරම්‍යාගෙ මරණයත් එක්ක වර්ණාසි දුක් වෙන හැටි කියවද්දි අඬන්න ඕන වගේ දැනුනා... හැබැයි කඳුළු ආව විතරයි....
පිරිමි සංවේදී නෑ කියල හිතන අය ලෝකෙ ඇති. මාත් හරි කැමතියි සංවේදී නෑ, රළුයි නපුරුයි කියල හිතාගෙන කියාගෙන ඉන්න. ඒත් මාත් සංවේදිද මංදා.... හදිසියෙ නොදන්න කවුරු හරි මේ ලියන ඒව කියෙව්වොත් කොහෙන් හරි පාත් වෙලා පලවෙනි වතාවට පොතක් කියවනව කියල හිතේවිද මංදා....
මම දන්නෙ නෑ මේ පොතට ස්වර්ණ පුස්තක සම්මානලය ලැබුනෙ මොකද කියල, මම සාහිත්‍ය, කලාව දන්න කෙනෙක් නෙමෙයි... හැකියාවකුත් නෑ, වැඩි උනන්දුවකුත් නෑ ඒ පැති ගැන... ඒත් මේ පොත කියවද්දි ඒක එහෙම උනේ මොකද කියල මට දැනුනා මම හිතන්නෙ... උපුල් ශාන්ත සන්නස්ගල මහත්තය ලෙඩ උන වෙලාවේ මුලින්ම කෝල් කරලා හොයල තියෙන්නෙ අපෙ මහින්ද මහත්තයා. ඒනිසා සන්නස්ගල මහත්තය කියල තිබ්බා, මහින්ද මහත්තයා අදටත් ජනාධිපති වෙලා ඉන්නෙ ඇයි කියල තේරෙනව කියල... මට ඒ වගේ තේරුනා මේ පොත සෑහෙන්න හොඳයි කියල.... හ්ම්...

පොතනම් කියවා නැත.. :) ස්තූතියි සඳහන් කලාට ඒ ගැන..
ReplyDeleteඒත් අම්මාත් දූත් අතර ශක්තිමත් බැඳීම විඳිමි.. :)
හ්ම් ... සතුටුයි නන්ඳු මිස්.....
ReplyDeleteහැමෝටම ඒ වාසනාව නෑනේ.. තියෙන අය හොඳට පරිස්සම් කරගන්න ඕන...
සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොතක් විදියට මම මුලින්ම කියෙව්වෙ මේක... භාෂාව ටිකක් අනික් ඒවට වඩා නුහුරු උනත් සෑහෙන්න හොඳයි...