Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, November 10, 2015

මට වගේම හැමෝටම උදව් කරන අංකල් කෙනෙක් ඉන්නවා, ඡායාරූප ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙක්.
හිටපු ජනාධිපතිතුමාගෙ ලග ඥාතියෙක් (හැබැයි කිසි දෙයක් කරගත්තෙ නෑ එතුමාගෙන්).

මාස 3කට විතර කලින් මගෙ කැමරාව කැඩිල අංකල් මාව එක්කගෙන ගියා හොදට දන්න කෙනෙක් ගාවට ... යන්න කලින් ටිකක් කියල දිලා එක්කගෙන ගියේ මෙහෙම කෙනෙක් කියල..
වැඩේ කරල දුන්න... එතනදි මම ටැබ් එක විකුණන අදහසක් තිබ්බ නිසා බොහොම අඩු ගානකට(12) කිව්ව. ඒ චරිතෙට ටෙක්නිෂන් වැඩ හොදටම පුලුවන්. අත තිබ්බත් තේරෙනවා.
ඉතින් කියපු ගානට එයා හරි කැමති උනා ගන්න.. මට තිබ්බ අවුල මම අයිපැඩ් එකක් අරගෙන ටැබ් එක විකුණන්න ඕන වෙලා හිටියෙ..
ඒපාර අංකල්ට නිතර කතා කර කර කියනවලු, ටැබ් එක අරගෙන දෙන්න කියල..

කොහොම හරි මම අයිපැඩ් එක ගත්තම, කාටත් කියන්න කලින් වචනේ දිලා තිබ්බ නිසා කතා කරා, අර කියපු ගානට දෙන්න කැමති කියල.
ඒපාර ඒ චරිතෙ මට කියනව, එයා වැඩ කරන්නෙ දැන් යුනිටියෙ මොකක්ද එහෙකලු. මම කිව්ව ගානට වඩා අඩුවෙන් ගතෑකිලු ඕන වෙලාවක(6-8)...
මට හින්දා ගන්නම්ලු 10කට..
මං කිව්වා හිතල බලල කියන්නම් කියල..

එහෙම කියල හිතාගත්ත 10ට දුන්නත් මෙයාට දෙන්නෙ නෑ කියල...
කොහොම හරි අපෙ Sudarshana අයියලගේ Ikman.lk එකේ ඇඩ් එක දැම්ම...
දාපු වෙලාවෙ ඉදල කෝල්ස් 10-20ක් ආවා. මට ඕන උනේ 12ක්.. පස්සෙ මට ලගම තැනින් කෝල් කරපු කෙනාට කිව්ව මං 12කට දෙන්නම් අදම ගන්නව නම්, බලල සැටිස් නම් ගන්න කියල..
හවස ඒ මල්ලි ආවා. ඇවිල්ලා විනාඩි 20-25ක් චෙක් කලා.. එයත් සැම්සුන්ග් ඒවා 23ක් අවුරුදු 8කදි යූස් කරපු කෙනෙක්..
මං දන්නෙත් නැති ඒව ටැබ් එකේ තියෙන ගැජමැටික් මට පෙන්නල දිලා ඒ ගානට ගත්ත...

අද අර අංකල් මට කතා කලා...
කතා කරල කිව්ව, මට කතා කරලා ටැබ් එක අරගෙන දෙන්න කියල ඒ අංකල්ට අර චරිතෙ කියනවලු දවස් ගානක ඉදල... මං ඉතින් වෙච්ච දේ කිව්ව... - අංකල් මට චරිතෙ ගැන කියපු නිසා මම තේරුම් අරගෙන වැඩ කලා කියල...
ඒ චරිතෙ රත්නපුරේ පැත්තෙ කෙනෙක්... කතාබහ කරල ඕන වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් කියලයි ඒ අංකල් කියන්නෙ..
එහේ ඉදගෙන ජිවිතේ වැඩි කාලයක් බෙන්තර ගඟෙන් එහා හිටිය අපිට.... ඊට පස්සෙත් මේ ගෙන්දගම් පොලවේ එක එක ජාතියේ අයව ආශ්‍රය කරලා ඉන්න අපිව... රවටන්න බැරි නොවුනත්... ලේසි නෑ... හ්ම්..

No comments:

Post a Comment