Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Wednesday, November 18, 2015

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..



තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..
එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ...
ඔබ වෙනුවෙන්.. හැඬුව තරම්
කියන්න හීන් සැරේ....//

මඳ පවනේ මුසු කෙරුවේ... 
යළි නොඑනා... මතක අපේ...
නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහිකෙරුවා...
සුවඳ ඔබේ ජීවිතේ..... පාළුයි මගේ.....

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..

එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ...

තරු දෙවැටේ පිපෙන සඳේ..

දුක වැඩලා ලොවට අපේ...
කිරි සයුරේ මුතු පතුලේ.. සැඟව ගියා.. 
මැණික මගේ ආදරේ .... ගීයක් වගේ..."

Monday, November 16, 2015

යහපාලනේ විනාස කරනවැයි කියන්නෙ... හෙහේ

මේ මහත්තයා කියනව ‪#‎යහපාලනය‬ විනාශ කරනවලු...

මම ඕව වැඩිපුර දන්නෙ නැහැ.. එකම දේ මම දන්නෙ දේව මණ්ඩලය කලින්ටත් වඩා ධාර්මිකයි... දෙවිවරු බලාපොරොත්තු වන්නේ නිසි ලෙස පින්කම් කිරීමයි...
හැකි නම් යහපාලනය විනාශ කර පෙන්වන්න....
මේවා කියන අපිටද හැකි නම් ප්‍රේත, භූත යනාදි මොකකින් හෝ මොකක් හෝ කරන්නට උත්සහ ගන්න...
සංසාරය පුරාම ප්‍රතිපත්තියත් සීලයත් රැකගෙන සිට දේව මණ්ඩලයේ ආශිර්වාද ඇති අපට, එවන්නක් කලද ඇති බියක් නැත...
_ පසුගිය කාලයේ රට විනාශ කල, වැරදි දේ කල මිනිසුන්ට විපාක ලැබෙන කාලය තවම ඇරඹෙමින් පවති _
Iru සේවයේ අවධානය පිණිසයි !

දේව මණ්ඩලයේ ආශිර්වාදය තියෙන ආණ්ඩුව වට්ටන්න මේ වගේ අයට පුලුවන්ද හීනෙන්වත් බෑ..

My Poor Dad used to say :- I'd rather be happy than rich...
My Rich Dad said : - WHY NOT BE BOTH >>>

The Book actually, audio.. that changed my life for better....
I m happy I m not a slave to the money... at least I know how it happens with money..
Most people with jobs... are technically slaves to the money... -
They work for money..... bt...,
Money should work for you... - that's the way should be...

Thanx @Robert Kiyosaki .

අහම්බෙන් අවුරුදු 19දි ලැබුනා, මේ පොතේ ඕඩියෝ එක අහන්න...
මවාගත්ත ලෝකෙක රස්සා කරල ගොඩඑන්න හිතාගෙන හිටිය කාලෙක... ඒ හැමදේම තියෙන වරද ගැන තේරුම් ගන්න මේ පොත කරපු බලපෑම සුළුපටු නැහැ...
බිස්නස් කියල දේවල් වලදි වැටෙද්දි පවා ඒව ගැන තේරෙන්නත්, අසාර්ථකවිම් අවබෝධ කරගන්නත් ගොඩක් හේතු වෙච්ච පොත් කීපයක්...

“ කොච්චර සල්ලි තිබුනත්, අසතුටෙන් ඉන්න කෙනෙක්ව නම් සතුටු කරන්න බෑ “

‪#‎money‬ ‪#‎robertkiyosaki‬ ‪#‎financialfreedom‬ ‪#‎RichDadPoorDad‬
‪#‎cashflowquadrant‬

Sunday, November 15, 2015

Nov. 12 - 14

1) https://www.facebook.com/sukumal.harischandra/posts/10206407423658931

ෆේස්බුක් එකේ දැනගෙන හිටිය නර්ස් අක්ක කෙනෙක් #යහපාලනය විවේචනය කරල තිබ්බ අනවශ්‍ය විදියට... මහින්ද මහත්තය ආව නම් හරි කියල..
මහින්ද මහත්තයල රටට කරපුවයෙ තරම අපි දන්න නිසා මං ඒක කිව්ව...

