Tweets by @Tweetsbysuku myblog: හසලක ගාමිණි විරුවාගේ ස්මාරකය

Facebook Fan Page

Saturday, April 18, 2020

හසලක ගාමිණි විරුවාගේ ස්මාරකය


2019 ජනවාරියේ වීඩියෝ ගත කරන ලද්දකි) ● අලිමංකඩ කඳවුර යුධමය සැලසුම් සහ ක්‍රියාන්විතයට ඉතා වැදගත් ස්ථානයක් විය. යාපනය අල්ලා ගැනීමට නම් අලිමංකඩ අල්ලා ගෙන විනාශ කිරීමේ අවශ්‍යතාවයද එවකට ත්‍රස්තවාදින්ට තිබුනි. කඳවුරේ හමුදා සෙබළු 600ක් පමණ සිට ඇත. 1991 වසරේ ජුලි 14 වන දින ත්‍රස්තවාදීන් විසින් අලිමංකඩ කදවුරට දැවැන්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් පැමිණි අතර, ඉදිරියෙන් පැමිණියේ යුධ ටැංකියක් ලෙස නවීකරණය කරන ලද, කැටපිලර් බුල්ඩෝසරයකි. මනාව බුල්ඩෝසරයේ ස්ථානගත කර තිබූ බර අවි භාවිතා කර ඉදිරි ආරක්ෂක වලල්ල බිඳ දැමූ යුධ ටැංකිය ඉදිරියට ඇදින. දැඩි ගණකම් වානේ තහඩු වලින් ටැංකිය ආරක්ෂා කර තිබූ අතර, එනිසාම තබන ලද වෙඩි පමණක් නොව ආර්පීජී ප්‍රහාරයන් වලින්ට ටැංකියට ගැටළුවක් නොවුනි. එයට පිටුපසින් 5000ක් පමණ ත්‍රස්තවාදින් කදවුරට ඇතුල් වීමට උවමනාවෙන් පැමිණෙමින් තිබුනි. ● නිරර්ථක ප්‍රහාරයන්ට ලක්ව ඉදිරියට ඇදෙන යුධ ටැංකියට කල යුතු දේ තීරණය කල ලාන්ස් කෝප්‍රල් හසලක ගාමිණි, බෝම්බ 2ක් රැගෙන, තමන්ව කවර් කරන ලෙස මිතුරන්ට පවසා, බිම දිගා වෙමින්ද වෙඩි පහර වලින් ආරක්ෂා වෙමින් දුෂ්කරතා මැද යුධ ටැංකියට ඇතුල් වී බෝම්බ පුපුරවා ගන්නා ගාමිණී නිසා බුල්ඩෝසර ටැංකිය ඇතුලත සිටි ත්‍රස්තවාදින් 4 දෙනා මිය ගිය අතර, ඉදිරි ගමනද නතර විය. ඒ සමග පිටුපසින් පැමිණි ත්‍රස්තවාදින්ගේ ගමනද අඩපණ විය. හසලක ගාමිණි විරුවා විසින් කරන ලද වීර ක්‍රියාවට සොල්දාදුවකුට ලැබෙන ඉහලම සම්මානය වූ “ පරම වීර විභූෂණ “ සම්මානය ලැබී ඇත. - 1991 වසරේ කොටි ත්‍රස්තවාදීන් විසින් අලිමංකඩ හමුදා කඳවුරට එල්ල කරන්නට උත්සාහ කල දැවැන්ත ප්‍රහාරය මැඩපවත්වමින් ජිවිත පූජාවෙන් කටයුතු කල එවකට ලාන්ස් කෝප්‍රල් හසලක ගාමිණී විරුවා සිහිවීම පිණිස මෙම ස්මාරකයද සෑම දිනකම බියුගල් නලාව සහිතව ගෞරව කිරීමද සිදු කරනු ලැබේ. ගංවතුරින් පීඩා විඳි කිලිනොච්චියේ, කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර රැගෙන පැමිණි අවස්ථාවේදීය. මෙහිදී අපට නවාතැන් ලැබුනේ කිලිනොච්චියේ පිහිටි 571 බල සේනාංක මූලස්ථානයේය. එසේම මෙම සැමරුම් ස්ථානයට අපව රැගෙන ඒම යුධ හමුදාව සිදු කල අතර, ලුතිනන් කර්නල් නාමල් රත්නායක මහතා විස්තරයක්ද ලබාදුනි. #war #srilankawar #hasalakagamini #srilankaarmy #slamry https://www.google.lk/maps/contrib/10...

No comments:

Post a Comment