Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Saturday, November 7, 2015


අපිත් චැට් කරනවා, ඇහුවත් නැතත් ගෑණු ළමයි විස්තර කියනව.
ඒකට හේතු වෙන්න ඇත්තෙ විශ්වාසය ඇති වෙන එක...

මෙහෙම සිද්ධි එක්ක, ගෑණු ළමයින්ට කෙසේ වෙතත් චැට් කරන්නත් බයක් වගේ දැනෙනවා... හ්ම්..
ඒනිසා හැම ගෑණු ළමයටම නිකන් චැට් කරත්, හොඳ යාළුවෙක් වගේ චැට් කලත්, කවුන්සිලින්/හිත හදන්න චැට් කලත්..
- කියනව තමන්ට විශ්වාසම හොදම අය වෙන්න ඕන තමන්ගෙ ගෙදර අය විතරයි කියල...
මේ කතා කරන අපි උනත් හොඳ වගේ පෙනුනට නරක අය වෙන්න පුලුවන් කියල..

සල්ලාල මහත්තුරු නම් මේ වගේ ගෙදරට එන්න වැඩි කැමැත්තක් නැහැ,
එයාල හදන්නෙ පිට කොහේ හරි අඳුරක් වගේ තියෙන තැනක මුණ ගැහෙන්න, ඊට කලින් ඉතින් දහ අතේ දිව්රනවලු, අතින්වත් අල්ලන්නෙ නැ කියල...

මේ වගේ පව්කාරයන්ට ගහල බැනල විතරක් මේක හදන්න බැහැ.
ගෑණු ළමයි උනාම එයාලටත් මොලයක්, අවබෝධයක් තියෙන්න ඕන..

මේකට අදාල නීති ගෙන්න මහින්ද මහත්තයගෙ කාලෙ බැරි උනා... කොටසක් කැමති උනේ නෑ... දැන් මේ ආණ්ඩුවවත් මේවට වෙන රටවල වගේ තරමක් හරි ආරක්ෂිත නීති ගේනව නම් හොදයි... හ්ම්.. කියල බලන්න ඕන ..

https://www.youtube.com/watch?v=VylP8bci-o0&feature=youtu.be

No comments:

Post a Comment