මං ඇහුව යුද්ධෙ ඇරුනම සාර්ථක වෙච්ච ව්‍යාපෘති 5ක් කියන්න පුලුවන්ද කියල....

කොච්චර කිව්වත් ඒ අක්කට ගෝත්‍රවාදි මානසිකත්වයෙන් මිදෙන්න බැහැ. නාගදීපයේ නම වෙනස් කරනව කියල දිගට කියවනව. එතකොට නම් ඒකෙ නම වෙනස් කරල තිබුනෙ නැ. ඉතින් මම කිව්ව මේක හරියන්නෙ නෑ තේරුම් ගන්න කියල...

ඇහුවෙ නැති නිසා මම අයින් කලා ලිස්ට් එකෙන්...

- ඉරු අයට කියල තියෙනව මට කියන්න කියල.. මම ලේසියට තීරණ වෙනස් කරන්නෙ නැහැනේ හ්ම්... රික්වෙස්ටයක් පැමිණ ඇත.. ඒත් මං ඔහේ ඉන්නව....


2) https://www.facebook.com/sukumal.harischandra/posts/10206409875760232

චායාවි එක්ක කතා කර කර ඉද්දි එයා කියනවා, “අයියෙ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ කියල..“ ඒක අහපු ජයග්‍රාහි 443වෙනි වතාව අවුරුදු 7-8ක ඇතුලත...
- තාම උනේ නම් නැති..

3) https://www.facebook.com/sukumal.harischandra/posts/10206413849459572

සමහර අයගෙ හිත් හදන්න ගියාම, උදව් කරන්න ගියාම ඒක අපේ බැරිකමකට කරන දෙයක්, බැඳිල ඉන්න දෙයක් කියල හිතාගෙන ඉන්නව... හ්ම්..


4) https://www.facebook.com/sukumal.harischandra/posts/10206416108556048

මේ දවස් වල මට එන හදිසි අධික තරහව ගැන හිත හිත හිටියත් ඒක ගැන හරියටම තේරුමක් නැහැ තිබුනේ.

ඊට පස්සෙ ඉරු අයට කිව්වම කතරගම දෙවියන්ට රතු මල් පූජාවක් කරන විදිය කියල දුන්න... ඒක කරද්දි හිතට සැනසීම තියෙනව වගේම තරහත් එන්නෙ අඩුවෙන්. ඒත් මට ඒ මදි..

එනිසා ඊයෙ හිතල හිතල ඉන්ද්‍රානි අක්කට කෝල් කරා, ඒවෙලාවෙත් කවුන්සිලින් කරන අක්කා මට පස්සෙ ගත්ත.. අක්ක ලංකාවෙ සැහෙන්න කවුන්සිලින් කරපු කෙනෙක්. සමහර ආයතන වලටත් මූලිකව උදව් කරල තියෙන්නෙ අක්ක පටන්ගැන්මෙදිම.
තව ධනාත්මක චින්තනය මුවාවෙන් ලොකු ගණන් ගන්න හොරු අතර අපෙ ඉන්ද්‍රානි අක්කා, ඕනවටත් වඩා සුදුසුකම් තිබිලත් ඕනවටත් වඩා සාධාරණයි.

කොහොම හරි මට තරහ එන හේතු, ඒවට කරන්න ඕන ඒව. ඒව ඇතිවෙන විදියන් ගැන පැහැදිලිව කියල දුන්න, තේරුම් ගන්න විදිය...
ගොඩක් වෙලාවට තරහ එන්නෙ දුක නිසයි... ඒව තේරුනාම හිතට සැහැල්ලුයි, සැනසීමයි... හ්ම්...

Saturday, November 14, 2015

‪#‎තේරුම්‬ ගන්න ! - හිත රිදිල ඉන්න නංගි කෙනෙක්ට මම ලියුව එකක් - ඉරු අය කියන විදියට ගොඩක් අය බලනවලු..

https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1235159749834435/?type=3

ජීවිතය කියන්නේ එකිනෙකට සම්බන්ධ සිද්ධි දහස් ගණනක් තියෙන දෙයක්.... එතනදි සතුට වගේම දුකත් අපට ලැබෙනව...

එහිදි ප්‍රේමයක් බිඳ වැටෙන අවස්ථාවක් ඉතාම සුවිශේෂීව දැනෙන දෙයක්.

