Tweets by @Tweetsbysuku myblog: ‪#‎තේරුම්‬ ගන්න ! - හිත රිදිල ඉන්න නංගි කෙනෙක්ට මම ලියුව එකක් - ඉරු අය කියන විදියට ගොඩක් අය බලනවලු..

Facebook Fan Page

Saturday, November 14, 2015

‪#‎තේරුම්‬ ගන්න ! - හිත රිදිල ඉන්න නංගි කෙනෙක්ට මම ලියුව එකක් - ඉරු අය කියන විදියට ගොඩක් අය බලනවලු..

https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1235159749834435/?type=3

ජීවිතය කියන්නේ එකිනෙකට සම්බන්ධ සිද්ධි දහස් ගණනක් තියෙන දෙයක්.... එතනදි සතුට වගේම දුකත් අපට ලැබෙනව...

එහිදි ප්‍රේමයක් බිඳ වැටෙන අවස්ථාවක් ඉතාම සුවිශේෂීව දැනෙන දෙයක්.

● ආදරය කියන පොදු මාතෘකාව යටතේ ඇති ප්‍රේමය, දෙදෙනෙක්ට සුවිශේෂී වූ දෙයකි.
එතුල මෛත්‍රිය, රාගය, අවබෝධය, විශ්වාසය, කැපකිරීම සහ පරිත්‍යාගයන් යනාදි බොහෝ දේ ගැබ්ව ඇත.

● තරුණ වයසේදි පමණක් නොව, කුමන වයසකදී වුවද ප්‍රේමයක් බිඳ වැටීම, දෙදෙනා වෙන්විම හෝ එවන් සිතිවිල්ලක් පවා ගෙන දෙන්නේ දැඩි වේදනාවකි, කම්පාවකි...
යුරෝපයේ කියන විදියට, කිසිදු මන්ත්‍රයකට යටත් කරන්නට බැරි එකම දෙය “ ප්‍රේමයයි“

● ප්‍රේමයක් බිඳුනු විටදී ජිවිතය ගැන දැනෙන්නෙ මහ කලකිරිමකි, කම්පාවකි, කණගාටුවකි.
සරලවම කිවහොත් මහා හිස් බවකි.
* ලෝකයේ තවත් කිසිදු ප්‍රීතිමත් දෙයක් නැති බවක් සිතට දැනෙනු ඇත. විටෙක ජිවිතය ගැන එපාවීමක් පවා සිතේ.
එනම් ප්‍රේමය කල කෙනාට වඩා හොද හෝ සමාන කෙනෙක් ලෝකයේම නැති බවය...
- එය එසේ වන්නටද පුලුවන...

● නමුත් ප්‍රේමය සැබවින්ම අවසන් නම් අප කල යුත්තේ, විකල්ප සෙවීමටය.
ලෝකයේ එවන් හොඳ කෙනෙක් නැති වුවද ඒ හා සමාන කෙනෙකු ගැන සිතන්නට අපට සිදුවනු ඇත. කල යුත්තේද එයයි.

● තරුණ කාලයෙදි ලෝකයේ ඉතාම යහපත් තරුණයා/තරුණිය වෙන්ම යැමෙන් සිත් වේදනාවට පත් බොහෝමයකට පසුකාලීනව ඉතාමත්ම ගුණයහපත් ස්වාමියෙක්/බිරිඳක් ලැබේ.
එවිට, අතීතයේ ජිවිතය ගැන පවා නොසිතා විශ්වාස කල ආදරයක කල පෙම්වතා/පෙම්වතිය ගැන මතක් වෙන විටද ඇතිවන්නේ ලැජ්ජාවකි.
- මෙය අප අත්දැකීමෙන් දන්නා කාරණාවකි.

● ප්‍රේමය නැතිවු විටදි ලෝකය නැතිවූවායැයි දැනෙන තරුණ අය බොහෝය.
එතරම් සුන්දර කෙනෙක් තමන්ට ගැලපෙන කෙනෙක් නොමැති වීම ගැන ලත වුවද, වසර කීපයකදි එම තරුණයා/තරුණියගේ නපුරුකම්, රළු-දැඩි ගති, සමහරවිට අසංවරකම් හෝ වෙනත් වැරදි කටයුතු ගැන මතක් වීමේදි සිතට දැනෙන්නේ තවත් ලැජ්ජාවකි - දුකකි.

තවද එම තැනැත්තා/තැනැත්තිය විවාහ කරගත් කෙනා එම වැරදි, අයහපත් ගති ඉවසීමට බැරිව සියදිවි නසාගත්තා යැයි සිතන්න.

එසේ වුවොත් ඔබට කුමක් සිතේවිද ?
“ මම බේරුනා “ කියා නොවෙද... ?
ඒවනවිට ඔබට ගුණයහපත් බිරිදක්/ස්වාමියෙක් හමුවී තිබුනොත් කුමක් සිතේවිද ?
ඔබට යහපත උදාවි ඇති බව තේරෙනු ඇති නේද... ?

● එනිසා තේරුම් ගන්න සෑම විපතකම, කරදරයකම නොසිතන ආකාරයේ ආශිර්වාදයන් ගැබ්ව තිබේ.
එයම ජිවිතය යහපත් වන්නට ඔබට හේතු වාසනා වනු ඇත.
යහපත් වන්න, යහපත්ව සිතන්න, කටයුතු කරන්න, ජිවිතය යහපත් කරගන්න.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment