Tweets by @Tweetsbysuku myblog: Dialog අසාධාරණ වලට විරුද්ධ අයගෙ ගෘප් එකේ මම කල පලකිරීම

Facebook Fan Page

Wednesday, April 1, 2020

Dialog අසාධාරණ වලට විරුද්ධ අයගෙ ගෘප් එකේ මම කල පලකිරීම

ඩයලොග් විතරක් නෙමෙයි, පොදුවේ ලංකාවෙ සියලුම අන්තර්ජාල ප්‍රවර්ධකයන් අසාර්ථකයි !!

- මට මතක විදියට මම ඉන්ටනෙට් ගෙදර ඉදන් පාවිච්චි කරන්න ගන්නෙ 2008 විතර ඉදල. ඒකාලෙ මුලින්ම ගත්තෙ ඩයලොග් ඩොන්ගල් එකක්.

● ඉස්සර ටෙලිකොම් එකෙන් දුන්නා අන්ලිමිටඩ්. හැමෝම වගේ දුන්නා. 512 ස්පීඩ් එක තිබ්බෙ හැබැයි ස්ථාවරයි.
අනුෂ පැල්පිට කියන කෙනා විදුලි සංදේශ නියාමනයේ සභාපති උනාට පස්සෙ තමයි ලංකාවෙ අන්ලිමිටඩ් නැති උනා.
- අපි ආයෙත් අන්ලිමිටඩ් ගන්න උත්සහ කලා. වතාවක් ඔහුගේ උත්තරය උනේ, මට මාසෙටම යන්නෙ 10 ජිබි විතර. ඇයි ඔයාලට වැඩිය ඕන..

● පස්සෙ අපි එක එක විදියට උත්සාහ කලා අසාර්ථක උනත් එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා උදව් කලා. දැන් අන්ලිමිටඩ් දෙන්නෙ ලංකාබෙල් විතරයි. 4 mbps ( 550 කිලෝබයිට් තත්1ට)  වලට රු 8000කට වඩා ගෙවන්න ඕන. අවු 6ක් විතර පාවිච්චි කලත් එච්චරම තමයි.
ගෙදර පාවිච්චි කරන්නෙ ලංකාබෙල්, මොබයිල් ඩිවයිස් 2ට දාන්නෙ ඩයලොග් ප්‍රීෙප්ඩ්.

●  2015 යහපාලනය ආවට පස්සෙත් යම් උත්සාහ දැරුවා. සමහරවිට අපේ උවමනාවට වඩා මොබයිල් කම්පනි බලවත් කියල හිතුනා.
ගොඩක් අය විහිළු කලත් ගුගල් බැලුම ගෙනාවෙත් ඉන්ටනෙට් හරියට දෙන්න තමයි..

● අපේ ඉන්ටනෙට් වේගය මම දන්න විදියට තවම කිසිම ජාලයක හරියට දෙන්නෙ නෑ. ලෝකය වේගයෙන් දියුණු වෙනවා, ඒ අතර අන්තර්ජාල වේගය වැඩි වෙනවා, අලුත් අප්ඩේට් ආවාම ඒකට හරියන්න ඉන්ටනෙට් වේගවත් වෙන්න ඕන උනත් ඒක වෙන්නෙ නෑ.

● ඉන්දියාවෙ ඉන්ටනෙට් ප්ලැන් ගැන දාලා තිබ්බා කෙනෙක්.
මගෙ ඉන්දියන් යාළුවෙක් මට කිව්වා, ඒ රටේ කැම්පේන් කරන්න පුලුවන් දෙන අවම ස්පීඩ් එකලු. ඒවගේම ඉන්දියන් ආණ්ඩුව හොදට හිතල ජනතාවට සහන දෙන්න හරියට ඒ කටයුත්ත කලා කිව්ව.
තව 1ක් ලෝකෙ වේගවත්ම ඉන්ටනෙට් කොරියාවෙ කියනව. ඒකියන්නෙ කොරියාවෙ ඉන්න අය අපිට කලින් හැමදේම අන්තර්ජාලයේ උවමනා ඒව කරගන්නව. කාලය ඉතිරි වෙනව.
අපේ ආණ්ඩුව නොහිතන දේ මේකයි..
මේකට සමාන තව දෙයක්  -  වෙන රටවල වාහනයක් ගන්න එක ලේසි දෙයක්. පාරවල් හොදයි. අපෙ ඇමතිවරු වාහන ගණන් වැඩි කරන්නෙ පාරවල් වල ඉඩ මදි කියලයි. නමුත් පාරවල් හදල වාහන ගන්න ආර්ථිකය තිබ්බා නම් වැඩ ඇරිලා ඉක්මණට ගෙදර ගිහින් අන්තර්ජාලය හරහා ඩේටා එන්ටරි වගේ වැඩ කරලා තව අමතර ගානක් හොයන්න තිබ්බා ( මේකටත් උවමනාව තිබ්බට කරවන්න බැරි උනා)

● මම ලංකාවෙ තියෙන හැම ජාලයක්ම පාවිච්චි කරල තියෙනවා.
- එයාටෙල්, හච් මට අසාධාරණ කරනව අහු උනා.මොබිටෙල් වල අවුල තමයි දාන සල්ලි වැඩි කාලයක් තියෙන්නෙ නෑ ( මාසයක් වගේ)

ඩයලොග් සමහර වෙලාවට ඩේටා කපන විදිය ගැන තේරුම් ගන්න අමාරුයි. ඒවගේම යට තියෙන ස්ක්‍රීන් ෂොට් වල තියෙනවා විඩියෝ 1ක් බැලුවම මෙගාබයිට් 500ක් දෙනව කිව්වා. 349 රිලෝඩ් කලොත් මෙගාබයිට් 500ක් දෙනව කිව්වා ඒව එකක්වත් නෑ.
ඩයලොග් එකෙන් වෙච්ච අසාධාරණ වලට කම්ප්ලේන් කරාම අවස්ථා 20කින් විතර 3-4කට සාධාරණය ලැබිල තියෙනවා.
දැන් ඩයලොග් ඔන්ලයින් චැට් වැඩ නෑ. මසෙන්ජ වැඩ නෑ. වට්ස්අප් වැඩ නෑ.

#lka #mydialog #dialogsrilanka #thefuturetoday

No comments:

Post a Comment