● ආදරය කියන පොදු මාතෘකාව යටතේ ඇති ප්‍රේමය, දෙදෙනෙක්ට සුවිශේෂී වූ දෙයකි.
එතුල මෛත්‍රිය, රාගය, අවබෝධය, විශ්වාසය, කැපකිරීම සහ පරිත්‍යාගයන් යනාදි බොහෝ දේ ගැබ්ව ඇත.

● තරුණ වයසේදි පමණක් නොව, කුමන වයසකදී වුවද ප්‍රේමයක් බිඳ වැටීම, දෙදෙනා වෙන්විම හෝ එවන් සිතිවිල්ලක් පවා ගෙන දෙන්නේ දැඩි වේදනාවකි, කම්පාවකි...
යුරෝපයේ කියන විදියට, කිසිදු මන්ත්‍රයකට යටත් කරන්නට බැරි එකම දෙය “ ප්‍රේමයයි“

● ප්‍රේමයක් බිඳුනු විටදී ජිවිතය ගැන දැනෙන්නෙ මහ කලකිරිමකි, කම්පාවකි, කණගාටුවකි.
සරලවම කිවහොත් මහා හිස් බවකි.
* ලෝකයේ තවත් කිසිදු ප්‍රීතිමත් දෙයක් නැති බවක් සිතට දැනෙනු ඇත. විටෙක ජිවිතය ගැන එපාවීමක් පවා සිතේ.
එනම් ප්‍රේමය කල කෙනාට වඩා හොද හෝ සමාන කෙනෙක් ලෝකයේම නැති බවය...
- එය එසේ වන්නටද පුලුවන...

● නමුත් ප්‍රේමය සැබවින්ම අවසන් නම් අප කල යුත්තේ, විකල්ප සෙවීමටය.
ලෝකයේ එවන් හොඳ කෙනෙක් නැති වුවද ඒ හා සමාන කෙනෙකු ගැන සිතන්නට අපට සිදුවනු ඇත. කල යුත්තේද එයයි.

● තරුණ කාලයෙදි ලෝකයේ ඉතාම යහපත් තරුණයා/තරුණිය වෙන්ම යැමෙන් සිත් වේදනාවට පත් බොහෝමයකට පසුකාලීනව ඉතාමත්ම ගුණයහපත් ස්වාමියෙක්/බිරිඳක් ලැබේ.
එවිට, අතීතයේ ජිවිතය ගැන පවා නොසිතා විශ්වාස කල ආදරයක කල පෙම්වතා/පෙම්වතිය ගැන මතක් වෙන විටද ඇතිවන්නේ ලැජ්ජාවකි.
- මෙය අප අත්දැකීමෙන් දන්නා කාරණාවකි.

● ප්‍රේමය නැතිවු විටදි ලෝකය නැතිවූවායැයි දැනෙන තරුණ අය බොහෝය.
එතරම් සුන්දර කෙනෙක් තමන්ට ගැලපෙන කෙනෙක් නොමැති වීම ගැන ලත වුවද, වසර කීපයකදි එම තරුණයා/තරුණියගේ නපුරුකම්, රළු-දැඩි ගති, සමහරවිට අසංවරකම් හෝ වෙනත් වැරදි කටයුතු ගැන මතක් වීමේදි සිතට දැනෙන්නේ තවත් ලැජ්ජාවකි - දුකකි.

තවද එම තැනැත්තා/තැනැත්තිය විවාහ කරගත් කෙනා එම වැරදි, අයහපත් ගති ඉවසීමට බැරිව සියදිවි නසාගත්තා යැයි සිතන්න.

එසේ වුවොත් ඔබට කුමක් සිතේවිද ?
“ මම බේරුනා “ කියා නොවෙද... ?
ඒවනවිට ඔබට ගුණයහපත් බිරිදක්/ස්වාමියෙක් හමුවී තිබුනොත් කුමක් සිතේවිද ?
ඔබට යහපත උදාවි ඇති බව තේරෙනු ඇති නේද... ?

● එනිසා තේරුම් ගන්න සෑම විපතකම, කරදරයකම නොසිතන ආකාරයේ ආශිර්වාදයන් ගැබ්ව තිබේ.
එයම ජිවිතය යහපත් වන්නට ඔබට හේතු වාසනා වනු ඇත.
යහපත් වන්න, යහපත්ව සිතන්න, කටයුතු කරන්න, ජිවිතය යහපත් කරගන්න.

