Tweets by @Tweetsbysuku myblog: ආණ්ඩුවට 3/3ම ෂුවර් - හැබැයි Fail

Facebook Fan Page

Monday, April 27, 2020

ආණ්ඩුවට 3/3ම ෂුවර් - හැබැයි Fail

ආණ්ඩුව අතිශයින් අසාර්ථක වී ඇත්තේ, මුල් කාලයේ අඩුවෙන් පරීක්ෂණ කර දැන් වැඩියෙන් පරීක්ෂණ කරන අතරතුරදී වැඩියෙන් රෝගීන් හමුවීමෙන් පමණක් නොවේ.

පසුගිය රජයේ (මූලිකව එවකට ජනපති සහ ආරක්ෂක ඇමති මෙන්ම වත්මන් බලය දරණ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ සභාපති), වැරදි සහ නොසැලකිලිමත්කම නිසා සිදුවූ පාස්කු ප්‍රහාරය හමුවේ එවකට විපක්ෂය - අද ආණ්ඩුව හැසිරුන හැටි අපට හොදට මතකය.
නමුත් ඇති ගැටළුව අද මෙතරම් ගැටළු තිබියදී ඔවුන්ගේ මූලික උවමනාව ඡන්දයකට යෑම වීමය. එයට මූලිකව හේතුවිය හැක්කේ දැනට පවතින ආර්ථික අර්බුදය උග්‍ර වූ පසු ආණ්ඩුවට අවාසිදායක වීම යැයි සිතේ.

● මුලින්ම රට විරුවන් ලෙස හැඳින්වූ විදේශගත අයට අපහාසය ආණ්ඩුවට ලැදි පිරිස් වලින් කෙරින.
දැන් එම තත්වය රණවිරුවන් දෙසටද හැරී ඇත. ආණ්ඩුවට පක්ෂව ප්‍රචාරණය කරන පිරිස් සහ, මූලිකව කටයුතු කරන පෞද්ගලික නාලිකා 2ද ප්‍රධානව නාවික හමුදා සෙබලුන්ට කරන අපහාසය සුළුපටු නැත.
නාවික හමුදා සෙබලාගේ ගමන් බිමන් සීසිටිවි වල පෙන්වන්නේ, හොරෙකුට, ත්‍රස්තවාදියෙකුට කරන අයුරිනි.
නාවික හමුදා සෙබලා රෝගයට ගොදුරු වන්නේ නොදැනුවත්ව හෝ ආසාවෙන් නොව, තමන්ගේ වගකීම ඉටු කිරීමට නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් සහ ඇදුම් පැලදුම් නොලැබීමෙන් බව අපට වටහාගත හැක.


පවතින තත්වය අනුව, 3/3ම ගැනීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට තියෙනවා.

- උදය ගම්මන්පිල කිව්වලු, ලංකාවෙ වගේ ආධාර දෙන්නෙ නෑ කියල කිසිම රටක... අපි දන්න වෙන රටවල් හැමඑකකම උපරිම විදියට ආධාර දෙනවා. රජය විතරක් නෙමෙයි රස්සාව කරනව නම් එතනිනුත් දෙනවා.
ලංකාවෙ එහෙම දෙන තැන් බොහෝම අඩුයි.
මාලදිවයින් රජය, ලංකාවෙ ඉන්න මාලදිවයින් අයට අවශ්‍ය දේවල් එවනවා. ඒක තමයි රජයක් උනාම කල යුත්තෙ.

- හැබැයි, රු 5000 දෙන්නෙත් ලංකාවෙ පෝලිම් වලට. ඒවට තියෙන අවුල් නිසා ඒ කටයුත්ත බොහොම සාර්ථක බවින් අඩුයි.
ලංකාවේ 50%ක් දවසේ ආදායම තියෙන අය. ඒවගේම සුළු හා මධ්‍ය පරිමාණ කියන ව්‍යාපාර අතිබහුතරයෙ වැඩ වෙන්නෙ නෑ මේ දවස් වල. ඉතින් හැමෝටම වගේ අමාරුයි.
ඒ අතර දේශපාලකයෝ බලපෑම් කරන බව ආරංචිත් එනවා රු 5000 දෙන්නත්. සමහර පැතිවල පවුලකට රජයෙන් දෙන්න කියපු දේ, ගෙදර ඉන්න පවුල් ගාන අනුව දෙනව. එහෙම උනාම පවුල් 4 නම්, 1250යි.
ඒ අතින් රාජ්‍ය සේවයේ යෙදුනු කෙනෙක් රටේ මුල් පුරවැසියා වෙලත් ක්‍රමවේදය අතිශයින් අසාර්ථකයි.
සමහර අය කියනව කලින් ආණ්ඩුව තිබුන නම් වෙන දේ. කලින් ආණ්ඩුව නොතියෙන්නෙ ජනතාව වෙනස් කරපු නිසයි. එනිසා කලින් ඒව නෙමෙයි දැන් එකයි වැඩ කල යුත්තෙ.

