Tweets by @Tweetsbysuku myblog: දුක කියන්න විතරයි ඕන... - ඒකට පිලියම් කිරිම අත්‍යාවශ්‍ය නැත....

Facebook Fan Page

Tuesday, November 10, 2015

දුක කියන්න විතරයි ඕන... - ඒකට පිලියම් කිරිම අත්‍යාවශ්‍ය නැත....

කවුන්සිලින් කරන කාලෙ අත්දැකීමෙන් තේරුනු දෙයක් තමයි සමහර අයට දුකක් කරදරයක් ආවම, ඒක කෙනෙක්ට කිව්වම පවා සෑහෙන්න ඒ දුක අඩු වෙනව කියල...

ඒකට කියනවා, “ දුක බෙදාගත්තම බාගයකින් අඩු වෙනවා“ කියල..(සතුට බෙදාගත්තම 2ගුණයකින් වැඩිවෙනවලු)

ඊයෙ පෙරේදා මටත් දුක හිතෙන දෙයක් උනා, ඒ වෙලාවේ ඒ දුක කියන්න කෙනෙක් නොහිටියත් හරියටම හිතාගෙන කරපු දේ අනුව රිදුනු හිත හරි ගියා සෑහෙන්න...

සමහර කතා වල තියෙනවා තනියෙන් දූපත් වල අවුරුදු ගණන් ඉන්න අය තනියම කතා කරන්න හුරු වෙලා කියල.
 ඒකත් එක්තරා විදියකට සහනයක් වෙනවා හැබැයි මිනිස්සු ගොඩක් ඉන්න තැනක උනත් තනිවෙන්න සෑහෙන හේතු තියෙන නිසා ඒවගේ වෙලාවක තනියම කතා කලොත් ඒක අවුලක් වේවි.

“ බුදු හාමුදුරුවෝ කීවේ, ‘හුදෙකලාව බ්‍රහ්ම ලෝකෙ ජිවත් වෙනවට සමානයි ‘ කියල..“

වර්තමාන ලෝකයේ තනිකම තමයි තියෙන භයානකම උපද්‍රවයත් හ්ම්...

No comments:

Post a Comment