තෙරුවන් සරණයි !

Thursday, November 12, 2015

I never ask mobile number from girls... they give it to me...

මම නම්, කවදාවත් ගෑණු ළමයෙක්ගෙන් ෆෝන් නොම්මරේ ඉල්ලන්නෙ නෑ ලේසියෙන්.... හ්ම්...
I  never ask mobile number from a girl...

කතා කරාට සතුටුයි Chaya නංගි...
හ්ම්.. මාව අයිය වගේනෙ හැමෝටම පේන්නෙ...
* ජිවිතේ දේවල්.. වෙන හැටි හරි පුදුමයි...

Its not a surprise as it's because my reputation, they give their number to me or they just ask mine and call..

This is happening from more than 8-10 years now... Sumthing I feel proud....
As I know so many boys asking mobile number from girls...

Although I m happy about it, its disturbing sometimes.. hmm...

Tuesday, November 10, 2015

මට වගේම හැමෝටම උදව් කරන අංකල් කෙනෙක් ඉන්නවා, ඡායාරූප ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙක්.
හිටපු ජනාධිපතිතුමාගෙ ලග ඥාතියෙක් (හැබැයි කිසි දෙයක් කරගත්තෙ නෑ එතුමාගෙන්).

මාස 3කට විතර කලින් මගෙ කැමරාව කැඩිල අංකල් මාව එක්කගෙන ගියා හොදට දන්න කෙනෙක් ගාවට ... යන්න කලින් ටිකක් කියල දිලා එක්කගෙන ගියේ මෙහෙම කෙනෙක් කියල..
වැඩේ කරල දුන්න... එතනදි මම ටැබ් එක විකුණන අදහසක් තිබ්බ නිසා බොහොම අඩු ගානකට(12) කිව්ව. ඒ චරිතෙට ටෙක්නිෂන් වැඩ හොදටම පුලුවන්. අත තිබ්බත් තේරෙනවා.
ඉතින් කියපු ගානට එයා හරි කැමති උනා ගන්න.. මට තිබ්බ අවුල මම අයිපැඩ් එකක් අරගෙන ටැබ් එක විකුණන්න ඕන වෙලා හිටියෙ..
ඒපාර අංකල්ට නිතර කතා කර කර කියනවලු, ටැබ් එක අරගෙන දෙන්න කියල..

කොහොම හරි මම අයිපැඩ් එක ගත්තම, කාටත් කියන්න කලින් වචනේ දිලා තිබ්බ නිසා කතා කරා, අර කියපු ගානට දෙන්න කැමති කියල.
ඒපාර ඒ චරිතෙ මට කියනව, එයා වැඩ කරන්නෙ දැන් යුනිටියෙ මොකක්ද එහෙකලු. මම කිව්ව ගානට වඩා අඩුවෙන් ගතෑකිලු ඕන වෙලාවක(6-8)...
මට හින්දා ගන්නම්ලු 10කට..
මං කිව්වා හිතල බලල කියන්නම් කියල..

එහෙම කියල හිතාගත්ත 10ට දුන්නත් මෙයාට දෙන්නෙ නෑ කියල...
කොහොම හරි අපෙ Sudarshana අයියලගේ Ikman.lk එකේ ඇඩ් එක දැම්ම...
දාපු වෙලාවෙ ඉදල කෝල්ස් 10-20ක් ආවා. මට ඕන උනේ 12ක්.. පස්සෙ මට ලගම තැනින් කෝල් කරපු කෙනාට කිව්ව මං 12කට දෙන්නම් අදම ගන්නව නම්, බලල සැටිස් නම් ගන්න කියල..
හවස ඒ මල්ලි ආවා. ඇවිල්ලා විනාඩි 20-25ක් චෙක් කලා.. එයත් සැම්සුන්ග් ඒවා 23ක් අවුරුදු 8කදි යූස් කරපු කෙනෙක්..
මං දන්නෙත් නැති ඒව ටැබ් එකේ තියෙන ගැජමැටික් මට පෙන්නල දිලා ඒ ගානට ගත්ත...