- 2020, ජන 21, පෙබ 05 වගේ කාල වල පාර්ලිමේන්තු හැන්සාඩ් සහ මාධ්‍ය වාර්තා බැලුව නම් ආණ්ඩුව ලෙඩේ ගැන තිබුනු නොසැලකිලිමත්කම හිතාගන්න පුලුවනි.
ඒක එහෙම හිතාගෙන ඉන්නකොට ඊයෙම නුවර පැත්තෙ ආණ්ඩුවෙ මන්ත්‍රී කෙනෙක් කියල තියෙනවා, සතොසට ගිහිල්ලා බඩු ගන්නව වගේ ඡන්දෙත් දාන්නලු.

● විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජන 21 පාර්ලිමේන්තුවේදී මේ කෝරෝනා රෝගය ගැන අසන්නේය.
පිලිතුරු ලැබෙන්නේ ගණනකට ගත යුතු නැති බව කියාය.

2020 පෙබ 05 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන,

● සජිත් ප්‍රේමදාස – මේ වෛරසය සාර්ස් වෛරසයට වඩා දරුණුයි. චීනයෙන් පිටත පළමු මරණයත් වාර්තා වුණා. මේ වන විට ලංකාවෙන් හමුවූ පළමු රෝගියා චීන කාන්තාවක්. ඒත් රෝගය වැලඳී ඇති බවට සැක පිට රෝගීන් රෝහල්වලට ඇතුළත් කොට තිබෙනවා. මේ තත්ත්වය තුළ චීනයෙන් පැමිණෙන අය සති දෙකක නිරෝධායනයකට ලක්කරන්නේද?
● පවිත්‍රා වන්නිආරච්චි – අද මේ රෝගය පැතිරී යෑමේ තත්ත්වය සලකා බැලීමේදී චීනයෙන් පැමිණෙන අය සති දෙකක නිරෝධායනයකට ලක්කිරීමේ අවශ්‍යතාවක් පැනනඟින්නේ නැහැ. ඔවුන් කොතැනක හෝ නවතා නිරෝධායනය කිරීම ප්‍රායෝගික නැහැ.

● සජිත් ප්‍රේමදාස – වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා භාවිත කළ හැකි මුඛ ආවරණ හිඟයක් තිබෙනවා. මේ තත්ත්වය වළකා මෙය හදිසි තත්ත්වයක් සේ සලකා මුඛ ආවරණ නොමිලේ ලබා දීමට රජය කටයුතු කරනවාද?
● පවිත්‍රා වන්නිආරච්චි – රෝගය පැතිරී යෑමේ වර්තමාන තත්ත්වය සලකා බලන විට මේ ගැන ජනතාව කිසිදු බියක් ඇතිකර ගතයුතු නැහැ. රෝගය ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්ද දැනට උද්ගතවී නැති බව මේ සභාවට මම සඳහන් කරන්න ඕනෑ. වර්තමානයේ අපේ රටේ නිරෝගී සාමාන්‍ය ජනතාව සඳහා මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් තිබේ යැයි මා විශ්වාස කරන්නේ නැහැ. විපක්‍ෂ නායකයා අපේ රටේ ජනතාවට මුඛ ආවරණ දෙන්න කියල කීවාට වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් එවැනි අවශ්‍යතාවක් පැනනැඟී නැති බව අපි විශ්වාස කරනවා.

● සජිත් ප්‍රේමදාස – මෙම වෛරසය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන නිසා ඉදිරියේදී අපේ රටත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ඇති නිසා සියලුම අංශ ආවරණය වන පරිදි එයට පෙර සූදානමක් ඇතිකර ගෙන තිබේද?
● පවිත්‍රා වන්නිආරච්චි – බලපෑමක් සිදුවෙනවා නම් සිදු වන්නේ සංචාරක අංශයට. චීන සංචාරකයන්ගෙන්. ඒ බලපෑම වළක්වන්න අපි දැනටමත් වෙනත් රටවල සංචාරකයන් ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙළක් සකස්කර අවසන්.

● සජිත් ප්‍රේමදාස – වෛරසය පැතිරී යෑම වැළැක්වීමට හදිසි තත්ත්වයක් සේ සලකා රටේ ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවාද?
● පවිත්‍රා වන්නිආරච්චි – දැනටමත් ඒ සඳහා සියලු අංශ ආවරණය වන පරිදි විද්වත් කමිටුවක් පිහිටුවා ඇත.


මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ රජයට උවමනාවක් නැතිකම නොදැනුවත්කමට වඩා වැඩි බවය. කොරෝනා බලකායේ මූලිකත්වය දෙන්නට තිබ්බේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට වන අතර එයවත් සිදුවී නැත.
කොළඹ සති 5කින් පමණ වසා ඇති අතර, ජිවිතය ගෙනියන හැටි දන්නේ ඒ මිනිස්සු පමණය. සමහර පැති වලට මුදල් දීවත් ආහාර ගැනීමට හැකියාව අවමය. මේ සියල්ල තිබියදී රජයේ වගකීම් දරණ අය සහ ඔවුන්ට ප්‍රචාරණය කරන මාධ්‍ය නාලිකා එක එක පැති වල ජනතාවට සහන දෙමින් බඩු බෙදා හැරීම මාධ්‍ය වල යොදති. ජනතාවට සහන දෙන බව කියති.
එහි මූලික හේතුවද රාජ්‍ය යාන්ත්‍රණය අසාර්ථක බව නොවේද ?

#lka #coronasrilanka #යථාර්ථවාදිජනතාවාදියා

No comments:

Post a Comment