අද අර අංකල් මට කතා කලා...
කතා කරල කිව්ව, මට කතා කරලා ටැබ් එක අරගෙන දෙන්න කියල ඒ අංකල්ට අර චරිතෙ කියනවලු දවස් ගානක ඉදල... මං ඉතින් වෙච්ච දේ කිව්ව... - අංකල් මට චරිතෙ ගැන කියපු නිසා මම තේරුම් අරගෙන වැඩ කලා කියල...
ඒ චරිතෙ රත්නපුරේ පැත්තෙ කෙනෙක්... කතාබහ කරල ඕන වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් කියලයි ඒ අංකල් කියන්නෙ..
එහේ ඉදගෙන ජිවිතේ වැඩි කාලයක් බෙන්තර ගඟෙන් එහා හිටිය අපිට.... ඊට පස්සෙත් මේ ගෙන්දගම් පොලවේ එක එක ජාතියේ අයව ආශ්‍රය කරලා ඉන්න අපිව... රවටන්න බැරි නොවුනත්... ලේසි නෑ... හ්ම්..

දුක කියන්න විතරයි ඕන... - ඒකට පිලියම් කිරිම අත්‍යාවශ්‍ය නැත....

කවුන්සිලින් කරන කාලෙ අත්දැකීමෙන් තේරුනු දෙයක් තමයි සමහර අයට දුකක් කරදරයක් ආවම, ඒක කෙනෙක්ට කිව්වම පවා සෑහෙන්න ඒ දුක අඩු වෙනව කියල...

ඒකට කියනවා, “ දුක බෙදාගත්තම බාගයකින් අඩු වෙනවා“ කියල..(සතුට බෙදාගත්තම 2ගුණයකින් වැඩිවෙනවලු)

ඊයෙ පෙරේදා මටත් දුක හිතෙන දෙයක් උනා, ඒ වෙලාවේ ඒ දුක කියන්න කෙනෙක් නොහිටියත් හරියටම හිතාගෙන කරපු දේ අනුව රිදුනු හිත හරි ගියා සෑහෙන්න...

සමහර කතා වල තියෙනවා තනියෙන් දූපත් වල අවුරුදු ගණන් ඉන්න අය තනියම කතා කරන්න හුරු වෙලා කියල.
 ඒකත් එක්තරා විදියකට සහනයක් වෙනවා හැබැයි මිනිස්සු ගොඩක් ඉන්න තැනක උනත් තනිවෙන්න සෑහෙන හේතු තියෙන නිසා ඒවගේ වෙලාවක තනියම කතා කලොත් ඒක අවුලක් වේවි.

“ බුදු හාමුදුරුවෝ කීවේ, ‘හුදෙකලාව බ්‍රහ්ම ලෝකෙ ජිවත් වෙනවට සමානයි ‘ කියල..“

වර්තමාන ලෝකයේ තනිකම තමයි තියෙන භයානකම උපද්‍රවයත් හ්ම්...

Monday, November 9, 2015

Social Media Service Providing


https://www.facebook.com/sukumal.harischandra/posts/10206381622093908





මම,

● Gayantha Karunathilaka ඇමතිතුමාට, එතුමා මන්ත්‍රි කාලයේම සෝෂල් මීඩියා පටන්ගත්තා...
- ඒත් මං දේශපාලනඥයෙක් නෙමෙයි - අඩු තරමින් ප්‍රධාන පක්ෂ 2-3න් එකකවත් සාමාජිකයෙකුත් නෙමෙයි.
(තව නම කියන්න එපා කියල ගෙවලා සේවය ගත්ත දේශපාලනඥයෝ කීප ්‍දෙනෙක් ඉන්නව)

● දැන් ලංකාවෙ ඉන්න හොඳම Interior Designer වෙන, ආචාර්ය Dilini Halvitigala මැඩම්ගෙ සෝෂල් මිඩිය කරනව - Dilini Halvitigala School Of Interior Design
- මම ඉන්ටීරියර් ඩිසයින් තියා සාමාන්‍ය ඩිසයින් එකක්වත් හරියට කරන්න දන්නෙ නෑ ඇත්තටම.. අපෙ නංගියි අම්මයි තමයි ගොඩක් වෙලාවට ඒව කියල දෙන්නෙ.. හරියට මැච් වෙන කලර් එක වගේ ඒව පවා...

● Clutch Automation එකටත් යම් කාලෙක යම් සේවාවක් දුන්නා සෝෂල් මිඩිය වල... අපෙ Saman Jayamanna මහත්තයලට එහෙම මතක ඇති.
- එයාල ලංකාවෙ හොඳම විඩියෝ එඩිටින් සම්බන්ධ කම්පනිය. ඒ ක්ෂෙත්‍රයේ විශේෂඥ දැනුමක් තියෙන අය හැකියාව එක්ක.
- ඒත් මම විඩියෝ එඩිටින් තියා විඩියෝ කරන්නවත් හරියට දන්නෙ නැත.

● “ මහින්ද චින්තය “ මැගසින් එක කරපු, Upul Agbo අංකල්ටත් ටික කාලයක් මම සෝෂල් මිඩියා කලා.. - Upul Agbo Photography
ඒ අංකල් ලංකාවෙ ඉන්න හොඳම ඡායාරූප සහ වීඩියෝ කරන ශිල්පියෙක්.
- මම නිකන් පින්තුරයක්වත් හරියට ගන්න දන්නෙ නෑ ඇත්තටම..

● Read Sri Lanka - එකටත් කාලෙකට කලින් සෝෂල් මිඩියත් කලා...
හැබැයි මම ජනමාධ්‍යවේදියෙක් නෙමෙයි...
ඒ සම්බන්ධව ඉගෙන ගන්න ඉහලට යන්න මට උදව් කරන්න ඒකාලෙ Christy Rajendran මහත්තයත් උත්සහ කලා කියල මතකයි... හ්ම්

● පාරම්පරික වෙද පරම්පරාවක මහත්තයෙක් වෙන Chethiya Anuradha Henage මහත්තය තමයි දන්න තරමට ලංකාවෙ හරියටම “වජ්‍රායුධය“ (අර මහින්ද මහත්තයගෙ වශි බෝලෙ කියන්නෙ) ඒක කරල දෙන්නෙ. Vajra - හිතුව විදියට කරන්න බැරි උනත් යම් උත්සහයක් දරල තියෙනව.

● Iru Astrology @Iru Sewaya අයටත් මම සෝෂල් මිඩිය කරනව අවුරුදු 2ක විතර ඉදල...
- ඒවගේම මම කේන්දර දන්නෙත් නැහැ. හැබැයි කේන්දර කියල කෙනෙක් කියන්නෙ බොරු නම් ඒක ගැන මට දැනීමක් තියෙන... ඒ ඇර ඇත්තට දෙයක් කියන්න මට තේරුමක් නැහැ.
එහෙම තිබුන නම් මගෙ ආර්ථික තත්වය අද මේ තැන නෙමෙයි තියෙන්නෙ.. ‪#‎ඉරු‬ අය ඒක කරන්නෙ සේවයක් විදියට පවත්වාගෙන යන්න කියල තියෙන ඉල්ලීම් වලටයි.
ඒ ඇර සේවයක් විදියට පවත්වාගෙන යන්න ඇත්තටම හොඳ සහයෝගයක් දෙන්නෙ මහන්සි වෙන්නෙ Idunil අයියත්, Rajakaruna මහත්තයත් විතරයි.

* මට තියෙන අවුල තමයි, එක එක වෙලාවට මගෙන් කේන්දර විස්තර අහනවා...
දන්න දෙයක් නම්, කරන්න පුලුවන් දෙයක් කරල දෙතෑකි. නොදන්න දෙයක් කියන්නවත් කරන්නවත් මම කැමති නෑ.
ඒකෙන් මට හරි තරහක් ඇති වෙනව.. ඇත්තටම... හ්ම්...
‪#‎ගයි‬ මාමගෙන් රස්සා, ලියුම්, එක එක උදව් ඉල්ලන්න කතා කරනවටත් වඩා මට හිත නරක් වෙනව මේ අහන එකෙන්...

Saturday, November 7, 2015


අපිත් චැට් කරනවා, ඇහුවත් නැතත් ගෑණු ළමයි විස්තර කියනව.
ඒකට හේතු වෙන්න ඇත්තෙ විශ්වාසය ඇති වෙන එක...

මෙහෙම සිද්ධි එක්ක, ගෑණු ළමයින්ට කෙසේ වෙතත් චැට් කරන්නත් බයක් වගේ දැනෙනවා... හ්ම්..
ඒනිසා හැම ගෑණු ළමයටම නිකන් චැට් කරත්, හොඳ යාළුවෙක් වගේ චැට් කලත්, කවුන්සිලින්/හිත හදන්න චැට් කලත්..
- කියනව තමන්ට විශ්වාසම හොදම අය වෙන්න ඕන තමන්ගෙ ගෙදර අය විතරයි කියල...
මේ කතා කරන අපි උනත් හොඳ වගේ පෙනුනට නරක අය වෙන්න පුලුවන් කියල..

සල්ලාල මහත්තුරු නම් මේ වගේ ගෙදරට එන්න වැඩි කැමැත්තක් නැහැ,
එයාල හදන්නෙ පිට කොහේ හරි අඳුරක් වගේ තියෙන තැනක මුණ ගැහෙන්න, ඊට කලින් ඉතින් දහ අතේ දිව්රනවලු, අතින්වත් අල්ලන්නෙ නැ කියල...

මේ වගේ පව්කාරයන්ට ගහල බැනල විතරක් මේක හදන්න බැහැ.
ගෑණු ළමයි උනාම එයාලටත් මොලයක්, අවබෝධයක් තියෙන්න ඕන..

මේකට අදාල නීති ගෙන්න මහින්ද මහත්තයගෙ කාලෙ බැරි උනා... කොටසක් කැමති උනේ නෑ... දැන් මේ ආණ්ඩුවවත් මේවට වෙන රටවල වගේ තරමක් හරි ආරක්ෂිත නීති ගේනව නම් හොදයි... හ්ම්.. කියල බලන්න ඕන ..

https://www.youtube.com/watch?v=VylP8bci-o0&feature=youtu.be

Thursday, November 5, 2015

ලීලානන්ද ගමාච්චි මහතා පරිවර්ථනය කල - How to live longer in Bliss පොතෙනි.

ලෝකෙ වැඩියෙන්ම ආයුෂ විඳපු ගොඩාක් අයගෙ මූලික දෙයක් තමයි, ඇවිදීම....
ගොඩක් ඇවිදින අය අනිත් අයට වඩා සෞඛ්‍ය තත්වයෙන් ඉහලයි.

* අපේ සීය ගැන හිතුවමත් 98දිත් තමන්ගෙ වැඩ තනියම කරගෙන, වෙලාවකට මම කියපු විදියට මටත් වඩා තරුණයෙක් වගේ වැඩ කරගෙන හිටියේ ඒ හින්ද වෙන්නැති.. හ්ම්..

තව ලෝකෙ වැඩියෙන්ම ජිවත් වෙච්ච ගොඩක් අය, මත්වතුර, දුම්වැටි භාවිතයක් තිබිල නෑ. ඒවගේම හැමදේම නියම පිලිවෙලකට කරලා තියෙනවා, කෑම කන වෙලාව පවා නියමිත වෙලාවක්.
නින්දත් හරියට අරගෙන තියෙනව හ්ම්...

මේ ජිවිත හරි පිලිවෙලයි ඒක තමයි මූලික. මේ පොත හොද ඇති කියල හිතුන, ඒත් මේ වෙච්ච අය ගැන මිසක් අපිට වෙනම ලොකු ආදර්ශයක් ගන්න බෑ කියල හිතෙන්නෙ... හ්ම්..

Tuesday, November 3, 2015

ඉන්නදෝ... හ්ම් - කැලැරන්ස්ගේ සිංදු..

සඳ පානේ ගමන් යන්න....
සවනට කොඳුරා කියන්න...
ඔබ එනකන් බලන් ඉන්නදෝ...
සඳ නැතිදා කතා වෙන්න..
මගෙ පාළුව මකාගන්න...
මිතුරෙක් මා සොයාගන්න දෝ...//

සවන පුරා... මිහිර උරා...
ඔබගේ ගි හඬින්ද මත් උනේ මෙමා...
මවන සිනා... දෙනත පුරා...
ඔබගේ ඒ රුවින් ද මත් උනේ මෙමා....

එරබඳු මල් ... කැකුලු පිපී...
රතු පාටින් වැසී ගියා මට මතකයි...
කොවුල් හඬයි... අවුරුද්දයි...
ඔබේ සිනා හඬින් වැසී ගියා වගෙයි...

(Found some old stuffs & found Clarence's songs in it ^_^ )